12/17/2014

ජනාධිපතිරණයේ තීන්දුව කුමක්ද?

කතෘ:යුතුකම     12/17/2014   1 comment

- නීතීඥ ගෝමින් දයාසිරි

මෙය ජාතියකට ජීවිතයත් මරණයත් අතර සටනක් බඳු වන අතර, මොහොතක මනෝ විකාරය නිසා රටකට සිදු විය හැකි විශාල වරදක් නිර්මාණය නොවීමට එම තීරණයට එළැඹුන දේශපාලන පක්ෂවල දැවැන්ත පරාවර්තනයක් අවශ්‍යය.
මා අඹ යහළු ජෝ ජේ. උපන්ගෙයි එක්සත් ජාතික පාක්ෂිකයෙකි. එහෙත් ඔහු දන්නා දේශපාලනයක් හෝ ඒ පිළිබඳ තැකීමක් හෝ නොමැත. පක්ෂ සාමාජිකත්ව කාඞ්පතක් නොමැති වුව ද අවංක ජෝ තම රට හා පක්ෂය වෙනුවෙන් පෙනී සිටින්නෙකි. ඔහුගේ අභාවප‍්‍රාප්ත මව්පියන්ගේ ඡුන්දය හිමි වූයේ ද එක්සත් ජාතික පක්ෂයට බැවින් පවුලේ ආර රැකගනිමින් පරම්පරාගත එක්සත් ජාතික පක්ෂයට ඡන්දය ලබා දෙයි. ෆොන්සේකා තරග කළ අවස්ථාවේ ඔහු කිසිවක් නොකර සිටියේ ය. ඔහුගෙන් එක්සත් ජාතික පක්ෂයට හෝ පක්ෂයෙන් ඔහුට හෝ කිසිදු ප‍්‍රතිලාභයක් අත් නොවී ය. දේශපාලනය කෙරෙහි ජනතා බැඳීම අර්ථ ශූන්‍ය හා පෞද්ගලික කරුණු මත පදනම් වූවකි.
එක්සත් ජාතික පක්ෂය  ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අනුක‍්‍රමයෙන් අහිමි කරගනිමින් සිටින බව ද, බලයේ සිටින රජයට එරෙහි විශ්වසනීය අපේක්ෂකත්වයක් පිළිබඳව තවමත් සලකා බලමින් සිටින බව ද ජෝ ජේ. වටහාගෙන සිටියේ ය. මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය තම ග‍්‍රහණය දැඩි කරනු ඇතැයි ජෝ ජේ. සිතා සිටිය ද ඒ සම්බන්ධයෙන්  ඔහු සතුටුදායක කිසිවක් කළේ නැත. ජනරාල් ෆොන්සේකාට මාර්ගය තනා දීම වටහා ගැනීමට අසීරු වුව ද, එය වැඩිදුර සිතා නොබලා කළ කි‍්‍රයාවක් බව ඒත්තු ගැන්වීය. ජනරාල් ෆොන්සේකා යුද වීරයකු වු අතර මැතිවරණය පැවතියේ ඔහුගේ යුද ජයග‍්‍රහණයෙන් කෙටි කලකට පසුව ය. මෙම කාරණය මත යටත් පිරිසෙයින් කතාබහෙන් හෝ් ඔහු ජයග‍්‍රාහී අපේක්ෂයා ලෙස පෙනී ගියේ ය. වසර පහක් ගෙවී ගියේ ය. එහෙත් එක්සත් ජාතික පක්ෂයට තවමත් අපේක්ෂකයකු සොයා ගත නොහැකි වී තිබේ. මෙය එතරම් හොඳ දෙයක් නොවේ.

මෙයින් අදහස් කරනුයේ මෙකී අභියෝගය බාර ගැනීමට තම නායකයාට ඇති ශක්‍යතාව පිළිබඳ විශ්වාසයක් එක්සත් ජාතික පක්ෂයට නොමැති බව ද? එසේ නම් හුදු අරුමෝසම් අභිප‍්‍රායක් උදෙසා ඔහු නායකත්වයේ තබා ගෙන සිටින්නේ මන් ද? නැතිනම් මේ නායකයා  නූතන සිරිසඟබෝ ලෙස සැලකිය හැකි පරාර්ථකාමී පුද්ගලයෙක් ද? සුදුසු අපේක්ෂකයකු සොයා ගැනීමට තරම් එක්සත් ජාතික පක්ෂයේ පුද්ගලයන් නොමැති ද? එක්සත් ජාතික පක්ෂය නායකයා වෙනුවට ආදේශකයකු අභිෂේක කොට, සිදුවන්නේ කුමක් දැ යි පසෙකට වී බලා සිටිනවා ද? පාක්ෂිකයන්ට ද පවසා සිටින්නේ ඒ අයුරින් කි‍්‍රයා කරන ලෙස ය. පාක්ෂිකයාට තම අභිමතයට අනුව කි‍්‍රයා කිරීමට අවස්ථාවක් නොමැත. පාක්ෂිකයන් කළ යුත්තේ කුමක්දැයි තීරණය කරනු ලබන්නේ පක්ෂ නායකත්වය විසිනි. මම එක්සත් ජාතික පාක්ෂිකයකු නොවෙමි. එහෙත් මා මිතුරු එක්සත් ජාතික පාක්ෂිකයන්ට පැවසිය යුත්තේ එක්සත් ජාතික පක්ෂය ඔවුන්ගේ සැබෑ විභවය නොදන්නා අතර සදාකාලික පරාජිත මානසිකත්වයක් උරුම කරගෙන ඇති බවයි.
අහිංසක සිරිසේන කවුරුන් ද? ඔහු ඉසිලිය නොහැකි බරක් සහිත රුදුරු මාතාවක පිට මත තබාගෙන සිටින්නෙකි. වැඩි කාලයක් ඔහුට මේ බර දරා සිටිය නොහැකි වනු ඇත. ජනාධිපතිවරියක ලෙස චන්ද්‍රිකාගේ් පසු වාර්තා ඔහුගේ ජයග‍්‍රහණයට එතරම් බලපෑමක් ඇති නොකරනු ඇත. එක්සත් ජාතික පක්ෂය චන්ද්‍රිකාගේ  දැලට හසුවූවා ද? ව්‍යවස්ථාව කියවා බලන්න. විධායක ජනාධිපති ක‍්‍රමය නම් උත්කෘෂ්ට තනතුර අහෝසි කිරීම තුනෙන් දෙකක බලයක් නොමැතිව කළ නොහැකි ය. කිසිවකුට තුනෙක් දෙක නමැති මැජික් සංඛ්‍යාංකය වෙත ළඟා විය නොහැකි වනු ඇත. සත්‍යය වටහා ගන්නවා විනා සිහින ලෝකවල ගිලී නොසිටිය යුතුය. ජනාධිපති තනතුර දරන්නා තම ධුර කාලය අවසන් වන තෙක් එහි හිමිකරුවා ය. ජනතාව සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙස පත් කර ගත්ත ද ඒ සඳහා තුනෙන් දෙකක බලයක් ලබා ගන්නා තෙක් එම තනතුරට පත්වීමට ව්‍යවස්ථාවෙන් අවසර නොලැබේ. ඇතැම් විට පසුබිමේ සිටින ඔහුගේ ආරක්ෂක මාතාව ඇගෙන් ගිලිහුණු බලය නැවත ලබා ගැනීම සඳහා වෙනත් උපක‍්‍රමයක් කි‍්‍රයාත්මක කරනු ඇත.  දීර්ඝ කාලයක් මුළුල්ලේ දේශපානඥයන්ගේ පොරොන්දුවලින් පීඩාවට පත් ඔබ කිසි දිනෙක ඔවුන් කෙරෙහි විශ්වාසයක් නොතැබිය යුතු ය. ඔබ සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයකු නම් ඔබෙන් ම ඇසිය යුතු සරල ප‍්‍රශ්නයක් තිබේ. ඔබට වඩාත් විශ්වාස කළ හැකි නැඹුරුතාවක් ඇත්තේ් කවුරුන් කෙරෙහි ද? රනිල් වික‍්‍රමසිංහ ද නැතිනම් චන්ද්‍රිකාගේ සහාය ඇතිව හෝ නැතිව එන මෛති‍්‍රපාල සිරිසේන කෙරෙහි ද?
මා මිත‍්‍ර ජෝ ජේ. ඇතුළු බොහෝ එක්සත් ජාතික පාක්ෂිකයන්ට පැන නැඟී ඇති ප‍්‍රශ්නය වන්නේ  එක්සත් ජාතික පක්ෂය තරගයෙන් ඉවත් වීම මත නැවත චන්ද්‍රිකා යුගයක් කරා යාමේ වැදගත්කමත් තිබේ ද? යන්න ය. සිරිසේන ජනාධිපති වුවහොත් චන්ද්‍රිකා පසෙකට වී බලා නොසිටිනු ඇත. අධිකරණ තීන්දු මඟින් එළිදරව් වූ මහා පරිමාණ වංචා සහ සෘණාත්මක වර්ධන වේගයක් පැවැති කාලය මෙන් තවත් සය වසරක කාලයකට අප නැවත ගමන් කරනවා ද? යුද්ධය ජයග‍්‍රහණය කොට සාමය උදා වී රට සංවර්ධන මාවතට පිවිසී තිබුණ ද තවමත් ලෝකාපවාදයෙන් ගැලවිය නොහැකි වී තිබේ. කිසියම් ආකාරයකට රාජපක්ෂ පාලනය සෙලවීම සම්බන්ධයෙන් එක් වරක් හෝ චන්ද්‍රිකාට ජනතා ප‍්‍රසාදය හිමි විය යුතු ය. මේ හේතුවෙන් රජයට බොහෝ දේ පිළිබඳව හා එයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ ව දැඩි ලෙස නැවත සිතා බලන්නට සිදු වී ඇත.
මතු බලාපොරොත්තු තබා ගත හැකි අපේක්ෂකයකුට වඩා තම අභිමතයට ගැලපෙන අයුරින් ඡන්දය ප‍්‍රකාශ කිරීමට ජනතාව පුරුදුව සිටිති. ඔවුහු තමන්ට හොඳ යැයි හැෙඟන පුද්ගලයාට ඡන්දය භාවිත කරති. 50 වසරක් මුළුල්ලේ ජන්ද බලය හිමි ජනතාව මෝඩයන් රැලක් නොවේ. ඩාර්ලි පාරේ ඒ. සහ බී. නමැති විනාශකාරී කණ්ඩාම්වලට අවස්ථාව ලබා දී එක්සත් ජාතික පක්ෂය පසෙකට වී සිටීමට තීරණය කිරීම හේතුවෙන් ජනතාවට අත් වූයේ සීමිත අවස්ථාවකි. එක්සත් ජාතික පක්ෂය සීතල කාමරකට වී නිකම් බලා සිටින අතරතුර ඇතිවී ඇති ව්‍යාකූල තත්ත්වය මත, ජනතාව තමන් දන්නා යක්ෂයා තෝරා ගැනීමට තීරණය කරනු ඇත.
රනිල් වික‍්‍රමසිංහ සියල්ලන්ගේ සෙනෙහෙවන්තයකු නොවේ. ඔහු මහමඟ දරුවන් සුරතල් නොකරයි. මධුර භාෂණ හෝ ඔහු අපේක්ෂාවෙන් සිටින ජනතාව අතර තෙරපෙමින් මහජන සම්බන්ධතා ගොඩ නඟා ගැනීමේ සිහින ඔහු තුළ නොමැත. එහෙත් ඔහු බුද්ධිමත් සහ පිරිසුදු පුද්ගලයෙකි. රනිල් හෝ පේ‍්‍රමදාස හෝ කරු හෝ සමග සිරිසේන  හා චන්ද්‍රිකා තැබූ විට චන්ද්‍රිකා පසුපස පැමිණෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විවිධ අදහස් සහිත විවිධ චරිතයන් ය. ඔබ එක්සත් ජාතික පක්ෂයට ජන්දය දෙනවා නම් එය දිය යුත්තේ කා හට ද? ඔබගේ නිවසේ සිටින පුද්ගලයකු එළවා දැමීමට පිටතින් පුද්ගලයකු රැගෙන එනවා ද?
අපේක්ෂකයකු ජනාධිපති තරගය සඳහා බොහෝ කලක සිට සූදානම් විය යුතු ය. පුද්ගලයකු එක් රැයකින් තෝරා ජනතාව අතරට තල්ලූ කොට රාජ්‍ය පාලනය සඳ ඔහු පත් කර ගැනීමට ඇති ප‍්‍රමුඛ සුදුසුකම වන්නේ වසර ගණනාවක් මුළුල්ලේ අපිරිමිත ප‍්‍රතිලාභ ලද තම පක්ෂයෙන් අවසන් මොහොතේ ඉවත් වීම ද?  පුද්ගලයකු තමා ඉදිරියේ ඇතිවිය හැකි  ප‍්‍රතිඵලය වටහා නොගෙන මේ මොහොතේ යසස පිළිබඳව පමණක් සිතා තීරණ ගැනීම අසාධාරණ ය. මේ පිළිබඳ ව ඔහු සිතා බැලිය යුතුව තිබිණි.
මෙය ජාතියකට ජීවිතයත් මරණයත් අතර සටනක් බඳු වන අතර, මොහොතක මනෝ විකාරය නිසා රටකට සිදු විය හැකි විශාල වරදක් නිර්මාණය නොවීමට එම තීරණයට එළැඹුන දේශපාලන පක්ෂවල දැවැන්ත පරාවර්තනයක් අවශ්‍ය ය.  රටට අවශ්‍ය රටේ දිග පළල හඳුනන, පක්ෂ ධුරාවලියේ උත්තේජනය මතින් ජයග‍්‍රහණය කරා ළඟා විය හැකි අපේක්ෂකයෙකි. ඒ සඳහා අවශ්‍ය වන්නේ කුපිත වූ රටවලින් බන්දේසියක තබා පුදන මුදලට නැමෙන පුද්ගලයකු නොව දැඩි හදවතක් සහිත පුද්ගලයෙකි. ඔහුට  ඕපපාතිකයකු විය නොහැකි ය. යුද ජයග‍්‍රහණය සඳහා ජනරාල්වරයා රට මෙහෙය වූ ආකාරය දුටුව ද බොහෝ දෙනෙක් ඔහුු වෙනුවෙන් ඡන්දය භාවිත කිරීමට උනන්දු වූයේ නැත.  ජනාධිපතිවරයකු තෝරා පත් කර ගැනීම මුළුතැන්ගෙයි කටයුතු සඳහා කෝකියකු තෝරා ගැනීමක් වැනි කාර්යයක් නොවේ.
එක්සත් ජාතික පක්ෂය නැගිටවීම සඳහා කෙරෙන අනතුරු හැඟවීමේ සංඥාව ප‍්‍රමාණවත් නොවේ. මේ වන විට ඝඨිකාව නැවතී ඇත. පක්ෂයට අවශ්‍යව ඇත්තේ කම්පන ප‍්‍රතිකාරයකි. අවශ්‍ය තරම් දක්ෂයන් පක්ෂ අභ්‍යන්තරයෙන් හමු නොවූ බව ඉහළ ස්ථරය ප‍්‍රකාශ කරයි. මේ පැරණි දැවැන්ත පක්ෂය ප‍්‍රථමයෙන් එක්සත් විය යුතු ය. දෙවනුව එය අව්‍යාජ ලෙස ම ජාතික විය යුතු ය. තෙවනුව හුදෙක් පක්ෂය නමැති බෝඞ් ලෑල්ලකට සීමා නොවිය යුතු ය.
ජනාධිපතිවරණයෙන් පසු එළඹෙන මහා මැතිවරණය එක්සත් ජාතික පක්ෂයට දෙවැනි අවස්ථාවක් උදා කර දෙයි. ඇතැම් විට කිසිදු පක්ෂයක් රජයක් පිහිටුවීම සඳහා අවශ්‍ය වැඩි ඡුන්ද සංඛ්‍යාවක් ලබා නොගනු ඇත. මෙම විවරය තුළින් දෙමළ ජාතික සන්ධානය ඔවුන්ගේ මාවත සකසා ගැනීමට උත්සාහ ගනු ඇත. දකුණේ ඇත්තේ බෙදුණු දේශපාලනයකි. උතුරේ පිරිසේ උපක‍්‍රමය වන්නේ තමන්ගේ එක්ව බැ`දුණු දේශපාලන ක‍්‍රමයට ප‍්‍රතිවිරුද්ධ දකුණේ දේශපාලන ක‍්‍රමය අකර්මණ්‍ය කිරීමට ඔවුන්ගේ ජාතිවාදි නැඹුරුව තුළින් උත්සාහ ගැනීම ය. ජාතිය ගොඩ නැඟීමේ කි‍්‍රයාවලියේ දී දෙමළ ජනතාව ගලවා ගත යුතු වන්නේ දෙමළ ජාතික සන්ධානයෙනි. ඔවුන්ගේ අරමුණ සිංහල දෙමළ ජනතාව බේදභින්න කොට ඔවුන්ගේ දේශපාලන අරමුණ දිනාගැනීමට ය. පොදු පෙරමුණත්, එක්සත් ජාතික පක්ෂයත් එකමුතුව මහින්ද රාජපක්ෂ ජනාධිපති ලෙස පත් වී රනිල් වික‍්‍රමසිංහ අගමැති ධුරයට පත් වුවහොත් සුළු ජාතිකයන් තුළ වැඩි විශ්වාසයක් ඇති වනු ඇත.
වඩාත් වැදගත් විය හැක්කේ මහින්ද රනිල් එක්ව රට පාලනය කිරීම ය. ඒ සඳහා අවශ්‍ය ව්‍යවස්ථාමය සංශෝධන සිදු කොට විදේශ කටයුතු හා මුදල් වැනි අමාත්‍යංශ එක්සත් ජාතික පක්ෂයට ලබා දී ආරක්ෂක සහ නගර සංවර්ධනය වැනි අමාත්‍යංශ එක්සත් ජනතා නිදහස් සංධානය යටතේ  තබා ගත හැකි ය. ජනාධිපතිවරණය අවසානයේ උවත් මේ සම්බන්ධයෙන් අපේක්ෂා තබා ගත හැකි වන අතර, මහා මැතිවරණයක් සඳහා සූදානම් වීමට අවශ්‍ය නොවේ.  වර්තමාන පාර්ලිමේන්තුවේ ආයු කාලය තුළ එය සිදු විය යුතු ය. නැතිනම් මැතිවරණයෙන් පසු මතුවන තත්ත්වය මත සිදු විය යුතු ය.
ව්‍යවස්ථාවෙන් තහනම් කර ඇති පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුනට පක්ෂ මාරු කිරීමට අවස්ථාව සලසා දීම සම්බන්ධයෙන් අධිකරණයට චෝදනා එල්ල වෙයි. එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරුන් වැඩි පිරිසක් පක්ෂ මාරු කළ එම කාලයේ අධිකරණයටත් ඉහළින් බලයේ සිටියේ කවුරුන් ද? ව්‍යවස්ථාවට විවිධ අර්ථකථන දෙමින්  ඒ හා දේශපාලනය  වැද්දුම් කිරීමට උත්සාහ කළ බොහෝ අවස්ථාවල යුක්තිය ගබ්සා වූයේ ය. එවන් දේ කළ අය නැවත දිරච්ච ලණු දී නැවත පළා යනු ඇත.
අපේක්ෂාවෙන් සිටින්න. එහෙත් දිරච්ච ලණුවලට අසු නොවන්න.

- නීතීඥ ගෝමින් දයාසිරි
(ඬේලිමිරර් පුවත්පතට සැපයූ ලිපියක් ඇසුරිනි : ලංකාදීප) 
යුතුකම සංවාද කවය
www.yuthukama.com


, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. පොදු පෙරමුණත්, එක්සත් ජාතික පක්ෂයත් එකමුතුව මහින්ද රාජපක්ෂ ජනාධිපති ලෙස පත් වී රනිල් වික‍්‍රමසිංහ අගමැති ධුරයට පත් වුවහොත් සුළු ජාතිකයන් තුළ වැඩි විශ්වාසයක් ඇති වනු ඇත. -

    සුලු ජාතිකයන් දිනාගන්න අපේ බෙල්ල කපාගන්න බැහැ, 2010 ඉදන් 2013 වෙනකම් ආන්ඩුව උතුරු පලාතට සල්ලි වැක්කෙරුවා, පාරවල් හැදුවා පාලම් හැදුව, පාසැල් මෙකී නොකී සියලුම යටිතල පහසුකම් දියුනුකිරීම් කලා, නමුත් දෙමල ජනතාව ජාතිවාදීව ඡන්දය දුන්නා.
    දැන් මේ කියන්නේ ඒක හරි ගියේ නැහැ, දැන් ඔවුන් දිනාගන්න, ප්‍රජාතන්ත්‍රවාදයත් පරිත්‍යාගකරලා පරාජිතයාටත් රටපාලනය කරන්න අවස්ථාව දෙන්න කියලයි

    ඡන්දෙන් ජනතාව ප්‍රතික්ෂේප කරපු අයට පස්ස දොරෙන් රටපාලනය කරන්න දෙන්න බැහැ, එතකොට උන්ගේ ප්‍රතිපත්ති මොනතරම් බලුවුනත් උන් ඒවා වෙනස්කරන්නේ නැහැ, මෙහෙම කරලත් දෙමල ජනතාව පිනවන්න බැරිනම් මොකද? සදාකාලික ජාතික ආන්ඩුවක්ද?
    දෙමල ජනතාව දිනාගන්න සිංහල ජනතාව බරපතල කැපකිරීම් කරලා තියනවා විද්වතුන්ගේ වගකීම වියයුත්තේ ඒ බව දෙමල ජනතාවට කියලා ඔවුන්ලවා ජාතිවාදය ප්‍රතික්ෂේප කරවීමයි, එක රැයින් වෙන එකක් නැහැ

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions