රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩල ක්‍රියාවට නංවන මාසික සාහිත්‍ය සංකථන සම්මන්ත්රණ මාලාවේ අටවැන්න ජේ්‍යෂ්ඨ සාහිත්‍යවේදී ආචාර්ය ගුණදාස අමරසේකර සාහිත්‍ය කලා සම්ප්රදානය තේමා කොටගත් මෙම මස 11 වෙනිදා , බ්‍රහස්පතින්දා ප.ව. 3.00 ශ්‍රී ලංකා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
අමරසේකරයන් අද අප අතර සිටින ජේෂ්ටතම හා විශිෂ්ටතම සාහිත්යයධරයාය. සිංහල සාහිත්‍යයයේ නවකතාව, කෙටිකතාව, කවිය මෙන්ම සාහිත්‍ය විචාරය යන අංශයන් උදෙසා ඔහුගේ මෙහෙවර ඉතා සුවිශේෂීය. එමෙන්ම ඒවායේ හැඩය සහ ප්රගමනය උදෙසා ඔහුගේ මතවාදී බලපෑමද ඉතා ත්රිවුරය.
මෙම සංකථනයේදී ‘තථ්‍යවාදී සමාජ දෘෂ්ටිය හා ගුණදාස අමරසේකරගේ නවකතා’ යන මැයෙන් ආචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු ද ‘අමරසේකරගේ කෙටිකපතා මගින් ප්රතීත සමාජ දේශපාලන කතිකාව’ යන මැයෙන් මහාචාර්ය පියසීලි විජේමාන්න ද ‘නුතන කාව්‍ය සම්ප්රදාය ගවේශණය හා හෘදය ආමත්රණය යන මැයෙන් ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර ද දේශන පවත්වති.
යුතුකම සංවාද කවය
www.yuthukama.com
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .