මහින්දගේ සැලුන් දොර කටු කම්බි ගසා වසා ඇතැයි එජාපය කීවා වේලාසන වැඩි බව පෙනේ. තිස්‌ස අත්තනායක එජාපයේ මහ ලේකම්කම අතහැර ගියේ, මේ කතාව කියා දින කිහිපයක් ගතවන විටය. ඇසට ඇසක් දතට දතක් න්‍යායෙන් මහලේකම්ට මහ ලේකම් හුවමාරු වී තිබේ. මේ මාරුවීම් සමඟ කතා ගොඩක් ද ප්‍රචාරය වී තිබේ.
තිස්‌ස ආණ්‌ඩුවට යන විට සමහරු ඇසුවේ තිස්‌සට කීයක් දුන්නාද කියාය. එහෙම අහන අය මෛත්‍රී විපක්‍ෂයට යන විට එහෙම ප්‍රශ්න අහන්නේ නැත. තිස්‌ස කියන්නේ 29 වතාවක් පරාජය වූ පක්‍ෂයක ලේකම්ය. මෛත්‍රී කියන්නේ ලේකම්කමට අමතරව ඇමැතිවරයෙකි. එහෙම බලනකොට, තිස්‌සට ලංසුවක් තැබුවා නම් මෛත්‍රීට ඊට වඩා ලොකු ලංසුවක් තැබිය යුතු වෙයි. අනික් අතට එජාපයෙන් කවුරුන් හෝ ආණ්‌ඩුවට ආවොත්, එහි ගණන් කියන්නට එජාපයේ අය පසුබට නොවෙති. එයින් පෙනෙන්නේ එජාප පාක්‍ෂිකයන් කරමත තබාගෙන විශ්වාස කරන චරිත ලංසුවලට යට වෙන බවද?
මෛත්‍රීපාල එජාපයට එන්නටත් පෙර සිය පක්‍ෂයේ ජනාධිපති ධුර අපේක්‍ෂත්වය ඔහුට පරිත්‍යාග කිරීමට එජාප පාක්‍ෂිකයන්ට සිදුවිණි. වෙන එකක් තබා තමන්ගේ කැමැත්ත පොදු අපේක්‍ෂකයකු ලෙස සිරිසේනට කියා එජාපය කියන්නට පෙර, එය ප්‍රකාශ කළේද සිරිසේන විසින්මය. පක්‍ෂයක් මෙවැනි කැපකිරීමක් කරනවා නම් එය හොර රහසේ කරන්නේ නැත. කෘත්‍යාධිකාරී මණ්‌ඩල පාර්ලිමේන්තු කණ්‌ඩායම හා අවසානයේ මහා සම්මේලනයකින් ද අනුමැතිය ගත යුතුව තිබිණි. දැන් එජාපය තිබෙන තත්ත්වය අනුව එහා පැත්තෙන් අපේක්‍ෂකයන් ගැනීම සාමාන්‍ය තත්ත්වයකට පත්ව ඇති හෙයින් දෝ ඒ ගැන එසේ කරන ක්‍රමවේදයක් නැතිසේය. අඩුම තරමේ තමන්ගේ පක්‍ෂය සහාය දෙන අපේක්‍ෂකයා සමඟ ගිවිසුමකවත් අත්සන් කළේ නැත. ජාතික හෙළ උරුමය පවා මෛත්‍රීපාලට සහයෝගය දුන්නේ ගිවිසුමක් අත්සන් කරය. ජනාධිපතිවරණ අපේක්‍ෂකයන් හයර් කිරීම එජාපයට දැඩි සාමාන්‍ය තත්ත්වයක් වෙමින් තිබෙන නිසාදෝ එහෙම දේවල් කෙරෙන්නේ නැත. සජිත් ප්‍රේමදාස කිහිපවරක්‌ම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ "නායකතුමා ඉල්ලන්න නැත්නම් මම ඉල්ලන්නම්" කියාය. එහෙම කියපු සජිත් පවා දැන් කරන්නේ හයර් කරන ලද මෛත්‍රීපාලට සහාය ලබාදීමය.
ආණ්‌ඩුවට තිස්‌ස පැන්නේය. එසේ වූවාට තිස්‌ස ජනාධිපති අපේක්‍ෂක කරන්නට ආණ්‌ඩුව ගත්තේ නැත. ආණ්‌ඩුවේ අපේක්‍ෂකයාට සහාය දෙන කෙනෙක් එනවාට අමතරව වෙනත් දේවල් තිස්‌සට එතැනදී හිමිවන්නේ නැත. ආණ්‌ඩුව තිස්‌ස තබාගෙන සිටින්නේ නියම තැනින්ය. වරක් එජාපයේ නියෝජ්‍ය නායකයා වූ කරු ජයසූරිය ආණ්‌ඩුවට ගියේය. දැන් එහි මහලේකම් ගොස් තිබේ. එසේ වුවත් ආණ්‌ඩුව ඔවුන් තියාගත්තේ තරු රැසේ එක් තරුවක් ලෙසය. ඒත් ආණ්‌ඩුවෙන් ගිය මෛත්‍රී එජාපය විසින් සිය හදවත බවට පත්කරගෙන තිබේ. එජාපයේ සියලු දෙනා ඒ සඳට පාළු මකනා තරු බවට පත්වී තිබේ.
යම් හෙයකින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉල්ලා, එයට සහාය දෙන චරිතයක් බවට මෛත්‍රී පත්කර ගත්තේ නම් එතැනදී තත්ත්වය නිවැරැදිය. මෙතැන සිදුවී තිබෙන්නේ අතිරේක ක්‍රීඩකයා, කණ්‌ඩායම් නායකයා කර, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ඔහුගේ අවශ්‍යතාවයට හැසිරවීමය.
දෛවයේ සරදම වන්නේ පච මල්ල ගෙදර යවමු කියා රට වටා පෝස්‌ටර් ගැසූ එජාපයම, චන්ද්‍රිකාව මුදුන් කරගෙන මෛත්‍රීට සහාය දීමය. වසර එකොළහක් පුරා එජාපය විසින් සියලු චෝදනා ගොනු කළේ චන්ද්‍රිකාට එරෙහිවය. ආණ්‌ඩුවට අද චෝදනා එල්ල කරන්නේ කටකතා මගිනි. කොහේ හෝ ඈත ගමක කුඹුරක් ගොඩ කළත් පාර්ලිමේන්තුවේ ප්‍රශ්න අසන විපක්‍ෂ මන්ත්‍රීවරු, ආණ්‌ඩුව කළා යෑයි කියන කිසිම 'හොරකමක්' ගැන සංවිධිත ආකාරයෙන් චෝදනා පත්‍රයක් පාර්ලිමේන්තුවේදී ගොනු කර නැත. එවැනි සංවිධිත ආකාරයෙන් චෝදනා පත්‍ර ගොනු කරමින් එජාපය විසින් දූෂණ හෙළි කළේ චන්ද්‍රිකාගේය. එහෙම චන්ද්‍රිකාව කර තියාගෙන යන්නේ එජාපයමය.
එජාපය විසින් ආණ්‌ඩුවට නිතරම චෝදනා කළේ ජනතාවට වේලක් කන්න බැරි තරමට බඩු මිල වැඩියි කියාය. එහෙම කියාගෙන යන අතරේ 'ඇමැතිගේ මල්ලිගේ සහල් මාෆියාව' ගැන ද එජාපය කතා කළේය. ජීවන බර වැඩිවීමට එක හේතුවක් ලෙස සඳහන් වූයේ එයය. ඒ චෝදනාවට ලක් වූ මෛත්‍රී දැන් එජාපයේ ද සහාය දෙන අපේක්‍ෂකයාය. දැන් ඒ ගැන කතාවක් ඒ පැත්තෙන් නැත.
ඒ වෙනුවට දැන් කතාව තියෙන්නේ ආණ්‌ඩුවේය. එදා සහල් මාෆියාව කතාව කියද්දී, නිශ්ශබ්දව සිටි ආණ්‌ඩුව අද ඒ කතාව කියන විට, එජාපය අහන්නේ ඇයි එදා පියවරක් නොගත්තේ කියාය. කෙනෙක් ගියාට පසු ෆයිල් එළියට දාන්නේ මොකද කියා, ආණ්‌ඩුවට චෝදනා එල්ල වන්නේ මේ පසුබිමෙහිය. "ඉන්නකොට කොයි වරදක් කළත් රකිනවා. ගිය ගමන්ම ෆයිල් එළියට දානවා" මෙහෙම කියන එජාපයට තමන් එදා එළියට දාපු ෆයිල් අද සඟවාගෙන කතා කරති. ආණ්‌ඩුව විසින් ගිය ගමන් ෆයිල් එළියට දැමීමත්, තමන්ගේ පැත්තට ආ පසු තමන් එතෙක් එළියට දමා තිබූ ෆයිල් විපක්‍ෂය හැංගීමත් දෙකම එකමය. ඒ දෙකෙන්ම කරන්නේ එකම වැඩේය.
මෛත්‍රී ගිය පසු ආණ්‌ඩුව ඔහුට චෝදනා කරන විට එජාපය එයට පිළිතුරු දෙන්නේ 'ඉද්දී ඕවා කිව්වේ නැත්තේ ඇයි කියාය" එහෙම කියන එජාපය දයාසිරි ආණ්‌ඩුවෙන් ගිය විට හොඳ පදමට කතා කිව්වේය. කරු ඇතුළු දහහත්දෙනා ආණ්‌ඩුවට ගිය ගමන්ම එජාපය කිව්වේ, කෝප් වාර්තාවෙන් හෙළි වූ දූෂණවලින් ගොඩ යන්නට ඔවුන් එසේ ගිය බවය. කොහොම වුණත් තිස්‌ස ගැන එජාපය කුමක් කියනු ඇද්දැයි ඉදිරියේදී බලා ගත හැකි වනු ඇත.

ෆොන්සේකාගේ පක්‍ෂයේ නියෝජ්‍ය නායක කැටගොඩත් ආණ්‌ඩුවට එක්‌විය. ෆොන්සේකාගේ පක්‍ෂයට, අනෝමා හැරුණු විට ඉතිරිව සිටි තත්ත්වයක් තිබූ එකම පුද්ගලයා කැටගොඩය. ඔහුත් ආණ්‌ඩුවට ගිය විට ෆොන්සේකාගේ පක්‍ෂය පවුලේ පක්‍ෂයක් බවට නිතැතින්ම පත්වේ.
ෆොන්සේකා පොදු අපේක්‍ෂකයා වූයේ 2010 දීය. ඊළඟ ජනාධිපතිවරණය වන විට ඔහු ලක්‌වී ඇති ඉරණම පැහැදිලිය. මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන මෛත්‍රීට මෙන් නොව, ෆොන්සේකා වෙත සියලු බලවේග එකට සහය දුන්නේය. එජාප, ජවිපෙ, දෙමළ සන්ධානය එක වේදිකාවේ සිට ෆොන්සේකාට සහාය දුන්නේය. ඒ ෆොන්සේකා අද වන විට අඹුසැමි පක්‍ෂයක් බවට පත් වී තිබීම, අද පොදු අපේක්‍ෂකයාට හොඳ ආදර්ශයකි. ඇත්තේ යැම් ඊම් පමණයි කියා සරත්චන්ද්‍රයන් කිව්වා සේ, දැන් දේශපාලනයේ බහුලව ඇත්තේද යැම් ඊම්ය. ඒ යැම් ඊම් සියල්ලම පෞද්ගලික කාරණාවලින් එහාට ගොස් පොදු ජනතාවගේ මනස හසුරුවන තැනකට යැම අමාරුය. නමුත් ඒ යැම් ඊම්වලින් පක්‍ෂ අමාරුවේ ද වැටෙනාකාරය නම් දැන් ඇස්‌පනාපිටම පෙනේ. ඒ ලේකම්ට මේ ලේකම් ගැනීම ගැන ද කල්පනා කළ යුත්තේ එතැන් සිටය.
-මනෝඡ් අබයදීර
(දිවයින)
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .