2/02/2015

සිදුවෙමින් පවතින්නේ කුමක්ද?

කතෘ:යුතුකම     2/02/2015   7 comments

-ආචාර්ය, ගුණදාස අමරසේකර විසිනි

සිදු වෙමින් පවතින්නේ කුමක්ද? මතු අනාගතයේ කුමක් සිදුවේද? මේ ප‍්‍රශ්නවලට නියත පැහැදිලි පිළිතුරක් අද වන විට කිසිදු ජගතකුට දිය හැකි යැයි මම නොසිතමි. අප කාටත් කළ හැක්කේ අප එකිනෙකාගේ හිතළු අනුව විචිකිච්චා සහගත අනියත නිගමන හෙළි කිරීම පමණි. මා විසින් කරනු ලබන මේ නිගමන ද කිසිවකු එසේ බැහැර කළහොත් මම එය ඉවසා සිටිමි. එහෙත් මා එළඹ ඇති මේ නිගමන පදනම් විරහිත ඒවා ලෙස මම නොදකිමි.

අනාගතයේ සිදුවන්නේ කුමක්ද? යන්න ගැන නිගමන පළ කළ හැක්කේ මෙතෙක් සිදු වී ඇති සිදුවීම් සලකා බලා ඒවා මත පිහිටායි.
ආණ්ඩු පෙරළියෙන් පසු මෙතෙක් සිදු වී ඇති ඒ සිදුවීම් මොනවාද? ඒවා ගැන පැහැදිලි අවබොධයක් දැන් අප සතුව තිබේ.

01. පළමුවන සිදුවීම නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා  බලයෙන් පහකර හරිනු ලැබීමයි.

එවැන්නකට මුල් වූයේ කුමක්ද? ඇතැම් අය සිතන අයුරු ඊට මුල් වූයේ අද වන විට ‘හොරා පොලිස් සෙල්ලමක්’ බවට පත්ව ඇති  දූෂණ වංචා අල්ලස් සන්දර්ශනය නොවේ. ඒ සන්දර්ශනය මේ අයුරින් පටන්ගන්නා ලද්දේ මහින්ද රාජපක්‍ෂගේ පරාජයෙන් පසුවයි. 58 ලක්‍ෂයක් ජනතාව මහින්ද රාජපක්‍ෂ මහතාට ඡන්දය දෙන්නේ මේ දූෂණ භීෂණ ගැන නොදැන නොවෙයි. ඔවුහු මහින්ද රාජපක්‍ෂගේ දූෂණ භීෂණ ගැන පමණක් නොව ඊට පෙර බලයේ සිටි අයගේ ද  දූෂණ භීෂණ ගැන ද දැන සිටියහ.‘චෞර රැජින’ - ‘චෞර රාජ්‍ය’ ආදී වූ පොත්පත් මගින් ඒවා සමාජගත කර තිබිණ.
මහින්ද රාජපක්‍ෂ පරාජය වීමට ප‍්‍රධාන හේතුව වූයේ උතුරේ සහ නැගෙනහිර දෙමළ ජනතාව විසින් 80% ප‍්‍රමාණයෙන් ඔහුට විරුද්ධව ඡන්දය දීමයි. එසේ ඡන්දය පාවිච්චි කිරීමට මුල් වූයේ ඒ ජනතාව මෙහෙය වූ දෙමළ මුස්ලිම් නායකයන්ගේ අභිමතාර්ථය මහින්ද රාජපක්‍ෂ මගින් ඉටු කර ගැනීමට නොහැකි වීමයි. ස්වයංනිර්ණ අයිතිය වෙත යන ඉඩම් පොලිස් බලතල සහිත 13 වැනි සංශෝධනය ලබාදීමට මහින්ද රාජපක්‍ෂ එකග නොවීය. අධිආරක්‍ෂිත කලාප ඉවත් කරනු, යුද හමුදාව ඉවත් කරනු, ඒ ඉඩම් ආපසු දෙනු, ත‍්‍රස්තවාදීන් නිදහස් කරනු, චන්ද්‍රසිරි ආණ්ඩුකාරවරයා ඉවත් කරනු - මේවා ඔවුන්ගේ උද්ඝෝෂණ පාඨ වූ බව අපි දනිමු. දෙසැම්බර් මාසය වන විට මේවා ඉටු නොකළොත් මහපාරට බැස පෙළපාලි යන බව සම්බන්ධන් මහතා ප‍්‍රකාශ කළේ ගිය සැප්තැම්බර් මාසේ පැවැත් වූ ඔවුන්ගේ සම්මේලනයේදීය. ඒ පාරට බැසීමේ අවස්ථාව මේ ඡන්දය විසින් සලසා දෙනු ලැබීය. එමෙන්ම මුස්ලිම් නායක හකීම් මහතා විශේෂ මුස්ලිම් කලාපයක් ඉල්ලා සිටියේ ඡන්දයට ටික දිනකට පෙරයි. ඔහුට ද මේ ඡන්දය මුස්ලිම් ජනතාව පාරට බැස්සවීම සඳහා අවස්ථාවක් සපයා දුන්නේය. තමන් මේ රට බෙදීමට කිසිකලක ඉඩ නොදෙන බව මහින්ද රාජපක්‍ෂ මහතා දිගින් දිගටම කියා සිටි බව අපි දනිමු. (වරද නම් ඔහු ඒ සඳහා අවශ්‍ය කටයුතු නොකර කල් මැරීමයි. ජාතිවාදයෙන් රත්කළ හදවත කෝච්චි පාරෙන් නිවාලිය නොහැකි බව ඔහු නොදුටුවේය ) මේ පසුබිම මත උතුරේ සහ නැගෙනහිර  ජනතාව පාරට බැස 80%ක ඡන්දයෙන් මහින්ද රාජපක්‍ෂ පැරදවීම ගැන අප පුදුම විය යුතු නොවේ. අප පුදුමයට පත් වන්නේ මේ රටේ එන්. ජී. ඕ. නඩය මේ සත්‍යයට පිටුපා සියතින් හෙළුව වසා ගැනීමට දරණ ප‍්‍රයත්නය ගැනයි. ඔවුන්ට අනුව මහින්ද රාපක්‍ෂ පරාජය කර ඇත්තේ උතුරේ ජාතීවාදීන් නොව දකුණේ සිංහලයනුයි,


02. මෙතෙක් සිදු වී ඇති දෙවැනි සිදු වීම නම් එක්සත් ජාතික පක්‍ෂයේ ආණ්ඩුවක් බලයට පත් වී තිබීමයි.

එක්සත් ජාතික පක්‍ෂයේ නායක, රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති වශයෙන් ද එජාප මන්ත‍්‍රීවරුන් 49දෙනාගෙන් 40ක් ඇමතිවරු වශයෙන් ද පත්කර තිබේ. ඒ කැබිනෙට්ටුවේ මුලසුන හොබවන්නේ ජනාධිපතිවරයා නොව අගමැතියි.

මේ පත්වීම් සියල්ල ව්‍යවස්ථා විරෝධී බව අද වන විට රහසක් නොවේ. අපගේ ව්‍යස්ථාව අනුව අගමැතිවරයා පත් කළ යුත්තේ පාර්ලිමේන්තුවේ වැඩි සංඛ්‍යාවක් ඇති පක්‍ෂයෙනුයි, වැඩි ප‍්‍රමාණයකගේ සහාය ඇති පුද්ගලයායි. මේ අගමැති පත්කරන ලද්දේ අගමැතිවරයකු පාර්ලිමේන්තුවේ ඉන්නා අතරයි. මේ පත් වීම සනාථ කරන නීති විශාරදයකු තර්ක දෙකක් ඉදිරිපත් කර තිබෙනු දුටිමි. ඔහුට අනුව ජනාධිපතිවරයා රනිල් වික‍්‍රමසිංහ පත් කර ඇත්තේ අනාගත දැක්මකින්(දිව්‍යඥානයෙන්) බැවින් එය නිවැරදි වේ. අනෙක නම් ජනාධිපතිවරයා සිය ඡන්ද ප‍්‍රකාශයේදී රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා වශයෙන් පත් කිරීමට ඔහු සපථ කර තිබීමයි. එවැනි ප‍්‍රකාශයක් වලංගු බව ව්‍යවස්ථාවෙන් නොකිය වේ. අගමැති පත් කිරීම සඳහා ගත යුතු නියම කි‍්‍රයාපටිපාටිය ව්‍යවස්ථාවේ දක්වා තිබේ.

මෙපමණක් නොවේ. නව ජනාධිපතිවරයා විපක්‍ෂ නායකවරයා ද පත්කර තිබේ. එසේ කර ඇත්තේ ජනාධිපතිකම ලබාගැනීමෙන් පසු ඔහු හිමිකර ගන්නා ලද ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති පදවියේ බලතල අනුවයි. මේ අනුව විපක්‍ෂය තවදුරටත් විපක්‍ෂ වන විපක්‍ෂයක් නොව රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අණසක අනුව කටයුතු කරන ‘පක්‍ෂ - විපක්‍ෂයකි’ මේ තත්ත්වය අපේ ගැමියන් හඳුන්වනු ලබන්නේ ‘නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ’ යන පිරුලෙනුයි. ලොව අන් කිසිම තැනක දැකගත නොහැකි නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අනුවයි දැන් යහපාලනය පවත්වාගෙන යනු ලබන්නේ. වෙස්මිනිස්ටර් සම්ප‍්‍රදායට පුරුදු වී ඇති අපට මෙය වටහා ගැනීමට අපහසුවනු ඇතැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නව ලේකම් යාපා මහතා පවසා තිබෙනු මම දුටිමි. යාපා මහතාට අවබොධ කරගැනීමට අපහසු වුවද අපට එවැනි අපහසුතාවක් නොමැතියි. මෙවැනි ක‍්‍රියා අප හඳුන්වන්නේ මගෝඩිකම්, කුපාඩිකම් ලෙසයි.

03. මෙතෙක් සිදු වී ඇති තෙවන සිදු වීම නම් ඊනියා ජනවාර්ගි ප‍්‍රශ්නය විසඳීම මුල්කොටගෙන ප‍්‍රකාශ කිපයක් විදේශ කටයුතු භාර අමාත්‍යවරයා සහ අගමැතිවරයා ප‍්‍රකාශ කර තිබීමයි.

විදේශ කටයුතු භාර අමාත්‍යවරයා මේ කටයුත්ත මුල්කරගෙන සිය පුටුවේ වාඩිවීමටත් පෙර ඉන්දියාව බලා පිටත්ව ගිය බව අපි දනිමු. එහි ගොස් 13 සම්පූර්ණයෙන් ක‍්‍රියාත්මක කරන බවට ද යුද කඳවුරු ඉවත් කරන බවට ද යුද අපරාධ පරීක්‍ෂණයක් අන්තර්ජාතිකයේ සහාය ඇතිව කරන බවට ද ඉන්දියාවේ ඉන්නා ලක්‍ෂයක් සරණාගතයින් ආපසු ගෙන එන්න බවට ද උතුරේ ප‍්‍රශ්නය විසඳීම සඳහා ඩයස්පෝරාවේ සහාය පතන බවට ද ඔහු එහිදී පොරොන්දු විය. මේ පොරොන්දු දැන් අගමැතිවරයා විසින් ප‍්‍රසිද්ධි රැස්වීම්වලදී පවසන බව පෙනේ.

මෙහිදී දැක ගත හැකි විශේෂත්වය නම් නව ජනාධිපතිවරයා විසින් මේ ගැන රකින මුනිවතයි. රටේ සුරක්‍ෂිතභාවය හෝ ඒකීයභාවය ගැන හෝ කිිසිදු ප‍්‍රකාශයක් ඔහු කර නොමැත. ඔහුගේ ඡන්ද ප‍්‍රකාශනයේ ඒ ගැන කිසිඳු සදහනක් නොතිබිණි. මේවා ගැන ප‍්‍රකාශ කළ යුත්තේ මුළු රටේ ජනතාවගෙන් වැඩි කොටසක් පත් කළ, රටට රැකීම තම පළමු යුතුකම වන ජනාධිපතිවරයා විසින් විනා රටේ එක් ඡන්ද කොටිඨාශයකින් පත් කළ අගමැති හෝ විදේශ අමාත්‍යවරයා නොවෙයි.
මේ පොරොන්දුවලට අනුව ක‍්‍රියා කිහිපයක් ද මේ රජය විසින් මේ වන විට සිදු කර තිබේ. උතුරේ ආණ්ඩුකාරවරයා අස්කර ඒ වෙනුවට නව නිලධාරියකු පත් කර තිබේ. මෙතෙක් පිටරැටියනට අනවසරයෙන් උතුරට යෑමට තිබූ තහනම ඉවත් කර ඔවුන්ට උතුරට ගොස් රිසිසේ හැසිරීමට ඉඩ සලසා තිබේ. අලූතින් පත්කළ ස්වාමිනාදන් ඇමතිවරයා ඉන්දියාවේ සිටින සරණාගතයන් මෙහි ගෙන ඒමට දැනටම සැලසුම් සදමින් සිටියි. මීට අමතරව ලබන මාසේ නව ජනාධිපතිවරයා ඉන්දියාවට යෑමට සැලසුම්කර ඇත. පොදු රාජ්‍ය සමුළුවට පවා සහභාගී නොවූ මෝදී අගමැතිවරයා මාර්තු මාසේ මෙහි ඒමට සූදානම්ව සිටි. පසුගිය කාලයේ ලංකාවේ රැඳී උන් රනිල් වික‍්‍රමසිංහට ඉදිරිපත් නොවීමට අවවාද කළ මෛත‍්‍රීපාල සිරිසේන මහතා බලයට ඒමට කටයුතු කළ කේ. ඉලංගෝ නැමැති රෝ ඒජන්තවරයා මෝදී අගමැතිවරයා සමග යළි එනු ඇද්දයි අපි නොදනිමු.(මේ ඉලංගෝ නැමැති රෝ ඒජන්තවරයාගේ කටයුතු පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් මගින් ජනතාව දැනුම්වත් කිරීමේ අවස්ථාව මහින්ද රාජපක්‍ෂ මහතාට තිබිණ. එහෙත් මෙහිදීද ඔහු අනුගමනය කළේ කැඳත් රැවුලත් ආරක්‍ෂා කරගැනීමේ නිවට ප‍්‍රතිපත්තියයි )

04. සිදු වී ඇති සිව්වන සිදු වීම නම් දින 100 වැඩසටහන අනුව සහනාධාර රාශියක් ජනතාවට ලබාදීමයි.

දැනටම පෙට්රල් ඞීසල්වල මිල අඩුකර තිබේ. මිල සූත‍්‍රයක් අනුව එය කරගෙන යන බව කියනු ලැබේ. අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය 10ක් බදු රහිතව දෙන බව ප‍්‍රකාශ කර ඇත.  මෙහිලා මෛත‍්‍රීපාල ජනාධිපතිවරයා කළ ප‍්‍රකාශය ගැන ද සඳහන් කරනු වටි. එතුමා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකත්වය භාරගත්තේ මේ දින 100 වැඩපිළිවෙළ සාර්ථික කරගැනීමට බවත් එසේ නොකළා නම් එය අසාර්ථක වන බවත් එතුමා පවසා තිබේ. මෙය පිළිගත හැකිද? මේ වැඩපිළිවෙළට සියලූ පක්‍ෂ එකග වී සහාය දෙන බව කියා ඇත. එසේ නම් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකයා වීමට ඇති අවශ්‍යතාව කුමක්ද?

මහින්ද රාජපක්‍ෂ රජයේ ආර්ථික ඝාතකයන් මෙහෙය වූ ඊනියා සංවර්ධනය නිසා හෙම්බත්ව ඇති ජනතාව මේ සහනාධාරය බැතිසිතින් පිළිගනු නියතය. අපි ද එය ඉතසිතින් පිළිගනිමු. එමෙන්ම එය දිගින් දිගටම පවත්වා ගත හැකි වේවායි අපි ප‍්‍රාර්ථනා කරමු.

මහින්ද රාපක්‍ෂ රජය ජනතාවගෙන් ඈත් වීමට ප‍්‍රධාන හේතුවක් වූයේ ජනතාව පීඩාවට පත් කළ, ඇත්තන් හා නැත්තන් අතර පරතරය වැඩි කළ ආර්ථික ප‍්‍රතිපත්තියයි. ජනාධිපතිවරයාට උපදෙස් දුන් මා මිත‍්‍ර ආර්ථික විශේෂඥයන්ට මම නිරතුරුව මේ ගැන සැලකර සිටියෙමි. ඔවුන්ගේ පිළිතුර වූයේ අද මේ රට ඩොලර් 3000ක ඒක පුද්ගල ආදායමක් ඇති රටක් බවට පත් වී ඇති බවයි. ජනතාවගේ හදවත් තුළ දූෂණ චෝදනා රෝපණය කිරීමට සහාය වූයේ මේ විෂම ඇති නැති පරතරයයි. පීඩනයෙන් ඊර්ෂියාවෙන් පෙළෙන හදවත එය පිට කළේ දූෂණ චෝදනා මගිනුයි.

05. පසුගිය කාලය තුළ සිදු වූ පස්වැනි සිදු වීම නම් දූෂණ, වංචා, අල්ලස්, එතනෝල්, මත්කුඩු මුල්කරගෙන ගෙන කරන ලද සන්දර්ශනයයි.

මාධ්‍ය විසින් මේවා උදේ සිට ? වෙනතුරු තොරතෝංචියක් නැතිව ප‍්‍රදර්ශනය කරනු ලැබේ. එහෙත් මේ චෝදනාවලින් කොයිවා ඇත්තද නැත්තද යන්න අප නොදනිමු. මේවා පිළිබඳව නීතිමය පරීක්‍ෂණයක් හෝ දූෂිතයින්ට දඩුවම්දීක් හෝ සිදු වන බවක් නොපෙනේ. මේ සන්දර්ශනයෙන් සිදුවන එකම කාර්ය නම් රට මුහුණ දෙන ප‍්‍රධාන ප‍්‍රශ්න ගැන ජනතාවගේ අවධානය වසන් කිරීම බව පෙනේ. අපේ තරුණයන් දහස් ගණනින් ජීවිත පුදා එක්කරන ලද භූමියට දැන් වන්නේ කුමක්ද? අපේ භෞමික අඛණ්ඩතාවයට දැන් තර්ජනයක් එල්ල වී නොමැතිද? රට බෙදන ක‍්‍රියාමාර්ගය යළි පණගසා අවදිවි ඇති නොවේද? මේ දූෂණ සන්දර්ශනය ජනතාවගේ දෑසින් මේවා වළක්වා සිටින කඩතුරාවක් බවට පත් වී තිබේ. මේ දූෂණ සන්දර්ශන කඩතුරාවට මුවා වී මේ රට බෙදා වෙන් කරන පිඹුරුපත් මේ වන විට සැලසුම්වෙමින් පවති.

එදා අප සමග එක් වී ජීවිත පූජාවෙන් රට රකින බවට ප‍්‍රතිඥා දුන් මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ප‍්‍රධාන කාර්ය බවට අද පත්ව ඇත්තේ දූෂණ කුණු බක්කිය ඇවිස්සීමයි. අද උන්වහන්සේ කතා කරන්නේ අහිමිවී යන රට ගැන නොව අල්ලස් දූෂණ එතනෝල් කුඩු ගැනයි. නළු වෙසක් ආරූඪ කරගෙන ටෙලිවිෂන් වලට මුහුණ දෙන උන්වහන්සේ දකින විට මා තුළ ඇත්තේ ජුගුස්සාවට වඩා අනුකම්පාවකි.
එමෙන්ම එදා අප සමග රට බේරාගැනීමට පාගමන් ගිය උතුරු - නැෙ`ගනහිරි වෙන් කිරීමට සුනාමි සහන මණ්ඩලය අහෝසී කිරීමට මුල් වූ උදාර ජාතික කාර්යකට උරදුන් ජවිපෙ ද අද දූෂණ කුණු බක්කිය ඇවිස්සීම සිය එකම ජාතික මෙහෙ බවට පත්කරගෙන තිබේ. මෙයින් පෙන්නුම් කරන්නේ ඔවුන් අද පත්ව ඇති දාර්ශනිකමය බංකොලොත්භාවය නොවේද?.


මවිසින් මෙතෙක් විස්තර කරන ලද්දේ මෙතෙක් සිදු සිදුවෙමින් පවතින දේයි.
මතු අනාගතයේදී සිදු වන්නේ කුමක්ද? ඒ ප‍්‍රශ්නය වඩාත් වැදගත් වන බව කියමනා නොවේ.
සියලූ අනාගත වාක්‍ය අපගේ හිතළු ඇසුරින් බිහිවන නමුදු මා දකින අනාගතය මේ වර්තමානයේ දිගුවක් ලෙස නිර්මිත වී ඇතැයි මම සිතමි.
ඉතා කෙටියෙන් කිව්වොත් අද මේ ඉදිරියට යන්නේ අන් කිසිවක් නොව තිස් වසරකට පෙර දියත් වුණු මේ රට බෙදා වෙන් කිරීමට ඇමෙරිකාව සහ ඉන්දියාව ගෙන යන ලද අන්තර්ජාතික කුමන්ත‍්‍රණයේ අවසාන අදියරයි. ඒ දේශපාලන කුමන්ත‍්‍රණය මේ වන විට කූඨප‍්‍රාප්ත වෙමින් පවතී. මේ සඳහා එරෙහිව සිටි අන්තිම බාධාව වන මහින්ද රාජපක්‍ෂ දැන් බලයෙන් පහකර සිටියි. එමෙන්ම අපගේ ජාතිකත්වය නියෝජනය කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය දැන් ඒ තත්ත්වයෙන් ගිලිහී ගොස් ඇත. මේ කුමන්ත‍්‍රණය ගැන මා සඳහන් කළේ මීට තිස් වසරකට පෙරයි. මේ රටේ ජනවාර්ගික ප‍්‍රශ්නයක් ඇතැයි ද ඊට විසඳුම් සෙවිය යුතු යැයි ද යනුවෙන් මහා උද්ඝෝෂණයක් රට තුළ දියත් කර තිබූ අවධියේයි.
මේ රට බෙදීම සඳහා අවශ්‍ය දේශපාලන පසුබිම දැන් සකස් වී තිබේ. බටහිර අධිරාජ්‍යවාදයට ඇමෙරිකා අණසකට යටත්ව කටයුතු කරන එජාප නායකයනුත් ජාතිකත්වය හළ ශ‍්‍රී ලංකා නිදහස් පාක්‍ෂික නායකයනුත් දැන් එක තැනකට ගොනු වී තිබේ.( මහින්ද රාජපක්‍ෂ බලයෙන් පහ කිරීමට පළමුවෙන්ම ඉදිරිපත් වූයේ දැන් විපක්‍ෂ නායකත්වය දරණ නිමල් සිරිපාල ද සිල්වා බව ඇමති රාජිත හෙළි කරනු මම අසා සිටියෙමි.)  සියලූ බෙදුම්වාදීන් දැන් රට පාවාදීමට සැදී පැහැදී සිටිති. දැන් ඉතිරිව ඇත්තේ ඉන්දියාවේ සහ ඇමෙරිකාවේ ආශිර්වාදය සහිතව ෆෙඩරල් රාජ්‍යයක් දෙමළ ජාතිවාදීන්ට පිරිනැමීමයි. ඉදිරි මාස හය තුළ ඒ ෆෙඩරල් රාජ්‍ය බිහිවන බව මගේ ඒකාන්ත විශ්වාසයයි. එසේ බිහිවන ෆෙඩරල් රාජ්‍යය ඊළාමයක් - ටැමිල්නාඩුව සහිත මහා ඊළාමයක් බවට පත්වේද යන්න තීන්දු කරනු ලබන්නේ ඉන්දියාව විසින් නොව ඇමෙරිකාව විසිනුයි. දවස් 100න් පසු පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු මේ රංගනයේ අවසාන ජවනිකාව ඔබට දැකගැනීමට ලැබෙනු ඇත.
වේරම්බ වාතායක් මෙන් කිසිදු බාධාවකින් තොරව ඉදිරියට යන මේ දුෂ්ට කි‍්‍රයාදාමය, ජාතියේ අවසාවනය සණිටුහන් කරන මේ මහා ඛේදවාචකය වළක්වා ගත හැකි බලවේගයක් මේ රට තුළින් බිහිකර ගත නොහැකිද?.
එවැනි බලවේගයක් බිහිකර ගත හැකි බව මම තරයේ විශ්වාස කරමි. සිංහල බහුතරයකගෙන් සැදුනු 58 ලක්‍ෂයක් වන ජනතාව තුළින් එවැනි බලවේගයක් ගොඩන`ගා ගත නොහැකි යැයි සිතුවොත් එව අතිශ්‍ය මුළාවකි. නිවටකමකි. එවැනි බලවේගයක් ගොඩන`ගා ගැනීම අපහසු නොවේ. ඒ 58 ලක්‍ෂ ජනතාව මහින්ද රාජපක්‍ෂ මහතාට ඡන්දය දුන්නේ වංචා දූෂණ ගැන නොදැන නොවෙයි බඩසාදුකින් පෙළෙන බව නොදැන නොවෙයි. ඔවුන් ඡන්දය දුන්නේ ත‍්‍රස්තවාදය නැති කොට මේ රට මුදා ගත් මහින්ද රාජපක්‍ෂ මගින් මේ රට නොබෙඳී, නොසිඳී වසර 2000ක් පැවැති ආකාරයට පවත්වා ගැනීම සඳහායි. ඒ 58 ලක්‍ෂයේ ප‍්‍රාර්ථනාව ඉෂ්ට කිරීම සඳහා ඉදිරිපත් වීම මේ රට වෙනුවන් සිය ජීවිත දහස් ගණනින් පිදු අපේ තරුණයන් වෙනුවන්් ඉරිපත් වීම මේ රටේ සියලූ දේශහිතෛෂී බලවේගවල යුතුකම වෙයි.
[ලංකාදීප 2015-02-01]
යුතුකම සංවාද කවය

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

7 comments :

  1. විමලසේන2/03/2015 11:29 PM

    සැමදා අපට නිවැරදි මඟ හසර කියා දුන් ඔබතුමාට ජාතියේ ප්‍රණාමය!

    ReplyDelete
  2. අමරසේකර මහතා දුර දකින මනුස්සයෙක්..

    ReplyDelete
  3. තිස්ස ගෙනාවේ හොර ගිවිසුමක් කියන සරල දේ තේරුම් ගන්න ( මම නම් හිතන්නේ නෑ නොතේරුනා කියල. කපටි කමට අවස්ථාවාදියෙක් උනා මිසක) බැරි වෙච්ච මනුස්සයෙක් අපිට අනාගතේ ගැන කියල දෙන්න එනවා. මේවා තමයි හොඳම විහිලු. නලින් ද සිල්වාගෙන් පේනයක්වත් අහගත්තොත් හොඳ නැතිද? ආපහු මධුසමය එයිද නැතිද කියල.

    ReplyDelete
  4. දැන් නඩුවක් කියල තීන්දුව ත් දීලද.. උඹ ද නඩුව ඇහැව්වේ ? අනේ පලයන් බන් යන්න. සිරාට කඩේ ගියාට කමක් නැ. හෙළුව වහගෙන හිටපන් මුලින්ම...

    ReplyDelete
  5. අයියෝ මට ලොල් බන්. ඔහොම යන්

    ReplyDelete
  6. නිත්‍යානුකූල ලිඛිත ගිවිසුමක් ඇත්තේ ද නැත්තේද යන්න මහා ජනතාව වන අපට කිසි විටෙක ප්‍රශ්නයක් නොවීය. එය අත්සන් ගසා වලංගු ලියවිල්ලක් බවට පත්කර ඇත්තේද නැත්තේද යන්නත් අපට ප්‍රශ්නයක් වි තිබුණේ නැත. නමුත් හය හතර තේරෙන වයසේ සිට මේ රටේ දේශපාලන ධාරාවන් හැසිරුන හා හැසිරෙන ආකාරයන් නරඹමින් කතිර ගසා උන් බලයට පත් කරමින් හා පහ කරමින් මේ රටේ ජීවත්වු අපට විශේෂයෙන්ම 2001 රනිල්ගේ එක්සත් ජාතික පක්ෂ රජය බලයට පත්වූ වකවානුවේ සිට එක්වරම ආඥාදායක ස්වභාවයෙන් මේ රටේ දේශපාලනයට මැදිහත් වීම ඇරඹූ ඇමෙරිකාවේ හා ඔවුන්ගේ අනුගාමික දාසයන්ගේ ජඩ අභිලාශයන් තැන හොඳ අවබෝධයක් ඇත. ඔවුන් විසින මෙහෙයවන රූකඩ යහපාලන නඩයේ සාමාජිකයන්ගේ සිංහල බෞද්ධ විරෝධය ගැන අපට ඇති කියවීමද එසේම පරිපූර්ණය. දූෂණය ගොජ දමමින් උතුරා ගිය චන්ද්‍රිකාගේ පාලන සමයේ දේශපාලන රැකවරණ නම් කඩතුරාවෙන් මුවා වී විදෙස් ගතවු කුප්‍රකට බෙදුම්වාදී චරිත නැවත පැමිණ චන්ද්‍රිකා හා රනිල් සමඟ දේශපාලනිකව යහන් ගත වී සිදු කිරීමට සැරසෙන නිර්ලජ්ජී සම්භෝගය ඇඳුම් උනා දැමිමට පෙරම වටහා ගැනිමට ලක්ෂ 58 ත ජනතාවක් සමත් වීම ම සැනසිල්ලට කරුණකි.

    ReplyDelete
  7. නිත්‍යානුකූල ලිඛිත ගිවිසුමක් ඇත්තේ ද නැත්තේද යන්න මහා ජනතාව වන අපට කිසි විටෙක ප්‍රශ්නයක් නොවීය. එය අත්සන් ගසා වලංගු ලියවිල්ලක් බවට පත්කර ඇත්තේද නැත්තේද යන්නත් අපට ප්‍රශ්නයක් වි තිබුණේ නැත. නමුත් හය හතර තේරෙන වයසේ සිට මේ රටේ දේශපාලන ධාරාවන් හැසිරුන හා හැසිරෙන ආකාරයන් නරඹමින් කතිර ගසා උන් බලයට පත් කරමින් හා පහ කරමින් මේ රටේ ජීවත්වු අපට විශේෂයෙන්ම 2001 රනිල්ගේ එක්සත් ජාතික පක්ෂ රජය බලයට පත්වූ වකවානුවේ සිට එක්වරම ආඥාදායක ස්වභාවයෙන් මේ රටේ දේශපාලනයට මැදිහත් වීම ඇරඹූ ඇමෙරිකාවේ හා ඔවුන්ගේ අනුගාමික දාසයන්ගේ ජඩ අභිලාශයන් තැන හොඳ අවබෝධයක් ඇත. ඔවුන් විසින මෙහෙයවන රූකඩ යහපාලන නඩයේ සාමාජිකයන්ගේ සිංහල බෞද්ධ විරෝධය ගැන අපට ඇති කියවීමද එසේම පරිපූර්ණය. දූෂණය ගොජ දමමින් උතුරා ගිය චන්ද්‍රිකාගේ පාලන සමයේ දේශපාලන රැකවරණ නම් කඩතුරාවෙන් මුවා වී විදෙස් ගතවු කුප්‍රකට බෙදුම්වාදී චරිත නැවත පැමිණ චන්ද්‍රිකා හා රනිල් සමඟ දේශපාලනිකව යහන් ගත වී සිදු කිරීමට සැරසෙන නිර්ලජ්ජී සම්භෝගය ඇඳුම් උනා දැමිමට පෙරම වටහා ගැනිමට ලක්ෂ 58 ත ජනතාවක් සමත් වීම ම සැනසිල්ලට කරුණකි

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions