අද වත්මන් ජනපති සමඟ ජනාධිපතිවරණ සටනට නොයෙකුත් පක්ෂ, කල්ලි සහ කණ්ඩායම් එක කඳවුරකට එක්වී ඇත. ඒවා නා නා මාදිළිය. බැලූ බැල්මට නම් කෙසේ යම් එකඟතාවයකට පැමිණිය හැකිදැයි සිතාගත නොහැකි තරමට විවිධය. විෂමය. ජාතියේ අවශ්‍යතාවයක් වූ කොටි පරදන සටනටවත් මෙවැනි විෂමතා පසෙකලා එක්වීමක් අපට දැකගත නොහැකිවිය. ප්‍රභාකරන් පැරදවීමට සහාය වූවන් මෙන්ම එකහෙළාම ඊට විරුද්ධ වූ කල්ලිද රාජපක්ෂ මහතා පරාජය කිරම සඳහා සංහිඳියාවකට පැමිණ ඇත. මේ සියළු දෙනාට එක්විය හැකි පොදු සටන් පාඨයක් තැනීම ආරම්භ වන්නේ මීට මාස කිහිපයකට පමණ පෙර සිටය. ඒ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පිහිටවනු ලැබූ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ව්‍යාපාරය හරහාය. එම පොදු සටන් පාඨය නම් විධායක ජනපති ධූරය අහෝසි කිරීමයි. ඒ වටා නර්තනයක යෙදෙමිනි මේ සියළු කල්ලි එක කුඩයක් යටට පැමිණියේ. මේ සියළු දෙනා එක් කිරීමට පසුතලය සැකසූ සෝභිත හිමියන්ගේ ව්‍යාපාරයේ ක්‍රියාකාරී සාමාජිකයෙකි ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා. ඔහු එම සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශකයාද වේ.
පසුගිය උතුරු පළාත් සභා මැතිවරණය විග්නේෂ්වරන්ලා ජයගෙන ටික දිනකින් විශ්ව විද්‍යාල ආචාර්ය සංගමයේ හිටපු සභාපති මෙන්ම X කණ්ඩායමේ හිටපු ක්‍රියාධරයෙකු වන නිර්මාල් රංජිත් දේවසිරි මහතා 'දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප‍්‍රශ්නය කුමක්ද' යනුවෙන් සටහන් පෙළක් අන්තර්ජාලය හරහා මෙන්ම සමාජ ජාලා හරහා කතා බහට ලක් කිරීමට උත්සාහ කළේය. අප එකලද ඔහුට පිළිතුරක් සැපයූ අතර නැවතත් ඔහුගේ එම ප්‍රකාශයන්ට පිළිතුරු සපයන්නේ ඊනියා මෛත්‍රී පාලනයක් බිහිවුවහොත් ඒ යටතේ ඒ සඳහා පසුතලය සැකසූ මොවුන්ගේ කල්ලිය ඉතා බලවත් වීම වැළැක්විය නොහැකි බැවිනි.
නිර්මාල් මහතා පිළිතුරු දෙන්නේ යැයි කියන්නේ මීට දශක දෙකකට පමණ පෙර සිට 'දෙමළ ජනතාවට දෙමළ වීම නිසාම මෙරට ඇතිවී ඇති සුවිශේෂී ගැටළුව කුමක්ද?' යනුවෙන් නගන තීරණාත්මක පැනයටයි. මේ සටහන් තබන්නේ යැයි කියන්නේ විශේෂයෙන් ආචාර්ය නලින්ද සිල්වා මහතාට පිළිතුරු ලෙසයි. ඒ ඔහු විසින් මීට දශක දෙකකට පමණ ඉහත ප්‍රකාශයට පත් කල 'ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා' ග්‍රන්ථය මුල් කොට ගනිමිනි. සරල කතා ලෙස අතහරින වැල්වටාරම් අස්සේ නරුමවාදී ලෙස අසංගතව ඉදිරිපත් කරන අදහස් නලින්ද සිල්වා මහතාගෙන් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වීම කෙසේ වෙතත් ඉතිහාස විෂයෙන් ඈත් කර ඇති අද තරුණ විය පසුකරන පරම්පරාව සහ ඉන් පසු පරම්පරාවට කරන ආමන්ත්‍රණයක් ලෙස සැලකූ විට මෙය දේවසිරි මහතා ඉතා උපක්‍රමශීලීව සිදුකරන ව්‍යයාමයක් බව වටහා ගැනීම අපහසු නැත.
ඔහු මුලින්ම අදහස් පළ කරන්නේ 'දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප්‍රශ්නය අනෙකක් නොව දෙමළ වීමයි' යන මතුපිටින් බැලූ කල කිසිඳු තර්කයකට ගෝචර නොවන තරමේ අපබ්‍රංශයකිනි. නමුත් කතාව මැදදී ඔහු නියම තැනට පැමිණේ. ඒ මෙලෙස අදහස් දක්වමිනි.
"දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප්‍රශ්නය වන්නේ දෙමළාගේ භූ-දේශපාලන අභිලාෂ පිළිගැනීමට සිංහල-බෞද්ධයන් අකමැති වීමයි.”
තවත් ඉදිරියට ගිය විට ඔහු මෙයට තවත් ආරලු බුරලු එක් කරමින්;
"දෙමළාට දෙමළ වීම නිසාම ඇති ප්‍රශ්නය වන්නේ දේශපාලන අභිලාෂයක් සහිත ප්‍රජාවක් ලෙස තම ස්වෛරීභාවය (sovereignty) සාක්ෂාත් කරගැනීමට අවශ්‍ය දේශපාලන බලය නොමැති වීමයි. එලෙස සිය ස්වෛරීභාවය සාක්ෂාත් කරගැනීමට ඇති ප්‍රමුඛ බාධකය වන්නේ තම භූමි ප්‍රදේශය (territory) බාහිර බලයක් විසින් ආක්‍රමණික ලෙස අත්පත් කරගනු ලැබ තිබීමයි." යනුවෙන් පවසයි.
අප මෙහිදී මූලිකවම මෙම ප්‍රකාශය සලකා බලමු.
"දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප්‍රශ්නය වන්නේ දෙමළාගේ භූ-දේශපාලන අභිලාෂ පිළිගැනීමට සිංහල-බෞද්ධයන් අකමැති වීමයි.”
මෙම අදහස දරන පළමුවැන්නාත් අවසනයාත් නිර්මාල් මහතා නොවේ. ත්‍රස්තවාදී උවදුරට බෙහෙත් සෙවූ දශක දෙක හමාරක තුනක කාලයක් පුරාවටම එක් පාර්ශවයක් නියෝජනය කළ කුලකයකගේම පොදු අදහස මේ වෙයි. 'සුපිරිසිදු' මාක්ස්වාදීන් , ෆෙඩරල්වාදීන් , සාම වෙළදාමට මතවාදී සවිය සැපයූ විශ්ව විද්‍යාල උගතුන්, රාජ්‍ය නොවන සංවිධාන වල ක්‍රියාකාරීන් ආදී මෙකී නොකී කණ්ඩායම් බොහොමයක්ම මේ කුලකයට අයත්ය. (මේ කුලකය පිළිබඳ සිදුකළ අපූරු විග්‍රහයක් "බහුමානීය කියෑවීමක ඒකමානීය නිරුවත!" යන මැයෙන් දිවයින වටමඩල අතිරේකයේ මෑතකදී පළ කර ලිපියක සඳහන් වේ. එහිදී රචකයා විසින් මේ කුලකය හඳුන්වා තිබුනේ 'ගෝස්‌තරවාදී විකල්ප ගෝත්‍රය' ලෙසයි.)
මොවුන් මීට කලකට පෙර පැවසුවේ දෙමළ ජනතාවට කාලයක් පුරා අත්විඳින්නට සිදුවූ අසාධාරණකම් නිසා අවසන් ඵලය ලෙස ත්‍රස්තවාදය ඇති වී ඇති බවත් රෝගය සුව කිරීමට නම් රෝග නිධානය එනම් දෙමළ ජනයාට සිදුවූ අසාධාරණකම් වලට පිළිතුරු දිය යුතු බවත්ය. නමුත් මේ අසාධාරණ කතා පදනමක් නැති හුදු අසංගත ප්‍රලාප බව පෙන්වීමට අතලොස්සක් වූ විද්වතුන් ඉදිරිපත් කළ මත ඉදිරියේ අසාධාරණකම් වල සිට අභිලාෂයන් දක්වා පල්ලම් බසින්නට මේ බොහෝ දෙනාට අකමැත්තෙන් වුවද සිදුවිය. (දෙමළ ජනයාට ප්‍රශ්න නැතැයි මෙයින් හැඟවෙන්නේ නැත. නමුත් ඒවා දෙමළ වීම නිසාම ඇති වූ ඒවා නොවන බව පමණි මින් අදහස් වන්නේ).
මුලින්ම නිර්මාල් මහතා මේ ගැටලුව දෙස බලන ආකාරයේම කිසියම් කෘතීම මවාගත් ආකාරයක් වැනි ගතියක් තිබේ. එය අමතක කළත් නිර්මාල් මහතා ඉදිරිපත් කරන මේ මතය තනිකර අතාර්කික ප්‍රකාශයක් බව ඉතා පහසුවෙන් පෙන්වා දිය හැකිය.
"දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප්‍රශ්නය වන්නේ දෙමළාගේ භූ-දේශපාලන අභිලාෂ පිළිගැනීමට සිංහල-බෞද්ධයන් අකමැති වීමයි.” මෙහිදී අප එකින් එක මේ ප්‍රකාශයේ ඇති අසංගත බව වටහා ගනිමු.
අභිලාෂ කතන්දර නිර්මාණය කළේ කවුද? කුමකටද?
මූලිකවම මෙයින් කියවෙන්නේ දෙමළ ජනයාට පොදු අභිලාෂ ගොන්නක් ඇති බවත් ඒවා ඉටු කරගැනීමට සිංහල බෞද්ධයා ඉඩ නොදීමත් එමගින් දෙමළ ජනයාට අසාධාරණයක් සිදුවන බවත්ය.
මෙහිදී මූලිකවම සිතට එන ගැටළුව නම්, දෙමළ ජනයාට ඇතැයි නිර්මාල්ලා කියන මේ අභිලාෂ මොනවාද? ඒවා ඇති වූයේ කෙසේද?
අසාධාරණකම් කුමක්දැයි ඇසූ කල අභිලාෂයන්වලින් පිළිතුරු දීමෙන්ම මුලින්ම අසාධාරණකම් කුමක්දැයි ඇසූ පැනයට පිළිතුරු දීම අමතක කර හෝ මග හැර ඇති බව පිළිගත යුතුය. අසාධාරණකම් කුමක්දැයි ඇසූ කල අභිලාෂයන් ගැන පැවසීම 'යන්නේ කොහේදැයි ඇසූ කල මල්ලේ පොල්' යැයි කියූවාට දෙවනි නැත.
කෙසේ වෙතත් මේ අභිලාෂ කතාවේ මුල පිලිබඳ ඉතා හොඳ ඉඟියක් ලැබෙන ප්‍රකාශයක් මීට ටික කලකට පෙර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ විය.
"ජනවාර්ගික අර්බුදය විසඳීමට නම් ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයෙන් නිදහස් වීමට පෙර දෙමළ ජාතිකයන් භුක්ති විඳි වරප්‍රසාද නැවත ලබා දීමට රජය කටයුතු කල යුතුයි."
-TNA පාර්ලිමේන්තු මන්ත්රීත තොමස් විලියම්ස්
-2009-ජුනි 24 පාර්ලිමේන්තුවේදී
එහිදී ඔහු ඉල්ලා සිටින්නේ බ්‍රිතාන්‍යයෙන් නිදහස්වීමට පෙර දෙමළ ජනයා බුක්ති විඳි වරප්‍රසාද නැවත ලබා දෙන ලෙසයි.තෝමස් විලියම්ස් පමණක් නොව දෙමළ අභිලාෂ කෝණයෙන් ප්‍රශ්නය දෙස බලන බොහෝ උගතුන් මෙම අදහස දරයි. මෙයින් කියවෙන්නේ කුමක්ද? බ්‍රිතාන්‍යයෙන් නිදහස්වීමට පෙර දෙමළ ජනයා බුක්ති විඳි වරප්‍රසාද මොනවාද? බ්‍රිතාන්‍යයෙන් නිදහස්වීමෙන් පසු දෙමළ ජනයාට අහිමි වූයේ ඒවායින් මොනවාද? පිළිතුර පැහැදිලි කර ගත යුතුය.
බෙදා වෙන් කර පාලනය කිරීම තම මූලික දේශපාලන දහම කරගත් බිරිතානියන් විසින් මෙරටදී ඒ සඳහා සිංහල ජාතියට හා සංස්කෘතියට හිමි නිසි ප්‍රමුඛ තැන අහිමි කිරීමට දෙමළ ජාතිවාදය සියවසක පමණ සිට යොදා ගත්හ. ඒ අරමුණ වෙනුවන් ඔවුන් දෙමළ ප්‍රභූ පන්තියට යුරෝපීයන්ට හා සමානවම ඉහල වරප්‍රසාද ලබා දුන්හ. කෝල්බෘක් කොමිසම හරහා සිංහලයන්ට එරෙහිව දෙමළ ජනයා යොදා ගැනීම සඳහා ඉතා සූක්ෂමව සැලසුම් සහගතව ක්‍රියා කළේත්, ලංකාවේ අනිකුත් සියලු පළාත් වලට ප්‍රථමයෙන් යාපනය ප්‍රදේශයේ ඇති කළ ඉංග්‍රීසි පාසල් හරහා දෙමළ ප්‍රභූ පන්තියක් නිර්මාණය කළේත් බිරිතානියන් තම යටත්විජිත බොහොමයකම සාර්ථකව අත්හදා බැලූ බෙදා වෙන් කර පාලනය කිරීමේ උපාය මාර්ගය මෙහි සාක්ෂාත් කර ගැනීමටය. මේ පිළිබඳ ඉතා සවිතර සටහනක් 'ඊළාම් රාජ්‍යයක් සඳහා කෝල්බෘක් කොමිසමේ දායකත්වය' හා ‘යාපනය ඉංග්‍රීසි අධ්‍යාපනය ඇසුරින් බිහි වූ දෙමළ ප්‍රභූ පන්තිය’ යන මැයෙන් සූරිය ගුණසේකර මහතා විසින් රචිත “මහා සිංහලයේ ඓතිහාසික අසාධාරණය” නැමති ග්‍රන්ථයේ ඇතුලත්ය.(පිටු 23-31, පිටු 40-50)
දේශපාලන තලයේදී ඔවුන් දෙමළ ප්‍රභූන් සිංහලයන්ට වඩා ප්‍රමුඛ ස්ථානයේ ලා සැලකීය.1833දී පිහිට වූ ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය තුළ සිංහල ජනයා 80% පමණ 12% පමණ වූ දෙමළ ජනයා සමග සමාන කරමින් එක් මන්ත්‍රී ධූරය බැගින් පිරිනැමීම එයට හොඳ නිදසුනකි. 19 වන සිය වසේ මුල සිට ඇරඹුනු මෙම මනෝභාවය 20 වන සිය වසේ හතලිහ දශකය දක්වා එන විටද ක්‍රියාත්මක විය. වරප්‍රසාද ලත් දෙමළ ප්‍රභූන්ට අභියෝගය වූයේ සර්වජන ඡන්ද බලයෙන් දේශපාලන බලය තීරණය වන විටදී ඔවුන් එතෙක් සාධාරණ නියෝජනයට ඔබ්බෙන් අසමමිතිකව භුක්ති විඳි වරප්‍රසාද සියල්ල අහිමි වීමයි. සර්වජන ඡන්ද බලයත් සමගම තමන්ට මධ්‍යම රජය තුල කලින් හෙබවූ අසමමතික බලය රැක ගැනීමට නොහැකි බව දුටු චෙල්වනායගම් ප්‍රබුඛ දෙමළ ප්‍රභූන් තම ඉල්ලීම් ක්‍රමයෙන් උතුරු නැගෙනහිර වෙනම රාජ්‍යයක් ලබා ගැනීමේ දිශාවට ගෙන යන්නට විය. දෙමළ රාජ්‍ය පක්ෂය (ඉලංකෙයි තමිල් අරසු කච්චි) ඔවුන් විසින් බිහි කරන්නේ ඒ වෙනුවෙනි.
සැබවින්ම මේ දෙමළ ජනයාගේ අභිලාෂ කතා අස්සේ සැඟවී ඇත්තේම මෙරට සම්බන්ධව අධිරාජ්‍යවාදී රටවල දේශපාලන අභිලෂයන් මිස වෙනකක් නොවේ. දෙමළ ජනයා ඉදිරියට දමා ඒ සඳහා තෝරාගත්තේ ඔවුන්ට ඇති සුවිසේෂී ආදරයක් නිසාද නොවන බව අප තේරුම් ගත යුතු වෙමු. 'සුළු ජාතික දුක් ගැනවිලි' අද අධිරාජ්‍යවාදීන්ගේ පාලනයේදී යොදා ගන්නා තවත් උගුලක් බව ලෝකය පුරා අත්දැකීම්වලින් පැහැදිලිය. නිර්මාල්ලා අද මහත් උජාරුවෙන් කියන්නට හදන මේ අභිලාෂයන් වෙනකක් නොව අධිරාජ්‍යවාදීන් ඉහල දෙමළ සමාජය තුළ පැල කරගිය විශබීජ බව පැහැදිලිය. චෙල්වනායගම්ලා, සුන්දරලිංගම්ලා පොහොර දමා තවන් දැම්මේ මෙම විශබීජයන්ය. කවුරු පොහොර දැම්මත් කවුරුන් පැල කළත් එහි අස්වැන්න නම් නෙලා ගන්නේ මේවා පැලකර ගිය උන්ම බව අධිරාජ්ය විරෝධීන් යැයි තමන්ම හඳුන්වාගන්නා නිර්මාල්ලාට නොතේරීම අවාසනාවකි.
බටහිරයන් විසින් තනා දුන් දෘෂ්ටියෙන් පිටත මෙම අදිරාජ්‍ය විරෝධීනට දැකිය නොහැක්කේ ඔවුන්වද නිර්මාණය කෙරී ඇත්තේද බටහිරයන් විසින්ම නිසා විය යතුය. වෙනත් වචනයකින් කියන්නේ නම් මැකෝලිගේ සුජාත දරුවන් වන නිර්මාල්ලාට තමන් කොතරම් විවෘත මනස් කාරයන් යැයි පැවසුවත් මැකෝලිලා ඇඳ දුන් කොටුවෙන් එහා එම මනසට අකැපය.
නිර්මාල්ලාගේ දරිද්‍ර අභිලාෂ දෘෂ්ඨිය...
අප නිර්මාල්ලාගේ අභිලාෂ කතන්දරයේ අතාත්වික, අසංගත හා අනුචිත බව මොහොතකට අමතක කර එම දෘෂ්ටියේම පිහිටා එදෙස බලමු.
නැවතත් නිර්මාල් මහතාගේ ප්‍රකාශය බලමු.
"දෙමළාට දෙමළ වීම නිසාම තිබෙන ප්‍රශ්නය වන්නේ දෙමළාගේ භූ-දේශපාලන අභිලාෂ පිළිගැනීමට සිංහල-බෞද්ධයන් අකමැති වීමයි.”
නිර්මාල් මහතාගේ තර්කයේ පදනම දෙමළ ජනයාට අනන්‍ය භූ-දේශපාලන අභිලාෂයන් ඇති බවත් ඒ අභිලාෂයන් සිංහලයන් විසින් පිළිගත යුතු බවත්ය.
නමුත් ඊට අනුරූපවම බැලුවහොත් 'සිංහලයන්ටද අනන්‍ය භූ-දේශපාලන අභිලාෂයන් ඇති බවත් ඒ අභිලාෂයන් දෙමළ ජනයා විසින් විසින් පිළිගත යුතුය' යන්න අභිලාෂ දෘෂ්ඨිය මත සැකසූ නිර්මාල් මහතාගේ තර්කයේම තිබිය යුතු කොටසකි. නිර්මාල්ලාම කියන 'අභිලාෂ දෘෂ්ඨියෙන්ම” බැලුවහොත් සිංහලයන්ගේ භූ දේශපාලන අභිලාෂය නම් මෙරට එක්සේසත් රාජ්‍යයක් සේ පවත්වාගෙන යාම බව ඔහුට පසක් විය යුතුය. නිර්මාල් මහතා තර්කානුකූල වූවානම් ඔහුගේ දෘෂ්ඨියට අනුව වුවත් ඉතිරි වන්නේ එකිනෙකට පරස්පර තත්වයන් දෙකක් මිස වාද විවාද කර නිවැරදි දැයි සෙවිය යුතු බරපතල ගැටලුවක් නොව , තමාට ලියන්නට දෙයක් නැති බව ඔහුටම වැටහී යා යුතුය. ඇතැම් විට එය වැටහී තිබියදීම කියවන්නා නොමඟ යැවීම ඔහුගේ අරමුණ වූවාදැයි අපි නොදනිමු.
සිංහලයන් කිසියම් ජන වර්ගයක භූ-දේශපාලන අභිලාෂ පිලිගත යුතු නම් සිංහලයාගේ භූ-දේශපාලන අභිලාෂ පිලිගැනීමට දෙමළුන් අකමැති වීම ප්‍රශ්නයක් නොවෙන්නේ ඇයි? දෙපාර්ශවයක අභිලාෂයන් එකිනෙකට පටහැනි නම් එක්කෝ කළ යුත්තේ එකෙකුගේ අභිලාෂයන් අනෙකා පිළිගෙන තමන්ගේ අභිලාෂයන් නකුට ගසා ගැනීමටයි. නිර්මාල්ලා මෙහිදී නකුට ගසා ගැනීමට සිංහල අභිලාෂයන් තෝරාගත්තේ කෙසේද? අභිලාෂ දෘෂ්ඨිය අදහමින්ම සිංහල අභිලාෂයන් සහමුලින්ම අමතක කර දෙමළ අභිලාෂයන් උස්සා තබන්නට නිර්මාල්ලා පෙලඹෙන්නේ ඇයි?
දෙපාර්ශවයේ අභිලාෂයන් එකිනෙකට පරස්පර නම් කිසිවෙකුත් එකිනෙකාගේ අභිලාෂයන් ඉටු කිරීමට එකඟ නොවේ නම් ඊලඟට ඇති විසඳුම කුමක්ද? දෙපාර්ශවයම ගහ මරා ගෙන අවසානයේ ජයගන්නාගේ අභිලාෂයන් වලට ඉඩ දීමයි. නිර්මාල්ලා අභිලාෂයන් පස්සේම පන්නන්නේ නම් දැන් මෙයත් සිදුවී හමාරය. දැන් එසේ නම් සිංහල අභිලාෂයන් පිළිගැනීමට නිර්මාල්ලා සූදානම්ද? (නිර්මාල්ගේ තර්කයේ පදනමම වැරදි බව මොහොතකට අමතක කළත් එයට අනුව ) දැන් විසඳීමට ගැටලුවක් නැත. 'දෙමළ අභිලාෂයන්' 'සිංහල අභිලාෂයන් ' හමුවේ පරාජය වී ඇත. එය හුදු නිර්මාල්ගේ තර්කයට ප්‍රති තර්කයක් ලෙස පමණක් ඉදිරිපත් කළත් අප කිසිසේත් එවැනි නරුමවාදී පිළිවෙතකට එකඟ නොවෙමු. එමගින් පෙනෙන්නේ වෙනෙකක් නොව මේ අභිලාෂ කතා වලින් නම් මේ කියන ප්‍රශ්නය කුමක්දැයි පැහැදිලි කරගත නොහැකි බවයි. නිර්මාල් මහතා තමන්ගේ ප්‍රකාශයට හිමි විය යුතු අවම තර්කානුකූල බව වත් ලබා දී නොමැති බවයි. මේ අභිලාෂ කතා වලින් ප්‍රශ්න විසඳිය නොහැකි බව දැන්වත් වටහා ගත යුතුය.
සිංහල යන වචනය ඇසූ පමණින් එයට එරෙහිවීමට හා ඒ එරෙහිවීමට හේතු සාධක සොයන්නටත් දෙමළ යන වචනය ඇසූ පමණින් එය නිරුවත් වර්ගවාදය වුවත් එයට බද්ධවීමටත් ඒ බද්ධවීම සාධාරණීකරණය කරන්නට පොත් පෙරලාගෙන නහින්නටත් මානසිකත්වය සැකසෙන්නේ අප ඉහත කී මැකෝලි පුත්‍ර දුගී මනෝභාවය නිසයි...
අභිලාෂයන් සපුරාලීමෙන් සැනසුමක් වේද?
නිර්මාල්ලා කියන ආකාරයේ අභිලාෂ පිළිබඳ ගැටුමක් අධිරාජ්‍යවාදීන් පැමිණෙන්නට පෙර නොපැවති අතර සිංහල පොදු සංස්කෘතිය තුළ අනෙකුත් සංස්කෘතීන්ට හිමි විය යුතු තැන ලබා දෙමින් එකිනෙකාට ගරුකරමින් සිටි අතර අනෙකුත් සංස්කෘතීන් පොදු සංස්කෘතිය තුළට අවශෝෂනය වෙමින් එක් ධාරාවක් ලෙස අවම ගැටුම් සහිතව විකසනය විය. පන්සල තුළ හින්දු දෙවියන් වෙනුවෙන් ඉඩක් වෙන්වන්නේ මේ අන්‍යෝන්‍ය සංස්කෘතික මිශ්‍රවීම් වලට ලැබුනු නිදහස් ඉඩ කඩ ඔස්සේය. නිර්මාල්ලා මෙන්ම ඔවුන්ගේ බුද්ධිමය ස්වාමිවරුන් බෝ කළ ඊනියා අභිලාෂ විශබීජ නොවන්නට අපට ගහ මරා ගැනීමට දෙයක් ඉතිරි වන්නේ නැත. එබැවින් අප අද ප්‍රමුඛත්වය දිය යුත්තේ වෙන්වීමේ දිශානතිය සොයමින් විකාශනය වන ඊනියා අභිලාෂ කතන්දර පරාජය කරමින් එකිනෙකාට ගරු කරමින් එක පොදු සංස්කෘතියක් තුළට ගොනු වීම මිස නිර්මාල්ලා මෙන් එකිනෙකා විරසක කරවන ඉතිහාසයට සංස්කෘතියට පටහැනි ඊනියා අභිලාෂ කතන්දර පෝෂණය කිරීම නොවන බව පැහැදිළිය. ඒ සඳහා කතිකාවතක් ඇති කිරීම වෙනුවට එකිනෙකා කා කොටා ගන්නා දිශානතිය පාදා ගැනීම වෙනුවෙන් වෙහෙසීම කෙතරම් බුද්ධිගෝචර දැයි ඒ වෙහෙසෙන්නන්ට කවදා වැටහේද?
අලුතින් ලියන නිර්මාල්ලාගේ දෙමළ ඉතිහාසය
දැන් අපි නිර්මාල් මහතාගේ මූලික තර්කයේ අවසන් කොටස සලකමු.
"දෙමළාට සිය ස්වෛරීභාවය සාක්ෂාත් කරගැනීමට ඇති ප්‍රමුඛ බාධකය වන්නේ තම භූමි ප්‍රදේශය බාහිර බලයක් විසින් ආක්‍රමණික ලෙස අත්පත් කරගනු ලැබ තිබීමයි. "
"දෙමළාට සිය ස්වෛරීභාවය සාක්ෂාත් කරගැනීමට ඇති ප්‍රමුඛ බාධකය වන්නේ තම භූමි ප්‍රදේශය බාහිර බලයක් විසින් ආක්‍රමණික ලෙස අත්පත් කරගනු ලැබ තිබීමයි. "
මෙය හුදු නිර්මාල්ගේ මනෝ නිර්මාණයක් ද? නැත. මෙය නිර්මාල්ලාගේ බුද්ධිමය ස්වාමිවරුන් ඔවුන්ගේ අභිලාෂයන් වෙනුවෙන් නිර්මාණය කර දුන් මතයයි.මේ කියන්නේ 1940 දි පමණ සුන්දරලිංගම්ලා චෙල්වනායගම්ලා පැවසූ ,වඩුක්කොඩෙයි ඔස්සේ තිම්පු හරහා නකෝන් පතෝන් දක්වා ගමන් කළ එමෙන්ම නන්දිකඩාල්වල ගිලෙන තෙක් ප්‍රභාකරන් ඇතුළු ත්‍රස්තයන් තම ත්‍රස්ත ක්‍රියා සාධාරණීකරණය කළ එමෙන්ම අද විග්නේශ්වරන්ලා - සුමන්තිරම්ලා උස් හඬින් කියන්නට තටමන දෙමළ නිජබිම පිලිබඳ අමු කෙප්පය සාධාරණීකරණය කරන්නට හදන උත්සාහය හැර වෙනකක් නොවේ.
දෙමළ නිජබිම් සංකල්පය දැන් වසර 30 ක් පමණ පුරාවට නිර්මාල්ලා මෙන් සිය ගණනක් උගතුන් සමග අවශ්‍ය පමණටත් වඩා සාකච්චා කර ඇති නමුත් පරණ හනමිට බිම තැබීමට බොහෝ දෙනා තවමත් අසමත්ය. නිර්මාල්ලා මේ හදන්නේ ප්‍රභාකරන් මෙන්ම "සිංහල මහ ජාතිය සිංහල බහුතර උවමනාවන් වෙනුවෙන් ලියවුනු මහාවංශ මිත්‍යාවේ ගිලී ඇත." යන මනෝභාවයේ සිට බව සැක නැත. වසර දහස් ගණනක අවිචින්න ඉතිහාසය පිළිබඳ ඉතා සංගත අදහස් අරහෙන් මෙහෙන් ඉදිරිපත් කරන හුදකලා අදහස් දෙක තුනකින් බිඳළිය නොහැකි බව නිර්මාල්ලාට නොතේරෙනවා නොවේ. නමුත් නිර්මාල්ලාගේ රාජකාරිය , කොන්ත්‍රාත්තුව එයයි. එක බොරුවක් වැසීමට තවත් බොරු සියයක් අවශ්‍ය යැයි කියමනක් තිබේ. එබැවින් බින්දුවේ සිට ඇරඹිය යුතු දෙමළ ඉතිහාස කතාව නිර්මාල්ලාට තබා නිර්මාල්ලා දහසක් ආවත් සිදු කළ නොහැකි බව පැහැදිලිය. නිර්මාල්ගේ උත්සාහය 'මහා හිමාලය හැට්ට කටුවකින් බිමට සමතලා කරන්නට දරන වෑයමකට' දෙවනි නැත. මයිල්වාගනම් පුලවර් එවකට (1736) ලංදේසි ආන්ඩුකාරවරයාගේ ඇරයුමින් රචනා කල 'යාල්පානම් වයිපවමාලෙයි' කෘතියේ අඩංගු කෙප්ප වලින් කිහිපයක් උපුටා දැක්වීමට අවශ්‍ය නම් නිර්මාල්ලාට පුළුවන. මෙහි ඇති අසංගත භාවය පිළිබඳ සවිස්තරාත්මක සටහනක් 'දෙමල ඊළාම් නිජබිම් ප්‍රශ්නය' නැමති ග්‍රන්ථයේ මෙන්ම 'ඊළාම් සිහින දේශයට පදනම - යාල්පානම් වයිපවමාලෙයි ‘ නම් සූරිය ගුණසේකර රචිත ග්‍රන්තයේ අඩංගු සටහන් වලින් පැහැදිලි කරගත හැක. එහිද දෙමළ ඊලාම් ව්‍යාජ ඉතිහාසය අදටද දෘශ්‍යමාන සාධක මෙන්ම පෙර අපර දෙදිගම රටවල ඉතිහාස පිළිබඳ සවිස්තරාත්මක සටහනකින්ද යුක්තය. මහාවංශය සිංහල අධිපති උවමනාවන් වෙනුවෙන් සැකසූ හුදු ප්‍රබන්ධයක් නම් එහි සඳහන් බොහෝ සිදුවීම් පෙර අපෙර දෙදිග ඉතිහාසයන් සමග මනාව සැසඳෙන්නේ නැත.
යමෙකුට සංහත භාවය පිළිබඳ අදහස ප්‍රතික්ෂේප කරන්නේ නම් නරුම ලෙස තමන්ට අභිමත පරිදි තමන් කැමති ප්‍රකාශ කිරීමට ඉඩ ප්‍රස්ථාව සැලසේ. නමුත් ඒවා සහ මානසික ව්‍යාධියක් ඇත්තකු ඉදිරුපත් කරන අදහස් අතර වෙනසක් නැත. මානසික ව්‍යාධියක් ඇත්නම් ඔහු අනිත් බොහෝ බාහිර සාධක නොසලකා තමන්ට අභිමත ලෙස තමන් කැමති හිතට එන ඕනෑම දෙකයක් කීමට හා කිරීමට පෙළඹේ. අප යමක් ඉදිරිපත් කරන විට හැකිතාක් සංගත විය යුතු යැයි කියන්නේ මේ නිසාය.
නිර්මාල්ලා මේ ශාස්ත්‍රීය තලයේ යැයි කියමින් ගන්නා උත්සාහය සම්බන්ධන්ලා හරහා දේශපාලනයටත් ඉන්පසු උතුරේ හැඟීම් මත තීරණ ගන්නා දෙමළ තරුණයන් අතට යන්නේ තුවක්කුවද සයිනයිඩ් කරලද සමගිනි. ප්‍රභාකරන්ලා නිර්මාණය කළේ චෙල්වනායගම්ලා බවද චෙල්වනායගම්ලා බිහි වීමට මයිල්වාගනම් පුලවර්ලා ගේ 'ශාස්ත්‍රීය උත්සාහයන්'ද පාදක වූ බවද අමතක නොකළ යුතුය. එබැවින් මෙය, මෙහි ඇති දේශපාලන අරමුණෙන් වියුක්තව ගෙන අහිංසක ශාස්ත්‍රීය ව්‍යායාමයක් ලෙස ඌනනය කිරීම අනුවණ කමකි.
නිර්මාල්ලාගේ රාජපක්ෂ විරෝධයේ පිටට පෙනෙන පොත්තේ දවටා ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී අභිලාෂයන් වුව, එහි අරටුව සකස් වී ඇත්තේ ජාතිවාදී බෙදුම්වාදී අභිලාෂයන්ගෙන් බව ඔවුන් සමග එකට හිද ගන්නට යන්නවුන් දත යුතුය.
මේ මොහොතේ මෛත්‍රී වේශයෙන් මතුව ඇත්තේ ජාතිවාදී වෛරයයි.
යුතුකම සංවාද කවය
www.yuthukama.com
නිර්මාල්ගෙයි සම්බන්ධන්ගෙයි වෙනස මොකක්ද? දෙන්නම ජාතිවාදීන් තමා.
ReplyDeleteනිරමාල්ගෙ අභිලාෂ කතාවට ප්‍රති-තර්කයක් විදිහට 'දෙමළාට සහ සිංහළයාට ප්‍රතිවිරුද්ධ අභිඅලාෂයන් තියෙන පසුබිමක සිංහළයන්ගේ අභිලාෂයන් නොසළකා දෙමළාගේ අභිලාෂයන් පමණක් සපුරා දිය යුත්තේ ඇයි?' කියන ප්‍රශ්ණෙ ජාතික චින්තන සමූහයෙදි ඇත්තවශයෙන්ම නැගුණ.
ReplyDeleteනිර්මාල් ඒකටත් පිළිතුරක් දුන්න.
නිර්මාල්ගෙ පිළිතුර වුණේ 'සිංහළයා පීඩක ජනවර්ගය බවත් දෙමළා පීඩිත ජනවර්ගය බවත් එබැවින් ඔවුන් (නිර්මාල්ල) පීඩිතයාගේ අභිලාෂයන් වෙනුවෙන් පෙනී සිටින බවත්' කියන එක.
මේ තර්කයේ පදනමේ තියෙන අතාර්කික බංකොළොත් බව වඩාත්ම ප්‍රකටව පෙණුනෙ නිර්මාල් විසින් මේ පීඩක පීඩිත කියන දෙක විස්තර කරන්න යෑමෙදි.
නිර්මාල්ට අනුව පීඩක පීඩිත කියන එක තීරණය වෙන්නෙ කවුද බලවත් කවුද දුර්වල කියන පදනමින් මිසක් කුමන හෝ නිර්ණායකයකට අනුව කවුද හරි (හෝ සාධාරණ) කවුද වැරදි (හෝ අසාධාරණ) කියන තේරුමින් නෙමේ.
ඒ කියන්නෙ සිංහලය සටන් කරන්නෙ දෙමළ බහුතරයක් වසන රටක භූමියක් සඳහා නම් එදාට නිර්මාල්ල ඉන්නෙ පීඩිත සිංහළයගෙ පැත්තෙ.
නිර්මාල්ල මේ අවිඥානිකව කියන්නෙ 'වෙහෙස වන්නා වූ බර උසුලන්නා වූ සියල්ලනි, මා වෙතට එන්න' කියන බයිබල් පාඨයම තමයි. ජේසුස් වහන්සෙත් කිව්වෙ හරි හෝ වැරදි දුක් විඳින මිනිසුන්ට තමුන් ලඟට එන්න කියල මිසක හරි දේ කරන මිනිසුන්ට තමුන් ලඟට එන්න කියල නෙමේනෙ.
කොහොමද ටිකිරි මොළේ.
නිර්මාල් පල්ලියේ හිටපු ෆාස්ටර් කෙනෙක් කියන කතාවේ ඇත්තක් තියෙනවද?
Deleteනිර්මාල් මාක්ස්ලබ්ධිකයෙක් (මාක්ස්වාදීන් කියල බරපතළ වචන හදාගෙන තිබුණට ඒ ගොල්ලොත් අඩු වැඩි වශයෙන් කරන්නෙ මාක්ස්ව අදහන එක. ඔය පොර වචන ටික අයින් කරල දැම්මට් පස්සෙ මාක්ස්වාදෙත් ඉතුරු වෙන්නෙ විශ්වාෂ ටිකක් විතරයි). මාක්ස්ලබ්ධිකයෙක් වෙන්න පෙර නිර්මාල් ක්‍රිස්තුලබ්ධිකයෙක්ද කියන එකේ මට නම් වැදගත් කමක් නැහැ.
Deleteඒ කතාව එයාල කියන්නෙ වෙන කියන්න දෙයක් නැති නිසා. එහෙම නම් බටහිරින් ලංකාවට පීඩනය එනකොට (මානව හිමිකම් හරි වෙන මොකක් හරි ගැන ) නිර්මාල්ල ලංකාව පැත්ත ගන්නෙ නැතිව බටහිරයන්ගෙ පැත්ත ගන්නෙ බටහිර රටවල් පීඩිතයො හින්දද?
DeleteGOOD STUFF!
ReplyDeleteVery good analysis! ****
ReplyDeletemokada me mahacharya කැළුම් නිරංජන nirmal wa alla gena, ko oyage janadipathiwaranaya gena kanda uda deshanaya .
ReplyDeletelol
ReplyDeletePeople like Nirmal are blinded with ego and they think they are the best knowledgeable people and highly educated people. Because of that, they can not feel the heart beat of Mother Lanka since they lost the sensitivity due to some mistakes during their upbringing. The person who do not love his mother and father will not love his Mother country. .. they just don't get it... Run-nil is a good example. No matter what others talk loudly, he is in peace only if he gives the Ealam to separatist Tamils. Recent document revealed is an evidence. There is no difference between him and TNA. Baahu, Chandrika, Mangala, Ravi et at
ReplyDelete