බහුමානීය ඇදුරන්ගේ මැතිවරන ප්‍රචාරණ විධි

“මේක පුදුම විහිලූවක්. මම බස් එකේ යනකොට මගේ ගාව මිනීමරුවෙක් වාඩිවෙලා ගියොත් ඒකේ තේරුම මම මිනීමැරුවා කියන එකද? ඕක විහාරස්ථානයක තිබුණු වැඩසටහනක්. ඒකට මම ගියා. චම්පිකයි ගම්මන්පිලයිත් ආවා. දුමින්ද සිල්වාත් ඇවිත් හිටියා. ඉතින් ඒකට මම මොකද කරන්නේ. චම්පික ඔය උත්සවේට ආවා විතරක් නෙමෙයි කතාවකුත් කළා. චම්පිකත් දුමින්ද එක්ක පොටෝවල හිටියා. චම්පික නැති පොටෝ එකක් තමයි ඔය දාගෙන ඇත්තේ. ඒ වැඩසටහනට දුමින්ද ඇවිත් හිටිය එක මගේ වැරැද්දක්ද? මට ඒ දුමින්ද සිල්වාව මුණගැහිච්ච පළවෙනි වතාව. මම ඊට කලින් ඒ මිනිහව දැකලත් නෑ. කතා කරලත් නෑ. කිසිම සම්බන්ධයක් තිබිලත් නෑ."
නලින් ද සිල්වා මහතා එසේ පිළිතුරු දුන්නේය. කාරණය එසේ වුවද මේ ඡායාරූපය ප්‍රචාරය කරන අයට අනුව යමෙක් තමන් හා එකඟ නැති පුද්ගලයකු සිටින අහලකටවත් නොයා යුතුය. අහම්බෙන් හෝ එකට හමුවීම ආනන්තරීය පාප කර්මයක් විය හැකිය. නලින් ද සිල්වා මහතා දුමින්දගේ ප්‍රචාරක රැළියක් හෝ අමතා ඔහුට ඡන්දය දෙන්නැයි ප්‍රකාශ කළේ නම් බහුමානීය ඇදුරන් කුපිත වීම සාධාරණ විය හැකි වුවද මේවා හුදු තරහට කරන ප්‍රචාර බව වටහා ගැනීමට විශේෂ මොලයක් වුවමනා නොවේ. ෆේස්බුක් යනු එවැනි මොලයක් හෝ නැති වීරයන් සඳහා හොඳ දේශපාලන වේදිකාවකි. නලින් ද සිල්වා සමග මතවාදී පරස්පරතා තිබීමේ වරදක් නැතත් ඒ වෙනුවෙන් මෙවැනි ප්‍රහාරක උපක්‍රම කරා යොමුවීම හාස්‍යජනකය. එහෙත් වඩා උච්ච අවස්ථාවක් වන්නේ ස්වර්ණ පුස්ථක සම්මාන ලාභී බහුමානීය ආචාර්යවරුන් පවා අද මෙවන් ඡායාරූප භාවිත කරමින් ෆේස්බුක් සෙල්ලම්වල නිරත වීමය.
මේ කියන බහුමානීය ඇදුරා මේ වනවිට රනිල්, චන්ද්‍රිකා සිරිසේන හවුල වෙනුවෙන් දිවා රෑ සහතික ලියමින් සිටින්නෙකි. ලොව ඇති සියලූ දර්ශන මතවාද කියවා පෙරා ගත් දැනුමක් තමා සතු බවට අනියමින් වහසි දොඩන්නෙකි. එසේ වුවද රනිල් චන්ද්‍රිකා හවුලේ ප්‍රජාතන්ත්‍රවාදය හෝ යහපාලනය කෙතරම් අසිරිමත්දැයි වටහා ගැනීම සඳහා ඔහුගේ බරසාර න්‍යායික දැනුම ඔහුට ප්‍රමාණවත් වී නැත. මේ නිසාමදෝ ඔහු තම දේශපාලන තීරණය ගැන උදම් අනමින් සිටිනුයේ ලංකා ඉතිහාසයේ හොඳම දේශපාලන විකල්පය තමන්ට හමුවී ඇති තරමේ උද්දාමයකිනි. එවන් පුද්ගලයෙක් නලින් ද සිල්වාගේ ඡායාරූපයක පාරිශුද්ධභාවය සොයන්නට යාම ඉතා රසවත් දේශපාලන ජවනිකාවකට වැඩි යමක් නොවේ. ඔහුට අනුව නලින් දුමින්ද සමග ඡායාරූපයකට පෙනී සිටීම ආනන්තරීය පාප කර්මයකි. එසේ වුවද චෞර රාජිනියන් ගැන සහතික ලිවීම රටට සංස්කෘතියට ගැරහීම විප්ලවීය සමාජ මෙහෙවරකි. මෙවන් නාටකීය හැසිරීම් ආශ්‍රයෙන් තමන් කවුදැයි පෙන්වා දීම ගැන අප ඒ මහත්වරුන්ට ස්තූති කළ යුතුය. දුමින්ද සිල්වා සමග අහඹු ඡායාරූපයකට හසුවීම කිසි ලෙසකින්වත් රනිල් චන්ද්‍රිකා සම්බන්ධන් හවුල ගැන සහතික ලිවීම තරම් සාපරාධී පාප කර්මයක් නොවේ.

සුභාෂ් වික්‍රමගේ
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔය කියන ඇදුරා ලියනගේ අමරකීර්තිනේ..
ReplyDeleteමම මෙන්න මෙහෙම කතාවක් අහල තියෙනව,
ReplyDeleteමේ අබුද්දස්ස කලෙ අනුර දිසානයක(ජ.වි.පෙ නායක ) මල ගෙදරක ගිහින් හිටියලු, මිනිහා එතන ආන්ඩු පක්ශ, විපක්ශ මන්ත්‍රී ල සෙට් එකත් එක්ක කතාවට වෑටිල ඉන්න අල්ල පනල්ලෙ ආරන්චි උනාලු මහින්ද ජනාදිපති තුමා එනව කියල, මහින්ද මහත්තය එනකොටම අනුර මාරු උනාලු, මහින්ද මහත්තය ගිය ගමන් මිනිහ නෑවත මල ගෙදරට ආවලු, හිටපු මන්ත්‍රී ල ඈහෑවුවලු මොකද දාඩිය දගෙන කොහෙද ගියෙ කියල, කිවුවලු මහින්ද මහත්තය කරෙ අත දාල ඉම්බල චායා රූප අරගෙන, පටිගත කර ගෙන ගිහින් රාජ්ය මාද්ය පල කරම මිනිස්සු හිතනව අපි මෙයල එක්ක කලු කොපි බොනව කියල. මිනිහ හිතල බලල වෑඩ කරනව වගෙ,
අනිත් එක අනුර රනිල් එක්ක හිනා වෙවි කතා කර කර ඉන්න එකක් මෙම වෙබ් අඩවියෙ අනුර සම්බන්ද බොහො ලිපි වලදි බාවිතා කරනව,
ලංකාවේ අපි බොහෝවිට ඉගෙනගන්නේ ඉතිහාසය මිස ඉතිහාසයේ පාඩම් නොවේ. ලංකාවට බුදු දහම පැමිණි පසු ඇතිවූ පළමු ආක්රඉමණය වන එළාර පරාජය කිරීම දුටුගැමුණු රජතුමා සිදුකල අතර එය අද දක්වාම අපේ පරමාදර්ශී ඉතිහාස කතාව වේ. දුටුගැමුණු රාජ චරිතය හදුන්වදීමටම ආරම්භ කල මහාවංශ රචනය සිදුකලේ ඉන් වසර 500පසු දික්සඳ සෙනෙවියා පිරිවෙන් වැසි මහානාම හිමියන්ය. ඒ ධාතුසේන කුමරුගේ මාමා වේ . ඒ වනවිට සිංහල රාජ වංශය වැනසී තිබු අතර රජ කිරීමට කිසිවෙකු සොයාගත නොහැකි විය . දෙමල රජුන් ට එරෙහිවීම නිසා බොහෝ සෙනෙවියෝ මියගොස් සිටි අතර ඉතිරි අය උපක්රහමශීලි යහපාලනයක් හරහා දෙමල රජුන්ගේ සේවකයෝ වී සිටියහ . කොටින්ම ධාතුසේන කුමරුගේ බිරිඳ පවා දෙමල ස්ත්රිහයකි (සිගිරි කාශ්ශප ගේ මව ). මේ තත්වයෙන් රට නිදහස් කිරීමේ වගකීම බාර ගත්තේ මහානාම හිමියන්ය. තම ඥාති පුතකු රජ කමට සොයා ගත් එහිමියන් ඔහු මහණකොට ඒ සඳහා පුහුණු කරවීය. මේ සදහා ඉතා දුෂ්කර කාර්යයක් කල එහිමියන්ට ජාතික හැගීම් ඇතිකොට යුධය සඳහා ජනයා යොමුකිරිම ඉතා අපහසු විය. දීර්ඝ කාලයක් ගතවිය. එහෙත් එහිමියන්ට යුද්ධයේ ජයග්රඇහණය පිලිබඳ ජීවමාන සාක්ෂි යක් විය ඒ රුවන් වැලි සැයයි.
ReplyDeleteදුටුගැමුණු රජු යුද කර ජයග්රොහණ කළා පමණක් නොව එය අනාගත පරපුරට පෙන්වීමට කටයුතු කල උතුමෙකි. ඒ නිසා එතුමාගේ දුෂ්කර කාර්යයේ සියලු තතු සමාජ ගත කොට තිබිණ . අද වුව ඒ නර විරුවා සිහි කිරීමට යොදාගන්නේ එතුමාගේ සොහොන හෝ වෙනත් දෙයක් නොව මහා සැය යි . මහජන මුදල් කෝටිගණන් වැයකර අහස උසට මහ සෑය ගොඩ නැගුවේ වසර දහස් ගණනකට කරන ආයෝජනයක් ලෙස ඒ දුෂ්කර යුද්ධයේ සංකේතයයි. සමාජගත කල දුටුගැමුණු වීර චරිතය ඇසුරින් ලියු මහා වංශය තේරුම් ගැනීම අද දවසේ අපගේ කාර්යය විය යුතුය . එහි සංෂිප්තය අප විමසමු.
1. එළාර යනු යහපලකයෙකි. ඔහු තම පුතාට වඩා යහපාලනය අගය කොට ගවයෙකුට වූ සුළු සිද්දියක් මුල් කරගෙන තම පුතුට මරණ දඩුවම ලබාදුන්නේය.
2. එහෙත් මහමෙව්නාවට බෞධයන්ට යාමට නොහැකිලෙස එය එළිමහන් වැසිකිලියක් බවට පත් කළේය .
3. එළාර දුටුගැමුණු රජුට වඩා හමුදාවෙන් දෙගුණයක් ප්රහබලවිය
4. දුටු ගැමුණු රජු සමහර යෝදයන් උපන් දිනා ගත් අතර හුදකලා සටන් මගින් එක එකා බැගින් දඩයම් කළහ.
5. දුටු ගැමුණු රජු තම සෝයුරා මුලින් දිනාගෙන ඔහු ආර්ථිකය ගොඩනැගීමට වෙල්ලසට යැවීය
6. මවගේ සහයෝගයෙන් මුලින් හිමිවරුත් , පසුව ජනතාවත් දිනාගත්තේය
7. ඔහු සටනට පිවිසියේ සියලු දේ තේරුම් ගෙන ඉතා උපායශීලි ආකාරයෙනි .
8. යුධයේදී බාවිත කළ සියලු උපක්රගම ජනගත කල අතර වසර දහස් ගණනක් ඒවා අපට වැදගත් විය .
9. සතුරා කෙතරම් ප්රවබල වුවද උපක්රඉමශීලි බවයෙන් ඒවා ජයගතහැකි බව එහි අවසාන විග්ර්හයයි.
10. එළාර පරාජයේ සතුට විදීමටත් ප්ර්ථම බාහිර සතුරන් ලක්බිමට පැමිණීම අදටවුවද එලෙසම සිදුවේ.
11. දේශීය සතුරන්ට එකසිතින් රට මුහුණ දුන්නද බාහිර සතුරන් ඉදිරියේ රජු දීර්ඝ පසු බැසීමක් අත්කරගනී.
12. රජු අවසානයේ ජයලබන්නේ දේශීය හා බාහිර සතුරන් සියලු දෙනා පරදු පසුයි.
මෙලෙසින් සියල්ල පරික්ෂා කළහොත් අදද සිදුවන්නේ එම ක්රිදයාවලියම බව සන්කෙත්මකව ගැලපිය හැකිය. දුටුගැමුණු රජු කල ලෙසින්ම 2009 ජයග්රනහණයේ සදාතනික සංකේතයක් තව වසර දහස් ගානකට ඉතිරිවන ලෙස ඉදිකලයුතුය . එසේම අප බාවිතා කල යුද හා දේශපාලනික උපායන් අනාගත පරපුරට යම් ආකාරයකින් දායාද කලයුතුය. ඒ මෙම යුද්ධය තවත් ඒ වර්ගයේ සංග්රාපමයක එක් පරිච්චේදයක් පමණි.