
යහපාලනය යනු රටක් අස්‌ථාවර කිරීමට යොදාගන්නා උපකරණයක් දැයි අපට සැක සිතේ. 2015 ජනාධිපතිවරණයට ඇත්තේ තව දින 25 ක් පමණි. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමට පෙර සිටම අතුරලියේ රතන හිමියෝ යහපාලනය ගැන කතා කළහ. නමුත් එය සාමාන්‍ය මහජනතාවගේ අවශ්‍යතාවක් හෝ උවමනාවක් වූයේ නැත. කොළඹ කේන්ද්‍රීය කරගත් රාජ්‍ය නොවන සංවිධානවලට නම් මහින්ද රාජපක්‍ෂ රජය ගැනත් එහි ක්‍රියාකාරිත්වය හා යහපාලනය ගැනත් ප්‍රශ්නයක් පැවතිණි. පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් එදා පුරා පැය තුනක් බණ දේශනා පවත්වත්දී යහපාලනය ගැන කතා කළ බවක් අපට නම් මතක නැත. සෝම හිමියන් අපවත්වී වසර 11 ක් ගෙවුණේ ඉකුත් සිකුරාදාය. එදා උන්වහන්සේගේ අභාවයෙන් ඇතිවූ බෞද්ධ ප්‍රබෝධය නිසා මන්ත්‍රීකම් දිනා ගත් භික්‍ෂුන් මෙන්ම ගිහියන්ද සෝම හිමි පැතූ බෞද්ධ රාජ්‍ය අමතක කර

විරුද්ධ පක්‍ෂ කණ්‌ඩායම්වලට යහපාලනය මෙන්ම විධායක ජනපතික්‍රමය මතක් වූයේ ජනපති මහින්ද රාජපක්‍ෂ පාලනය පෙරළා ගැනීමට කිසිම සටන් පාඨයක් නොවූ විටය. යහපාලනය වෙනුවෙන් අරාබි වසන්තය ඇරඹුනේ 2010 දෙසැම්බර් මාසයේදීය. මුලින්ම ටියුනීසියාවේ ජනපති බෙන්අලි පලවා හැරීය. පසුව අරාබි වසන්තය ඊජිප්තුවට, ලිබියාවට, යේමනයට පැතිරී සිරියාවේ කැරැල්ල ආරම්භ විය. අරාබි වසන්තයට පින්සිදුවන්නට සිරියානු වැසියන් ලක්‍ෂ දෙකක් ඝාතනය වී අවසානය. දැන් යහපාලනය වෙනුවෙන් සිරියානු වැසියෝ දිවි දෙති. අරාබි වසන්තයේ එක් සුජාත දරුවෙක් ලෙස සුන්නි වහාබ්වාදි අයි.එස්.අයි.එස්. යක්‍ෂයාද බිහිවිය. ජනාධිපතිවරණ වේදිකාවල යහපාලනය පවුල්වාදය ගැන වෛරී ප්‍රකාශ නිකුත් කරන කිසිවෙක් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සිදුවූ ඊනියා අරාබි වසන්තය හරහා මියගිය ලක්‍ෂ ගණනක් දෙනා ගැන කතා කරන්නේ නැත.
අරාබි වසන්තය පිළිබඳව බටහිර ලෝකය බෙහෙවින් සතුටු වූවා සේම මෙවර ජනාධිපතිවරණයේ දී රාජපක්‍ෂ ජනාධිපතිවරයා පරාජය වනු දැකීම සියලු විදේශ බලවේගවල ඒකායන ප්‍රාර්ථනය බව අමුතුවෙන් කිවයුතු නැත. International Crisis Group නමැති සංවිධානය ඉකුත් 09 වැනිදා මෙරට ජනාධිපතිවරණ ගැන නිවේදනයක් නිකුත් කර ඇත. එහි සඳහන් වන්නේ මුස්‌ලිම් ඡන්ද වැලැක්‌වීම සඳහා බොදුබල සේනාව ක්‍රියා

-චතුර පමුණුව
[දිවයින]
යුතුකම සංවාද කවය
www.yuthukama.com
චතුර පමුණුව අප හඳුනන්නේ හෙළ උරුමය , විසේෂයෙන් චම්පික රණවක රතන හිමි ආදීන් වෙනුවෙන් කොන්දේසි විරහිතව පෑන මෙහෙයවපු මාධ්‍යවේදියෙක්, ජාතිකවාදියෙක් විදියට.
ReplyDeleteචම්පිකලාගේ මග වරද්දාගැනීම ඔහු ප්‍රතික්ෂේප කරන බවයි මේ ලිපිය බැලුවම පෙනෙනේ.
"දුටුගැමුණු රජු විසින් එළාර රජු පරාජය කර යළි රට එක්‌සේසත් කිරීම ගැන අප නැවත නැවතත් සිහිකරමු. එලෙසම ජනාධිපතිවරයා මීට වසර 5 කට පෙර ප්‍රභාකරන් ඇතුළු කොටි ත්‍රස්‌තනඩය සහමුලින්ම වනසා රට මුදා ගැනීම මෙතරම් ඉක්‌මනින් අමතක කිරීම සුදුසුද? එනිසාම සිංහල බෞද්ධයා කිසිවිටක අකෘතඥයකු විය යුතු නැත. ජනතාවට අවශ්‍ය තීන්දුව ඔවුන් විසින් ගනු ඇත. නමුත් අරාබි වසන්තය මෙරටට කැඳවන අමන තීරණ ගත යුතු නැත. මීට වසර පහකට පෙර රට තිබුණු අයුරු අමතක කිරීම කිසි ලෙසකින්වත් කළ යුතු නැත.
ReplyDelete"