පියදාස සිරිසේන මහතා'මහා වියවුල' නවකතාව ලීවේ අවුරුදු සීයකටත් ඉස්සර 1909 දීය. අරක්කු ජාවාරමෙන් අසීමිතව ධනවත් වූ ඒ නිසාම මුහන්දිරම් පදවියක් ලැබූ පොරෝනිස් ගුණසේකර රාළහාමිගේ ඉංග්‍රීසි පන්නයට හැදුනු සංකර සිරිත් විරිත් වලට ගරු කල ජෝර්ජියානා දෝනිඇන්දා මුල් කරගෙන එතුමා මෙය ලියා ඇත්තේ හෙළ සිරිතේ අගය වඩාත් කතාබහ කරන්නටය.
ටෙනිස් ගහන , අස්සයාගේ පිටේ යන , විස්කි බ්‍රැන්ඩි බොන ජොර්ජියානා හාමුට මඟුලක් කර දෙන්නට රාළහාමිට උවමනා වී ඔත්තුකරුවෙකුට කියා ගම් බිම් බලන්නට කැඳවාගත් මනමාලයා සිංහල කුල සිරිතට කළ උගත් බුද්ධිමත් ව්‍යාපාරිකයෙකු වූ ධනපාල තෙන්නකෝන්ය. ජෝර්ජියානාගේ අඟර දඟර නිසා දුටු පමණින්ම ධනපාලට මගුල එපා වුණත් අවුල වූයේ ධනපාල උන්නැහේ ජෝර්ජියානාග ආවතේවට සිටි චාම් ගැමි යුවතියක් වූ ලිසී සමග සම්බන්ධ වීමයි. දෝනි ඇන්දා දීග දීමට ඉක්මන් වූ රාළහාමි කළේ ඔහුද දැනසිටි ජෝර්ජියානා ආශ්‍රය කළ ඉලන්දාරි සිව් දෙනා අතරින් ඕනෑ ගොයියෙක් බැඳගන්න අවසර දීමයි. ජෝර්ජියානාට ඉස්සෙල්ලාම මතකයට ආවේ සිරිල් වික්‍රමතිලක තරුණයාය . මතකයට ආ අනුපිළිවෙලින් මගුල ලෑස්ති විය. රාලහාමිගේ දෑවැද්ද රුපියල් 5000කි. ඒ කාලයේ හැටියට එය පන්කොටියක් වගේය. මඟුල් ගෙදරට විස්කි බ්‍රැන්ඩි පොට් වයින් , බීර , ජින් , ලෙමනේඩ් , කේක් , පස්ටෑල් , විස්කෝතු , හැම් බේකන් , අස්ව කරත්ත , ඇඳුම් පැළඳුම්ඔවා මේවා වියදමද රුපියල් 4412 කි දෑවැද්දේ වටිනාකමට ආසන්න වියදමකින් මගුලත් කලාලු.
ජෝඩුව හනිමූන් ගියේ මහනුවර ක්වීන්ස් හෝටලයටය. නමුත් එහෙම ගිහින් දවසක් හමාරක් ගතවන විට ජෝර්ජියානාට සිතුනේ තමන් සිරිල් බැන්දාට වඩා සිව් දෙනා අතර සිටි ජිම් පෙරේරා වඩා හොඳ බවය. එහි ප්‍රතිඵලය වූයේ ජෝර්ජියානා ජිම් පෙරේරාද මහනුවරට කැඳවාගැනීමයි. එහි අනිත් ප්‍රතිඵලය සිරිල් උන්නැහේ ජිමීට පොල්ලක් කැඩෙන තුරු පහර දීමයි. පොරෝනිස් උන්නැහේට සිද්ධිය ආරංචි වී නුවර යන විට කට්ටිය පොලිසියේය. සිව් දෙනාගෙන් අනිත් ඇත්තා වූ තිමොන්ති දාබරේ මහණ වෙන්නට කැලේ වැදිලාය .අගක් මුලක් නැති නොගැලපෙන සම්බන්ධකම් මත ගලා ගිය පියදාස සිරිසේන මහතාගේ "මහා වියවුලේ" කතන්දරය ඔය ආකාරය.
සිරිසේන මහතාගේ කතාව මට සිහි වූයේ පසුගියදා අපේ රටේ දේශපාලනයේ ඇති වූ සිද්ධි දැකලාය. එහි කතානායකවරයාද සිරිසේන මහත්මයෙකි. දේශපාලනය අත්භූත ස්වරූපයකට හැරුණා වගේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ලේකම්වරයා එක් මොහොතකින් විපක්ෂයේ සමහරු නියෝජනය කරන ජනාධිපති අපේක්ෂකයා යයි රටට කීවේය. ලංකාවේ පැරණිම විපක්ෂය වූ එක්සත් ජාතික පක්ෂය තමන්ගේ අපේක්ෂකයා ඔහු යැයි කීමට තරම් ඇද වැටී තිබුණේය. ජනාධිපති අපේක්ෂකයා තමන් දිනුවොත් දින සියයකින් විපක්ෂ නායකවරයා විධායක අගමැතිවරයා ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා කාරයන්ගෙන් චන්දය ඉල්ලා සිටියේය.එක්සත් ජාතික පක්ෂ පසුව කීවේ දින සියයකින් නොව පැය 24කින් අගමැති ධූරය තමන්ට අවශ්‍ය බවයි.කට්ටිය එකතු වූයේ විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්නට කියලාය.
මේවා කරන්නට පාර්ලිමේන්තුවේ 2/3ක් අවශ්‍යය. පැය 24න් ඒවා කරන අයිරු දන්නේ දෙවියෝ පමණි.අයවැය විවාදයේ අවසාන දිනයේදී රජය පැරදවීමට බලා සිටියත් රජය චන්ද 152 ගන්නා විට අනිත් පැත්තට 57 කි. විධායක අගමැතිවරයා පත් කල පසු මේ දර දිය ඇද්ද අයට වන්නේ මොනවාදැයි තවත් ප්රශ්නයකි.
දේශපාලනය කූඨ ව්‍යාපාරයක් බවට පත් කර ගත් ඇත්තන්ට ඊලඟට බලන්නට වන්නේ පියදාස සිරිසේන මහතාග "මහා වියවුළ" ට පසුව පළ ක්ළ පොතයි. එහි නම " අපට වෙච්ච දේය"
දේශපාලනය කූඨ ව්‍යාපාරයක් බවට පත් කර ගත් ඇත්තන්ට ඊලඟට බලන්නට වන්නේ පියදාස සිරිසේන මහතාග "මහා වියවුළ" ට පසුව පළ ක්ළ පොතයි. එහි නම " අපට වෙච්ච දේය"
-අමාත්‍ය රංජිත් සියඹලාපිටිය
[ලංකාදීප]
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ගුඩ් මෝර්නින්....ඔබ තුමන්ල දැන්ද අවදි උනේ.
ReplyDelete