මේ ලිපියේ පළමු කොටස :
සමාජ ව්‍යුහයේ ජයග්‍රහණය හෙවත් ස්‌වර්ණ පුස්‌තක සම්මානය
අද එතැන් සිට....
ව්‍යුහයේ ජයග්‍රහණය
වර්තමානයේ දිනසිරි කුරුලුගංගොඩ වැනි ව්‍යාජ පුද්ගලයන් ද, ඔවුන් ගේ අඳබාල ප්‍රබන්ධ ද අනවශ්‍ය පමණට ඔසොවා තබන වෙළෙඳ සමාජයක් බිහි වී තිබෙන බව අපි දනිමු. සියල්ලන්ට අවශ්‍ය වන්නේ මතුපිට පහුරු ගාමින් තවදුරටත් මජර ආර්ථිකය ක්‍රමයට උඩ ගෙඩි දෙන සමාජ ව්‍යුහය පවත්වා ගෙන යැම ය. ලියනගේ අමරකීර්ති වැන්නන් ද ගසා ගෙන යන කුහක 'සමාජ පල් වතුර' දැන් මෙරට විශ්වවිද්‍යාලයන් ද යට කර ගෙන ගොස් හමාර ය.
ව්‍යුහයේ අංගවිකලකම 'ස්‌වර්ණ පුස්‌තක' සම්මාන කමිටුවට බලපා තිබෙන අන්දම ගැන කදිම විග්‍රහයක් පසුගිය 13 වැනිදා දිවයින වටම`ඩල අතිරේකයට රත්තනදෙණියේ මේධානන්ද හිමියන් විසින් සපයා තිබිණි. 'කුරුලු හදවත' වැනි නෝන්ජල් කෘති සම්මානයට භාජන වන්නේ දිනසිරි වැනිම 'අපතයන් ගේ' තීරණ නිසා ය.
දිනසිරි කුරුලුගංගොඩ ගුවන් විදුලි මාධ්‍යයේ ඉහළට ගියේ ප්‍රවීණයකු ගේ පරිවාස කාලයවත් ගත නො කර යෑයි, කිඹුල් කඳුඵ හෙළන ලියනගේ අමරකීර්ති, 'කුරුලු හදවත' නවකථාවෙන් ස්‌වර්ණ ශ්‍රී බණ්‌ඩාර, ලැම්බට් පෙම්මාවඩු වැනි ප්‍රාමාණිකයන්ට සිදු කර තිබෙන අවැඩ සුළු පටු නැත.
උදාහරණයක් වශයෙන් ගුවන් විදුලියේ ලේ පරිත්‍යාගශීලීන් ගේ කඳවුරේදී ලේ දන් දීමට පැමිණි එක් පුද්ගලයකු ගේ මුවට නංවා තිබෙන වදන් මෙහි ලා උපුටා දක්‌වනු වටී. 'මේ සැරේ නං දෙමලුන්ට කෙළවලාම තමයි පස්‌ස බලන්ඩ ඕනෙ. මගෙ ලේ ඔක්‌කොම වුණත් දෙනව අපේ කොල්ලන්ට'
හමුදාවට ලේ දන් දෙන කඳවුරුවලදී මෙවැනි ආවේගශීලී ප්‍රකාශ ඇසුණු සමයක් පසු කරන ලද බව සත්‍යයක් වුවත්, එවැන්නක් ගුවන් විදුලියේ ලේ පරිත්‍යාගශීලීන් ගේ කඳවුරේදී ඇසුණා යයි පැවසීම විශ්වාස කළ නො හැකි තරම් වන කෙප්පයකි. අප ගේ දෙසවනට දිගුකාලීන ව හුරු වී තිබෙන ලැම්බට් පෙම්මාවඩු ගේ දයාර්ද්‍ර හඬින් අමතනු ලබන ශ්‍රාවක සමාජය එවැනි මාරාන්තික වෛරවාදයකට නතු කළ හැකි යයි සිතිය හැකි ද?
දශක ගණනක් තිස්‌සේ පුණ්‍ය චේතනාව පෙරදැරි කර ගනිමින් ලේ පරිත්‍යාගශීලින් ගේ ගුවන් විදුලි වැඩ සටහනින් අසරණ රෝගී ජනතාවට අමිල මෙහෙවරක් ඉටු කරන ලද ලැම්බට් පෙම්මාවඩු මහතා, 'දෙම`ඵ මරන්නට කටයුතු කරමින් ලේ විකුණන්නකු' ලෙස හංවඩු ගසා තිබීම සාහසික අපරාධයකි. මෙලෙස ලැම්බට් පෙම්මාවඩු වැනි සමාජයට කිසිදු අවැඩක් කර නොමැති නිර්ව්‍යාජ ජනමාධ්‍යවේදීන් වචනාර්ථයෙන් ඝාතනය කිරීමට තරම් ආත්ම ශක්‌තියක් ඇත්තකුට, කුරුලුගංගොඩ වැනි ප්‍රබන්ධ චරිතයක් මරා දැමීම සු`ඵ දෙයකි.
ඒ අනුව නවකථාව අවසානයේ කුරුලුගංගොඩ දියේ ගිල්වා මරා දමා තිබෙන්නේ කතාව ගෙන යා හැකි අර්ථසම්පන්න ඉසව්වක් සොයා ගත නො හැකි නිසා බව පැහැදිලි ය. එය ද සිදු ව තිබෙන්නේ පොලිස් අත්අඩංගුවට පත් වූ සැකකරුවකු ආයුධ පෙන්වන්නට ගොස් දියේ ගිලී මැරෙන ආකාරයට නො දෙවැනි වූ අභිරහස් අන්දමට ය. මෙය සිදු වී ඇත්තේ නවකථාවේ තැනින් තැන මතු වන අවුල්සහගත තත්ත්වය කූටප්‍රාප්තිවීමක් ලෙසිනි. ඒ සිදුවීම් මාලාව යනු අනෙකක් නො ව, මෙකල ලියනගේ අමරකීර්ති විවිධාකාරයෙන් ස්‌වකීය අතීතය මරා ගන්නට ගන්නා උත්සාහයම ය. ගත වූ දශකයක පමණ කාලයක් තිස්‌සේ ලියනගේ අමරකීර්ති ස්‌වකීය බුද්ධි ප්‍රභාව අවුළුවා ගන්නවා වෙනුවට සිදු කර තිබෙන්නේ 'ජෝති තමෝ පරායනයෙන්' කටයුතු කිරීම ය.
සැසඳුව මැනවි.
'සිංහල-දෙමළ ජනවාර්ගිකත්වය (1983 ම්ලේච්ඡ පාපතර ත්‍රස්‌තවාදී සංහාරයෙන් පසුව පවා) අප ගේ යථාර්ථවාදී සාහිත්‍යයෙහි ප්‍රතිනිර්මාණය කෙරෙන තරම් සරල නැත. දකුණ යෑයි කියන සිංහල ප්‍රදේශය කුල දෙමළ ජනයා ද සිටිති. සිංහල ආණ්‌ඩුව යෑයි හඳුන්වන ආණ්‌ඩුවේ දෙමළ අය ද සිටිති. සිංහල රජය යෑයි කියන රජයේ දෙමළ අය ද සිටිති. සිංහල පොලීසියේත් ඊළාම් පොලීසියේත් පොලිස්‌පතිවරු දෙමළ ජාතිකයෝ වෙති. ජීවිතයම පවා සාහිත්‍යයට වඩා සංකීර්ණ නො වේද? (බලය/2003/ඔක්-නොවැ/පිටුව 46)
2003 වසරේදී එලෙස අදහස් දක්‌වන ලියනගේ අමරකීර්ති 2014 වසරේදී පවසනුයේ මෙවැන්නකි.
'සිංහල බෞද්ධ පොලීසිය විසින් සිංහල බෞද්ධ කොලු ගැටයකු මරා දැමීම ගැන සිංහල බෞද්ධ පත්තර නිහඬය'. (ඇත්ත/2014.07.16)සමාජයට ඉහඳ තබන මෙවැනි තත්ත්වයක් දක්‌වා පිරිහුණු පුද්ගලයකු ගෙන් 'කුරුලු හදවත' වැනි නවකථාවකට වඩා වැඩි යමක් බලාපොරොත්තු විය හැකි ද?
එසේම මෙකී නවකථාවෙන් සහ එය සම්මානයට පාත්‍ර කිරීමේ ක්‍රියාදාමයෙන් තහවුරු වන තවත් කරුණක් තිබේ. මෙරට සිදු වන සියලු ව්‍යසනයන්ට හේතුව සිංහල-බෞද්ධයන් යෑයි නිතර දෙවේලේ වහසි බස් දොඩන ලියනගේ අමරකීර්තිලා ගේ ප්‍රබන්ධවලින්ම ඒවා නිශේධ වී තිබීම ය.නිදර්ශනයක් වශයෙන් 'කුරුලු හදවත' කෘතියට අන්තර්ගත අර්ධ කල්පිත සමාජයේ කුජීත සමාජ ධාරාව නියෝජන කරන කුම් කුම් විඡේසිංහ සහ ජෙවන් දිසානායක එසේ හැසිරෙන්නේ ඔවුන් හුදෙක් සිංහල-බෞද්ධයන් වන නිසා ද?
අපභ්‍රෂ්ට සිංහලයෙන් ලියා ඇති 'කුරුලු හදවත' නවකථාව සම්මානනීය කෘතියක් බවට ඔසොවා තබන්නට කටයුතු කර තිබෙන සමන් වික්‍රමාරච්චි සහ ආචාර්ය සුනිල් විඡේවර්ධන යනු ඊනියා සිංහල-බෞද්ධයෝ ද?
සැබෑ ජීවිතයේදී ස්‌වකීය කුල පීඩනයෙන් අත් මිඳෙන්නට වැර දරන කුරුලුගංගොඩ වැනි වළං කර්මාන්තයේ යෙදෙන්නන්ට මනුෂ්‍යත්වයෙන් පිරුණු සාධාරණයක් ඉටු කරනු සඳහා ගුවන් විදුලි මාධ්‍යයෙන් ගමේ නම වෙනස් කර ගන්නට උත්සාහ දැරෙන අතරේ, පුරාවිද්‍යාත්මක කැනීමක පුවතක් නිර්මාණය කරන්නට තිබිණි.
අද වන විට ලාංකික ශිෂ්ටාචාරයේ අභිමානය රැඳී තිබෙන්නේ බුදු දහම මෙරටට දායාද වන්නට පෙර ප්‍රාග් ඓතිහාසික යුගයේදී පැවැතුණු දියුණු සභ්‍යත්වයක ලක්‍ෂණ තහවුරු කෙරෙන යකඩ තාක්‍ෂණය මෙන්ම, වළං කැබලි සහ සකපෝරුව භාවිත කළ බවට සාධක හමු වී ඇති නිසා ය. එහි උරුමකරුවෝ නම් කුඹල්කරුවෝ ය. ජාතියක උසස් අනන්‍යතාව සුරකින්නට දුර අතීතයේ සිට කටයුතු කර තිබෙන ස්‌වදේශික කර්මාන්තකරුවන් පිරිසකට, වර්තමානයේදී සිදු කරනු ලබන අයුක්‌තිසහගත අවමානය අවලංගු කරන්නට නම්, යොදා ගත යුතු වන්නේ මෙවැනි තාර්කික කරුණු විනා හුදෙක් පාඨකයන්ට තාවකාලික විනෝදය ලබා දෙන ව්‍යාජ ප්‍රබන්ධවලින් නො වේ.
එහෙත් බොළඳ ජනප්‍රිය FM ගුවන් විදුලි මාධ්‍ය මත්තේම ගිලුණු 'කුරුලූ හදවත' කෘතියට 'ස්‌වර්ණ පුස්‌තක සම්මානය' දී තිබෙන්නේ 'කුරුලු හදවත' නවකථාවේ නිරූපිත එකී සමාජ පාතාල ව්‍යුහය විසින්ම බව, පසුගිය කාල වකවානුවේ මුද්‍රිත මාධ්‍ය ම`ගින් හෙළිදරව් වූ කරුණුවලින් උවමනාවටත් වඩා තහවුරු වී තිබේ. සම්මාන කමිටුවේ අභ්‍යන්තර අවුලක් නිසා හටගත් මතභේදයට ද්විතීයික විසඳුමක් වශයෙන් යෝජනා කෙරුණු 'කුරුලු හදවත' නවකථාව තෝරා ගෙන ඇත්තේ, 'කුරුලු හදවත නවකථාව සම්මාන දිනා ගනී' යන වාක්‍යය ලියන්නට ගත වූ කාලයටත් වඩා වේගයෙනි. මේ සා අනර්ථ සහගත කෘතියක් සම්මානයට පාත්‍ර වන්නේ ඒ අවකාශයෙනි.
'ස්‌වර්ණ පුස්‌තක සම්මානය' පශ්චාත් යුද සමාජයේ සාහිත්‍ය-සංස්‌කෘතික ක්‍රියාවලිය මතට කඩා වැටුණු 'හෙණ ගෙඩියක්' බව අප පවසන්නේ, සමාජයේ සැබෑ අර්බුද තත්ත්වාකාරයෙන් නිරූපණය කරන සාහිත්‍යයට, මෙවැනි යටි අරමුණු සහිත විනිශ්චයන් නිසා අසාධාරණ සිදු වන නිසා ය.
ඒ අනුව ස්‌වර්ණ පුස්‌තක සම්මානය ලබා ගත් ලියනගේ අමරකීර්ති යනු, දිනසිරි කුරුලුගංගොඩ ද අභිබවමින් සමාජ පාදඩකරණයට උඩ ගෙඩි දෙන 'ව්‍යුහයේ ජයග්‍රහණය තහවුරු කළ අසමසම ජයග්‍රාහකයා' ලෙස හඳුන්වා දීම යුක්‌ති යුක්‌ත ය.
- නිමි -
-කුමාර ලියනගේ
යුතුකම සංවාද කවය
www.yuthukama.com
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .