12/28/2014

ජාතිකත්වයේ ජයග්‍රහණය මත තීරණය වන රටේ අනාගතය

කතෘ:යුතුකම     12/28/2014   4 comments

පනින රිළවුන්ට ඉනිමං බැඳීමට අවශ්‍ය නැතැයි කියමනක් තිබේ. නමුත් ඡන්ද දායකයන් ලෙස අද වන විට අපට ඉතුරුවී ඇත්තේ පනින රිළවුන්ට ඉනිමං බැඳීම පමණි. ඡන්ද දායකයා රිළවුන්ටත් අන්ත තත්ත්වයකට පත් වී ඇත.

'සමාජවාදී රජයන් බිහිවන්නේ පීඩිත පන්ති විප්ලවයකිනි' යනුවෙන් අදහන්නෝ වෙති. හෙට අනිද්දා ලංකාවේත් පීඩිත පන්ති ආඥාදායකත්වය යටතේ රජයක් බිහි විය හැකි නොවේදැයි මේ පීඩිතයන් පනින පැනිලි දකින්නකු සිතුවොත් පුදුම විය යුතු නැත. අද අප රටේ සිටින්නේ එසා බලවත් ධනවත් පීඩිත පන්තියකි. එම පන්තිය රටේ සැබෑම පීඩිත පන්තියය යන්න තහවුරු වන්නේ මේ පීඩිත පන්තියට විකල්පයක් ලෙසට අඩුම තරමින් තම පක්ෂයෙන් අපේක්ෂකයකු හෝ ඉදිරිපත් කර ගැනීමට පීඩිතයන් වෙනුවෙන් පෙනී සිටින ජනතා විමුක්ති පෙරමුණට නොහැකි වී තිබෙන බැවිනි. අද රටේ වැසියන් පීඩාවට ලක් වී ඇතැයි සිතන්නවුන්, පීඩිතයන්ගේ පක්ෂය එවන් බංකොලොත්භාවයකට පත් වීම පැහැදිලි කරන්නේ කෙසේද?

සමාජවාදී කඳවුර ධනවාදී කඳවුර ලෙසින් බෙදා තවදුරටත් ලෝකය තේරුම්ගත නොහැකිය. බටහිර අධිරාජ්‍යවාදයට විකල්පයක් ලෙස මාක්ස්වාදය යොදාගත හැකිද යන්න සෙවීමේ ලෝක ව්‍යාපෘතිය පසුගිය සියවසේදී අසාර්ථක වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙසින් ලෝකයේ තැනින් තැන ජාතිකවාදී රාජ්‍ය බිහි වීමද මාක්ස්වාදී පක්ෂ ත්‍රීවිල් තුළට ගාල් වීමද නිරීක්ෂනය කළ හැකිය.

චීනය වැනි ආර්ථික ඇමරිකාවට අභියෝගයක් වීම, මුස්ලිම් සංස්කෘතිය මත පදනම් වූ රටවල් වළට එරෙහිව බටහිර අධිරාජ‍යවාදයෙහි යුධමය ගැටුම්, එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ආයතන පැහැදිලි ලෙසම බටහිර අධිරාජ්‍ය වෙනුවෙන් දර දිය අදින ඔවුන්ගේ නියෝජිත ආයතන ලෙසින් එළිපිටම ක්‍රියාත්මක වෙමින් ශ්‍රී ලංකාව වැනි ජාතිකත්වය මත පදනම් වූ රාජ්‍යයන් මර්ධනයට පෙළ ගැසීම ආදිය මෙම බල තුළනය වෙනස් වෙමින් පැවතීම හා සමගාමී වේ. මේ විපර්යාසයේ ප්‍රතිඵලයක් ලෙස බටහිර අධිරාජ්‍යයන්ට එරෙහිව ලෝකයේ විකල්ප බල කඳවුරක් නිර්මාණය වීම ඉදිරි දශකය තුල සිදුවනු ඇත. අනම්‍ය ලෙසින් බටහිරයන්ගේ දෙමළ බෙදුම්වාදයට ප්‍රතිචාර දැක්වූ ශ්‍රී ලංකාව එම බල කඳවුර නිර්මාණයේදී සුවිශේෂී කර්තව්‍යයක් ඉටු කිරීමට ශක්‍යතාවය හිමිකරගෙන ඇත. අද ලංකාව ලෝකය තුළ යම් වැදගත්කමක් හිමිකරගනීනම් ඒ මෙම සන්ධර්භය තුළ තේරුම්ගත යුත්තකි. මුස්ලිම් සහ අනෙකුත් ජාතිකත්වයන් මත ගොඩනැගුනු රාජ්‍යයන් තුළදී ශ්‍රී ලංකාවට ප්‍රමුඛත්වයක් ලැබෙන්නේත් ලංකාවේ මෙම ස්ථාවරත්වය සිඳ බිඳ දැමීම බටහිර රටවල මුඛ්‍ය අවශ්‍යතාවයක් වන්නේත් මේ හේතුවෙනි. රට හරහා හමා යන මෙම දේශපාලන කුණාටුව අතිශ්‍යයින් තීරණාත්මක වන්නේ එබැවිනි.

රටේ සදාචාර පරිහාණිය පිළිබඳව කතා කිරීමට දෙයක් නැත. දූෂණය වංචාව ඉහ වහා ගොස්ය. බොහෝ ව්‍යාපෘතීන් පාරදෘශ්‍යභාවයෙන් තොර වී ඇත. බොහෝ තැන්වල කතා වෙන වෙනසක් අවශ්‍යය යන්නට ඇති ප්‍රධාන තර්කය මේ අවපාලනයයි. මෙම සංස්කෘතියට තිත තැබිය යුතුය යන්නෙහි විවාදයක් නැත. නමුත් රටේ ජනතාව වශයෙන් අප මෙවන් ප්‍රශ්න අවසන් කිරීමට උත්සාහ දැරූ පළමු අවස්ථාව මෙය නොවෙයි. 77දී ජේ. ආර්. ජයවර්ධන මහතා පැමිනෙන්නේ ධර්මිෂ්ඨ සමාජයක් ඇති කරනවාය යන පොරොන්දුව ඉටු කිරීමටය. නමුත් ඇතිවූ ධර්මිෂ්ඨ සමාජයක් නැත. 94දී චන්ද්‍රිකා මහත්මිය බලයට පත් වන්නේ එයට පෙර රජයේ පැවති අධර්මිෂ්ඨකම්, දූෂණ, භීෂණ නිමා කිරීමට සපත කරමිනි. 2002දී රනිල් මහතාද එම එකම සටන් පාඨය කරට ගෙන මැතිවරණය ජයග්‍රහණය කරයි. අද නැවතත් 2015දීද එම සටන් පාඨයම පෙරමුණට පැමින ඇත. අපට දූෂණයෙන් වංචාවෙන් තොර මහත්මා දේශපාලනයකට අඩිතාලම දමා ගැනීමට මෙතරම්ම නොහැකි වන්නේ මන්ද?

මෙම අප ලැබූ යුධ ජයග්‍රහණය මේසා තීරනාත්මක වන්නේ ඇයිද යන කාරණය පැහැදිලි කරගත යුතුය. වෙනම දෙමළ රාජ්‍යයක් බිහි කරගැනීමේ අරමුණින් දෙමළ රාජ්‍ය පක්ෂය හෙවත් ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය එවකට සිටි දෙමළ නායකයන් විසින් බිහි කරනු ලබන්නේ 1949 වසරේදීය. එංගලන්තයෙන් නිදහස ලබා මාස කිහිපයක් ඇතුලත එවන් දේශපාලන ව්‍යාපාරයක් ඇරඹීම දෙමළ ජනයාට සිංහලයන්ගෙන් වූ අසාධාරනයකට එරෙහි වීමේ ප්‍රතිඵලයක් නොවේ. එය අවබෝධ කරගත යුත්තේ එතෙක් රට පාලනය කළ අධිරාජ්‍යවාදීන් දෙමළ නායකයන් තුළට ප්‍රේරණය කළ බෙදුම්වාදී අභිලාශයන් මෙම වෙන් වීමට හේතුව ලෙසයි. මෙයට සමගාමීව තමිල්නාඩුව තුළද ඊලාම් රාජ්‍ය සංකල්පය බිහි වීම දැකිය හැකිය. ප්‍රබල ජාතිකත්වයන්ට එරෙහිව සෙසු ජන වර්ග උසි ගන්වා රටවල් බෙදීම පිළිබඳව බටහිර අධිරාජ්‍ය තුළින් ඕනෑ තරම් උදාහරණ සොයා ගත හැකිය. ලංකාව තුළද සිදු වූයේ එම වැඩපිළිවෙලමය. 80 දශකය මුළ වන විට එම බෙදුම්වාදී ව්‍යාපාරය දෙමළ තරුණයන් අත සන්නද්ධ අරගලයක් බවටත්, උගත් දෙමළ ප්‍රජාව අත මතවාදී සාමකාමී දේශපාලන මෙහෙයුමක් ලෙසත් ක්‍රියාත්මක විය. 87 දී ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ඉන්දියාවේ සහ බටහිර රටවල බලපෑමට යටත්ව පළාත් සභා පිහිටුවා උතුරු නැගෙනහිර පළාත් වලට බලය බෙදන්නේ මෙම දේශපාලන පෙරමුනට ජයග්‍රහනයක් අත් කර දෙමිනි. නමුත් එම මංදගාමී දේශපාලන උපක්‍රම ප්‍රතික්ෂේප කරන දෙමළ තරුනයන් තම සන්නද්ධ අරගලය උත්සන්න කරයි. වරෙක ගැටෙමින්ද වරෙක අන්න්‍යොන්‍ය වශයෙන් උදවු කර ගනිමින්ද දෙමළ බෙදුම්වාදයේ මෙම පෙරමුනු දෙක 2009 තෙක් රටේ ගමන්මඟ හසුරවයි.

