2/25/2015

දහතුන දීම යනු ඊළම දීමයි

කතෘ:යුතුකම     2/25/2015   6 comments

ලංකාවේ පහළ වුනු අග්‍රගන්‍ය බුද්ධිමතකු වන ගුණදාස අමරසේකරයන් විසින් 2011 වසරේදී පළ කළ ලිපියක් අද එදාටත් වඩා එහි ඇති කාලින බව සලකා අපි මෙසේ යළි පළ කරන්නෙමු.

පළමුකොට ම පසුගිය ඉරුදින, 13 සංශෝධනය පිළිබඳව විශේෂ අතිරේකයක්‌ එළිදැක්‌වීමෙන් "දිවයින" පුවත්පත කළ ජාතික මෙහෙවර ගැන අපගේ ප්‍රසාදය මෙන්ම ප්‍රණාමයද "දිවයින"ට හිමිවන බව කිවයුතු වෙයි. පසුගිය අවුරුදු කීපය තුළ මේ රට, ජාතිය වෙනුවෙන් "දිවයින" ඉටු කළ සුවිශේෂ මෙහෙය මේ තීරණාත්මක අවස්‌ථාවේදීද ඉටුකිරීමට ඉදිරිපත් වීම අපගේ භාග්‍යයක්‌ ලෙස සලකමු. මේ අතිරේකය පරිස්‌සම් කර සිය දූ දරුවන්ට කියවීමට සැලැස්‌වීම සෑම සිංහල දෙමව්පියකුගේම යුතුකම ලෙස මම සලකමි.

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා 13, 13 + දෙන්නට සූදානම් නොමැති බව අපගේ වැටහීමයි. එහෙත් මේ රජයේ ඉන්න මීට පෙර පැකේඡ් දීමට බලය බෙදීමට, සූදානම් වී සිටි අය නම් ඒ කටයුත්ත කිරීමට සූදානම් බව ඔවුන් විසින් කරනු ලබන ප්‍රකාශවලින් පෙනේ. එය කෙසේ වුවද 13 දීම යනු ඊළාමය පස්‌ස දොරින් දීමක්‌ බව අපි නොපැකිළිව ප්‍රකාශ කරමු. 13 පිළිබඳව ම විසින් දක්‌වන පහත සඳහන් කරනු මගින් සිහිබුද්ධිය ඇති කාට වුවද එය පෙනී යා යුතු වෙයි.

ඡේ. ආර්. ජයවර්ධන මහතා බියවද්දා තර්ජනය කර අත්සන් කරවා ගන්නා ලද ඉන්දු - ලංකා ගිවිසුම අනුව ඉදිරිපත් කරන ලද 13 සංශෝධනය මගින් අපේක්‍ෂා කරන ලද්දේ කුමක්‌ද? ඒ පිළිබඳව දෙනු ලබන විවිධ අර්ථකථන සලකා බැලීම මෙහිලා ප්‍රයෝජනවත් වනු ඇත.

ඒ මගින් අපේක්‍ෂා කරන ලද්දේ ඒ වනවිට ක්‍රියාත්මකව තිබූ ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය නැති කිරීමක්‌ද? ඒ නිගමනය සම්පූර්ණයෙන් සදොස්‌ බව අපි දනිමු. 13 සංශෝධනය ඉදිරිපත් කරන ලද්දේ අපගේ හමුදාව විසින් වඩමාරච්චිවලට කොටුකරන ලද ප්‍රභාකරන් සම්පූර්ණයෙන් විනාශ කිරීමට ඔන්න මෙන්න කියා සිටියදීයි. එබැවින් වඩා නිවැරැදි අර්ථකථනය වන්නේ 13 ඉදිරිපත් කරන ලද්දේ ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය නැති කිරීමට නොව තමන් හදා වඩා ඇති කරන ලද ත්‍රස්‌තවාදියා බේරා රැකගැනීම සඳහාය යන්නයි.

13 සශෝධනය ඉදිරිපත් කරන ලද්දේ උතුර - නැගෙනහිර වසන දෙමළ ජනතාවගේ සුබ සිද්ධිය සඳහාද? ඔවුන් කෙරෙහි පතල මහාකරුණාවෙන් ද? 13 පසු අතිවිශාල ඉන්දියානු හමුදාවක්‌ මෙහි ගෙන්වා, ඒ අසරණයන් අනේකවධ හිංසාවලට භාජන කර ඔවුන්ගේ අඹුවන් දූෂණය කර, සෑහෙන ප්‍රමාණයක්‌ මරා දමන ලද්දේ ඔවුන් කෙරෙහි පහළ වූ මහා කරුණාව නිසාද? ඒ අසරණ දෙමළ මිනිසුන් සලකන ලද්දේ සිය අධම ක්‍රියාමාර්ගය හමුවෙහි බිලිදිය යුතු පිරිසක්‌ ලෙසයි.

13 සංශෝධනය ඉදිරිපත් කරන ලද්දේ මේ රට තුළ ඇතැයි කියන ජනවාර්ගික ප්‍රශ්නයක්‌ විසදාලනු සඳහාද? ඉන්දියාව ප්‍රභාකරන් ඇතුළු තරුණයන් සිය රටට ගෙන්වා ත්‍රස්‌තවාදී පුහුණුවක්‌ දී මේ රටට එවන ලද්දේ මේ රට තුළ ප්‍රමාණාත්මක ජනවාර්ගික අර්බුදයක්‌ නොමැති බව වටහාගත් නිසායි. ජනසංහාරයක්‌ බවට ඒ අර්බුදය දියුණු කළ හැක්‌කේ ඒ මගින් මේ රටට අත දැමීමේ අවස්‌ථාව ලබාගත හැක්‌කේ එසේ කටයුතු කිරීමෙන් බව ඉන්දියාවට වැටහිණි. එබැවින් වඩා නිවැරැදි අර්ථකථනය නම් 13, ජනවාර්ගික ප්‍රශ්නයක්‌ විසඳීමට ඉදිරිපත් කරන ලද්දක්‌ නොව නොපැවැති ජනවාර්ගික ප්‍රශ්නයක්‌ ත්‍රස්‌තවාදය මගින් නිර්මාණය කර එමගින් මේ රට බෙදා වෙන් කිරීමට ගන්නා ලද උපාය මාර්ගයක්‌ බවයි.

අද වන විට මේ රට බෙදා වෙන් කිරීමට මොර දෙන දෙමළ ජාතිවාදීන් පවා මේ රට තුළ ජනවාර්ගික ප්‍රශ්නයක්‌ නොමැතිය යන මතය වෙත පැමිණ තිබේ. කුමාර් පොන්නම්බලම් රට බෙදන ලෙස ඉල්ලා සිටියේ තමන්ට එවන ලද ආදායම් බදු පෝරමය දෙමළෙන් නොතිබුණු නිසායි. තමන් දෙමළ වීම නිසාම සිදුවී ඇති කිසිදු අසාධාරණයක්‌ සොයාගත නොහැකි ඒ දෙමළ ජාතිවාදීන් දැන් අසාධාරණ චෝදනාව වෙනුවට ඉදිරිපත් කර ඇත්තේ සිය අපේක්‍ෂා ඉටුකර ගත නොහැකි වී ඇතැයි යන චෝදනාවයි. මිනිස්‌ සන්තානයෙහි පහළ වන අපේක්‌ෂා කෙසේ සංසිඳුවාලිය හැකිද?

ඉන්දියාව අප ලවා 13 සංශෝධනයක්‌ මගින් ඉටුකරවා ගන්නා ලද්දේ කුමක්‌ නිසාද යන්න වටහා ගැනීමට මා ඉහතින් දැක්‌වූ ශාස්‌ත්‍රීය, සමාජයීය, දාර්ශනික විග්‍රහ කිසිවක්‌ අවශ්‍ය නොවේ. අවශ්‍ය වන්නේ ඒ ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කිරීමට මෙහි පැමිණි රජීව් ගාන්ධි එන අතරමගදී කරන ලද ප්‍රකාශයයි. චෙන්නායිවලට පැමිණි ගාන්ධි එහි වූ දෙමළ නායකයන් අමතා සිය ගමනෙහි අරමුණ පැහැදිලි කළේය. තව ටික දිනකින් මේ ගමනෙන් පසු ශ්‍රී ලංකාවද භූතානය මෙන් අපගේ කක්‍ෂය තුළට ඇතුළු වනු ඇත. රජිව් ගාන්ධිගේ මුවෙන් පිටවූයේ මේ වදනයි. 13 සංශෝධනයෙන් අපේක්‍ෂා කරන ලද්දේ කුමක්‌ද යන්න වටහා ගැනීමට මීට අමතර අටුවා ටීකා අවශ්‍ය නොවේ. ඉන්දියාවට උවමනා වූයේ පළමුව උතුර - නැගෙනහිර තුළ තමන්ට හිතකර රූකඩ රජයක්‌ පිහිටුවා ගෙන ඉන් ඉක්‌බිතිව මුළු රටම සිය විසිහත්වැනි ප්‍රාන්තය බවට පත් කර ගැනීමයි.

ඉන්දියාවේ මේ අපේක්‍ෂාව දැන් අන්සෑම අවස්‌ථාවකට වඩා පැහැදිලිව පෙනෙන්නට පටන් ගෙන තිබේ. අප විසින් ප්‍රභාකරන් විනාශකර දැමීම තමන්ට වඩා හිතකර පසු බිමක්‌ සාදා දී ඇති බව ඉන්දියාවට පෙනී ගොස්‌ තිබේ. ප්‍රභාකරන් විනාශ කරන විට නිහඬ වතක්‌ රැක ගෙන සිටීම ඔවුන් ගත් හොඳ උපාය මාර්ගයක්‌ විය. "ඔන්න දැන් උඹලාට හිටිය හතුරා නැති කිරීමට අපි ඉඩ දුන්නා. දැන් ඉතින් 13 ක්‍රියාත්මක කර ජනවාර්ගික ප්‍රශ්නය විසඳ පල්ලා." මේ වදන් කියාගත් පළමු ඉන්දියානු දූතයා මෙහි පැමිණියේ ප්‍රභාකරන්ගේ මළ කඳේ රස්‌නය යන්නටත් පෙරයි.

එදා මෙදා සිට සතියකට වරක්‌ බැගින් මෙහි පැමිණි හැම ඉන්දියානු දූතයකුගේම කටේ තිබුණේ මේ මන්තරයයි. අවසානයේදී පැකේඡ්කාරයකු වන ජී. එල්. පීරිස්‌ ඇමැතිවරයා අල්ලාගෙන 13 සංශෝධන දෙන බවට පොරොන්දු ඔප්පුවක්‌ අත්සන් කරවා ගැනීමට ඉන්දියාව සමත් විය. ඒ පිල්ලුව ආපසු එවීමෙන් පසු ශිවසංකර් මෙනන් ප්‍රධාන තුන් කට්‌ටුව මෙහි පැමිණියේ ඒ පොරොන්දු ඔප්පුවට ජනාධිපතිතුමාගේ අත්සනද ලබාගැනීමේ ෙච්තනාවෙන් විය යුතුය. එය ඉටුකර ගත නොහැකිවූ ඔවුන් කනස්‌සල්ලෙන් ගිය බව කියනු ලැබේ. කනස්‌සල්ලෙන් ගියද ඔවුන් සිය අභිලාෂය අත්හැර ඇතැයි අප මොහොතකටවත් නොසිතිය යුතුයි. ඔවුන්ට දැන් මේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කර ගැනීම සඳහා පෙර නොසිටි ප්‍රබල මිතුරකුගේ සහායද ලැබෙමින් පවතී. බෑංකි මූන් අධම වාර්තා පිට කරන්නේ බීබීසිය ව්‍යාජ චිත්‍රපටි පෙන්වන්නේ ඇමරිකාව ප්‍රධාන බටහිර බලවතුන්ගේ බලපෑම උඩයි. ඒවායේ ප්‍රතිලාභ අත්වන්නේ තමන්ට බව ඉන්දියාව දනී. මේ සතුරු බලවේග දෙකේම න්‍යාය පත්‍ර දැන් හොඳට පැසී ක්‍රියාත්මක වෙමින් පවතී.

අප විසින් 13 සංශෝධනය පිළිබඳව සලකා බැලිය යුතු ඊළඟ කරුණ නම් එහි නීත්‍යනුකූලභාවයයි. අපේ ව්‍යවස්‌ථාවට තක්‌කඩිකමෙන්, බලෙන් එකතු කරන ලද මේ සංශෝධනය අපගේ ව්‍යවස්‌ථාවට සම්පූර්ණයෙන් පටහැනි බවද නීත්‍යනුකූල නොවන බවද දැන් බොහෝ දෙනකුට අමතකවී ඇති බව පෙනේ. ගොබෙල්ස්‌ගේ න්‍යාය නීති ක්‍ෂේත්‍රයටත් බලපාන්නේ දැයි මම නොදනිමි.

13 සංශෝධනයේ නීත්‍යනුකූලභාවය පිළිබඳ අගනා විශ්ලේෂණයක්‌ රාජා වනසුන්දර විනිසුරුතුමා විසින් සපයා තිබේ. එය අප පළකළ ජාතික පුනර්ජීවන කොමිසමේ වාර්තාවේ පළකර ඇත. ඒ පුනර්ජීවන කොමිෂන් වාර්තාව රජය විසින් "තුට්‌ටුවකට" ගණන් නොගන්නා ලද්දේ ඒ වන විට ජයපැන් බීමෙන් "උජාර්වී සිටි නිසා විය යුතුය.

13 සංශෝධනයේ නීත්‍යනුකූල බව පිරික්‌සා බැලීම සඳහා පත් කරන ලද විනිසුරුවන් නව දෙනාගෙන් කෙනෙක්‌ විය වනසුන්දර මහතා. ඒ නව දෙනාගෙන් හතරදෙනකු එය නීත්‍යනුකූල බව කියා සිටි අතර වනසුන්දර මහතා ඇතුළු සිව්දෙනෙක්‌ එය නීත්‍යනුකූල නොවන බව කියා සිටියහ. පාරින්ද රණසිංහ නමැති විනිසුරුවරයා ඒ පැත්තටත් මේ පැත්තටත් නැතිව වැට උඩ සිටියේය. ඒ දිනවල පැවැති කට කතාවක්‌ නම් ඔහු දෙපැත්තටම පක්‍ෂව ඡන්දය දුන් බවයි. (පාරින්ද රණසිංහට ඊළඟ අගවිනිසුරුකම ලැබිණ) මේ අනුව විනිසුරුවරුන් පස්‌දෙනකු විසින්ම 13 නීත්‍යානුකුළ නොවන බව පිළිගෙන ඇති බව වනසුන්දර මහතාගේ නිගමනය වෙයි. එසේ අධිකරණය විසින් අනුමත නොකරන ලද 13 සංශෝධනයයි ඡේ. ආර්. ජයවර්ධන විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගන්නා ලද්දේ. ඒ ක්‍රියාව නීතියට පටහැනි වෙයි.

වනසුන්දර විනිසුරුට අනුව මේ සංශෝධනය ඕනෑම වේලාවක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පනතක්‌ මඟින් අහෝසි කළ හැකියි. ඒ සඳහා තුනෙන් දෙකක බලයක්‌ පවා අවශ්‍ය නොවේ. මේ අවස්‌ථාවේ රජය විසින් කළ යුත්තේ 13 කප්පාදු කරන බවක්‌ අඟවා ඉදිරිපත් කිරීම නොව එය අවලංගු කිරීමට කටයුතු කිරීමයි. ව්‍යවස්‌ථාවට පටහැනි මෙවැනි සංශෝධනයක්‌ තිබෙන්නට හැරීම භයානක පූර්වාදර්ශයක්‌ වෙයි. අද බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්ට රොබට්‌ ඕ බ්ලේක්‌ සමඟ එක්‌වී ඔවුන් සතුව ත්‍රිකුණාමලේ තිබූ යුද කඳවුරු යළි ස්‌ථාපිත කිරීමට අවශ්‍ය සංශෝධනය මේ අනුව ගෙන ඒමට පාර්ලිමේන්තුව ලවා අනුමත කරවාගැනීමට ඉඩකඩ නැතැයි අපට කිව හැකියි. ඔවුන්ගේ වෙළෙඳපොළ අහිමි කිරීම මගින් එවැනි තර්ජනයක්‌ ගෙන ඒමට ඉඩක්‌ නොමැතිද? 13 ඔවුන් විසින් පූර්වාදර්ශයක්‌ ලෙස පෙන්වනු ඇත.

මේ අවජාත ව්‍යවස්‌ථාවට අනුව කරනු ලබන පාලනයට එරෙහිව නැගිට සිටීමේ සදාචාරාත්මක අයිතියක්‌ ජනතාවට තිබේ.

13 සංශෝධනය අහෝසි කිරීමට ඇති අනික්‌ ප්‍රබල හේතුව නම් ඒ මඟින් පිහිටුවන ලද පළාත් සභා මගින් ජාතික ආර්ථිකයට කරනු ලබන විනාශයයි. ඒ පිළිබඳ දීර්ඝ විස්‌තරයක්‌ එස්‌. එල්. ගුණසේකර මහතා විසින් අර අතිරේකයට ලියන ලද ලිපියෙන් කර තිබෙනු දුටිමි.

13 අහෝසි කිරීමට ප්‍රබල හේතුවක්‌ පළාත් සභා වන අතර ඒ අහෝසි කිරීමට එරෙහිව නැගී සිටින ප්‍රබල බලවේගයද මේ පළාත් සභාවම අප විසින් වටහාගත යුතුයි.

උතුර - නැගෙනහිර සඳහා යෝජනා කරන ලද මේ පළාත් සභා, ඡේ. ආර්. ජයවර්ධන විසින් සෙසු පළාත් හත තුළ ඇති කරන ලද්දේ බලය විමධ්‍යගත කිරීම සඳහා නොව මධ්‍යගත කිරීම සඳහායි. සිය ඒකාධිපති බලය පරිධිය වෙත ගෙන යෑමට අවශ්‍ය දේශපාලන මාෆියාව එමඟින් ගොඩනගා ගත හැකි බව ඔහු දුටුවේය. ඒ මාෆියාවට අවශ්‍ය නූගත් අධමයන් පිරිසක්‌ ඒ වනවිට රට ඇතුළේ පළාත්බදව දක්‌නට ලැබිණ. පළාත් සභා නමැති හතර මහ නිධානය පහළ කර එය කෑමට මේ අමනයන්ට අවස්‌ථාව සලසාදීම පමණි ඒ සඳහා අවශ්‍යව තිබුණේ.

අවුරුදු තිහක්‌ තිස්‌සේ මේ හතර මහ නිධානය කමින් ඊට අරක්‌ ගෙන ඇති මේ කුම්භාණ්‌ඩයන් ඒ හතරමහ නිධානය නැති කිරීමට ඉඩ දෙනු ඇද්ද? 13 සංශෝධනය අහෝසි කිරීමට එරෙහිව පෙරමුණ ගනු ඇත්තේ දෙමළ ජාතිවාදීන් නොව මෙන්න මේ ජාතිෙද්‍රෝහී අධමයනුයි. පොලිස්‌ බලතල, ඉඩම් බලතල මුලින්ම ඉල්ලා සිටියේ මේ අධමයන් බව අපි දුටිමු. අලුතෙන් පිහිටු වීමට යන සෙනේට්‌ සභාවට මේ පළාත් හතේ ඉන්නා ඇමැතිවරු හතළිස්‌ පස්‌දෙනා පත් කළ හොත් ඔවුන් මේ හතරමහ නිධානය කෑමෙන් අයින් කර ඔවුන්ගෙන් එල්ලවන විරෝධය ජයගත හැකිවනු ඇතැයි සිතමි.

අවසාන වශයෙන් කිව යුත්තේ 13 සංශෝධනය යනු ඉන්දියාව විසින් දෙමළ ජාතිවාදීන් පින වීම මඟින් මේ රට දෙකඩකර අවසානයේ මුළු රටම සිය ප්‍රාන්තයක්‌ බවට පත් කර ගැනීමට අටවන ලද උගුලක්‌ බවයි. ඒ සඳහා අවශ්‍ය සහාය බලලෝභයෙන් ආතුරවූ සිහළ ජාතිෙද්‍රෝහීන්ගෙන් ලබා ගැනීමටද ඉන්දියාව සමත් වී තිබේ. මෙවැනි ද්‍රෝහීන් අපගේ ජාතිය තුළ හැම කල්හිම උන් බව රහසක්‌ නොවේ.

ඊනියා ජනවාර්ගික ප්‍රශ්නය විසඳුම සඳහා දැන් රජය විසින් පාර්ලිමේන්තු තේරීම් මණ්‌ඩලයක්‌ පත් කිරීමට කටයුතු කර තිබේ. මෙහි අරමුණ කුමක්‌ දැයි අපි නොදනිමු. කෙසේ වුවද ඒ පිළිබඳව කරුණු දෙකක්‌ කියනු කැමැත්තෙමු.

මේ පිළිබඳ ගෙනියනු ලබන සාකච්ඡා, වාද, විවාද පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට පමණක්‌ සීමා විය යුතු නොවේ. ඒවා මහජනතාවටද විවෘත විය යුතුයි. රටේ, ජාතියේ ඉරණම විසඳීම මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට භාරදිය හැකි නොවේ. නායකයාට අස්‌වීමේ ලියුම ලියාදුන් සිය පැවැත්ම සඳහා නායකයා කියන ඕනෑම දේකට අත උස්‌සන, හෘද සාක්‍ෂියක්‌ නොමැති මොවුන් ගැන අපට හොඳ අවබෝධයක්‌ තිබේ. ඔවුන්ට රටේ ජාතියේ ඉරණම විසඳීමට ඉඩදිය නොහැකියි.

ඒ කොමිටිය ගන්නා කුමන තීරණයක්‌ වුව ක්‍රියාත්මක කිරීමට පෙර එය ජනතාවට ඉදිරිපත් කර ජනමත විචාරණයකට භාජන කළ යුතු වෙයි. ඒ ජනතා විනිශ්චයට යොමු නොකර ගන්නා කුමන තීරණයක්‌ වුව ජනතා අනුමැතිය නොලැබූ තීරණයක්‌ ලෙස අපි සලකමු.

-ගුණදාස අමරසේකර

නිවැරදිව හරවත්ව කියවන්න අපගේ ෆේස්බුක් පිටුව සමඟ එක්වන්න. https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

6 comments :

  1. විමලසේන2/26/2015 12:35 AM

    ගුණදාස අමරසේකරලා කියන ඒවාට මහින්ද ඇහුම්කන් දුනි. අනිත් අය කියන ඒවාටත් මහින්ද ඇහුම්කන් දුනි. අමරසේකරලා කියන ආකාරයටම ඔහු වැඩ සිද්ද නොකළද අමරසේකරලාට එරෙහිවද ඔඅහු වැඩ නොකලේය. නමුත් සිරිසේන රෙමජිමය අමරසේකරට තබා කිසිවකුට ඇහුම්කන් නොදෙයි. මෛත්‍රී යුගයේ මිනිහගෙන් බැරිනම් ගෑණිගෙන් හෝ පළි ගනියි. අද අපට රජෙක් නැත. නමුත් අද අපේ රජා ඉන්නේ නව දිල්ලීයේය. අපට ඉන්නේ ඔහුගෙ ඇදුම පවා අනුකරණය කරන මෙලෝ රහක් නැති පිස්සෙකි..අද අප රට කරවන්නේ නවදිල්ලියෙනි. අපගේ සැබෑ රජු මෝඩිය. සිරිසේන මොඩිගේ සිරකරුවෙකි.

    ReplyDelete
  2. හන්සය ලකුනට චන්දෙ දීපු උන්ට තිබුන එකම පැහැදිලි බලාපොරොත්තුව මහින්ද පන්න එක විතරයි. මහින්දට හොරා හොරා හොරා කියල පච කෙලල අැමරිකාවෙ බකිම්හැම් මාලිගයක් ගැන කියල රත්තරන් අස්සයො ගැන කිියල ගොනාට අන්දලා වෙෙරයෙන් මුසපත් කරලාත් සිංහල මිනිස්සුන්ගෙ චන්දෙ 42%යි ගත්තෙ. සිංහලයන් 58%ක් චන්දෙ දුන්නෙ සිරිසේනට විරුද්ධව සහ මහින්දට පක්‍ෂවයි.

    මහින්ද පැන්නුවට පස්සෙ 85% සිරිසේනට චන්දෙ දීපු දෙමළු ඊලමත් හම්බයො නසරිස්තානෙත් ගන්න කැසකවනව. අගමැතිට විධායක බලතල පවරනව කිවිවට පනත් සංශෝධනය ගැන තවම ස්ථිරත්වයක් නැහැ. රනිල්ට ඔිනැ ඊලඟ චන්දෙන් පස්සෙ විධායක අගමැති වෙන්නයි. සිරිසේනට ඔිනැ ජාතික ආණ්ඩුවක් හදල බලයෙ කොටසක් ශ්‍රිලනිප සභාපතිකම හරහා කොන්ට්‍රෝල් කරන්නයි.

    එ් අතරෙ රනිල් තමන්ට අවශ්‍ය දේ කරගන්නෙ සහයෝගය නුදුන්නොත් පාර්ලිමේන්තුව විසිරවනව කියල නවක මංත්‍රින්ව බලැක්මේල් කරලයි. නමුත් අප්‍රියෙල් වලින් පස්සෙ නවක පාර්ලිමේන්තු මංත්‍රි වරුන්ගෙ අවුරුදු පහ සම්පූර්ණ වෙලා උන්ට පැන්ෂොන් ලැබුනහම රනිල්/සිරිසේන කරන බලැක්මේල් ඔවුන් ගනන් ගන්නෙ නැහැ. ඊට පස්සෙ සිරිසේනට එහෙයි කියන්නෙ සිරිපාල ප්‍රේමජයන්ත වගේ කබ්බො ටිකක් විතරයි කියල ශ්‍රිලනිප මංත්‍රිවරු දන්නවා.

    ශ්‍රිලනිප සභාපතිකම ඩැහැ ගත්තට සිරිසේනට තියෙන්නෙ දෙමළ හම්බයො එජාප සපෝට් එක මිසක් බහුතර සිංහල සපෝර්ට් එක නෙවෙයි කියලත් ශ්‍රිලනිප මංත්‍රිවරු දන්නවා. එන චන්දෙදි දෙමළුවත් හම්බයොවත් එජාප උන්වත් ශ්‍රිලනිපයට චන්දෙ දෙන්නෙ නැහැ කියලත් ශ්‍රිලනිප මංත්‍රිවරු දන්නවා. දෙමළු හම්බයො ඔක්කොම චන්දෙ දෙන්නෙ උන්ගෙ මිනිස්සුන්ටයි උන්ගෙ පක්‍ෂ වලටයි කියලත් ශ්‍රිලනිප මංත්‍රිවරු දන්නවා. අදත් ශ්‍රිලනිප ජනපදනම තියෙන්නෙ මහින්දට කියලත් ශ්‍රිලනිප මංත්‍රිවරු දන්නවා. පිනා චාන්ස් එකක් වැදිච්ච සිරිසේනට එ්ව තේරෙන්න පොලිටිකල් අැකියුමෙන් නැහැ.

    එ් හින්ද දැන් ශ්‍රිලනිප ලේඛම් යාපටත් තියෙන්නෙ හිටපු ලේඛම් සිරිසේන අාප්ප කාලා මහින්දට යටින් වැඩේ දුන්න ගේම වගේම ගේමක් දෙන එකයි. සිරිසේනගෙ තටු ගැට ගහමු. මහින්ද අගමැති කරමු. රට බේරා ගනිමු.

    ReplyDelete
  3. සිරිසේනට ඡන්දෙ දුන්න එජාප පාක්ෂිකයන් සැබෑවටම බලාපොරොත්තු උනේ රනිල්ගේ විධායක අගමැති කමෙන් පාලනය වන පඹයෙක් හා සමාන ජනාධිපතිවරයෙක්. මහින්ද යුද්දෙ ජයග්‍රහණය කරලා රටේ යටිතල පහසුකම් හැදුවා. අධ්‍යාපනය අනාගත ඉලක්ක සහිත වෙනසකට බඳුන් කළා. අනාගත ප්‍රතිලාභ හිමිවන සංවර්ධන වැඩ කටයුතු රැසකට අත්තිවාරම දැම්මා. ඒත් එජාප පාක්ෂිකයන්ට ඕන කළේ තමන්ගේ ආණ්ඩුවක්. එහෙම තමයි පක්ෂ දේශපාලනයේ හැටි. මහින්ද රජයේ ජාතික චින්තනය ඇලජික් වෙච්ච තරුණ පරම්පරාවක් බිහි කරන්න දැවන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තේ 2001 රනිල්ගේ කාලයේමයි. ඒ අයගේ ජිවිතයේ පළමු අරමුණ ඇමෙරිකාවට යන්න. ඒ අයගේ සියළු වර්තමාන ක්‍රියාකාරකම් පෙළ ගැහෙන්නේ ඒ සඳහා සුදුසුකම් උපයාගන්න. ලංකාවේ ජිවත්වෙන්නේ ඇමෙරිකානු ලයිෆ්ස්ටයිල් එකට. ටි වි චැනල් තරඟයට ඒ සඳහා උපදේශන සපයනවා. තමන්ගේ රටේ අභිමානය දැනෙන්නේ වර්ල්ඩ් කප් ක්‍රිකට් මැච් එකක් බලනකොට විතරයි. උන්ට මහින්ද බයියෙක්. උන් ෆේස් බුක් එකෙන් මහින්ද ගැන අහුලගන්න පච උන්ගේ අම්මලාට තාත්තලටත් ගිල්ලවනවා. මොන තරම් වැඩ කළත් මහින්ද පැරදුනේ මේ ගන්ධබ්බ රැල නිසා.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions