දක්‍ෂිණාංශයටත්, වාමාංශයටත් සම්බන්ධ නොවෙමින් මැදමාවතේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරකින් ගොඩනැංවූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට වසර 05 ක් තුළ දී ආණ්‌ඩු පක්‍ෂය හා විපක්‍ෂය පරාජය කරමින් 1956 දී මහජන එක්‌සත් පෙරමුණෙන් ජය ගෙන සුපතළ 56 සමාජ විප්ලවය ඇරඹීමට හැකි වීම ලංකීය දේශපාලනයේත් ප්‍රජාතන්ත්‍රවාදයේත්, බටහිරකරණය නොවූ දේශීය ජනතාවගේත් ජයග්‍රහණයකි. ප්‍රභූ රදල සමාජයෙන් අපමණ පීඩාවට ලක්‌ව සිටි හෙළ ගැමියාට සැබෑ ලෙසම නිදහස පිළිබඳ හැඟීමක්, දැනීමක් ලැබෙන්නට පටන් ගත්තේ මෙම 56 විප්ලවයට පිං සිදු වන්නටය.
1965 පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කේවල ඡන්ද ක්‍රමය යටතේ ආණ්‌ඩුවක් පිහිටුවීමට සිදුවූයේ හත් හවුලක් ලෙසින් එක්‌සත් ජාතික පක්‍ෂයත්, ෆෙඩරල් පක්‍ෂයත්, ජාතික විමුක්‌ති පෙරමුණත්, විප්ලවකාරී සමසමාජ පක්‍ෂය ඇතුළු පක්‍ෂ 07 ක් එක් වෙමිනි. එහිදී සිංහල විරෝධී පක්‍ෂ මෙන්ම දෙමළ විරෝධී අන්තවාදී පක්‍ෂ ද සන්ධානගත වී තිබුණි. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය රටක අස්‌ථාවර ආණ්‌ඩු මෙන් ම විකෘති ආණ්‌ඩු ස්‌ථාපිත කිරීමට දායක වන, හේතු වන බවට එම ආණ්‌ඩුව ද කදිම නිදර්ශනයක් බඳු විය. 1956 දී විපක්‍ෂය මන්ත්‍රී ධුර 08 කටත්, 1970 දී විපක්‍ෂය මන්ත්‍රී ධූර 18 කටත් සීමාවීම මගින් ද බ්‍රිතාන්‍ය මාදිලියේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය රටක පැවැත්මට එතරම් හිතකර නොවන බල බෙදීමක් සිදු කෙරෙන බව සනාථ කර තිබුණි.
ක්‍රි(වර්ෂ 1215 දී එංගලන්තයේ ජෝන් රජු සුපතළ "මැග්නා කාටා" ප්‍රඥප්තිය අත්සන් කරමින් රජුගේ බලය අවම කරමින් නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ බීජය රෝපණය කිරීමට දායක වූ අයුරු ඉතිහාසයේ දැක් වේ. 17 වැනි සියවසේ දී රාජාණ්‌ඩුවාදීන් හා ජනරජවාදීන් ලෙසින් එංගලන්ත වැසියා බෙදී ගිය අයුරු මෙන්ම අනතුරුව එම කණ්‌ඩායම් දෙක විග්ස් සහ ටෝරී වෙමින් මෑත යුගයේ දී කොන්සර්වෙටිව් හා ලේබර් වශයෙන් බහුපක්‍ෂ ප්‍රජාතන්ත්‍රවාදය දක්‌වා වර්ධනය වූයේ එම ක්‍රියාදාමය තුළින් බවත් අප අමතක නොකළ යුතුය. මේ අනුව ප්‍රජාතන්ත්‍රවාදය සියවස් ගණනක් මුළුල්ලේ වර්ධනය වෙමින් බහු පක්‍ෂ ප්‍රජාතන්ත්‍රවාදය දක්‌වා වර්ධනය වෙද්දී එම ප්‍රජාතන්ත්‍රවාදයේම තවත් පරිවර්තනයක් ලෙසින් විධායක ජනාධිපති ධුරය නිර්මාණය කිරීමට 18 වැනි සියවසේ දී එංගලන්තයට එරෙහිව සිවිල් යුද්ධයක් නැතහොත් ඇමෙරිකානු විප්ලවය දියත් කළ ඇමරිකානුවෝ සමත් වූහ. රටක ස්‌ථාවර රජයක් නිර්මාණය කිරීමටත්, කාර්යක්‍ෂම පාලනයක් ඇති කිරීමටත්, ජනවාර්ගික සහජීවනය සුරැකීමටත්, සංවර්ධන ක්‍රියාදාමය වේගවත් හා විධිමත් කිරීමටත්, ජනතාවගේ සෘජු ඡන්ද බලයෙන් ම රටේ රාජ්‍ය නායකයා බිහිකර ගැනීමටත් හැකි ක්‍රමයක් වශයෙන් විධායක ජනපති ක්‍රමය රටකට වඩාත් ප්‍රශස්‌ථ ක්‍රමයක් බවට ප්‍රථමයෙන් ඇමෙරිකා එක්‌සත් ජනපදයේත්, දෙවනුව ප්‍රංශයේත් ක්‍රියාවට නැඟිණි. මේ වනවිට ලොව වේගවත් සංවර්ධනයක් අත්කර ගනිමින් සිටින චීනය, රුසියාව, බ්‍රසීලය, දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් විශාල සංඛ්‍යාවක මෙම ජනාධිපති පාලන ක්‍රමය ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී. බ්‍රිතාන්‍ය යටත් විජිත වශයෙන් පැවැති රටවල පමණක් තවමත් සාම්ප්‍රදායිකව බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමේදී ලබාදුන් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන බවත් ප්‍රකට කාරණයකි. විධායක ජනපති ක්‍රමය නාමමාත්‍රික ජනපති ක්‍රමයට වඩ වඩාත් ඵලදායී වන බවත් ඇමෙරිකාව, රුසියාව, චීනය හා ප්‍රංශය පමණක් වුව ඔප්පු කර ඇත.
නූතන මැලේසියානු රාජ්‍යය බ්‍රිතාන්‍යයෙන් 1957 දී නිදහස ලබන විට එරට තුළ විශ්වවිද්‍යාල පිහිටුවීමට කථිකාචාර්යවරුන් රැගෙන යැමට සිදු වූයේ ලංකාවෙනි.
ඒ වන විට මැලේසියාව ආසියාවේ ඉතාමත් දිළිඳු රාජ්‍යයක්‌ව තිබුණි. නමුත් නූතන මැලේසියාව මැදි ආදායම් රේඛාව පසු කළේ වසර ගණනාවකට පෙරදීය. අද මැලේසියාව සංවර්ධිත රාජ්‍යයක තත්ත්වයට පත්වීමට සමත්ව තිබේ. ඒ මහා ප්‍රාතිහාර්යය සිදු කළේ දොස්‌තර මහතීර් මොහමඩ් ය. තුන්කු අබ්දුල් රහ්මාන්ගෙන් පසුව බලයට පත්වූ මහතීර් පළමු වර ලබාගත් ඡන්ද සංඛ්‍යාවට වඩා දෙවැනි, තෙවැනි හා සිව්වැනි මැතිවරණ වලදී ලබාගත්තේ ලෝකයම පිළිගත් ඉතාමත් යහපත් ප්‍රජාතන්ත්‍රවාදී සාධාරණ මහ මැතිවරණ තුළිනි. ධුර කාල 04 ක් ලෙසින් වසර 20 ක් මැලේසියාව පාලනය කළ මහතීර් ප්‍රථමයෙන් තමන් භාරගත් දිළිඳු මැලේසියාව වසර 20 ක දී සංවර්ධන මැලේසියාවක් බවට පත් කළේ ලොව මවිතයට පත්කරමිනි. ඊළග මැතිවරණයටත් ඔහු ඉදිරිපත් වූවා නම් ඔහු පෙරටත් වඩා ජනතා කැමැත්ත දිනා ගන්නවාට කිසිදු සැකයක්, විවාදයක් තිබුණේ නැති වුණ ද මහතීර් සිය කැමැත්aතෙන්ම දේශපාලනයෙන් සමුගෙන මැලේසියාවේ නිපදවෙන මෝටර් රථය වන ප්‍රොටෝන් සාගා සමාගමේ සභාපති තනතුර භාර ගත්තේ දේශපාලනයෙන් තමන්ගේ රටට ඉටු විය යුතු යුතුකම, වගකීම අවසන් බවත්, දැන් මැලේසියානු මෝටර් රථ නිෂ්පාදනය දියුණු කිරීම මගේ ආශාව බවත් පවසමිනි.
ඇමෙරිකානු ජනපති රූස්‌වෙල්ට් දෙවැනි ලෝක සංග්‍රාම සමයේ ධුර කාල 04 ක් එක දිගට ඇමෙරිකානු ජනපති වශයෙන් කටයුතු කරමින් දෙවැනි ලෝක යුද්ධය වන විට ලොව සුපිරි බලවතාව සිටි බ්‍රිතාන්‍යය යුද්ධය අවසන්ව පනහ දශකය වන විට තම රට ලොව සුපිරි බලවතා බවට පත් කිරීමට එම රූස්‌වෙල්ට් ජනපතිවරයා සමත් වූ අයුරු ඇමෙරිකානු ඉතිහාසයේ දැක් වේ. එවැනි සුවිශේෂ අවස්‌ථා රටකට එළඹිය හැකිය. එහිදී නීතිය හෝ සම්ප්‍රදාය පිළිබඳව නොතකා ඒ සුවිශේෂ චරිතයෙන් උපරිම දායකත්වය රටේ සංවර්ධනයට, ස්‌ථාවර භාවයට ලබා ගැනීම සර්ව සාධාරණය.
විශේෂයෙන් තිස් අවුරුදු බෙදුම්වාදී, ත්‍රස්‌තවාදී යුද්ධයක මතකයක් ද ගොඩනැඟී තිබූ පසුබිමක, වසර 03 ක් ඇතුළත එම ලොව දරුණුතම, ම්ලේච්ඡතම වූත් ෆැසිස්‌ට් පන්නයේ කොටි සංවිධානය තීරණාත්මකව යුදමය වශයෙන් පරාජය කර ඇති පසුබිමක, රට තුළ පුනරුත්ථාපන කටයුතු, ප්‍රතිසංස්‌කරණ කටයුතු, යටිතල පහසුකම් සංවර්ධනය කරමින්, ජන ජීවිත යථා තත්ත්වයට පත් කරමින්, ආර්ථික සංවර්ධනයත්, ආධ්‍යාත්මික සංවර්ධනයත් තුළින් වාර්ගික සහජීවනය යථාවත් කිරීමට කටයුතු කිරීමේ අවශ්‍යතාව හා වගකීම අපේ රට හමුවේ ද පවතී. ඒ අනුව දැහැමින් පිරිපුන් සමාජයක් සේම අභිමානවත් දේශයක් ගොඩනැඟීමේ කාර්යය සිහිනයක් නොවනවා මෙන් ම එය යාථාර්ථයක් වීම යනු රාජ්‍ය සේවකයන්ගේ දරු පරපුරේ අනාගතය ද සුරක්‍ෂිත වීමය. ඒ දරු පරපුරේ අනාගතය සුරැකීමටත්, වර්ණවත් කිරීමටත් දායක වීම ඔබ හමුවේ පවත්නා යුගයේ කාර්ය-භාරය නොවන්නේ ද?

-ඌවතැන්නේ සුමන හිමි
දේශමාමක ජාතික බලවේගය
[දිවයින]
විධායක ජනපති ධූරය අහෝසි කරන්න ඕනා කියලා ඔය කෑ ගහන කට්ටිය නම ඒක කරන්නේ බිඳක්වත් අවංකව නෙවේ. සටන් පාඨ හිඟ වීමේ සහ නොගැලපෙන කල්ලි එකට එකතු කර ගැනීමේ බෝඩ් ලෑල්ලක් විදියට. විධායක ජනපති ක්‍රමයේ අඩු පාඩු තියෙනවා තමා. නමුත් ඒකේ හොඳත් තියෙනවා. රටේ ස්ථාවරභාවය රැකිලා තියෙන්නේ ඒක නිසා. ඒක නිකම්ම ගලෝලා දැම්මොත් මේ ගොයියෝ කියන විදියට මහ විනාශයක් වෙන්නේ. අනිත් එක තමා රටේ නායකයා තෝරන්න මුළු රටේම අයට සෘජුවම ඡන්දය ප්‍රකාශ කළ හැකි වීමත් සාධනීය ලක්ෂණයක්. අපි කරන්න ඕනා ඕක එහෙම්පිටින් ගලවලා දාන එක නෙමේ. පාර්ලිමේන්තුවට වගකියන තත්වයකට පත් කිරීම. මෙතෙක් ඔය ධූරය දරපු අයගෙන් ඒ ධූරය උපයෝගි කරග්‍ර්න රටට වැඩියෙම සෙත්ක් සැලකුවේ කව්ද කියන එක හිතා ගන්න එච්චරම අපහසු නෑ මං හිතන්නේ..
ReplyDelete