87දී ඉන්දු ලංකා ගිවිසුම හරහා පලාත් සභා පිහිටුවීමේ සිට මේ දක්වා මෙම දෙමළ බෙදුම්වාදී දේශපාලන පෙරමුණ විශාල ජයග්‍රහණ අත්පත් කරගෙන ඇත. පළාත් සභා පිහිටුවාගෙන එයට ඉඩම් බලතල, පොලිස් බලතල වැනි බෙදුම්වාදී බලතල පවා අයත් කරගනිමින් එය සන්ශෝධනය කිරීමට ඉතා අපහසු මෙම ව්‍යවස්ථාවේ අංගයක් බවට පත් කරවාගැනීම ඔවුන් ලද සුවිශාල ජයකි. එකල සිට මේ දක්වාම රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ එකක් හෝ දෙකම තම බෙදුම්වාදී වුවමනාව අනුව මෙහෙයවීමටද ඔවුහු සමත් වූහ. 94 වසරේදී චන්ද්‍රිකා මහත්මිය මතු වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මවු හා පිය පාර්ශ්වයෙන් උරුමය ඇති අසහාය දේශපාලන ප්‍රතිරූපයක් ලෙසිනි. නමුත් බොහෝ කලක් විදෙස් ගතව සිටි ඇයව මෙරටට ආනයනය කරන ලද්දේ වික්ටර් අයිවන් වැනි අද දවසේත් බෙදුම්වාදය වෙනුවෙන් කැප වන චරිත විසින්ය යන්න ජනතාවගෙන් වසන් කර තිබිනි. එහි ප්‍රතිඵලයක් ලෙස ඇය වසර 10ක් පමන ලංකාවේ නායකත්වය හොබවයි. ඒ සමයේදී කොටි සන්විධානයේ සන්නද්ධ බලය වර්ධනය වීමට අමතරව දෙමළ බෙදුම්වාදය විමුක්තිවාදී ව්‍යාපාරයක් ලෙසින් ලෝකය තුළ තහවුරු වීමද මෙය ජාත්‍යන්තර ප්‍රශ්නයක් බවට පත් වීමද සිදුවිය. 94 දී එතුමිය ජනතාවට කියුවේ තමන්ගේ අරමුණ දාහත් අවුරුදු එජාප අඳුරු සමය අවසන් කර දූෂණය, භීෂණය නිමා කර යහ පාලනයක් ඇති කිරීමය යන්න වුවද ඇය නොකළේද එයමය. ඒ වෙනුවට මෙම දෙමළ බෙදුම්වාදය ඇයගේ ඇකයේ පැටවු ගසමින් වර්ධනය විය.
චන්ද්‍රිකා මැතිනිය මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයද මෙම දෙමළ බෙදුම්වාදය වෙනුවෙන් එළිපිටම පෙනී සිටින කඳවුරක් බවට පත් විය. ප්‍රශ්නය දෙමළ බෙදුම්වාදය වුවද ඒ පිටුපසින් සිටිමින් ලංකාවේ දේශපාලනය හසුරුවන්නේ ඇමරිකාව, එංගලන්තය ප්‍රමුඛ බටහිර බලවේගයන් වීම මේසා දේශපාලන සවියක් එම මතවාදයට ලැබීමට හේතුවයි. 2002දී බලයට පත් රනිල් මහතාගේ සමය දෙමළ බෙදුම්වාදයේ ස්වර්ණමය යුගය විය. ශ්‍රී ලංකාවට කෝටි ප්‍රකෝටි ගනනින් ආධාර දීමට ඉදිරිපත් වූ බටහිර රටවල් ඒ වෙනුවට ඉදිරිපත් කල ප්‍රධානතම කොන්දේසිය වූයේ, ත්‍රස්තවාදයට එරෙහි ප්‍රහාර නතර කිරීමත් දෙමළ බෙදුම්වාදී මතය ජාතික මට්ටමින් පිළිගැනීමත්ය. සටන් විරාම ගිවිසුම හරහා එය මැනවින් ඉටු විය. චන්ද්‍රිකා මහත්මිය විසින් තනිවම හෝ ඇය ජනාධිපතිවරිය සහ රනිල් මහතා අගමැතිලෙස සිටියදී එක්ව හෝ බෙදුම්වාදී යුද්ධය 75%ක් ජයග්‍රහනය කලාය යන්න ඒ අනුවනම් තර්කානුකූල කතාවකි. දෙමළ ජනයා වෙනුවෙන් සිංහලයන්ට අයත් නැති වෙනම වෙනම භූමි ප්‍රදේශ උතුරු හා නැගෙනහිර පළාත් හි ඇති බවට සටන් විරාම ගිවිසුම මඟින් පිළිගැනුනු අතර තව ඉතිරිව තිබුනේ අන්තර්වාර පාලනයක් මඟින් එම ප්‍රදේශ ඔවුන්ට පවරා දී දේශ සීමා නිර්ණය කිරීම පමනි.

මෙම සිදුවීම දිනකින් දෙකකින් අමතක කර දැමියහැකි සරළ කරුණක් නොවේ. 2005දී යම් ලෙසකින් මෙම ගමන නතර නොවන්නට වසර 2500ක් තිස්සේ පැවති රට අද වන විට දෙරටක් බවට පත් වී හමාරය. ඒ සඳහා මෙම කුප්‍රකට නායකයන් කළ කී දෑ සුළු පටු නොවේ.

2005දී සිදුවන්නේ කුමක්ද? දෙමළ බෙදුම්වාදයට අඩුමතරමින් නිදහස ලද 1948 දක්වාම දිවයන ඉතිහාසයක් ඇත. 2005 වනවිට ඔවුන්ගේ සන්නද්ධ අරගලයට දශක තුනක් සම්පූර්ණ වී තිබිනි. එම දශක තුන තුළ ඔවුහු මිනී මැරූහ. බෝම්බ පිපිරවූහ. දේපල වැනසූහ. මුළු රටම ගිනි තැබූහ. දෙමළ බෙදුම්වාදී දේශපාලන මතය වසර 50කට අධික කාලයක් තුළ වර්ධනය වෙද්දීත් විටින් විට දේශපාලන ජයග්‍රහන අත් කර ගනිද්දීත්, ඔවුන්ගේ ත්‍රස්තවාදය වසර 30ක් පුරා රට වනසද්දීත් බහුතර සිංහල බෞද්ධ ප්‍රජාවට කළ හැකි වූයේ කුමක්ද? ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක හරහාම විටින් විට ක්‍රියාත්මක කළ එම බෙදුම්වාදයත්, ආර්ථික, සමාජීය කරුනු තුළ ඔවුන්ව වල් මත් කර දැමීමත් හේතු කොට ගනිමින් මෙම ව්‍යවසනයට එරෙහිව නැඟී සිටීමට ඔවුනට නොහැකි විය. 2005 තෙක් බෙදුම්වාදී නායකයන් කළ හානිය මෙන්ම ඔවුන්ට එරෙහිව ඒ දක්වාම බලවේගයක් අපේ පාර්ශ්වයෙන් ගොඩ නැඟීමට නොහැකි වීම යන කරුණද ඉතා බරපතල ලෙසින් අප සැලකිල්ලට ලක් කළ යුතුය. මන්ද ඇස් පනා පිට මිනී මරණ ව්‍යවසනයට එරෙහි වීමට අපට ජාතියක් ලෙසින් වසර 30ක් ගත වීනම් එතරම් දරුණු ලෙස නොව මෘදු ලෙසින් ක්‍රියාත්මක වන බෙදුම්වාදයට එරෙහිව පෙළ ගැසීමට අපට කොතරම් කාලයක් අවැසි වනු ඇත්ද? 2005දී ලද ජයග්‍රහනය සුවිශේෂී වන්නේත් එම ජය කිසි ලෙසකින් ආපසු නොහැරවිය යුත්තේත් මෙම කරුණු සළකාය.

2009දී නන්දිකඩාල් කලපුවෙන් සියල්ල අවසන් වී යැයි නොසිතිය යුතුය. පරම්පරා තුනකට වඩා පැරණි ප්‍රශ්නයක් එලෙසින් නිමා වන්නේ නැත. දෙමළ බෙදුම්වාදයේ සන්නද්ධ අංශය නන්දිකඩාල්හි ගිලී ගියද එතෙක් මෙතෙක් ක්‍රියාත්මක වූ දේශපාලන අංශයට ඉන් හානියක් සිදු නොවිනි. 2009දී පළාත් සභා පනතට කිසිවක් සිදු නොවිනි. දෙමළ බෙදුම්වාදය විසින් කුලියට ගෙන සිටි ප්‍රධාන දේශපාලන පක්ෂවල නායක නායිකාවන්ට කිසිඳු උවදුරක් සිදු නොවිනි. එම ප්‍රශ්නය ඇති කළ පවත්වාගෙන යන බටහිර රටවල් සහ ඉන්දියාව එලෙසින්ම පවතී. එබැවින් නිසැක ලෙසින්ම වටහාගත යුත්තේ 87දී පළාත් සභා පනත සම්මත කරවාගනිමින් දෙමළ බෙදුම්වාදය ක්‍රියාත්මක වූයේ කෙලෙසද, 94 සිට චන්ද්‍රිකා මහත්මිය මෙහෙයවමින් දෙමළ බෙදුම්වාදය ක්‍රියාත්මක වූයේ කෙලෙසද 2002 සිට රනිල් මහතා හරහා වෙනම රටක් වෙනුවෙන් ගමන් කලේ කෙසේද, එම බෙදුම්වාදය අද දවසේත් කිසිඳු උවදුරක් නොමැතිව එම බලවේග මෙහෙයැවීමේ හැකියාවෙන් යුක්ත බවයි. මෙහි ඇති අනතුර එයයි.

77දී අප උත්සාහ කලේ ධර්මිෂ්ඨ සමාජයක් ඇති කර ගැනීම වුවද මෙම බෙදුම්වාදීන් අපට උරුම කර දුන්නේ පළාත් සභා හරහා බල බිඳින ලද ජාතියකි. අද ජාතිකවාදී ලෙසින් පෙනී සිටින පාඨලී චම්පික ආදීන්ද එදවස එක්සත් ජාතික පක්ෂ දාහත් අවුරුදු අඳුරු යුගය නිමා කර යහ පාලනයක් ඇති කරගැනීම සඳහා චන්ද්‍රිකා මහත්මියට සහාය විය. නමුත් ඇති වූ යහ පාලනයක් නැත. 94දීද අපට අවැසි වූයේ යහ පාලනයක් වුවද ඔවුන් අපට ලබා දුන්නේ ත්‍රස්තවාදියාට ත්‍රස්තවාදියා ලෙසින්වත් ඇමතිය නොහැකි වූ බියගුලු ජාතියකි. 2002දීද අපට අවැසිවූයේ යහ පාලනය වුවද ඔවුන් ලබා දුන්නේ 75%ක් බෙදූ රටකි. 2015දී ඔවුන් බලය ඉල්ලන්නේ අපට කුමක් ලබා දෙන්නද?

එබැවින් නිදහස ලැබූ දා සිටම අපව පෙළන මෙම ප්‍රශ්නයයි අද දවසේත් අප හමුවේ ඇති ප්‍රධානතම අභියෝගය. එම අභියෝගය අමතක කර දමා යහ පාලනය ආදී අනෙකුත් ප්‍රශ්න කෙරේ සංවේදී වූ සෑම අවස්ථාවකදීම එම අපගේ අවශ්‍යතාවය වතුරේ යෑමට අමතරව බෙදුම්වාදය දින දින ශක්තිමත් වෙමින් රටේ දේශපාලන අස්ථාවරත්වය වර්ධනය කළ බව ඉතිහාසය සාක්ෂි දරයි. ලාංකීය දේශපාලනය මුළුමනින්ම ජාතිකත්වය මත පදනම් වන තුරු, බටහිර යටත්විජිතවාදයටත් එහි මෙරට සංරචකය වන දෙමළ බෙදුම්වාදයටත් තැනක් දෙන දේශපාලන ව්‍යාපාර තීරණාත්මක ලෙසින් පරාජය කරන තුරු එපට ඇතිකරගත හැකි යහ පාලනයක් නැත.

2005 සිට මේ වන තුරු අප විසින් මෙම විජාතික දේශපාලන ප්‍රවාහයට එල්ල කර ඇත්තේ සුළු පටු ප්‍රහාරයක් නොවේ. 2010දී මෙන්ම මෙවර 2015 දීද ඔවුන්ට අඩුම තරමින් ජනාධිපති අපේක්ෂකයෙකු හෝ ඉදිරිපත් කර ගත නොහැකි වීමට හේතුව එයයි. 2010දී මෙන්ම මෙවරද මෙම විපක්ෂ බලවේගය සකසන්නේ එතෙක් මෙතෙක් ඉතිහාසය තුළ බෙදුම්වාදය වෙනුවෙන් ඇප කැප වූ 2005න් පසු සිය පැවැත්ම අහිමි කරගත් දේශපාලන බලවේග විසිනි. එය හුදු අහම්බයක් නොවේ. 2010දී එම පෙරමුණ යූද්ධය දිනූ නායකයා ලෙසින් අභිශේක ගන්වා ෆොන්සේකා මහතාව ඔසවා ගන්නේත්, අද දවසේ පාඨලී චම්පික, රතන හිමි ආදීන් හෙළ උරුම ප්‍රතිපත්ති වළින් ක්‍රමයෙන් ඉවත් කරවා පිවිතුරු හෙටක් වැනි සංවිධාන හරහා මේ ව්‍යාපාරයට ඈඳා ගන්නේත් එයට ජාතිකවාදී මුහුනුවරක් දීම සඳහා පමනි. 94දී යහ පාලනයක් ඇති කිරීමට පාඨලී වැනි දේශපාලකයන් චන්ද්‍රිකා මහත්මිය වෙත රට භාර කළ ලෙසින්ම අද දවසේද මෙම නවතම විජාතික කඳවුර හා එක්වී ඇත. 94දී යහ පාලනයේ ප්‍රතිඵලය ලෙස 12000කට අධික හමුදා සාමාජිකයන්ව ඇයගේ පාලන කාලය තුළදී මුරු වසඟයට ගියහ.

දේශපාලන අවස්ථාවාදය පිළිබඳව තව දුරටත් කතා කළ යුතුය. යමෙකුට තර්ක කල හැක්කේ 94 දී චම්පික රනවක මහතා වැන්නන් චන්ද්‍රිකා මහත්මිය වැනි විජාතික පිල්ලි සමඟ පෙළ ගැසෙන්නේ එතෙක් පැවති 17 අවුරුදු අඳුරු යුගය පිටු දැකීමට බැවින් එහි වරදක් නොමැති බවටය. නමුත් එය එසේ නොවේ. ඔවුන් පෙළ ගැසෙන්නේ යුද්ධයට එරෙහිවය. සුදු නෙළුම් තවළම් ආදී ලෙසින් සිංහල සමාජයට යුද්ධය එපා කරවූ, දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ නොහැකි බලවේගයක්ය යන්න ඒත්තු ගැන්වීමට ක්‍රියාකළ ව්‍යාපාර සමඟ මෙම දේශපාලකයෝ සක්‍රීය ලෙසින් සම්බන්ධ වූහ. එලෙසින් ජාතියේ ඉලක්කය වෙනත් අරමුණු කරා ඇදී යද්දී මෙම විජාතික පෙරමුණ පැරදවීමට අවශ්‍ය ජාතික බලවේගය ගොඩනැගීම තව තවත් ප්‍රමාද විය. 12000ක් තරුණයන් මරු වසඟයට යන්නේ එම ප්‍රමාදයට සාප කරමිනි. මේ සියළු අලකලංචි මැද්දේ එතෙක් අචලව සිටිමින් 2005 වනවිට යුද්දය යුද්ධයෙන් දිනිය යුතුය යන මතය වටා ජාතිය පෙළ ගස්වා මහා සංඝරත්නය ප්‍රමුඛ දේශමාමක බලවේග ජයග්‍රාහී ගමනක් ආරම්භ කරන විට එයට එක් වීම පමනි මෙම ජාතික යැයි කියාගත් නායකයන් සිදු කළේ. සෝම හිමියන්ගේ අපවත් වීමත් සමඟ ඇතිවූ ජාතික පිබිදීම ණයට ගැනීමකි ඔවුන් සිදු කරනු ලැබූයේ. ජනතා විමුක්ති පෙරමුණ ආරම්භයේදීම එම ව්‍යාපාරයෙන් මිදී යුධ සමයේදීත් සමස්ත ලංකා වැඩ වර්ජන ආදිය හරහා ජාතිය වල් මත් කිරීමට ක්‍රියා කලේය. අනෙක් දේශපාලන ව්‍යාපාර එලෙසින් රටට ද්‍රෝහී නොවුනද 2005 සිට 2015 දක්වා මෙම ලැබූ ජයග්‍රහනය සැබෑම ජාතිකවාදී ජයග්‍රහනයක් බවට පත් කර ගැනීම සඳහා ඔවුන් කළ මෙහෙයක් නැත. 13වැනි සංශෝධනයේ බෙදුම්වාදී බලතල ඉවත් කිරීමට මෙම රජය උත්සාහ කළේය. නමුත් මුස්ලිම් කොන්ග්‍රසය, තොන්ඩමන් වැනි පැහැදිලි බෙදුම්වාදී පක්ෂ මෙන්ම අද දවසේ මෛත්‍රී මහතා වටා පෙළ ගැසී සිටින රාජිත වැනි චන්ද්‍රිකා පාර්ශ්වයේ දේශපාලකයන්ද එයට එරෙහි වූහ. පනත සම්මත කර ගැනීමට ඡන්ද 20ක 30ක පමන අඩුවක් පාර්ලිමේන්තුව තුළ නිර්මාණය විය. එමෙන්ම ජාත්‍යන්තරව එල්ලවූ බලපෑම් සමනය කළ හැකි අන්දමේ දේශීය අවධිවීමක්ද 13ට එරෙහිව ගොඩ නොනැගිනි. එලෙසින් මෙම ප්‍රශ්නය කෙරෙහි ජාතිය නිද්‍රාශීලී වීම කෙරෙහි රජය මෙහෙයවූ මහින්ද රාජපක්ෂ මහතා පමනක් නොව 2005 සිට නිදාගත් මෙම ජාතිකවාදීන්ද වග කිව යුතුය. රාජිත සේනාරත්න වැනි දේශපාලකයන් තම බලපෑම යොදා එම උත්සාහය පරාජය කලේ ජාතිකවාදීන්ගෙන් සිදුවූ මෙම අඩුව භාවිතා කරමිනි. එය එක් කරුණක් පමනි.

ක්‍රියාත්මක වීම මෙන්ම ක්‍රියාත්මක නොවීමද දේශපාලන උපක්‍රමයක් විය හැකිය. ජාත්කවාදීන් කියාගන්නා මෙම නායකයන් නිසි අවස්ථාවේදී ක්‍රියාත්මක නොවුනු අතර රජයට යෝජනා කලේ පාර්ලිමේන්තු රහස් ඡන්දයකින් පනත සම්මත කරන ලෙසයි. ඔවුන් මෙම බෙදුම්වාදී බලය පිළිබඳව තැබූයේ එවන් අඩු තක්සේරුවකි. අඩුම තරමින් මානව හිමිකම් කොමිසමේ විදේශීය මැදිහත්වීම් නතර කිරීමට පැවැත්වූ ඡන්දයේදී හෝ විපක්ෂයට රජය හා එක්ව ඡන්දය පළ කළ නොහැකි විය. එවන් තත්ත්වයක් තුල මෙවන් තීරනාත්මක බෙදුම්වාදයට එරෙහි පනතක් සම්මත කිරීම කනා පල්ලම් ගසන ස්වරූපයෙන් කළ නොහැක. මේ එක් අවස්ථාවක් පමනි.

එසේ වුවද පසුගිය කාලය පුරාව බොදු බල සේනා වැනි සංවිධාන වල ක්‍රියාවන්ට පිටුපසින් සිටින බව පෙන්වමින් මෙම ජාතිකවාදීන් බලළුන් ලවා කොස් ඇට බෑවීමේ රංගනයක නිරත විය. එම සමාජ ක්‍රියාකාරිත්වයේ චෝදනාවන් බොදු බල සේනා සංවිධානය වෙත පැවරීමටත් එහි යම් ගෞරවයක් වේනම් එය එම සංවිධාන වල ලොකු අයියා ලෙසි පෙනී සිටිමින් තමන් වෙත ලබා ගැනීමටත් ඔවුහු දක්ෂ වූහ.

එයට අමතර වශයෙන් ඔවුන්ගෙන් සිදුවූ එකම දෙය බලය සහ බලය වැනි කෘති සහ සංවාද හරහා වූ සමාජ කතිකාවයි. එම කතිකාව අනවශ්‍ය වූවක් නොවේ. නමුත් නිසි ලෙසින් ජාතිකත්වය මත නොපිහිටා කරන එවන් සංවාදයකින් අවසානයේ සේවය කරනු ඇත්තේ එවන් තත්ත්වයන්ට මඟ සලසන සමාජ, දේශපාලන, ආර්ථික දේහය කෙළසන මෙම බටහිර බෙදුම්වාදී ව්‍යාපාරයටමය.

ඉන් අනතුරුව පිවිතුරු හෙටක් හරහා එතෙක් උප්පැන්නයේ නාමිකව හෝ තිබූ ජාතිකත්වයද නැති කරගනිමින් අද වන විට ඔවුහු 94 ලෙසින්ම චන්ද්‍රිකා රනිල් වැන්නන්ගේ බෙදුම්වාදී හවුලට මුක්කු ගසමින්  සිටිති.
එම මුක්කු ගැසීමෙ අරමුණ රට විජාතිකත්වය වෙත නැවතත් දක්කාගෙන යාමයි. විජාතික රජයක් බිහි වූ පසු පහසුවෙන්ම එහි විජාතික ප්‍රතිපත්ති විවේචනය කරමින් ඔවුන් එළියට බසිනු ඇත. එතැන් සිට වීදි සටන් හරහා ජනප්‍රිය ජාතිකවාදියා යන විරුධාවලිය නැවතත් පැළඳ ඒ හරහා දේශපාලන පැවැත්ම තහවුරු කරගනු ඇත. නමුත් එම ව්‍යාපෘතිය සම්පූර්ණවන අතරවාරයේ නැවතත් රට තව තවත් බෙදුම්වාදය තුළ සිරවී නිදහස වෙනුවෙන් තැබූ මේ බලාපොරොත්තුවත් වැනසී යනුඇත.

අද වන විට ඍජු අධිරාජ්‍ය ගැති ප්‍රතිපත්තිය ජනතාව වෙතින් ප්‍රතික්ෂේප වී ඇත. එසේ වුවද මෙම ජයග්‍රහණය මුළුමනින්ම ජාතිකත්වය මත පදනම් වූ දේශපාලන ප්‍රවාහයක් බිහි කර ගැනීම දක්වා, විජාතිකත්වය මුළුමනින්ම පරාජය කිරීම දක්වා මෙහෙයවන්නේ කෙසේද?

මෙම බෙදුම්වාදීන්ගෙන් අවස්ථාවාදීන්ගෙන් ජාතිය මිදුනහොත් හෙවත් මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළහොත් රටේ අනාගතය කෙසේ විසඳෙනු ඇතිද? අද වන විට ඍජු විදේශීය අතකොළු ලෙසින්  ක්‍රියාත්මක  දේශපාලන පක්ෂවල පැවැත්ම ක්‍රමයෙන් අහිමි වෙමින් පවතී. එසේ වුවත් අපගේ සටන මස්තකප්‍රාප්ත වීමට ලාංකීය දේශපාලනය මුළුමනින්ම ජාතිකත්වය මත පදනම් වීම සිදුවිය යුතුය. ඒ සඳහා බෙදුම්වාදයේ දේශපාලන අංශයද තීරණාත්මක ලෙසින් පරාජය කිරීම අත්‍යාවශ්‍ය වෙයි. විපක්ෂ පාර්ශ්වයෙන් ඒ සඳහා කිසිඳු සාධනීය යමක් බලාපොරොත්තු විය නොහැකිය. නමුත් අද දක්වා මෙම පවතින රජයේ ඒකීය ස්ථාවරය සහ බටහිරට නොනැමෙන ප්‍රතිපත්තිය අගය කළ යුතුය.

වර්ථමානය ලෝක බල තුළනය වෙනස් වෙමින් තිබෙන සමයකි. චීනය වැනි ආර්ථික බලවතුන් නැගී සිටී. එමෙන්ම බටහිර බලයට තම පැවැත්ම රැක ගැනීමට එම ආර්ථික අභියෝගයට මෙන්ම මුස්ලිම් සහ අනෙකුත් ජාතිකත්වය මත පදනම් වූ රටවල බලපෑමට මුහුන දීමට සිදුවී ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ආයතන ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතී. මෙලෙසින් ලෝකයේ ආධිපත්‍යය බටහිරින් ගිලිහී යන තෙක් අපට පූර්ණ වූ නිදහසක් ලැබිය නොහැකිය. නමුත් වත්මන් විචලනයන් එවන් බල තුළනයක් වෙත ලෝකය ඇදෙමින් පවතින බවට ඉඟි කරයි. එමෙන්ම දැනට චීනය වැනි රටවල් අපට දේශපාලන මැදිහත්වීම් සිදු නොකරයි. ඔවුන් අප වෙත පැමිනීම තුළ යම් ආර්ථික අවශ්‍යතාවක් තිබුනද අද දවසේ එය බටහිරින් එල්ල වන දේශපාලන බලපෑම තරම් දරුණු නැත. මෙම බල කඳවුරු මනා සේ පරිහරණය කිරීමෙන් පමණි අපට යම් බඳු හෝ ආර්ථික අධීනත්වයක් උදා කරගත හැක්කේ. එයට සමඟාමීව බෙදුම්වාදයට එරෙහි අපගේ සටන ඉදිරියට ගෙන යා හැකිය. නමුත් ඒ සඳහා බෙදුම්වාදයට විරුද්ධ ඒකීයත්වය මත දෙපා තබාගත් නායකත්වයක් පැවතීම අනිවාර්ය අවශ්‍යතාවයකි. අද දවසේ දේශපාලන පොර පිටියේ මහින්ද රාජපක්ෂ මහතාට වඩා සුදුසු ජාතික නායකයෙක් ඒ සඳහා නැත.

ඉදිරි සය වසර තුළ අපගේ දේශපාලනය මෙම ලෝක ආර්ථික දේශපාලන කඳවුරු කෙතරම් සාර්ථකව හැසිරවිය හැකිද යන්න මත තීරණය වේ. බෙදුම්වාදයට එරෙහි යම් සාර්ථකත්වයක් මහින්ද මහතා ඉදිරි සය වසර තුළ ලබා ගන්නේනම් එය මෙම ජාත්‍යන්තර දේශපාලනය හා අවියෝජනිය ලෙසින් බැඳී ඇත. දේශපාලන වල්මත් වීම් මෙන්ම ආර්ථික අවපාතයන්ද අභියෝග ලෙසින් පැමිනෙනු ඇත. ඒවාට කොතෙක් දුරට සාර්ථකව මුහුන දෙන්නේද නැද්ද යන්න මත 2022දී පැවැත්වෙන ජනාධිපතිවරනය තුන් කොන් සටනක්ද නැද්ද යන්න තීරනය වනු ඇත. එම සටනේදී සිංහල බෞද්ධ ඡන්ද තුන් දෙනෙකු අතර බෙදී යාම අනුව රටේ ජාතිකත්වය දිනාවිද නැද්ද යන්න තීරනය වනු ඇත. එලෙසින් 2022දීද අප (ජාතික බලවේග) ජයග්‍රහණය කළහොත් අඩුම තරමින් 2027 පමන වන විට ජාතිකත්වය මත මුළුමනින්ම දෙපා තැබූ දේශපාලන ව්‍යාපාරයක් මේ බිමේ බිහි වීමට හැකි කමක් වෙයි. ඒ අතර කාලය තුළ බෙදුම්වාදය තීරණාත්මක ලෙසින් පරාජය කළ හැකි වනු ඇත. ඉතිහාසයේ ප්‍රථම වතාවට තෙවන බලවේගයක් වුවද පාලන බලයට පත් වීමටත් ඒ හරහා යහ පාලනය ඈ අනෙකුත් ගැටලු කෙරේ සංවේදී වීමටත් ඉන් පසුව අපට හැකි වේවි.

ඉඳුනිල් ප්‍රසන්න
යුතුකම සංවාද කවය
 www.yuthukama.com

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

4 comments :

  1. අනුර කුමාර12/29/2014 12:13 AM

    "2010දී එම පෙරමුණ යූද්ධය දිනූ නායකයා ලෙසින් අභිශේක ගන්වා ෆොන්සේකා මහතාව ඔසවා ගන්නේත්, අද දවසේ පාඨලී චම්පික, රතන හිමි ආදීන් හෙළ උරුම ප්‍රතිපත්ති වළින් ක්‍රමයෙන් ඉවත් කරවා පිවිතුරු හෙටක් වැනි සංවිධාන හරහා මේ ව්‍යාපාරයට ඈඳා ගන්නේත් එයට ජාතිකවාදී මුහුනුවරක් දීම සඳහා පමනි. 94දී යහ පාලනයක් ඇති කිරීමට පාඨලී වැනි දේශපාලකයන් චන්ද්‍රිකා මහත්මිය වෙත රට භාර කළ ලෙසින්ම අද දවසේද මෙම නවතම විජාතික කඳවුර හා එක්වී ඇත. 94දී යහ පාලනයේ ප්‍රතිඵලය ලෙස 12000කට අධික හමුදා සාමාජිකයන්ව ඇයගේ පාලන කාලය තුළදී මුරු වසඟයට ගියහ.

    දේශපාලන අවස්ථාවාදය පිළිබඳව තව දුරටත් කතා කළ යුතුය. යමෙකුට තර්ක කල හැක්කේ 94 දී චම්පික රනවක මහතා වැන්නන් චන්ද්‍රිකා මහත්මිය වැනි විජාතික පිල්ලි සමඟ පෙළ ගැසෙන්නේ එතෙක් පැවති 17 අවුරුදු අඳුරු යුගය පිටු දැකීමට බැවින් එහි වරදක් නොමැති බවටය. නමුත් එය එසේ නොවේ. ඔවුන් පෙළ ගැසෙන්නේ යුද්ධයට එරෙහිවය. සුදු නෙළුම් තවළම් ආදී ලෙසින් සිංහල සමාජයට යුද්ධය එපා කරවූ, දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ නොහැකි බලවේගයක්ය යන්න ඒත්තු ගැන්වීමට ක්‍රියාකළ ව්‍යාපාර සමඟ මෙම දේශපාලකයෝ සක්‍රීය ලෙසින් සම්බන්ධ වූහ. එලෙසින් ජාතියේ ඉලක්කය වෙනත් අරමුණු කරා ඇදී යද්දී මෙම විජාතික පෙරමුණ පැරදවීමට අවශ්‍ය ජාතික බලවේගය ගොඩනැගීම තව තවත් ප්‍රමාද විය. 12000ක් තරුණයන් මරු වසඟයට යන්නේ එම ප්‍රමාදයට සාප කරමිනි. මේ සියළු අලකලංචි මැද්දේ එතෙක් අචලව සිටිමින් 2005 වනවිට යුද්දය යුද්ධයෙන් දිනිය යුතුය යන මතය වටා ජාතිය පෙළ ගස්වා මහා සංඝරත්නය ප්‍රමුඛ දේශමාමක බලවේග ජයග්‍රාහී ගමනක් ආරම්භ කරන විට එයට එක් වීම පමනි මෙම ජාතික යැයි කියාගත් නායකයන් සිදු කළේ. සෝම හිමියන්ගේ අපවත් වීමත් සමඟ ඇතිවූ ජාතික පිබිදීම ණයට ගැනීමකි ඔවුන් සිදු කරනු ලැබූයේ. ජනතා විමුක්ති පෙරමුණ ආරම්භයේදීම එම ව්‍යාපාරයෙන් මිදී යුධ සමයේදීත් සමස්ත ලංකා වැඩ වර්ජන ආදිය හරහා ජාතිය වල් මත් කිරීමට ක්‍රියා කලේය. අනෙක් දේශපාලන ව්‍යාපාර එලෙසින් රටට ද්‍රෝහී නොවුනද 2005 සිට 2015 දක්වා මෙම ලැබූ ජයග්‍රහනය සැබෑම ජාතිකවාදී ජයග්‍රහනයක් බවට පත් කර ගැනීම සඳහා ඔවුන් කළ මෙහෙයක් නැත. - "

    ReplyDelete
  2. බොහෝ දෙනා ජාතිකත්වය සහ ජාතිවාදය පටලවාගෙන සිටිති. බොහෝ අය ජාතිකත්වය දකින්නේ ජාතිවාදය ලෙසයි. කෙසේවෙතත්, හෙළ උරුමය ජාතිකත්ව මතවාදය ට එරෙහි කණ්ඩායමක් නොවේ. ( ඔවුන්ගේ සමහර මතයන් ජාතිවාදී වුවත්)..එවන් පිරිසක්..ප්‍රතිගාමීන් ( යු ඇ න් පි සහ ජේවීපී, මුස්ලිම් කොන්ග්‍රස් ) සමග එකතුවීම කනගාටුවට කරුණකි.

    ReplyDelete
  3. මේ මහත්මයා " මේ රජය අන්ත දූෂිතයි" කියන විපක්ෂයේ දේශපාලන ගැටයට අහුවෙලා වගේ, බුද්ධිමතුන් පවා මේ කිසිම වගවිබාගයක් නැතිව මේ දේශපාලන ගැටේට හසුවීම හරිම කනගාටුයි.

    නියම තත්වය මහජනයාට කීම විපක්ෂයේ බොරුවට අභියෝග කිරීම ජාතිකත්වය අගයන බුද්ධිමතුන්ගේ වගකීම, ඔවුනුත් ඒ ගැටේට අහුවිම ඉතාම බයානකයි

    රටේත් ආන්ඩුවේත් දූෂනයක් නැත්තේ නොවේ, නමුත් මේ දූෂනය ගැන අප කාටත වෙනස් අත්දැකීම ඇත, එකිනෙකාගේ පුද්ගලික අත්දැකීම සමස්තයවත් සත්‍යවත් නොවේ, අන්ධයන් රැලක් අලියාගේ හැටි කිව්කතාව සිංහල ජනප්‍රවාදයේ පුද්ගලික අද්දැකීම සත්‍යයෙන් වෙනස්වන ආකාරය විදහාදක්වන කතාවකි.
    රටක දූෂනයද මෙලෙස වාස්තවිකව මැනගත හැක, ඒ සදහා ක්‍රමවේදයක් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් (Transparency international) නම් අන්තර්ජාතික NGO වෙන් නිපදවාතිබේ. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය රාජපක්ෂ රජයට ඉතාම හතුරු ආයතනයකි, එකි ලංකාශාඛාවේ ප්‍රධානී ජේසී වැලිඅමුන, විරුද්ධ පක්ෂයේ ප්‍රධාන ක්‍රියාකරුවෙකි,

    ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනයෙන් ලෝකයේ රටවල වසරක්පාසා දූෂන අංකයක් ගනනය කරයි, (http://www.transparency.org/research/cpi/overview ) මේ සදහා ලංකාව මුලින්ම ඇතුල්වූයේ 2002 වසරේදීය, ඒ වසරේ ලංකාවේ දූෂන අංකය 3.7කි, මහින්දරාජපක්ෂ ජනාධිපතිපදවිය බාරගන්නා 2005 වසර ලංකාවේ දුෂන අංකය අඩුම වසරයි (3.1) ඉන්පසු ගෙවුනු වසර 9 තුල අතිවිශාල යුද්ධයක් සිදුවිය, නමුත් දූෂන අංකය විශාල ගරාවැටීමකට පත්වී නැත, ඊට පටහැනිව 2014 වනවිට දූෂන අංකය 3.8 දක්වා වර්ධනය වී ඇත, වෙනත් වචනවලින් කියන්නේනම් දූෂනය අඩුවී ඇත

    ලංකාවේ දූෂන අංකය 2002 සිට කාලානුරූපව වෙනස්වූ ආකාරය මේ ලින්ක් එකෙන් බලාගන්න

    http://dheshapaluwa.blogspot.com/2014/12/blog-post_11.html

    ReplyDelete
  4. දඹර අමිල හාමුදුරුවො සිරසෙ සටනට ඇවිත් කියනව බෙදුම්වාදය කියන්නෙ මහින්දගෙ බොරුවක්ලු. අනේ ඉතින්මෛත්‍රී ආවොත් අපිට අබ සරණයි කියන්ඩ මේ පොඩ්ඩම ඇතිනෙ. බෙදුම්වාදයට වැට බඳින්න ඉස්සෙල්ල බෙදුම්වාදයක් ඇති බව පිළි අරගෙන ඉන්න ඕනිනෙ. එහෙම එකක් ඇත්තෙම නෑ, ඒක මහින්දගෙ බොරුවක් කියල කියන උන්නාන්සෙල හදපු පොදු විපක්ෂෙ කොහොමෙයි බෙදුම්වාදය නතර කරන්නෙ?

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions