8/11/2016

අතුරුදහන් වුවන් ගේ කාර්යාල පනතේ රණවිරුවන් පාවා දෙන මාරක වගන්ති 10ක්.

කතෘ:යුතුකම     8/11/2016   1 comment


[රණවිරුවන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය - ලංකා ජාතික සංඝ සභාව විසින් , පුද්ගල අතුරුදන් පිළිබඳ ද්‍රෝහී පනත සම්මත වීමට පෙර බෙදාහැරි පත්‍රිකාව.]
මේ දුෂ්ඨ පනතට ඡන්දය දෙන්න ඉඩ දෙනවාද?

2016-08-11 වන දින පාර්ලිමේන්තුවට ගෙන එනු ලබන අතුරුදහන් වුවන් ගේ කාර්යාල පනතේ පහතින් දක්වා ඇති පරිදි රණවිරුවන් පාවා දෙන මාරක ප්‍රතිපාදන 10ක් අඩංගුව තිබේ. එම ප්‍රතිපාදන මඟින් කොටි ත්‍රස්තවාදයෙන් මව්බිම බේරාගත් අද වන විට ජීවත්ව සිටින දේශප්‍රේමී රණවිරුවන්ට විවිධ ආකාරයට සිත්සේ දඬුවම් කළ හැකි තත්ත්වයක් නිර්මාණය වේ. බෙදුම්වාදී බටහිර කුමන්ත්‍රණකරුවන් ගේ උවමනාවට අනුව ගෙන එනු ලබන මෙම පනත සම්මත කිරීමට දේශද්‍රෝහී මන්ත්‍රීවරුන්ගේ සහාය ලබාගන්නා බව අපගේ හැඟීමයි. ඔබගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පිවිසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙවැනි දේශද්‍රෝහී පාවාදීමක් කිරීමට ඔබගේ ඡන්දය පාවිච්චි නොකළ බව අවධාරණය කිරීම ඔබගේ වගකීම බව අපගේ හැඟීමයි.

01. ඉන් පළමු වැන්න ‍‍මෙම අර්ධ අධිකරණ බලය සහිත කොමිසමේ ක්‍රියාකාරිත්වයට සාක්ෂි ආඥාපනත සහ තොරතුරු දැනගැනීමේ අයිතිය අදාළ නොවීමයි. ඒ අනුව නිර්නාමික සාක්ෂිකරුවන්ගේ බොරු සාක්ෂි මත ආරක්ෂක හමුදා සාමාජිකයන් වරදකරුවන් කිරීමේ හැකියාව ඇත.

02. දෙවන භයානක ක්‍රියාවලිය වන්නේ දැනටමත් විවිධ රාජ්‍ය නොවන සංවිධාන විසින් තොග වශයෙන් එකතු කොට ඇති බොරු සාක්ෂි ඉදිරිපත් කරමින් දඬුවම් කළයුතු යැයි තෝරාගත් ඕනෑම ආරක්ෂක හමුදා සාමාජිකයෙකුට හෝ කණ්ඩායමකට විරුද්ධව චෝදනා එල්ල කිරීමට ඇති හැකියාවයි.

03. එම ක්‍රියාවලිය තුළ දක්නට ලැබෙන තුන්වන භයානක ප්‍රතිපාදනය වන්නේ අදාළ කොමිසමට පත්වන සාමාජිකයින් හත්දෙනාම අවශ්‍යනම් විදේශීය රාජ්‍ය ‍නොවන සංවිධානවලින් ‍තෝරාගැනීමට ඉඩකඩ තිබීමය. එමඟින් හොරාගෙන් පේන අසන තත්ත්වයක් ඇති වේ.

04. මෙම ඊනියා කාර්යාලය මඟින් සෘජුව අපරාධ හෝ සිවිල් නඩු පැවරීමක් සිදු නොකරන බවට ලබාදී ඇති ව්‍යාජ ආරක්ෂාව මඟින් රණවිරුවන් පාවාදීමට සූදානම් වන පුද්ගලයින්ට බියකින් සැකයකින් තොරව පාපොච්ඡාරණය කිරීමට අවස්ථාව සලසා ඇත. නඩු පැවරීමක් සිදු නොකරන බවට එක් පැත්තකින් පෙන්වන නමුත් සත්‍ය වශයෙන්ම අවසානයේදී සිදුවන්නේ ඊට සමාන ක්‍රියාවලියකි.

05. මෙම පනත මඟින් බොරු සාක්ෂි මත වරදකරුවන් වන රණවිරුවන් පිළිබඳ විස්තර නීතිපතිවරයාට සහ අදාළ ආරක්ෂක හමුදාවල ප්‍රධානීන් හට නිල වශයෙන් වාර්තා කිරීමට ඉඩ සලසා ඇත. එම ප්‍රතිපාදනය මඟින් ඊනියා ශ්‍රී ලංකා ඇමරිකානු යෝජනාවේ අටවැනි වගන්තිය අනුව අදාළ ‍චෝදනා මත පදනම්ව රණවිරුවන් සේවයෙන් පහ කිරීම සිදු කෙරෙනු ඇත.

06. විදේශ අරමුදල් සෘජුව ලබාගැනීමට බලය පැවරීම නිසා අතුරුදහන්වූවන් ගේ කාර්යාලය සම්පූර්ණයෙන්ම මානව හිමිකම් කොමසාරිස් සහ බටහිර අරමුදල් මත යැපෙන ඊනියා මානව හිමිකම් විකුණාගෙන කන රාජ්‍ය නොවන සංවිධානවල අත්අඩංගුවට පත්වනු ඇත. එම නිසා එම ක්‍රියාවලිය යුධ අපරාධ අධිකරණයකටත් වඩා භයානක විය හැක.

07. එම කාර්යාලයේ ක්‍රියාකාරකම් පවත්වාගෙන යාම සඳහා විවිධ විදේශීය රාජ්‍ය නොවන සංවිධාන සමඟ ගිවිසුම් වලට එළඹීමේ හැකියාව ඇත. ඒ මඟින් පනතේ වෙනත් ප්‍රතිපාදන මඟින් ලබාදී ඇති භයානක බලතල විදේශික ඒජන්තයන් පවා යොදා ගනිමින් බරපතල ලෙස රණවිරුවන්ගෙන් පලිගැනීමේ හැකියාව ලැබේ. උදාහරණයක් ලෙස ඒ මඟින් හමුදා කඳවුරු පරීක්ෂා කිරීම, රණවිරුවන් ගේ පෞද්ගලික නිවාස පරීක්ෂා කිරීම, ඊනියා සමූහ මිනි වලවල් උත්සවාකාරයෙන් ගොඩ දැමීම වැනි ක්‍රියාකාරකම් සඳහා විදේශීය රාජ්‍ය නොවන සංවිධානවල සේවකයින් යෙදවීමේ හැකියාව ලැබේ.

08. අතුරුදන් වුවන් ගේ කාර්යාලය හරහා චෝදනා වලට ලක්වන රණවිරුවන්ට එම චෝදනා සහ ඊට අදාළ සාක්ෂි මත ජාත්‍යයන්තර අධිකරණයකදී නඩු පැවරීමේ හැකියාව ලැබේ. මානව හිමිකම් මහ කොමසාරිස් තම 2015 වාර්තාව මඟින් ලෝකයේ අනෙක් රාජ්‍යවලින් ඉල්ලීම් කොට ඇත්තේ චෝදනාවලට ලක්වන රණවිරුවන්ට ඒ ඒ රටවලදී යුධ අපරාධ චෝදනා එල්ල කොට දඬුවම් කරන ලෙසටය. ඒ අනුව චෝදනාවලට ලක්වන රණවිරුවන්ට විදේශීය රටකදී අත්වන ඉරණම පැහැදිලි වේ.

09. මෙම පනත යටතේ තොරතුරු ලබා දෙන ලෙසට රණවිරුවන් වෙත කරනු ලබන නියෝග පැහැර හරිනු ලැබුවහොත් එය පනත යටතේ වරදක් බවට පත්වේ. ඒ අනුව ඔවුන් අභියාචනාධිකරණයට අපහාසයක් කළවුන්සේ සළකා ඔවුනට විරුද්ධව අධිකරණය ඉදිරියේ නඩු පැවරෙනු ඇත. එමඟින් රණවිරුවන්ට එරෙහිව සිදුකරන බියවැද්දීම් තරම සහ එම කාර්යාලයේ නිලධාරීන් තමා වෙන ආරෝපණය කරගන්නා වූ බලයේ තරම පැහැදිලි වේ.

 මෙම පනත යටතේ ව්‍යාජ චෝදනා හා සාක්ෂි වලට අමතරව මූළික වශයෙන් ව්‍යාජ පැමිණිලි ඉදිරිපත් කිරීමට ද ඉඩ සැලසෙයි. මෙම කාර්යාලයට යම් අතුරුදහන් වුවෙකු පිළිබඳ පැමිණිලි කරන විට ඔහු සත්‍ය වශයෙන්ම වෙනත් නමකින් ජීවත්වනවා විය හැක. එවැනි උදාහරණ රාශියක් පසුගිය කාලයේදී වාර්තා විය. පරණගම කොමිසමට පවා බොරු පැමිණිලි ඉදිරිපත් කරමින් වෙනත් නම්වලින් ජීවත්වන පිරිස් පිළිබඳ සොයා බැලීමට විදේශීය රටවල සහයෝගය ලැබුණේ නැත. එසේ බොරු පැමිණිලි ඉදිරිපත් කරනතෙක් ජීවත්වන බවට පසුව තොරතුරු ලැබුණු අවස්ථාවක ඔහුගේ අවසරය නොමැතිනම් ඒ බව ප්‍රසිද්ධ කළ නොහැක. නමුත් ඒ පැමිණිල්ල දිගටම වලංගු වේ.

ඊට අමතරව ආණ්ඩුව විසින් කරන ලද පෙර ක්‍රියා දෙකක් නිසා ද ආණ්ඩුවේ දුෂ්ඨ අරමුණ පැහැදිලි වේ. පළමුවැන්න මෙතෙක් ක්‍රියාත්මක වූ අතුරුදහන් වූවන් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම අත්හිටුවීමයි. දෙවැන්න ඊට ලැබූ පැමිණිලි 20,000 ක ප්‍රමාණයට අභියෝග කරමින් එය 65,000ක් වන බවට විදේශ අමාත්‍යංශය විසින් ප්‍රකාශයක් කිරීමය. ඒ මඟින් රණවිරුවන්ට එරෙහිව එල්ල කරන බොරු චෝදනා ප්‍රමාණය වැඩි කිරීමට දොරක් විවෘත වේ. මෙවැනි අරුම පුදුම ගුණමකු සහ දුෂ්ඨ පනතක් ලෝකයේ කිසිදු රටක රජයක් විසින් එම රටේ හමුදාවට එරෙහිව සම්මත තොට නැති බවට නම් කිසිදු සැකයක් නැත. වසර 30ක යුද්ධයේ ශාපයෙන් රට ගලවාගත් සහ අව;සන් සටනේදී ලක්ෂ 3ක අහිංසක ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීම සඳහා තම ජීවිත පරිත්‍යාග කළ හමුදාවකට එසේ කිරීම මහ පොළව නුහුලන අපරාධයකි.

මෙම පනතට අත් ඔසවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනට රට වෙනුවෙන් දිවිදුන් සහ අතපය අහිමිකරගත් 60,000 කට ආසන්න රණවිරුවන්ගේ සහ ඔවුන්ගේ ඥාතීන් ගේ සාපයෙන් ගැලවිය නොහැක. එසේ වුවත් මෙම පනතට ව්‍යාජ සංශෝධන ඉදිරිපත් කිරීම මඟින් විපක්ෂයේ මන්ත්‍රීවරු පනතට ඡන්දය දෙන තත්ත්වයකට පත්කිරීමේ අනතුරක් ද ඇත. මෙම පනතට කුමන සංශෝධන ගෙන ආවත් පනතේ දුෂ්ඨ අරමුණ වෙනස් නොවේ. එම නිසා මෙම දුෂ්ඨ පනත පාර්ලිමේන්තුව විසින් කෙළ ගසා විසිකර දැමිය යුතු බවට සැකයක් නැත.

මෙම කණගාටුදායක තත්ත්වය පිළිබඳව දැනුවත් වී තමා ඡන්දය දී පාර්ලිමේන්තුවට යැවූ මන්ත්‍රීවරුන් පනතට පක්ෂව ඡන්දය දීමේ ද්‍රෝහී ක්‍රියාවට දායක නොවන බව සහතික කරගැනීම සඳහා ඉටුකළ හැකි සෑම ආකාරයටම ඔබගේ යුතුකම උපරිමයෙන් ඉටුකරන ලෙද දේශානුරාගයෙන් යුතුව ඉල්ලා සිටිමු.

රණවිරුවන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය - ලංකා ජාතික සංඝ සභාව


යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. whilst condemning this despicable act why didn't the joint opposition initiate legal action the moment they got the draft bill into their hands? even civil societies, against this draft bill could have gone to courts then the government would not have been able to act the way they did yesterday?It appears that priorities have gotten mixed up and this led to the passing of the bill!

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions