-වෛද්‍ය වසන්ත දේවසිරි
(2016 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරය එක පිට එක ලැබූ පරාජයන්ගෙන් ගහන අසාර්ථක එකක් විය. ඒ පිළිබඳව ම සිත නැඟුනු හැඟීම් සැක සංකා මෙසේ කවියට නැඟීමට උත්සාහ කළෙමි.)
කෙළින කෙළින පන්දු කෙළිය ඔය හැටි පැරදෙනු කෙලෙසද
හීතල මස නහර විදින අත පය දරදඩු කළේද
මව්බිම ගැන සැක සංකා හිත තුළ හොල්මන් කළේද
දෑ අබිමන සිඳගත් රට දිනවල මොකටද හිතුනද
රට කරවන යහ ගුණ සරි උතුමන් හද සසල වීද
විරසක වී සුදු මහතුන් රටට වින කරයි කීවද
පැරදී විරසක වූවොත් සත් ගුණවත් සුද්දන් හද
ජී එස් පී සහනෙ පවා නොලැබී යාවිය කීවද
තණ පිටියේ පරදවලා සුද්දන් ජයගනු කෙලෙසක
පය පාමුල වැඳ වැටිලා අනුකම්පා යදිනු මිසක
ඉඳල හිටල සුදු මහතෙක් පිටට හෙමින් තට්ටු කරල
වෙල් ඩන් කීවොත් වටිනව සක්විති රජ කමට වැඩිය
2016 ඇසළ මස 3 වැනි දින
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama


Why, did the team win every series during Mahinda's time?
ReplyDelete