ලොව අභිමුව දෙස-බස-රැස වෙනුවෙන්
දෑ බැති සෙනෙහෙන් මුමුණන්නට බැරි
ගීයක් නොමැතිව හිස්වූ සිහසුන...
නන් සතුරන් මැද රට දැය වෙනුවෙන්
නොවැටී නොබියව සිට ගන්නට බැරි
සිරසක් නොමැතිව හිස්වූ සිහසුන...
මිතුදම් වෙස්ගෙන එන ගැති බලමුලු
සතුරන් ලෙස දැක වනසන්නට බැරි
අසිපත් නොමැතිව හිස්වූ සිහසුන...
මහජනයා මැද හිස් බස් දොඩවන
උන්ගේ පැතුමන් ඉටු කර දෙනු බැරි
සුරුකම් නොමැතිව හිස්වූ සිහසුන..
පැල්පත තුල සිට එන කෙඳිරිලි හඬ
දුක සැප උන්ගේ හඳුනන්නට බැරි
මිනිසෙක් නොමැතිව හිස්වූ සිහසුන....
කිරිදී ඇකයේ හොවලා මිහිකුස
එන රුපුසෙන් බිඳ මවු රැකගනු බැරි
පුතනුන් නොමැතිව හිස්වූ සිහසුන.....
බුදු සිරිපා පහසින් පිසලූ බිමක
ඒ පිංබිම මතු රැකගන්නට බැරි
නිරිඳුන් නොමැතිව හිස්වූ සිහසුන..
-යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook https://www.facebook.com/yuthukama


අනේ තව කොයි කලක් බලා ඉන්නට වෙයිද අපහට
ReplyDeleteලැබෙන තුරු ඒ සිහසුනට රජෙක්
අපේ මව්බිම රකින්නට
බුදු සසුන රකින්නට
අපේ දේ අහන්නට අගයන්නට