12/31/2014

සිංහලයාගේ බලය නිෂේධනය කරන බෙදුම්වාදී විළිය වසන වැරහැල්ල

කතෘ:යුතුකම     12/31/2014   2 comments


රාවුෆ් හකීම් මහතා මහින්ද රාජපක්ෂ මහතාගෙන් කල්මුණේ, පොතුවිල් සහ අම්පාර යන ප්‍රදේශ අලලා වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් ස්ථාපිත කෙරුමට ඉල්ලා සිට එය ප්‍රතික්ෂේප කළ කල්හි සිය වැදගත් ඇමති තනතුරද දමා ගසා විපක්ෂයට ආවේය. සිය ඇමති තනතුරටද පයින් ගසා හකීම් මහතා විපක්ෂයට එක්වූයේ  ඔහුත් නැතිවම සකස් කෙරුනු ප්‍රතිපත්ති ප්‍රකාශනයට පැහැදී බව අපට කියන්නට අද ඉදිරියට දමා ඇත්තේ රතන හිමියන්ව සහ චම්පික මහතාවය.

හකීම්ලාද සමඟින් සිරිසේන මහතා පිටුපස ප්‍රධාන බලවෙග හතරක් දැක ගත හැකිය.

කවදත් ඒකීය නොවන රනිල්

සිරිසේන මහතා පසුපස ප්‍රධාන බලවේගයක් නම් රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයයි. රනිල් වික්‍රමසිංහ මහතා බෙදුම්වාදය සම්බන්ධයෙන් 2001 දී අගමැති වූ පසු ක්‍රියා කළ ආකාරය අපි දනිමු. ඔහු ප්‍රභාකරන් සමඟ ගිවිසුමකට යන්නේ මුළු රටටම හොරෙනි. එම ගිවිසුම අත්සන් කිරීමට සුළු මොහොතකට පෙර රනිල් එල් ටී ටී ය සමඟ ගිවිසුමක් අත්සන් කරනවාදැයි විමල් වීරවංශ පාර්ලිමේන්තුවේදී අසන පැනයකට එවක එජාපයේ සිටි වි. ජ. මූ. ලොකුබණ්ඩාර මහතා පිළිතුරු දෙමින් එවැන්නක් නැතැයි පවසන්නේ අවංකවමය. ඒ ඔහුවත් ඒ පිලිබඳ හාංකවින්සියක් නොදන්නා නිසාය. ඒ රනිල් මහතා අද ඒකාධිපතිවාදය, ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය හා තොරුතුරු දැන ගැනීමේ අයිතිය ගැන කතා කරන්නේ දෙපයටම කළිසම් ඇදගෙනය. රටේ ඒකීයභාවය පිලිනොගත් රනිල් මහතා යුද ජයග්‍රහණයෙන් පසුව හෝ කිසිදු අවස්ථාවක මෙරට ඒකීයභාවය තමා පිලිගන්නා බව පවසා නැත. ඔහු එසේ කියන්නේද නැතිය. බෙදුම්වාදී මතවාදය ඉදිරියේ තමා පෙනී සිටින පිරිසිදු (බටහිර) මහත්මා ප්‍රතිරූපය පවා අමු අමුවේ කෙළෙසා දැමූ,   මිලේනියම් සිටි රණවිරුවන් පාවාදීමට අනුබල සැපයූ රනිල්ට බෙදුම්වාදයේ ත්‍රස්තවාදී සංරචකය විනාශ කර දැමු මහින්ද පැරදවීමට සහාය දීම සම්බන්ධන්ලාගේ කෝණයෙන් කිනම් අයුක්තියක්ද?

චන්ද්‍රිකාගේ ෆෙඩරල් කල්ලිය


සිරිසේන මහතා වටා සිටින දෙවන බලවේගය නම් චන්ද්‍රිකා මැතිණියගේ කල්ලියයි. මේ කල්ලියේ අදහස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතවාදයෙන් වෙනස් වන්නේ කෙසේදැයි සුමන්තිරම්ලා මැනවින් දනිත්. එම කල්ලියද රටේ ඒකීයභාවය පිලිනොගනියි. සුදු නෙළුම් කරමින් තවලම් යමින් ගෙනා චන්ද්‍රිකාගේ පැකේජය ගැන මතක ඇති අයකුට මෙය පැහැඳිලි විය යුතුය. සුනාමිය ආ වේලේද ඇය සුනාමි සහන මණ්ලය හරහා නැවත වරක් උත්සාහ කළේ බෙදුම්වාදයට හිතවත් අයුරින් ක්‍රියා කරමින් ඇගේ මතවාදී මනදොළ සපුරා ගැනුමටයි. මිනිසුන් වඩාත්ම තදින් බැදෙන්නේ තම මතවාදයන්ටය. වසර ගණනාවක් තමා කළ කී දෑ යුක්ති යුක්ත කළ හැක්කේ ඒ මතවාදයන් ජයග්‍රහණය කරන තරමටය. 2005 දී ඇය මහින්දගේ පරාජය සහ රනිල්ගේ ජය  පතන්නේ මේ මතවාදීමය වෙනස නිසාය. ඇය වඩාත් සමීප රනිල්ගේ මතයටය. මහින්ද රාක්පක්ෂ රජය යුද්ධය  කරන විට බටහිරයන්ගේ තුරුළේ සිටි ඈ කුඩුකේඩු කතා කියන්නේ ඒ නිසාය. සුමන්තිරම්ලාට, බදියුදීන්ලාට සහ හකීම්ලාට සිරිසේන පිටුපස සිටින දෙවන බලවේගයද සිය අරමුණ සමඟ පෑහෙන්නේ ඒ අර්ථයෙනි.

යහපාලනයට එක්වන සම්බන්ධන්ලා

දෙමළ ජාතික සන්ධානයේ සහාය සිරිසේනට හිමිවන බව සම්බන්ධන් නිළ වශයෙන් ප්‍රකාශ කළේ දෙසැම්බර් මස 30 වැනිදාය. ටැමිල්නෙට් වෙබ් අඩවිය වාර්තා කරන පරිදි සුමන්තිරම්, රනිල්, චන්ද්‍රිකා ඇතුළු පිරිස පසු ගිය 22 වනදා කොළඹ දී  පැවැත්වූ සාකච්ඡාවකදී දෙමළ ජාතික සංධානයේ කොන්දේසි විරහිත සහාය සිරිසේන මහතාට ලබා දීමට එකඟ වී ඇත. සුමන්තිරම් එම සාකච්ජාව තුළදී සිය මතය වන කොන්දේසි වලට එකඟ වන්නට යාමෙන් එය සිරිසේන මහතාට සිංහල ඡන්ද ලබා ගැනුමට පාඩුවක් විය හැකි නිසා ඔහුට කොන්දේසි විරහිතව සහය දිය යුතුය යන්න මගින් කොන්දේසි පිලිබද අනෙක් දමිල මන්ත්‍රීන්ගේ මතය යටපත් කර ඇත. එසේ කොන්දේසි විරහිතව සහය දැක්වීම ටැමිල්නෙට් වෙබ් අඩවිය වාර්තා කරන්නේ නොසතුටු ස්වරයකිනි. කෙසේ නමුත් සුමන්තිරම් මන්ත්‍රිවරයා ප්‍රමුඛ පිරිසේ මතයේ මුඛ්‍ය හරය පැහැදිලිය. ඔවුන්ට කොන්දේසි පැනවීමට නුවුමනා නොව. සුමන්තිරම්ලාට අවැසි සිංහලයාගේ ඇස්වලට වැලි ගසා තම වැඩය කරවා ගැනීමටයි. බෙදුම්වාදයේ ස්වර්ණමය යුගය චන්ද්‍රිකා ජනපතිව හා රනිල් අගමැතිව සිටි 2001 සිට 2004 දක්වා කාලයයි. එම දෙපළ එක පිළට වන් මෙවර ඔවුන්ද එම පිළේ සිටිය යුතුමය.

චම්පිකලා අපට කියන්නේ සම්බන්ධන්ලා එන්නේද මහින්ද රාජපක්ෂ නැති කළා යයි කියන යහපාලනය රනිල් හා චන්ද්‍රිකා ලවා ඇති කරන්නට බව පිලිගන්නා ලෙසටයි.

නැගෙනහිර ඉල්ලන හකීම් සහ බදියුදීන්


සිරිසේන මහතා වටා එක්ව සිටින හතරවන බලවේගය මුස්ලිම් බෙදුම්වාදී බලවේගයි. කල්මුණේ, පොතුවිල් සහ අම්පාර යන ප්‍රදේශ අලලා වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් ස්ථාපිත කෙරුමට ඉල්ලා සිටි රාවුෆ් හකීම්ගේ මුස්ලිම් කොන්ග්‍රසයත්, චම්පික මහත්මයලා හලාල් ගැන මොර දෙමින් මෙරට ජනතාව ගොනාට අන්දන කාලයේ ඔවුනගේ ප්‍රධාන ප්‍රතිවාදියා වී සිටි රිෂාද් බදියුදීන් මහතාත් එම මුස්ලිම් බෙදුම්වාදී කදවුර නියෝජනය කරති. ඔවුන් තුළද ඇත්තේ මධ්‍යම රජයෙන් ගැලවෙමින් ප්‍රාදේශීය බලය වැඩි කරගනිමින් නැගෙනහිර පලාත වෙන් කර ගැනීමේ අභිලාෂයයි. උතුරු නැගෙනහිර දෙපලාත් එක් කර ගැනීමට දැන් දැන් සම්බන්ධන්ලාට පමණක් නොව, හකීම්ලාට හා බදියුදීන්ලාට ද වුවමනා වී තිබේ. ඊළම දෙමළ ජනයාට පමණක් නොව දෙමළ කතා කරන සමස්ථ ජනයා වෙනුවෙන් යයි කියමින් එදා මුස්ලිම් ජනතාවද සිය සටනට ගන්නට ප්‍රභාකරන් දැරූ ප්‍රයත්නය අසාර්ථක වූ පසුය ඔහු නැගෙනහිරින් මුස්ලිම් ජනයා පළවා හැරීමට කටයුතු කළේ. එදා ප්‍රභාකරන්ට ඇතිකරගන්නට නොහැකි වූ එකඟතාව මෙදා හකීම්ලා සමඟ සම්බන්ධන්ලා ඇති කර ගනිමින් යන බව පැහැදිළිය. ඉතින් හකීම්ලා සහ බදියුදීන්ලා රනිල් සහ චන්ද්‍රිකා එකට සිටින පිළට සහය නොදෙන්නේ කිම?

බෙදුම්වාදී සෙළුව වසනා වැරහැල්ල- චම්පික සහ සිරිසේන


දැන් සිරිසේන ඉදිරියට දමා ගත් මූලික බලවේග හතර වන රනිල්, චන්ද්‍රිකා, හකීම් හා සම්බන්ධන් පැහැදිලිය. නමුත් ඔවුනට ගැටළුවක් තිබේ. ඒ මේ අයගේ  ක්‍රියාකලාපය දන්නා විශේෂයෙන්ම සිංහලයන්ට මෙම සන්ධානය විකිණිය නොහැක. එය බෙදුම්වාදී ජාතිවාදී ලක්ෂණ දනවන නැවත මේ රට බෙදුම්වාදය දෙසට දක්කාගෙන යන රටේ ඒකීයභාවය තඹ සතයකට මායිම් නොකරන එකතුවක් බව ජනතාවට තේරුම් ගැනීමට අපහසු නැත. එසේ නම් ඔවුන් කළ යුත්තේ කුමක්ද? කෙසේ හෝ තම බෙදුවාදී නිරුවත වසා ගැනීම නොවේද? චම්පික මහතා ඔවුනට අවැසි වන්නේ මේ සදහාය. සිය බෙදුම්වාදි නිරුවත මෙරට ජනතාවගෙන් වසන් කර ගැනුම සඳහා අවැසි වැරහැල්ල ලෙසය චම්පික උපයෝගී වනුයේ. අවිචාරවත්ව මේ දෙස බලන තරුණයකුට අර බෙදුම්වාදය නැමැති නිරුවත නොපෙනෙන්නේ චම්පික නමැති වැරහැලිය නිසාය. හකීම් නැගෙනහිර ඉල්ලන්නේ නැතැයි අපට කියවන්නේ චම්පිකගේ ඇට නැති දිව භාවිතා කරමිනි.

මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන් විසින් වැර වෑයමෙන් තනා දුන් විධායකය අහෝසි කිරීම නැමැති රැහැන් පට භාවිතා කරමිනි එම වැරහිලිය ඉණ වටා ගැටගසා ගත්තේ. එම රැහැන් පට නම් දැනටමත් ගලවා වීසි කර ඇත.

චම්පිකලාට ඇත්තේ පාර්ලිමේන්තු ආසන දෙකක් පමණි. ඔවුන්ගේ පලාත් සභා මන්ත්‍රීන්ගෙන් හරි අඩකඩ වැඩි පිරිසක් නැවත රජය හා එක් විය. සිරිසේන මහතා ජය ගතහොත් අර බෙදුම්වාදී බලවේග හතර විසින් එම වැරහැලියද කඩා පැත්තකට විසි කරනු නොඅනුමානය. අප පවසන්නේ චම්පික නමැති චරිතය නොසලකා හරින වග නොව, එම චරිතය හරහා ඔවුනට අවැසි වූ බෙදුම්වාදී සෙළුව වසන ජාතික ප්‍රතිරූපය නමැති ව්‍යාජ වැරහැලිය උනා දමනා බවකි. රට හමුදා පාලනයෙන් මුදවා ගත යුතු යයි දමිල පත්තරවලට පවසමින් චම්පික නමැති ව්‍යාජ චරිතය නම් දැන් සිටම ඒ මතවාදී වැරහැලිය විසි කරද්දී තමන් විසී නොවී සිටීමට වග බලා ගනිමින් සිටින බව පෙනෙන්නට තිබේ.

වගේ වගක් නැති අනුවණ සිංහලයා


අද සියළුම බෙදුම්වාදීන් එක පැත්තකට එක් වී සිටිත්. අපගේ සහෝදර දමිළ සහ මුස්ලිම් ජනතාව අතරින් බෙදුම්වාදයට විරුද්ධ බොහෝ පිරිසක් සිටියද ඔවුනතරින්  බහුතරයක් තවමත් සිය ජාතිවාදී නායකයන්ගේ බසට ඇහුම්කන් දෙන්නන්ය. ඒ නිසාම බෙදුම්වාදයට එරෙහි වෙමින් මෙරට ඒකීයභාවය රැකගැනුමට වැඩි වගකීමක් ඇත්තේ බහුතර සිංහලයන්ටය. අවාසනාවකට මෙන් මේ පිලිබද වගේ වගක් නැතිව පක්ෂ පාට බදා ගෙන දෙකට බෙදී සිය බලය නිෂේධනය කරගෙන ඇත්තේද  සිංහලයන්ය. අද, චම්පික සහ සිරිසේන සිංහලයාගේ බලය නිෂේධනය කරන බෙදුම්වාදී විළිය වසන වැරහැලි පමණි.


-ලසන්ත වික්‍රමසිංහ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

2 comments :

  1. සුදු පුතා12/31/2014 7:53 AM

    බලාගෙනයි. චම්පික ගැන ලියපු එක්නැළිගොඩයට වෙච්ච දෙයක් නෑ. එක්නැළිගොඩ ලිව්වෙ චම්පික ගැන විතරයි. අතුරුදහන් උනේ එක්නැළිගොඩ විතරයි. :)

    ReplyDelete
    Replies
    1. චම්පිකගේ උගත් තරුණ බලකාය1/01/2015 8:53 AM

      අඩෝ ලසන්තයා
      අපි උඹට දෙන්නේ මුජබර් රහුමාන්ට කියල
      දැක්ක නේද අමරසේකරට දුන්න ගේම
      තව ඩිංගෙන් ඔන් ද ස්පොට්..
      -චම්පිකගේ උගත් තරුණ බලකාය

      Delete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions