2/11/2015

රට කොච්චර වටිනවාද?

කතෘ:යුතුකම     2/11/2015   2 comments

"රාජ්‍යයේ ඒකීය භාවය අභියෝගයට ලක්වෙයි කියන "බිය" නිසා දූෂිත රෙජීමයකට එරෙහිව ඡන්දය නොදී ඉන්නය කියල ජනතාවට කියන්න පුලුවන් මොන වගේ සීමාවක් වෙනකන්ද?" යන්න වෙනත් දේශපාලන මතයක් දරන අයෙක් පසුගියදා ඇසූ ප්‍රශ්නයකි.

ජනපතිවරණය අවසන් වුවද මේ ප්‍රශ්නය ඉදිරියටත් වැදගත් වනු ඇති බැවින් පිළිතුරක් ලිවීමේ තේරුමක් ඇතැයි සිතේ. මෙහිදී මූලික වශයෙන් කළයුතුව ඇත්තේ රාජ්‍යයේ ඒකීයභාවය සහ යහපාලනය තරාදියේ දෙපැත්තට දමා කිරා බැලීමය. සාමාන්‍ය ජීවිතයේද මෙවැනි අවස්ථාවලට ඕනෑ තරම් මුහුණ දෙමු. සාපේක්ෂව වැඩි වටිනාකම ඇති පැත්ත තෝරාගැනීමට යාමේදී යහපාලනයට වඩා රාජ්‍යයේ ඒකීයභාවය කිහිපගුණයකින් වටිනාකමින් වැඩිය යන්න මගේ මතයයි.

අප සැලකිල්ලට ගතයුතු ප්‍රධානම කරුණ නම් ඒකීයභාවය යනු නැතිවුනොත් නැතිවුනා මිස ආපසු හැරවිය හැකි වෙනස්කමක් නොවීමයි. යම් හෙයකින් උතුරු සහ නැගෙනහිර පළාත්වල පිහිටුවන ලද ස්වයංපාලනයක් එ.ජා.සංවිධානය සහ තවත් රටවල් විසින් පිළිගැනීමෙන් පසු ඊට විරුද්ධව ශ්‍රිලංකා රජයට කළහැකි දෙයක් නැත. එසේ කිරීම ස්වාධීන රාජ්‍යයකට අත පෙවීමකි. මාරාන්තික රෝගයකින් පෙලෙන්නෙකු තම මුළුවත්කම යොදාගෙන ජීවිතය බේරාගැනීමට උත්සහ දරන්නේ වත්කම් යලි උපදවාගත හැකිවුවද පණ යලි ලබාගැනීම නොහැකි බැවිනි. රාජ්‍යයේ ඒකීයභාවයද එවැනි ප්‍රශ්නයකි. මෙහිදී ෆෙඩරල් රටක් වීම දේශපාලන වශයෙන් "මාරාන්තික" නොවේ යැයි යමෙකුට තර්ක කළ හැකිය. අපේ තක්සේරුවට අනුව ෆෙඩරල් රටක් යනු වෙනම රාජ්‍යයක් සඳහා යන ගමනේ එක පියවරකි. එවැනි මතයක අප සිටින්නේ ඉතිහාසයේ දෙමළ බෙදුම්වාදීන් ක්‍රියා කර ඇති ආකාරය සැලකීමෙනි. වත්මන් ලංකාවේ ව්‍යවස්ථාව (13න් පසු) ඒකීයද නැත්ද යන්න නිර්ණය කළ ශ්‍රේෂ්ඨාධිකරණයේ පවා ඒ සම්බන්ධව දැඩි එකඟතාවක් නොවී යයි කියැවේ. දැනට ඒකීයත්වය එල්ලී තිබෙන්නේ විධායක ජනාධිපති ධුරයේ ඇති බලය පදනම් කරගෙනය. විධායකයේ බලතල පාර්ලිමේන්තුවට පවරා තවදුරටත් බලය බෙදීම යනු රාජ්‍යය දියකර හැරීමය. ලංකා රාජ්‍යය දෙකඩ වුවහොත් ඇතිවන තත්වය පලස්තීන-ඊශ්‍රායල් ප්‍රශ්නයට වෙනස් නොවනු ඇති බව අපි සිතමු.

මහින්ද එලවා බලයට ගෙන ආ චන්ද්‍රිකා-රනිල් හවුල බෙදුම්වාදයට සහයෝගය දැක්වීමේ ක්‍රියාවලින් නමක් දැරූ දේශපාලකයන් වේ. මෙයින් චන්ද්‍රිකා මහත්මිය ෆෙඩරල් රාජ්‍යක් සඳහා මතවාදීව පෙනී සිටියි. රනිල් මහතා ඇතැම් විට කියා ඇති පරිදි ෆෙඩරල් සහ ඒකීය යන්න සමාන අරුත් දෙයි. එබැවින් ඒවා එකමලු! ඔහුට ඒ ගැන තමාගේ මතයක් තිබුණා හෝ නැතා කරන්නේ රට දෙකඩ කිරීමට කැමති පාර්ශව වල උවමනාවන්ට අනුව ක්‍රියා කිරීමය. මේ ඉතිහාසය සමග සංසංදනය කරන විට මෙබඳු හවුලකින් රටට හානි වෙතැයි යන්න ඉතාම සාධාරණ අනාගත බියක් බව ඉහත ප්‍රශ්නයේ "බිය" සම්බන්ධයෙන් කිව හැකිය. මෙවර බලයට ඒමට පෙරද යහපාලනයේ ෆෙඩරල්වාදීන් කිහිපදෙනෙකු ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් සෙවීමේ අවශ්‍යතාව මාධ්‍යවලට දක්වා තිබුණි. එවැනි පියවරවල් වලට යාමට කිසිදු ආකාරයක ජනවරමක් වත්මන් ආණ්ඩුවට ලැබී නැතිබව මෙහිදී අවධාරණය කළයුතුය.

අනික් අතට යහපාලනයේ ප්‍රශ්නයක් නිවැරදි කරගැනීමට අනාගතයේද අවස්ථාවක් ලැබිය හැකිය. දූෂණ, අක්‍රමිකතා සහ දේශපාලකයන්ගේ වැරදි ආදිය ගැන කතා නොකළ කාලයක් මතක ඇති කාලයේ ලංකාවේ දේශපාලනයේ තිබී නැත. නව ආණ්ඩුවේ සිටින ප්‍රධානීන් අතරද බරපතල චෝදනාවලට ලක්වූවන්, නඩුඇත්තන් සිටිති. ඒ සම්බන්ධයෙන් යහපාලනය ගැන හඬනැගූ සංවිධාන (අවංකව හඬනැගූ කිහිපදෙනෙක්වත් ඒවායේ සිටීය යන පදනමින්) වලට කළහැකි යමක් වේද?

දෙවන කරුණ නම් දෙමළ ජාතිවාදී බෙදුම්වාදය සහ අයහපත් පාලනය යන්න මහින්දගේ ආණ්ඩුවේ නිර්මාණ නොවීම ය. මහින්දගේ පූර්වගාමීන් කිසිවෙකුටත් විසඳිය නොහැකි වූ දෙමළ ත්‍රස්තවාදය ඔහුගේ නායකත්වය යටතේ පරාජය කිරීමට හැකිවිය. එයින් මහින්ද රට ගෙනිච්චේ ඉස්සරහට ය. එය ඒකීය රාජ්‍යයේ පැවැත්ම තහවුරු කිරීම සඳහා ගත් දේශපාලන පියවරකි. දැන් අපි ඉදිරිය බැලිය යුත්තේ මේ ජයග්‍රහණය ඉවතට දමා අසාර්ථක දේශපාලන චරිත බලයට ගෙන ඒමෙන්ද? අටුව කඩා පුටුව හැදුවාක් වැනි යහපාලනයක් ඇතිවෙතැයි සිතා උදෙසා රාජ්‍යය නැතිකරගැනීම දෙවන ජයග්‍රහණයක් වෙනුවෙන් තබන පියවරක් නොවේ. ආපස්සට යාමකි.

මහින්දගේ ආණ්ඩුවට වඩා අන්ත මර්දනකාරී නීතිය කැලෑවැදුනු යුග මේ රට පසු කර ඇත. එවැනි එක යුගයක් නම් 88/89 භීෂණ සමයයි. මහින්ද යනු ඒකාධිපතියෙකියි විශාල හඬක් නැගූවෝ ඒ කාලේ රටේ නොසිටියාක් මෙන් හැසිරෙති. 94 චන්ද්‍රිකා ජනාධිපතිනිය බලයට ආවේ දූෂණයට සහ භීෂණයට තිත තබනවා යැයි කියමිනි. එහෙත් එය සිදුවූයේ නැත. 2002 වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවටද මහා පරිමාණ දූෂණ චෝදනා විය. කෝප් වාර්තා සහිත මැති ඇමතිවරු ගැන කියවිනි. තවමත් කියැවෙයි.

ඉන් පසු මැතිවරණ ප්‍රකාශනවලද නැවත නැවත කරලියට ආ නමුත් යහපාලන බලාපොරොත්තුව ඉටු නොවූයේ මා සිතන අයුරින් ක්‍රමවේදයේ සහ දේශපාලන සංස්කෘතියේ අඩුපාඩු නිසා සිදුවන වරද ඔලුගෙඩි මාරු කිරීමෙන් පමණක් නිවැරදි කළ නොහැකි බැවිනි. යහපාලන ඔස්තාර්ලා මාධ්‍යවල කතා කරද්දී යහපාලනය ඇතිකරන ක්‍රමවේදය කුමක්දැයි යන්න අදාල නැති ප්‍රශ්නයක් ලෙස පෙන්වා පලායෑම මැතිවරණ කාලේ දැකිය හැකිවි ය. ඇත්තටම ඒ සඳහා ඔවුන්ට වැඩපිළිවෙලක් නැත. ඔවුන්ට අවශ්‍යවී තිබුණේ කෙසේ හෝ "රෙජීමය" පැන්නීම ය.

දැන් රෙජීමය පන්නා දමා අවසානය. එහෙත් මැතිවරණ වේදිකාවේ විලිලෑ පමණට යහපාලන දරුවාගේ ප්‍රමාණවත් වර්ධනයක් නැත. මැතිවරණ වේදිකාවේ මෙගා ඩීල් ගැන කිවූ තරමට සිදුවූ සොරු ඇල්ලීමක්ද නැත. ඇත්තේ ජනතාවට පේන්න කරන මාධ්‍ය සංදර්ශන, ඇස් නිලංකාරවන මෝරුන් ඇල්ලීම් ලැම්බොගිනි සෙවීම් ආදී ප්‍රදර්ශනාත්මක වැඩ පමණි. ඒ හැරෙන්නට දේශපාලන විරුද්ධවාදීන් මැඩලීමයි.

ඒකාධිපතිවාදයට විරුද්ධවයයි කියමින් ගෙනා ආණ්ඩුව දවස් කිහිපයක් ඇතුලත පක්ෂ විපක්ෂ සියලු දෙනා ග්‍රහණයට ගත්තේය. විපක්ෂනායකතුමාද පත්කරන්නේ ආණ්ඩුවෙනි. ව්‍යවස්ථාව තඹේකට මායිම් නොකර අගවිනිසුරු එලවීමට කටයුතු කිරීම යහපාලන පුරෝගාමියෙකු සාධාරණීකරණය කලේ මෙය රෙජීමය වෙනස් කල විප්ලවීය අවස්ථාවක් බැවින් දේශපාලනය නීතියට ඉහලින් ඇතැයි යන තර්කයෙනි. මේ තර්කය මගින් ඕනෑම අනීතික වැඩකට සුදුහුණු ගෑමට යහපාලන ඔස්තාර්ලාට හැකිය. බැරිවෙලාවත් පසුගිය ආණ්ඩුව මෙවැනි වැඩක් කලා නම් නීතියේ ආධිපත්‍යය බිඳවැටීම ගැන මාධ්‍යවලට දින ගණනක් කතාකිරීමට කරුණු තිබෙනු ඇත.

මේ කෙටිකාලයේ සිදුවූ කරුණුවලින් පෙනී යන්නේ නව ආණ්ඩුව අමුතු "යහගුණයක්" ඇති ආණ්ඩුවක් නොව පැරණි පන්නයේ බලය තහවුරු කරගන්නා ආණ්ඩුවක් බවය. මෙවැනි දුර්වලමතවාදී පදනමක් ඇති වැඩපිළිවෙලක් සඳහා රාජ්‍යයේ පැවැත්ම උගසට තැබීම ජාතිකත්වය පදනම් වූ දේශපාලනයක් කෙරෙහි විශ්වාසය තබා ඇති අයට කළ හැක්කක් නොවේ.

ඉහත සඳහන් කළ කරුණු අදාල වන්නේ ප්‍රශ්නයේ දූෂිත රෙජීමයක් පිළිබඳ කාරණයටයි. පෙනීයන විදියට එක්කෝ රෙජීමය කිවූ තරම් දූෂිත නැත. නො එසේ නම් විපක්ෂය එය ජනතාව රැවටීමට ගැසූ දේශපාලන ගැටයකි. මේ කරුණු අනුව අපි මැතිවරණයට පෙර විපක්ෂයට බලය නොදෙන ලෙස කීම සාධාරණ බවද කියමු.

නව ආණ්ඩුවට දැනට ඇති මූලික ප්‍රශ්නය ඊලඟ මැතිවරණයෙන් ජය ලැබීමය. එයට හේතුව ව්‍යවස්ථාදායකයේ ඔවුන්ට විශාල බලයක් හිමි නොවීමයි. යම් ලෙසකින් මැතිවරණයෙන් ප්‍රමාණවත් බලයක් ලැබුණොත් බෙදුම්වාදය දෙසට වේගයෙන් යාමට ඒ පසුපස සිටින විජාතික බලවේග උත්සහ දරනු ඇත. බඩගැන හිතන අතුරු අයවැය මගින් ජනතාව මුලා නොවීම රාජ්‍යයේ පැවැත්මට හිතකරය. ජනපතිවරණයේ මහින්ද මහතා වෙනුවෙන් චන්දය දුන් ජනතාව සමග රටේ නිදහස අගයන තවත් ජනතාව එක්විය යුතු ය.

- දසුන් තාරක
යුතුකම සංවාද කවය
www.yuthukama.com 





[ චායාරූප හිමිකම  BOI වෙබ් අඩවියෙන් ]

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

2 comments :

  1. සුනන්ද2/12/2015 9:33 AM

    යහපාලන බබාලට මේවා තේරෙන්නෙ නෑ. රනිල්, චන්ද්‍රිකා කියන්නෙ ෆෙඩරල්වාදීන් කියලවත් උන් දන්නේ නෑ..

    ReplyDelete
  2. It will be a good to keep a track of the allegations which started coming after 09th of Jan and check the real status of it. Everyday there is a few of them but there is nothing much happened after that. There were so many and hard to keep a track. Gota's sharks, Mahinda's vehicles, Gota's provate account which has some million dollars, etc etc. But most of them either have been answered or no further information which means these are only show offs and part of the campaign for the forthcoming elections. I am not sure how many people have realized almost 1/3 of the 100 day program has been elapsed and what is the significant change which has taken place to move this country forward. absolutely nothing. even if you consider those were political show offs during last government some development activity was completed every other day and was opened..are they are in a stand still..i am bound to believe that based on my real life experiences..some of the road work which was happening at a rapid pace are stopped or happening at a small pace..i am not sure whether with the new prsenident the air routes have been changed but when ever I stay at home there are at least 4 helicopters could be noticed..did not happen before the election..may be new preseidnet/ ministers route have been drawn to be on top of my place..but if we are stritctly looking at cutting cost can this happen..i have question marks..i am not sure how many people notice these things..i did not campaign for mahinda but can call myself as a die hard supporter of Mahinda..may be is it the reason I tend to think like that..or genuinely there is nothing much changed after this election apart from confusion, unstability and non ending corruption charges, help me understand ...share your ideas

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions