2/17/2015

මහින්ද නාවොත් වෙන්නේ මේකයි.

කතෘ:යුතුකම     2/17/2015   7 comments


මෛත්‍රීපාල කැමති මහින්දටද රනිල්ටද?


මහින්ද නාවොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ළඟ එන මහ මැතිවරණයෙන් නියත පරාජයක් ලබනු ඇත. නමුත් ජනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයාය. එක්සත් ජාතික පක්ෂය පැහැඳිළි බහුතරයක් එම මැතිවරණයෙන් ලබාගතහොත් ඔහු රනිල්ගේ රූකඩයක් වනු ඇත. ඒ ඕනෑම මොහොතක දෝෂාභියෝගයකින් ඔහු ඉවත් කිරීමට රනිල්ට හැකි නිසාය. මහින්ද මහතා  අගමැති වුවහොත් ජනතා ප්‍රසාදය හිමි මහින්ද මහතා අභිමුව තමා අභියෝගයකට ලක් වනු ඇතැයි ඔහු සිතනවා විය හැකිය. මහින්දගේ සහය නැවත පතන්නට වීම ඔහුට තරමක් අපහසු තීරණයක් විය හැකිය. කෙටි කාලීනව සලකන කල්හි පසු ගිය ජනාධිපතිවරණයේ පටන් මේ දක්වා එකට වැඩ කළ රනිල් සමඟ ඔහුගේ බලපෑමට අනුව රට කර ගෙන යාම වඩා පහසු තීරණයක් විය හැකිය. එවිට දුර්වල වුනු ජනප්‍රසාදය අවම වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක හෝ ඉන්න පිරිසට නායකයා වීමට ඔහුට හැකියාව ලැබේ. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දුර්වල වන තරමට ඔහු රනිල්ගේ රූකඩයක් බවට පත් වේ. සිරිසේන මහතා තමා බලපෑමට ලක්වන්නේ රනිල්ගෙන්ද නැති නම් මහින්දගෙන් ද යන තීරණය ගත යුතු මොහොතකි මේ. ඒ එම ගැටළුව දෙස සිරිසේන මහතා කේන්ද්‍ර කොට බැලීමකි.

නමුත් අපට වැදගත් වන්නේ සිරිසේන හෝ මහින්ද හෝ රනිල් හෝ නොවේ. මේ රටය. ඒ කවුරුන් හෝ අපට වැදගත් වන්නේ ඔවුන්ගේ දේශපාලන භූමිකාව රටට බලපාන ආකාරය අනුවය. පසුගිය ජනාධිපතිවරණය දෙස අප බැලුවේ මේ රටේ ඒකීයභාවය රැක ගන්නවාද නැත්ද යන තර්කනය උඩය. නමුත් එම යථාර්ථය වංචනික යහපාලන ඝෝෂාවෙන් යටපත් විය.

ඒකීයද, ෆෙඩරල්ද?


13 වන ව්‍යවස්ථා සංශෝධනය මෙරට ව්‍යවස්ථාවට, විශේෂයෙන්ම ඒකීයභාවයට පටහැනි නොවන බව තීරණය කළේ නව දෙනෙකුගෙන් යුත් ශ්‍රේෂ්ටාධිකරණ විනිසුරු මඬුල්ලකින් හතර දෙනෙකු පමණි. තවත් විනිසුරුවන් හතර දෙනෙකු එය ඒකීයභාවයට පටහැණි යයි කීහ. එක් අයෙකුගේ තීන්දුව දෙපැත්තටම නැති කොන්දේසිග තීන්දුවක් විය. ජයවර්ධන ජනාධිපතිවරයා ඔහුගේ තීන්දුවද 13 ට පක්ෂ ගොඩට දමා ගෙන බහුතරය පෙන්වීය. 13 වැනි සංශෝධනය ඒකීයභාවයට පටහැනි නොවේ යයි තීරණය කළ විනිසුරුවන් හතර දෙනාද එම තීරණයට එළැඹෙන්නේ  පළාත් සභාවලට ආණ්ඩුකාරවරයා ජනාධිපතිවරයා විසින් පත් කරන නිසාවෙනි.


නමුත් පසුගිය ජනාධිපතිවරණයේ දී සිදු වූයේ කුමක්ද? සිරිසේන මහතා ජයග්‍රහණය කරවීමට ජාතිවාදී බෙදුම්වාදී දෙමළ ජාතික සන්ධාන‍ය ප්‍රභල රුකුලක් විය. ඔවුන් සිය ඡන්ද දායකයන්ගෙන් 80% කුළු ගන්වන්නට හැකි වන්නේ ඔවුන් නොදන්නා නොඅසා ඇති මෛත්‍රීපාල සිරිසේන නමැත්තෙකුට ජන්දය දීමටය. ඒ ආන්තික ප්‍රතිපල ලබාගැනීමේ ශක්‍යතාවය දෙමළ ජාතික සන්ධානයට ඇත්තේ බෙදුම්වාදී ජාතිවාදය මඟින් එම ජනතාවගේ මනස තවමත් ඔවුන් විසින් පාලනය කරන නිසාවෙනි.

ඒ හිළව්වට ජනපතිට උතුරු හා නැගෙනහිර පලාත් සභාවලට ආණ්ඩුකාරවරුන් ලෙස පත් කරන්නට සිදුවන්නේ දෙමළ සන්ධාන‍යේ සිතැඟි පරිදිය. ෆෙඩරල් මතවාදය දරන සිංහලයන් ආණ්ඩුකාරවරුන් ලෙස පත්වන්නනේ අනුවය. වඩාත්ම භයානක ෆෙඩරල් මත දරන සිංහලයන් බව අප තරයේ මතක තබා ගත යුතුය. නෛතිකව පත්කිරීම ජනපතිගේ වුව දේශපාලනිකව එම පත්වීම කරව ගන්නේ සම්බන්ධන්ලාමය. එවිට අර විනිසුරවන් හතර දෙනා කී ඒකීයභාවය රැකෙන්නේ ජනාධිපතිවරයා විසින් ආණ්ඩුකාරවරයා පත් කරන නිසාය යන නෛතික තර්කය දේශපාලනිකව මෛත්‍රීපාල සහ රනිල් එක්ව සම්බන්ධන්ට සොරාකන්නට ඉඩ දී ඇත. දේශපාලනිකව ඒකීයභාවය එහි නෛතිකභාවයට වඩා ඉතා දුර්වල තැනකට දැනටමත් පත්වී අවසන්ය.

 ජේ ආර් ජයවර්ධන විසින් 1978 දී සාදවන ලද වත්මන් ව්‍යවස්ථාවේ දෙවන වගන්තිය මෙලෙස වේ.

2. ශ්‍රී ලංකා ජනරජය ඒකීය රජයකි.

ජේ ආර් ජයවර්ධන මහතා මෙන්ම අනිත් එජාප නායකයින්ද මේ රටේ ඒකීයභාවය පිලිගත් අය විය. (ජයවර්ධන ජනාධිපතිවරයා 13 වන ව්‍යවස්ථා සංශෝධනයට මඟ පෑදූ අපකීර්තිමත් ඉන්දු-ලංකා ගිවිසුමට එකඟ වන්නේ ඉන්දියානු බලහත්කාරයට බියෙනි.) නමුත් එක්සත් ජාතික පක්ෂයේ බලය රනිල් වික්‍රමසිංහ මහතාට ලැබුනු දා පටන් එම පක්ෂයේ ස්ථාවරය උඩු යටිකුරු විය.

රනිල් චන්දිර්කා යුගලය විසින් වෙන වෙනම මුත් මේ රටේ ප්‍රධාන පක්ෂ දෙකම ෆෙඩරල් ආස්ථානයකට දක්කාගෙන ගියෝය. චන්ද්‍රිකාට ජේ ආර් ගේ ව්‍යවස්ථාව බහුභූත ව්‍යවස්ථාවක් වන්නට ප්‍රධානම හේතුව එහි ඉහත සඳහන් කළ දෙවන වගන්තියයි. ජේ ආර් ජයවධන බටහිර ගැත්තෙකු ලෙස හඳුන්වනවා අපි දැක ඇත්තෙමු. නමුත් ඔහු බටහිර ඒජන්තයෙකු ලෙස හදුන්වනවා අපි දැක නැත්තෙමු. රනිල් මහතාව සාමාන්‍යයෙන් හඳුන්වන්නේ බටහිර ගැත්තෙකු ලෙස නොව, බටහිර ඒජන්තයකු ලෙසය. ගැත්තකු මෙන් නොව, ඒජන්තයකු කරනුයේ තම ස්වාමියාගේ කාර්යය ඔහු වෙනුවෙන් ඉටු කර ඳීමය.

මහින්ද නාවොත්, රනිල්ගේ එජාපය සහ ශ්‍රීලනිය එකට පූද්දන කපුවා ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන ක්‍රියා කරනු ඇත. සිරිසේන මහතා එජාපයට අනුකූලවන්නේ නම් පමණි ඔහුගේ ජනපති ධූරය රැකෙනුයේ. ඒ අනුව ජාතික ආණ්ඩුව හැදුවත්, නැතත් මුළු පාර්ලිමේන්තුවෙන් 90% ක්ම ෆෙඩරල් මතයට අත ඔසවන්නන් බවට පත් වනු නොඅනුමානය. එය පරමාධිපත්‍යය බලය හිමි ජනතාවගේ මතය, සහමුලින්ම විකෘති ලෙස පාර්ලිමේන්තුව තුළ නියෝජනය වීමක් වනු ඇත. ඒ විකෘති පාර්ලිමේන්තුව මඟින් 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම බල ගන්වනවාට සැකයක් නැත. එයට අවංක ලෙසම විරුද්ධ වනු ඇත්තේ පාර්ලිමේන්තුව තුළ හතර පස් දෙනෙකු පමණි. එතැනින් නොනැවතී චන්ද්‍රිකාගේ පැකේජය වැනි විසඳුමක් සම්මත කෙරෙනු ඇත. මංගල සමරවීර මහතා නව රජය බිහි වී දින කිහිපයකට පසු ඉන්දියාවේදි, චන්ද්‍රිකාගේ පැකේජය වැනි විසඳුමක් දැනටමත් අප සතුව ඇති බව පවසා තිබුනි. මේ සියල්ල දෙස ඇමරිකාව සහ බටහිර රටවල් ඉතා උනන්දුවෙන් බලා සිටින්නේ දර දමා ගිනි පිඹින්නට තමන්ගේ වාරය එන තෙක්ය.

මහින්ද නාවොත් ඉතා ඉක්මණින්ම ෆෙඩරල් රටක් බිහි වනු වලක්වාගත හැකි ක්‍රමයක් නැත. චන්ද්‍රිකා සහ රනිල් ඊළමක් බිහි වනවාට අකමැති විය හැකිය. දේශපාලන විසදුමක් ලබා දිය යුතු ප්‍රශ්නය කුමක්දැයි දන්නා එකෙකු නැති වුවද ඔවුන් විශ්වාස කරන්නේ තිබෙන "ප්‍රශ්නය" විසදන්නට රට ෆෙඩරල් කළ යුතු බවයි. නමුත් ඔවුන් ඇත්ත ප්‍රශ්නය දකින්නට කැමති නැත. ඇමරිකාවට සහ බටහිරයන්ට ඕනෑ ස්ථාවර වුනු ෆෙඩරල් රටක්ද? ලංකාව ෆෙඩරල් රටක් බවට පරිවර්තනය කර ඔවුන් බලාපොරොත්තු වන්නේ ආසියානු කලාපය තව තවත් ස්ථාවර වනවා දකින්නද? මැදපෙරදිග කලාපයේ ඔවුනගේ දේශපාලන භාවිතය තුළින් අපට ලබා ගත හැකි පුරෝකතනය එයද? කිසි සේත් නැත. ඔවුනට අවැසි සිය අධිරාජ්‍යය පවත්වාගෙන යාම සඳහා මැදපෙරදිග මෙන්ම ආසියානු කලාපයද අස්ථාවර කිරීමටය. ෆෙඩරල් ලංකාව එහි මූලාරම්භය බවට පත්කර ගැනීමටය.

ඉන්දියාවට යට වෙමුද?


ඉන්දියානු අභිලාෂය වනු ඇත්තේ රට අස්ථාවර කොට අසරණ කොට සිය අණසක මුළු දිවයින පුරාම පතුරුවා හරිමින් ඔවුනට අවැසි පරිදි ලංකාව හැසිරවීමය. ඉන්දියාවට සුහච කීකරු පාලනයකි උතුරු නැගෙනහිර පිහිටුවන්නේ. ඒ මඟින් ලංකාවේ ගෙල ඕනෑම මොහොතක සිරකර දැමිය හැකි තොණ්ඩුවේ කෙළවර දිල්ලිය වෙත තබා ගත හැකිය. ඉන්දියාව විසින් සාදා බලහත්කාරයෙන් ජේ ආර් ජනපතිවරයා බිය ගන්වා අප වෙත ලබා දුන් තොණ්ඩුව, අතේ තබා ගෙන සිටියා මිස මේ දක්වා වසර 28 ක් පුරා එය ගෙල ලා නොගතිමු. ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය විසින් කුමන වන්දියක් යටතේ වුවද එම තොණ්ඩුව අප විසින් ගෙල ලා ගැනීම වැලැක්වූ‍යේය. ප්‍රභාකරන්ගෙන් පසුව එම තොණ්ඩුව ගෙල ලා ගැනුම වලකා සිටි පුද්ගලයා මහින්දය.

මහින්ද එලවීම සඳහා රෝ සංවිධානය ඇතුළු ඉන්දියානු සහය ලැබුනු බවට නොයෙකුත් වාර්තා ඉන්දියාවෙන්ම පළවෙමින් පවතියි. එසේ නම් ඉන්දියාව පැණිය කඩන්නට උදව් වන්නේ අත ලෙවකන්නට විය නොහැක. අප තොණ්ඩුව ගෙල ලා ගැනීමට කැමති බවත් ඒ තොණ්ඩුව අපට සරිලන නියම තොණ්ඩුවක් බවත් අපේ ගරු අගමැතිතුමා ඉන්දියාවට පවසා ඇත. එතුමා අගමැති වූයේ ජනතා පරමාධිපත්‍යය බලයට දාව බිහිවුනු රජයක නොව, පරමාධිපත්‍යය බලයට පිටින් ගොස් අවජාතකව බිහි කෙරුනු රජයක බව අප මතක තබා ගත යුතුය. බටහිරයෝ ඉතා උනන්දුවෙන් සහ ආශාවකින් අප ඒ තොණ්ඩුව සියතින්ම ගෙල ලා ගන්නා තුරු ඇඟිලි ගනිමින් බලා හිඳිති. චන්ද්‍රිකා, මහින්දට මෙරට දේශපාලනය අහිමි කිරීමට දත කමින් සිටියි. චම්පික, මහින්ද අත් අඩංගුවට ගන්නැයි බුරමින් හිදියි. අනුර කුමාර, යහපාලනයෙන් ගිලිහෙන ඡන්ද ටික තම ඔඩොක්කුවට දමා ගෙන කාගෙත් ඇස් වසා රනිල්ගෙන් ඔහුට ලැබුනා යයි කියන කාමරයට ගාල් කරවන්නට ගනන් හදමින් සිටියි.

රනිල් චන්ද්‍රිකා නව යුවල, සිරිසේන මහතා ලව්වා රණ විරුවන් දිවි පුදා සුරැකි ලක් මාතාවගේ ගෙලට තොණ්ඩුව දෝතින්ම ගෙන දැමීමට  බලා හිඳිති. ඔවුන් දෙදෙනාටම සිය දරුවනට මේ රට නැතිවීමේ ප්‍රශ්නයක් නැත. ඉන්දියාවේ සිරකරුවෙකු බවට පත්වන සිරිසේන මහතාට ඇගේ ගෙල සිර කරන්නට උදව් වනවා ඇරෙන්නට කරන්න යමක් ඉතිරි නොවනු ඇත.

ජනාධිපති තුමා ඇතුළු අනෙකුත් සන්බැට්ටියන්ට හා කේවට්ටයන්ට තම තනතුරු, නාම, ලාභ, ප්‍රයෝජන විණා, රට ෆෙඩරල් වීම පිලිබඳ වගේ වගක් නැත.


-ලසන්ත වික්‍රමසිංහ
යුතුකම සංවාද කවය
www.yuthukama.com


,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

7 comments :

  1. සුනන්ද2/17/2015 5:44 PM

    සිරිසේන දැන් ඉන්නේ මෝදිගේ සාක්කුවේ. අපේ මිනිස්සු ගිය පාර ජනාධිපතිවරණයෙන් කළේ ලංකාව ඉන්දියාවට යට කරපු එකයි. යහපාලනය ගෙනාවෙත් යහපාලනය පාලනය කරන්නෙත් ඉන්දියාවෙන්..

    ReplyDelete
  2. අපිටත් ඕනෙ ශ්‍රීලනිපෙ අවුරුදු 20 කට විතර වට්ටවලා තියන්න.

    ReplyDelete
  3. මහින්දගේ පාලනයෙ අවසාන බාගයේ කරන ලද කුප්‍රකට වෑරදි නිවරදි කර ගෑනීමට ඔහු සූදානම්ද? මා සිතනා ආකාරයට සින්හල ජාතික ව්යාපාරය පවා දීමට ඔහුත් හවුල්ය. ඒ සින්හලයින් ඔහු වෙත තබන ලද අසීමිත විශ්වාසය බින්දීමෙනි. ඔහු සොරකම් කලාද යන්න මා 100% නොදන්නා නමුත් ඔහු විසින් සමාජය පාදඩ කරනය කල තරම මා අත්දෑකීමෙන් දන්නෙමි. සින්හල ජාතික ව්යාපාරය ඔහු නිවරදි මගට ගෑනීමට ක්‍රියා නොකරන්නේ ඈයිද යන්න විශාල ප්‍රස්නයකි

    ReplyDelete
  4. දශක ගණනාවක් පුරා පවත්වාගෙන් ආ බෙදුම්වාදී අරගලයේ තීරණාත්මක සංධිස්ථානයක් 2015දී. මහින්ද නැවත නොආවොත් දස දහස් ගණනින් දිවිපුදා ආරක්ෂා කරගත් රටට ඒ ලබා ගත් ජයග්‍රහණ සියල්ල අප ඇසි ඉදිරියේ එකින් එක අහිමි වනු ඇත. සියළු දේ දෙවැනි කොට මේ වීමට යන විනාශය වලක්වා ගැනීමට පෙරට ආ යුතුයි.

    ReplyDelete
  5. මොන කවයකින් හරි මෙහෙම ලිපි ලිව්වා කියලා ඇත්ත බොරු කරන්න පුලුවන්ද ??? අනාගතේ එන අනතුරක් ගැන කිය කියා විඳවපු දුක් අමතක කරවන්නට හදනවා. හරි එහෙමනම් අපිට මෙහෙමත් කියන්න පුලුවන්. මහින්ද දිගටම හිටියා නම් මානව හිමිකම් වාර්ථාව ගෙනල්ලා ලංකාවට සම්භාධක දානවා. එතකොට අපේ රටේ ආර්ථිකය 50% කට වඩා දුර්වල වෙනවා. අන්න එහෙම අනතුරකුත් තිබුනා. එහෙම උනා නම් 58 ලක්ශයක් නෙවෙයි 120 ලක්ෂයම ඡන්දෙ දෙනවා මහින්දව ගෙදර යවන්න. ඒක නම් ශුවර්.

    ReplyDelete
    Replies
    1. මේ රටට නායනයෙක් ඕන නෑනේ ඔහොම කියන කියන පදේට නටන්න. :D

      Delete
  6. අපේ පවුලේ අය 2006 වෙනකල් වැඩකලේ එජාපෙට නමුත් මහින්ද මහත්තයා ආවට පස්සෙ එතුමාට සහය දුන්නා.අපිට ඔය SLFP එකෙන් වැඩක් නෑ. අපිට ඕනෑ මහින්ද මහත්තයා විතරයි අනිත් අයගෙන් වැඩක් නැත.මේ මොන ටොය්යෙක්ද පත් කරගෙන තියෙන්නෙ. මහින්ද රාජපක්ශ වගේ උතුමෙක් ආයෙ පහල වෙන්නෙ නෑ

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions