-ආචාර්ය ගුණදාස අමරසේකර
ජනාධිපතිවරණය හමුවේ රට තුළ නිර්මාණය වී ඇති වාතාවරණය හා එය පිටුපස ඇති බලවේග
ගැනත්. වත්මන් තත්ත්වය නිවැරදිව වටහා ගැනීමේ අවශ්‍යතාවත් පැහැදිලි කරගනිමින් සමාජ -
දේශපාලන චින්තකයකු හා ක්‍රියාධරයකු ද වන ප්‍රවීණ සාහිත්‍යවේදී ආචාර්ය ගුණදාස
අමරසේකර සමඟ සිදු කළ සංවාදයකි.
* “පොදු අපේක්ෂකයා” තමන් බව ප්‍රකාශ කරමින් මෛත්‍රීපාල සිරිසේන,
ශ්‍රීලනිප හිටපු මහ ලේකම්වරයා ගත් ක්‍රියාමාර්ගය ගැන ඔබේ කියැවීම කෙබඳු ද?
මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කරපු ප්‍රකාශය රූපවාහිනියෙන් බලාගෙන ඉඳිද්දී
මගේ මතකය මීට අවුරුදු 55 කට එහා එක් ආන්දෝලනාත්මක සිද්ධියකට ගියා. ඒ, බණ්ඩාරනායක
අගමැතිවරයා ඝාතනය කිරීම. සිරිසේන මහත්තයා කළෙත් ඒ වගේම වැඩක්.
මොකද, මේක දේශපාලන ඝාතනයක්. මේ දෙකම ඝාතන. ඒ වගේම මේ ඝාතන දෙක අතර යම් යම්
සමානකම් ද මා දුටුවා. ඒවාට යාමට පෙර තවත් කාරණා කිහිපයක් නිරාකරණය කර ගැනීම
අවශ්‍යයි. සිරිසේන මහත්තයා කරපු මේ දේශපාලන ඝාතන කුමන්ත්‍රණය පිටුපස හිටියේ කවුද
කියන එක හඳුනාගැනීම පළමුවැන්නයි.
මං දකින හැටියට මේක සිරිසේන මහත්තයා හරි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය හරි,
රනිල් වික්‍රමසිංහ මහත්තයා හරි කළ දෙයක් නෙවෙයි. මේ සියලු දෙනාම කුමන්ත්‍රණයේ
හවුල්කරුවන් වුණාට ඒක පිටුපස හිටියේ විජාතික සතුරු බලවේගයි. ප්‍රභාකරන් ඉවරයක් කරලා
ත්‍රස්තවාදය අවසන් කළ දා පටන්ම දියත් කරපු කුමන්ත්‍රණය තමයි මේ. ඒ නිසා දේශපාලන
ත්‍රස්තවාදයේ කූට ප්‍රාප්තිය හැටියට මේක හඳුන්වන්න පුළුවන්. මේක පිටුපස හිටියේ කවුද
කියල හොඳටම පෙනෙන එක තැනක් තමයි ඉතාම රහසිගතව මෙය ක්‍රියාත්මක කිරීමට විදේශීය
තානාපති කාර්යාල හරහා චන්ද්‍රිකා දුරකථන ඇමතුම් ලබාගෙන තිබීම. එක් අතකින් අපි මේ
ගැන පුදුම විය යුතු නෑ. මොකද, ත්‍රස්තවාදයට මුල් වුණේත් ඔය රටවල් නිසා.
* ඔබ කල්පනා කරන හැටියට මේ විදිහේ කුමන්ත්‍රණයක් දියත් වුණේ ඇයි?
මූලික පරමාර්ථ කිහිපයක් හඳුනගන්න පුළුවන්. එකක් තමයි, මහින්ද රාජපක්ෂ රජය මානව
හිමිකම් උල්ලංඝනය කළා කියන චෝදනාව මත අන්තර්ජාතික යුද අපරාධ අධිකරණයට රැගෙන යාම. ඒක
ජනාධිපතිතුමා බලයේ සිටියදී කරන්න බෑ. ඒ නිසා එතුමාව අයින් කරන්න ඔවුන්ට අවශ්‍යයි.
යුද අපරාධ අධිකරණයට ජනාධිපතිතුමාත්, ආරක්ෂක ලේකම් ඇතුළු හමුදා ප්‍රධානීනුත් රැගෙන
යාමට අවශ්‍ය පසුබිම දැනටමත් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙදී හදලා ඉවරයි. ලබන
මාර්තුවේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බලයේ නොසිටියොත් මේ බලවේගවලට තමන්ගේ
වුවමනාව ඉටුකර ගන්න පුළුවන් වෙනවා. ඒ සඳහා අවශ්‍ය ඊළඟ පියවර තමයි මේ සකසමින් ඉන්නෙ.
අපේ මිනිස්සු මේක බොහොම පැහැදිලිව තේරුම් ගන්න ඕන.
මේක මාරාන්තික සටනක් බව අමතක නොකළ යුතුයි. ඊළඟට මේ කුමන්ත්‍රණයේ තරම පසුගියදා
අල් ජසීරා නාළිකාවේ විකාශය වුණු ගෝලීය දෙමළ සංසදයේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී
රජීව විජේසිංහ හා පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා සහභාගිවුණු සාකච්ඡාවෙදීත්
පැහැදිලි වුණා. සුරේන්ද්‍රන් පැහැදිලිවම ඔවුන්ගේ සැලැස්ම, අරමුණ කිව්වා. මහින්ද
රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය කිරීමට ඔවුන්ට අවශ්‍යයි. දෛවයේ සරදම කියන්නෙ රජීව
විජේසිංහ මන්ත්‍රීවරයෙක් හැටියට ජාතික ලැයිස්තුවෙන් පත් කළේත් ජනාධිපතිතුමා.
* බෙදුම්වාදය හා මේ අතර සම්බන්ධයක් දැකිය හැකි ද?
මේ කරන්න හදන්නෙ රට බෙදා වෙන්කිරීම තමයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බලයේ
සිටියදී එය කරගන්න බැරි බව පසුගිය කාලය මුළුල්ලේ ම පැහැදිලි වුණා.
ඔහු එළියට ඇදල දාලා තමන්ගේ ගැත්තෙක් වන රනිල් වික්‍රමසිංහ වැනි අයෙක් ඊට ගෙන
එන්න හදන්නෙ ඒකයි. ඒ වැඩේ මෛත්‍රීපාල සිරිසේන ඉතා හොඳින් කරනවා. සිරිසේන මහත්තයා
තමන්ගේ පළමු ප්‍රකාශයෙන්ම මොකක්ද කිව්වෙ. 18 වෙනි සංශෝධනය ඉවත් කරනවා කිව්වා.
හැබැයි 13 ගැන වචනයක් කිව්වෙ නෑ. 17, 18 නෙවෙයි 13 යි වැදගත්. මේ ද්‍රෝහී බලවේග
වෑයම් කරන්නෙ රනිල් වික්‍රමසිංහ සියලු විධායක බලතල සහිත අගමැති කරවීමටයි.
තමන් ජනාධිපති වුණාම ඒක කරනවා කියල සිරිසේන මහත්තයා කිව්වා. තමන්ට ඡන්දය දුන් හා
මුළුමහත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ අභිමානය ඔහු නැති කළා. රනිල් ආවොත් වෙන දේ
හොඳටම පැහැදිලියි. ඔහු මතින් විදේශීය සතුරු බලවේග මෙහෙ ඊළාමය හදනවා. අපේ තරුණයෝ
දහස් ගණනින් ජීවිත දුන්නෙ මේකටද? අත්-පා අහිමි කර ගත්තේ මේකටද?
බොහෝ දෙනෙක් නොදකින තවත් කාරණයක් තමයි, මේ කුමන්ත්‍රණය මඟින් ශ්‍රී ලංකා නිදහස්
පක්ෂය දියකර හැරීමට ප්‍රයත්න දැරීම. විශේෂයෙන් මේ රටේ සිංහල, බෞද්ධ හා ජාතික බලවේග
නියෝජනය කරන ප්‍රධානම දේශපාලන පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ නොකර තමන්ගේ
අරමුණු ඉටුකර ගත නොහැකි බව විජාතික සතුරු බලවේග දන්නවා. ඒ නිසා ඔවුන් දිගටම මේක
කරන්න හැදුවා. බණ්ඩාරනායක ඝාතනයේ පටන්ම වරින්වර එය සිදුකරන්න හැදුවා.
* බණ්ඩාරනායක ඝාතනය පිටුපස විජාතික බලවේග සිටිය හැකි බවද ඔබ කියන්නෙ?
ඒ පිටුපස සී. අයි. ඒ එක ඉන්නවාය කියල කටකතා තිබුණා. මමත් ඒවා විශ්වාස කළේ නෑ.
නමුත් හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වන රාජා වනසුන්දර මහත්මයා මෑතකදී මට
පැහැදිලි කළ හැටියටත් අපට ඒක පිළිගන්න වෙනවා. සිරිසේන මහත්තයා කළ දේශපාලන ඝාතනයෙන්
වෑයම් කරන්නේත් ශ්‍රීලනිපය වැනසීමටයි. ඔහු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් රනිල්ට
පාවා දෙන්න යන්නෙ ඒකට තමයි. බණ්ඩාරනායක ඝාතනයට භික්ෂූන් දෙනමක් සම්බන්ධයි. කැලණි
හිටපු විහාරාධිපති මාපිටිගම බුද්ධරක්ඛිත හාමුදුරුවොයි, තල්දූවේ සෝමාරාම
හාමුදුරුවොයි. වෙඩි තිබ්බෙ සෝමාරාම හාමුදුරුවො කියලයි කිව්වෙ. නමුත්. මේක පිටුපස
හිටියේ විජාතික බලවේග බව පැහැදිලියි.
සිරිසේන මහත්තයලගෙ දේශපාලන ඝාතන කුමන්ත්‍රණයත් එක්ක බලනකොට පසුගිය අවුරුද්දක්
විතර තිස්සෙ විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව ආවේශ වෙලා වගෙ ඉන්නෙ නාග විහාරෙ සෝභිත
හාමුදුරුවො. අනෙක් කෙනා අතුරලියේ රතන හාමුදුරුවො. ඒ කියන්නෙ මේ දේශපාලන ඝාතනයටත්
හාමුදුරුවරු දෙදෙනෙක් හවුල්. මෙතැනදි මතුවන ප්‍රශ්නය ඇයි මෙහෙම බෞද්ධ භික්ෂූන්
මේවාට යොදාගන්නෙ කියන එක. මොකද ඔවුන් දන්නවා බෞද්ධ භික්ෂූන් වහන්සේ ශ්‍රී ලංකා
නිදහස් පක්ෂයේ විශාල පදනමක් බව. පංච මහා බලවේගයේ අංක එක සංඝයා වහන්සේයි. මේ වැඩ
නිසා සංඝයාවහන්සේ අවමානයට ලක්වන බව ඔවුන් දන්නවා. එදා බණ්ඩාරනායක ඝාතනයේදීත් ඒක
වුණා. කාලයක් යනතුරු ඒ අවමානය මකන්න බැරි වුණා. මේ බලවේග වෑයම් කරන්නෙ එක ගලෙන්
කුරුල්ලො දෙන්නෙක් තුන්දෙනෙක් බිම දාන්න කියන එක අපි තේරුම් ගන්න ඕන.
* විධායක ධුරය අහෝසි කිරීම ද රට ඉදිරිපිට ඇති පළමු ප්‍රශ්නය?
ඕක අහෝසි කරන්න මේ රටේ මිනිස්සුන්ට ඕනද? නෑ. අනෙක මේ ක්‍රමය අපේ අතීත
රාජ්‍යත්වයට කිට්ටුයි. දසරාජ ධර්මයෙන් රට පාලනය කළ රාජ්‍යත්වයක් අතීතයේ තිබුණේ. මේ
විධායක ජනාධිපති ක්‍රමයෙනුත් ඔය කියන විදිහේ හානියක් රටට වුණේ නෑ. මේක නොතිබුණා නම්
තවමත් එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදය එහෙමමයි. මේක නොතිබුණා නම් පාර්ලිමේන්තුවෙ ඉන්න
ජනතා නියෝජිතයො බෙදුම්වාදීන්ගේ කෝටි 2, 3 ට අනික් පැත්තට ගන්න තිබුණා. එහෙම වුණා
නම් යුද්ධය කරන්න පුළුවන් වෙයිද? ඒ නිසා මං නම් හිතන්නෙ මේ විධායක ක්‍රමය වෙනස් කළ
යුතු නෑ. සුද්දා හදපු මේ දේශපාලන ක්‍රමය නම් අපි වෙනස් කළ යුතුයි. සෝල්බරි කළේ මේක
බෙරි කළ එකයි. අයිවර් ජෙනිංග්ස් හදපු වෙස්ට් මිනිස්ටර් ක්‍රමය වෙනුවට වෙනත්
ක්‍රමයක් අප ගෙන ආ යුතුයි. සිරිසේන මහත්තයට මේ පාවාදීම කරන්න ලැබුණෙත් ඔය ක්‍රමය
නිසා තමයි.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තුන්වන වතාවට බලයට පත්වුණාම මේ දේශපාලන ක්‍රමය
වෙනස් කිරීම
ගැන අවධානය යොමුකර එය ක්‍රියාත්මක කරයි කියල අපි බලාපොරොත්තු වෙනවා.
විධායක ක්‍රමයට එරෙහිව පුහු ඝෝෂා නඟන්නෙ ජනාධිපතිතුමා පරාජය කරන්න බැරි නිසා මිසක
වෙන දෙයක් නිසා නෙවෙයි. රජයට සුදු හුණු ගාන්න මං සූදානම් නෑ. ඒත්; දැන් විතරද දූෂණ
වෙන්නෙ. කලින් වෙලා නැද්ද? මේ නව ලිබරල් ආර්ථික ක්‍රමය තුළ දූෂණ නවත්වන්න බෑ.
චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට චෞර රැජන කියල අභිෂේක වුණේ ඇයි? අපි මැරිල ඉපදුණේ
නෑ. මේ එක්කම මට චෝදනාවකුත් තියෙනවා. ඒ, ජනාධිපතිතුමා 2010 දී බලයට පත් වූ පසු
ජාතික බලවේග නොතකා හැරියා ද කියන එකයි.

එතුමා වටා සිටි ඇතැම් උපදේශකයන් නිසා එහෙම වුණා කියල අපට සිතෙනවා. ජනාධිපතිතුමාට
මේ කුමන්ත්‍රණයෙන් වුණත් තේරුම් යා යුතුයි, ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය නැති වුණාට
දේශපාලන ත්‍රස්තවාදය අවසන් නැති බව. ඒ නිසා දැන්වත් 13 අහෝසි කර මේ දේශපාලන ක්‍රමය,
ව්‍යවස්ථාව වෙනස් කිරීමට ක්‍රියා කළ යුතුයි.
මේ වතාවෙ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය වුණොත් ඒ පරාජය වෙන්නෙ මහින්ද
රාජපක්ෂ කියන පුද්ගලයා නෙවෙයි, මුළුමහත් රටයි, ජාතියයි. ඒ නිසා රටත්, අනාගත පරපුරත්
ගැන සිතන සෑම දේශ හිතෛෂියකුම ඒ බව දැනගෙන ක්‍රියා කළ යුතුයි. එහිදී මොන වරදක්
තිබුණත් එය අමතක කර රට - ජාතිය හා අනාගත පරපුර වෙනුවෙන් ජනාධිපතිවරයා ජයග්‍රහණය
කරවිය යුතුයි.
[දිණමිණ ]
-යුතුකම සංවාද කවය
www.yuthukama.com
"බණ්ඩාරනායක ඝාතනයට භික්ෂූන් දෙනමක් සම්බන්ධයි. කැලණි හිටපු විහාරාධිපති මාපිටිගම බුද්ධරක්ඛිත හාමුදුරුවොයි, තල්දූවේ සෝමාරාම හාමුදුරුවොයි. වෙඩි තිබ්බෙ සෝමාරාම හාමුදුරුවො කියලයි කිව්වෙ. නමුත්. මේක පිටුපස හිටියේ විජාතික බලවේග බව පැහැදිලියි.
ReplyDeleteසිරිසේන මහත්තයලගෙ දේශපාලන ඝාතන කුමන්ත්‍රණයත් එක්ක බලනකොට පසුගිය අවුරුද්දක් විතර තිස්සෙ විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව ආවේශ වෙලා වගෙ ඉන්නෙ නාග විහාරෙ සෝභිත හාමුදුරුවො. අනෙක් කෙනා අතුරලියේ රතන හාමුදුරුවො. ඒ කියන්නෙ මේ දේශපාලන ඝාතනයටත් හාමුදුරුවරු දෙදෙනෙක් හවුල්.
"
මේක නම් අපූරු සැසඳීම
මෙතුමා දැන් ඉතාමත් වයස ගිහින් හිටියත් පරිකල්පන හැකියාව තවමත් එදා වගේම ශක්තිමත්.
ඔබට දීර්ඝායු වේවා මහත්මයාණනි..
දේශපාලන ළපටින් නම් කියන්නේ මෙහෙමයි
ReplyDelete"ඔය කිසි දෙයක් අපට වැදගත් නෑ. අපිට ඕන මහින්ද එලවන්න "
:)