12/23/2014

සිරිසේන මහතා වටා රොක් වීම

කතෘ:යුතුකම     12/23/2014   1 comment

විධායක ජනපති ධූරය දිගටම පවත්වාගෙන යමි

අපේක්ෂකයකු සොයාගත නොහැකිව විපක්ෂය ලත වන අතර මාදූළුවාවේ සෝභිත හිමියන් වහන්සේ ඉදිරියෙන් වඩින සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරය මුල් වී මිනිහෙක් නැති විපක්ෂයට මිනිහෙක් වෙනුවට කාරණාවක් සකස් කර දුන්නේය. එම සංවිධානය තුළ මහාවංශය මුසාවක් යැයි පවසන, දෙමළාගේ නිජබිම සිංහලයන් විසින් ආක්‍රමණය කර ඇතැයි කියන, සිංහල ජාතිකත්වය මෙරටට ඇති පිළිලයක් සේ සලකන දෙමළ ජාතිවාදී මතය දරන්නෙකු වන නිර්මාල් රංජිත් දේවසිරි වැන්නන්ද ක්‍රියාකාරීය. ඔහු එම සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශකයාද වේ. සෝභිත හාමුදුරුවන්ගේ චේතනාව යහපත් දැයි අපි නොදනිමු. යහපත් චේතනා වුව, ඊට වඩා වෙනස් චේතනා ඇති ජාතිවාදීන් සමඟ එකට ක්‍රියාකර සපල කරගත හැකි නොවන බව අපගේ අදහසයි.

කෙසේ වෙතත් උන්වහන්සේ විසින් ඇති කරන ලද පසුබිම තුළ රතන හාමුදුරුවන්ගේ පිවිතුරු හෙටක් සංවිධානයද ක්‍රියාකාරී වී විපක්ෂය තුළ අපූරු එකතුවක් සෑදීමට යුහුසුලුව ක්‍රියා කළහ. ඒ අපූරු එකතුව තුළ අපකීර්තිමත් චන්ද්‍රිකා හා රනිල්ට අමතරව සිංහල ජාතිය ගැන හරි කැක්කුමකින් කතා කළ චම්පික මෙන්ම අසාද් සාලි හා මනෝ ගනේෂන්ද සිටිත්. සම්බන්ධන් ඉත සිතින් මෙයට සහය දෙයි. ඒ සහාය කොපමණ ත්‍රිවුරද යත් තමන් එයට සහය දෙන බව සෘජුව කල් ඇතිව කීවොත් රටේ දකුණෙන් මේ කැඳ හැළියට පාඩු වේ යන සෙනෙහසින් සිය මනාපය සිත තුළ තෙරපමින් එළියට නොදමා ඇතුළේ තබා ගෙන සිටියි. නමුත් ගහ දන්නා අපට කොළ කඩා පෑමට වුවමනා නැත.

විධායක ජනපති ධූරය සඳහා වූ විරෝධතාවය හුදු ව්‍යාජයක් පමණි. දැන් ඔවුන් ඒ ගැන කතා කරනවාට අකමැතිය. ප්‍රතිපත්ති ප්‍රකාශන‍යේ විධායකය අහෝසි කරනවා යැයි කියන්නේ නැත. එහි ඇත්තේ කැබිනට්ටුව හරහා පාර්ලිමේන්තුවට වග  කියන ජනාධිපති ධූරයක් ඇති කරන බවයි. ඒ කියන්නේ දැන් ඇති ක්‍රමයමය. ඊටත් වඩා විල්ම්භීත වගන්තිය වන්නේ ජනමත විචාරණයකට යා යුතු කිසිදු වෙනසක් ව්‍යවස්ථාවට සිදු නොකරන බව පැවසීමය. දැන් මෙරට පවත්නා නීතිය අනුව විධායකය, ව්‍යවස්ථාදයකය හා අධිකරණය යන ආයතන තුනෙන් එකකට ඇති බලයක් අනෙක් ආයතනයකට පැවරෙන්නේ නම් ජනමත විචාරණයකට යා යුතුය. සිරිසේන මහතා  එවැනි ජනමත විචාරණයකට නොයන බව වෙසෙසින්ම සඳහන් කරයි. එමඟින් ඔහුගේ කළින් වගන්තියෙන් ගම්‍යය වූ විධායක ජනපති ධූරය දිගටම ක්‍රියාත්මක වන බව තහවුරු කෙරේ. එතෙකින් නොනවතින ඔහු තවමත් අත්සන යොදන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා ලෙසිනි. දැන් රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පාක්ෂිකයාට ඇත්තේ බැඳගත් බෙරය නොවයා සිටිය නොහැකි තත්වයකි. බෙරය, තාලය හා හඬ අනුන්ගේය.

චන්ද්‍රිකාට නොරිස්සූ ශ්‍රීලනිප පදනම


චන්ද්‍රිකා මැතිණියව ඔසවාගෙන ආවේ සහ ඇය ළංකර ගෙන සිටියේ එන්, ජී. ඕ කාරයන්ය. එකල, උන් මෙහි කෙරුමන් වී සිටි අයුරු අපට මතකය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආවේණික වූ හැඩය ඇය විකෘති කර දැමුවාය. ඇය එදත් පක්ෂ නායිකාව වශයෙන් සිටිමින් ක්‍රියා කර සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජාතිකත්ව පදනම ගලවා වෙනත් දියාරු පදනමක් උඩ එම පක්ෂය ප්‍රතිෂ්ඨාපනය කිරීමටයි. බහුජාතික, බහුආගමික, බහුසංස්කෘතික රටක් ගැන ඇය නිතර නිතර පවසනවා අපට මතකය. පදනමක් ගලවා වෙනත් පදනමක් එලෙස සවි කළ නොහැක. එසේ කරන්නට ගියහොත් සමස්ථයම සිදී බිදී යනු ඇත. ජනතාව ඇයගේ පදනම් මාරුවට ප්‍රතිචාර දැක්වූයේ, එකල ඉතා ප්‍රඥාවන්ත ලෙස සමාජවාදය වෙත යන ගමන වැටී ඇත්තේ ජාතික නිදහස් අරගලය ඔස්සේ යයි විශ්වාස කළ ජවිපෙ වෙත ආකර්ෂණය වීමෙනි. අවාසනාවකට ජවිපෙ තුළ සිදු වූ කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් ලෙස ඒ ප්‍රඥාවන්ත මඟෙන් ඔවුහූ ඈත් වූහ. මහින්ද රාජපක්ෂ අතින් සිදු වූ වැදගත්ම කාර්යයක් වූයේ චන්ද්‍රිකා විසින් දෙදරවා හරින ලද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පදනම යළි නිවැරදි ආස්ථානයක පිහිටුවීමයි.

චන්ද්‍රිකා පිටුපස අද දේශීය වශයෙන් බලයක් ඇත්ද? ඇයට අද මෙහි ඇති ජන පදනමක් නැත. එසේ නම් ඈට ඇති හයිය කුමක්ද? කිසිදු ජන පදනමක් නැති ඇය අද චරිතයක් වී ඇත්තේ කෙසේද? ඇය පසුපස ඇත්තේ තානාපති කාර්යාලයි. ඇයට ඇත්තේ ඒ හයියයි. මේ විදෙස් බලවේගවලට ඇති වුවමනාව අනෙකක් නොව, මෙරට ජාතිකත්වය වැනසීමයි. ඒ අරමුණ මේ ක්‍රියාදාමයේ මුල සිටම සිටි නිර්මල්ලාගේ ජාතිවාදී අභිලාෂය සමඟ, අසාද් සාලිලාගේ අරමුණ සමඟ, සම්බන්ධන්ලාගේ හා මනෝ ගනේෂන්ලාගේ අරමුණු සමඟ එළිපිටම පෑහේ.  චන්ද්‍රිකා, බණ්ඩාරනායක කෙනෙකුට වඩා කුමාරතුංග කෙනෙකු බව දන්නා බටහිරයන්ට ඇය වටිනා සම්පතකි. එම විජාතික බලවේගයන් විසින් දෙවන වරට ඇය භාවිතා කරන්නේ නැවත වරක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැබලි කරවා එය දුර්වල කරවා අවසාන වශයෙන් ඔවුනගේ අරමුණ වන මෙරට ජාතිකත්වය දුර්වල කර දැමුමයි. එය කරවා ගත යුත්තේ සිංහලයන්ගේ කතිර හරි මැදින් දෙකට බෙදවා සිංහලුන්ගේ බලය නිෂේධනය කර බෙදුම්වාදී ජාතිවාදී බලය ඉස්මතු කරවා ගැනුමෙනි. එක ගලින් කුරුල්ලො කිහිප දෙනෙකි.

රනිල් මහතා ආදර්ශ පුද්ගලයෙකු ලෙස

ඒ අරමුණ, රනිල් වික්‍රමසිංහලාගේ අරමුණ හා ඇති සහසම්බන්ධය කුමක්ද? රනිල් මහතාට මෙරට සිංහල ජාතිකත්වය  සමඟ නිර්මාල්ලාට හෝ සම්බන්ධන්ලාට හෝ මෙන් ආරෝවක් නැතිය. ඔහු ජාතිවාදීනට හිතකර අයුරින් ක්‍රියාකර ඇතත්, ඔවුන් මෙන් (දෙමළ) ජාතිවාදියකු නොවේ. රනිල් වික්‍රමසිංහ මෙතැනට පෑහෙන්නේ සිංහල ජාතිකත්ව පදනම විනාශ කර දැමුම සඳහා ගත යුතු ක්‍රියා මාර්ගය ගැන විජාතික බලවේගයන්ට ඇති නිවැරදි අවබෝධය මතයි. ඒ සඳහා කළ යුතු එක් වැදගත් පියවරක් නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දුර්වල කර දැමුමයි. රනිල් මහතා ඊට කැමති නොවන්නේ මන්ද? නමුත්, මේ සියල්ල අවසානයේ දුර්වල වන්නේ එජාපය බවට තහවුරු කර ගැනීම සඳහා ආණ්ඩු පාර්ශවයෙන්ද ප්‍රතිකුමන්ත්‍රණයක් දියත් විය. කුමන්ත්‍රණය සැලසුම් කරද්දී එහි ප්‍රතිපලයක් ලෙස පැන නැගිය හැකි ප්‍රතිකුමන්ත්‍රණයකට මුහුණ දීමට සූදානමක් විපක්ෂය තුළ නොවීය.

කෙසේ නමුත් තිස්ස අත්තනායක මහතා හෙළිදරව් කළ සිරිසේන-රනිල් ගිවිසුමෙන් පෙනෙනා එක් වැදගත් කාරණයක් නම් රනිල් වික්‍රමසිංහ බටහිර යටත්විජිතවාදී අරමුණු හා කොතරම් අනුගත වූ අයෙක්ද යන්නයි. අනගාරික ධර්මපාලතුමා පැහැඳිලි කළ පරිදි සුද්දන්ට මේ රට භාර දී යාමට වුවමනා වූ කළු සුද්දෙකු සඳහා පෙන්විය හැකි ආදර්ශ පුද්ගලයෙකු නොවේද ඔහු? බෙදුම්වාදය නව යටත්විජිතවාදයේ ප්‍රධානතම සංරචකයක් ලෙස මෙරටට පොම්ප කරන සමයක ඔහු බෙදුම්වාදී වන්නේ යටත්විජිත මානසිකත්වයක් ඇත්තෙකු ලෙසිනි. සියළුම ජාතිවාදීන්ට ඔහුගේ පිළ වඩා උචිත ඒ අර්ථයෙනි.

ධාරාවෙන් එපිට රැළි  මත නැගුණු චම්පික

බෙදුම්වාදී ජාතිවාදී සංරචකයන් සමඟ රනිල් සහ චන්ද්‍රිකා පෑහීමේ හේතු අපි දැන් පැහැඳිලි කර ගතිමු. එහෙත් අහෝ හෙළ උරුමයේ චම්පිකලා!

ඒ පැත්තට ගිය ගම්මන්පිලට රෑට නින්ද නොගිය බව ඔහු පැවසුවේය. එය එසේ විය යුතුය. තම රට ජාතිය ගැන ප්‍රතිඥා දී දේශපාලනය කරන්නවුන් ඊට විණ කිරීමට අර අදින බලවේග සමඟ එකට සිට ගන්නේ කෙසේද? එසේ කරන්නට සිදු වූ කළ ඔවුනට රෑට නින්ද යනවා නම් එය ලෙඩකි. ඒ ලෙඩේට බෙහෙත් ඇත්තේ ජනතාව සතුවය. ප්‍රතිකාර කිරීමට ප්‍රථම රෝගියා නිරීක්ෂණය කර රෝග නිධානය හඳුනා ගැනීම සිංහල වෙද ක්‍රමයයි.

චම්පික රණවක මහතා සිය දේශපාලන භාවිතාව තුළ රැලි හඹා ගිය අයෙකි. ඔහු ජාතික බලවේග සමඟ ස්ථාවරව එකට සිටගන්නවාට වඩා කෙටිකාලීන රැලි මත නැගීමට කැමත්තක් දැක්වීය. ජාතික හෙළ උරුමයේ බිහිවීමම රැල්ලකි. එම රැල්ලට, රැල්ල විනා තමන් සිටිය යුතු ධාරාව ගැන නිරවුල් අවබෝධයක් නොවීය. කෙසේ නමුත් රනිල්ගේ රට පාවා දුන් ගිවිසිමට එරෙහිව ජාතික බලවේග (එකල ජවිපෙ ද ජාතික ව්‍යාපාරය තුළ සිටියේය) විසින් නිර්මාණය කරන ලද රැල්ලට හෙළ උරුමයද දායක විය. එම රැල්ල ජාතික බලවේගයන්හි ධාරවට මෙන්ම මෙරටටද අත්‍යාවශ්‍යය රැල්ලක් විය. ඉන් පසු යුද්ධයට සහය දුන් හෙළ උරුමයට යුද්ධයෙන් පසු පැහැඳිලි රැල්ලක් නැති වකවාණුවක් ගත කරන්නට සිදුවුනි. ඒ කාලය තුළ චම්පික අමාත්‍යවරයාට විදුලි බල ඇමති ධූරය අහිමි විය. එසේත් නැතිනම් අහිමි කෙරිනි. ඉන්පසු මේ රට තුළ නැගුනු රැල්ල වූයේ මුස්ලිම් ජාතිවාදයට එරෙහිව නැගුනු රැල්ලයි. ඒ සඳහා බලපෑ හේතු සාධාරණ විය හැකි වුවත් එය ජාතික බලවේග මේ දක්වා ගමන් කරමින් උන් ප්‍රඥාසම්පන්න ධාරාවට අවැසි දිශාවට හා උචිත උසට නැගුනු රැල්ලක් නොවූ බව අපගේ අදහසයි. විමල් වීරවංශ මහතා එම රැල්ල විවේචනය කළේය. රණවක මහතා හා හෙළ උරුමය එම රැල්ලේ ද එල්ලුනි. අවැසි විටකදී (සැම විටම නොව) ඒවා විවේචනය බැරෑරුම් දුෂ්කර අභියෝගාත්මක කාර්යයකි. රණවක මහතා එදා සිට අද දක්වාම තෝරා ඇත්තේ එම ජනප්‍රියවාදී රැලිවලට ගොඩ වීමේ පහසු ක්‍රමවේදයයි.

මුස්ලිම් අන්තවාදයට එරෙහිව නැගුණු රැල්ල යට යනවාත් සමඟම ඊළඟට නිර්මාණය කළ රැල්ල විධායක ජනපති ධූරය අහෝසි කිරීම හා බැදූනු එම ධූරයට එරෙහිව ගොඩනැගුණු නව රැල්ලයි. එම රැල්ල බිහි කිරීමේ එක් ප්‍රධාන අරමුණක් නම් ඒ වටා නා නා මත දරන පක්ෂ කිහිපයකට එක්වීමට සළස්වා ඒ තුළින් ඊනියා පොදු අපේක්ෂකයකු බිහි කරවා ගැනීමයි. රැල්ලෙන් රැල්ලට ගිය චම්පිකලා එම රැල්ලට ද එක්විය. තමා දැරූ විදුලි බල හා බලශක්ති අමාත්‍ය ධූරය අහිමි කරවීම ඒ සඳහා උත්තේජනයක් සපයන්නට ඇත. අප පවසන්නේ රැලි අනවශ්‍යය බවක් නොවේ. කිසියම් ධාරාවක අඛණ්ඩ සන්තතික ප්‍රවාහය සඳහා රැලි අත්‍යාවශ්‍යය. නමුත් දේශපාලන්යේදී ඉතාම වැදගත්ම කාරණය නම් ධාරාවයි. රැලි එම ධාරාවේ ප්‍රවාහයට ජවයක් සැපයිය යුතුය. තමන් සිටිය යුතු ධාරාව නිවැරදිව හඳුනාගනිමින් රැලි නිර්මාණය කර ගත යුත්තේ එම ධාරාවේ ගමන් මඟට ජවයක් සපයමින් එය නිවැරදි දිශාවට යොමු කර ගැනුමටය. චම්පිකලා රැලි විනා ධාරාව නොතකා හැරීය.


-ලසන්ත වික්‍රමසිංහ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. විමලසේන12/23/2014 10:23 AM

    සිරිසේන මහතා පොඩි ළමයින්ට දුන් හෙලිකොප්ටර් සහ ඇමරිකාවේ බකිංහැම් මාළිගයෙන් ගෙනා අශ්වයන් ගැන මුසා බස් දොඩමින් ගුවන් තොටුපළ නව වැනිදා සිට වසා දමා අපට ඕනා අයට විතරක් ඉන් පිටවන්නට දෙන බවක් දොඩවයි.

    අපට එතුමාට කියන්නට ඇත්තේ "හා..හා..සිරිසේන, තේමා පාඨය! තේමා පාඨය!" කියායි.

    එතුමාගේ තේමා පාඨය මෛත්‍රී පාලනයක් යන්නයි. සරත් ෆොන්සේකා මහතා වෛරයෙන් සිටින බව පෙනෙන්නට තිබීම ඔහුට පාඩුවක් විය. එය මැනවින් දත් මොවුහූ මෙදා පාර මෛත්‍රිය තේමා පාඨය කර ගත්තේය. නමුත් හිටි ගමන් ඇතුලේ ඉන්නා සතා අවදි වී තේමා පාඨය අමතක වෙයි. සිරිසේනගේ සහායට එක්වූ පාඨලීට අද මහින්දට වඩා ප්‍රභාකරන් හොඳ වී ඇත. මහින්ද සමඟ මොන අමනාපය තිබුනත් උන්මත්තකයකු නොවන බත් කන මිනිහෙක් එසේ කියාවිද? මහින්ද ප්‍රභාකරන්ට වඩා නරක් වී තිබුනේ ත්‍රස්තවාදීනටය. දෙමළ කොටි ඩයස්පෝරාවටය. උන් පසු පස සිටිනා අධිරාජ්‍යවාදීන්වත් මහින්ද නරකයි කීවද ප්‍රභාකරන් ඊට වඩා හොඳයි කියන්නේ නැත. ඒ මඟින් පෙනෙන්නේ චම්පිකලා වෛරයෙන් අද ත්‍රස්තවාදීන්ගේ අන්තයට ගමන් කරන සිටින බව නොවේද? වෛරය ඉතා භයානක ප්‍රතිපල අත්කර දෙන්නක් බව චම්පිකලා අශ්‍රය කරන අපේ පින්වත් භික්ෂූන් වහන්සේ නමක්වත් කියා දෙන්නේ නම් ඉතා යහපති.

    මේ ගැන මෙලෝ වග විභාගයක් නැති අඥාන සිංහලයන් අතරින් පිරිසක් එක්වරම අළුතින් ඉපදුනු පුරුෂයකු මල්මාලා දමා පිළිගැනීමට ඉත සිතින් සැරසී සිටිති.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions