ආණ්‌ඩුව මැතිවරණ කල්දැමීමේ ඇත්ත මෙන්න...
මානව හිමිකම් පිළිබඳ නීතිවේදී සංවිධානයේ
විධායක අධ්‍යක්‌ෂ නීතිඥ කල්‍යානන්ද තිරාණගම
පසුගිය මාර්තු 07 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලූ දෙනා ආරක්‌ෂා කරගැනීමේ ජාත්‍යන්තර සම්මුතිය සඳහා වන පනත අපේ රටට අහිතකර පනතක් ලෙස සමහරු හඳුන්වන්නේ ඇයි?
ආණ්‌ඩුව මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ එම පනතට එරෙහිව අධිකරණය හමුවට යැමට පවා අවස්‌ථාවක් නොලැබෙන පරිදි රජයේ නිවාඩු දින කිහිපයක් ඉදිරියේ තිබියදීයි. මේ පිළිබඳ මම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ගණනාවක් සමග කතා කළා. මේ පනත පනවන්නේ ජාත්‍යන්තර සම්මුතියක් ක්‍රියාත්මක කිරීම සඳහා වුවත් අද වෙනතෙක් මෙම ජාත්‍යන්තර සම්මුතියේ පිටපතක් එම මන්ත්‍රීවරුන්ට ලබා දී නෑ. මේ ජාත්‍යන්තර සම්මුතියේ තිබෙන්නේ මොනවද කියලවත් ඇතැම් මන්ත්‍රීවරු දන්නේ නෑ. අපේ බොහෝ මන්ත්‍රීවරු කියවා බලන්නේ සිංහලෙන් සහ දෙමළෙන් පළවන ලිපි ලේඛන පමණයි. අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාල පනත ගෙන එන අවස්‌ථාවේත් මේ ප්‍රශ්නය මතුවුණා. එම පනතෙත් මේ සම්මුතිය ගැන සඳහන් වී තිබුණා. ඇතැම් භික්‌ෂූන් වහන්සේ සහ විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් පිරිසක් මෙම ජාත්‍යන්තර සම්මුතියේ සහ පනතේ අඩංගු කරුණු සිංහලයෙන් පළ කරන ලෙස ජනාධිපතිතුමා හමුවී ඉල්ලීමක් කළා. නමුත් එය ඉටු වුණේ නෑ. අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාල පනතේ අඩංගු කරුණු පිළිබඳ ඇතැම් මන්ත්‍රීවරුනුත් හරිහැටි නොදැන තිබියදී එම පනත පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. කතානායක තුමාගෙන් සහ පාර්ලිමේන්තු ලේකම් තුමාගෙන් මෙ සම්මුතියේ පිටපතක් සිංහල සහ දෙමළ බසින් ලබාදෙන ඉල්ලීමක් කරන මෙන් මම ජයන්ත සමරවීර මන්ත්‍රීතුමාට උපදෙස් දුන්නත් ඊට පිළිතුරක් නොලැබුණු බව ඒ මහතා දැන්වුවා. සම්මුතියක් ක්‍රියාත්මක කිරීමට පනතක් පනවන්නේ නම් එම සම්මුතියේ තිබෙන්නේ මොනවාදැයි මන්ත්‍රීවරු හෝ දැනගත යුතුයි. නමුත් පාර්ලිමේන්තුවේ මේ පනත සම්මත වුණේ එබඳු දැනුවත් dවයක් නැතිවයි.
ජිනීවා යෝජනා ශ්‍රී ලංකාවට බලනොපාන බවට සරත් සිල්වා අගවිනිසුරුවරයා විසින් තීන්දුවක් ප්‍රකාශ කර තිබුණා නේද?
ඔව්. එම තීන්දුව අහෝසි කරන ලෙස අගමැතිතුමා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළා. සරත් සිල්වා හිටපු අගවිනිසුරුවරයා ලබා දුන් එම නඩු තීන්දුව බල රහිත කිරීමත් එක්‌සත් ජාතීන් කර ඇති යෝජනාවලින් එකක්. කතානායකවරයා තවම ඊට පිළිතුරක් දී නෑ.
කෙසේ වෙතත් අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීමේ කාර්යාලය ඇතිකිරීම සඳහා දැන් සියලූ කටයුතු සූදානම්. එම පනතට හේතුවන බලහත්කාරයෙන් අතුරුදන් කරවූවන් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තිය පිළිබඳ එම පනතේ සඳහන් කර තිබෙනවා. එම ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීම සඳහා එය නීතියක් වශයෙන් දැන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.
බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලූ දෙනා ආරක්‌ෂා කරගැනීමේ ජාත්‍යන්තර සම්මුතිය සඳහා වන පනතේ තිබෙන අහිතකර වගන්ති මොනවද?
මෙම පනතට අනුව වගකීම් බාරගැනීම සඳහා යමෙකු අතුරුදන් විය යුතුම නෑ. යම් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව යමෙක් පොලිස් ස්‌ථානයකට හෝ හමුදා කඳවුරකට චෝදනා කළ හොත් එම පොලිස් ස්‌ථානය හෝ හමුදා කඳවුර එම පුද්ගලයාට සිදුවූ දේ පිළිබඳ ප්‍රකාශ කිරීමට බැඳී සිටිනවා. එසේ ප්‍රකාශ කිරීමට නොහැකි වුවහොත් එය බලහත්කාරයෙන් අතුරුදන් කිරීමක් ලෙස සැලකෙන බව එම පනතේ සඳහන් වෙනවා. යම් පුද්ගලයෙන් අත්අඩංගුවට ගෙන අතුරුදන් කළහොත් හෝ පැහැරගෙන ගියහොත් හෝ අදාළ ආයතනයේ ඉහළ නිලධාරියෙක් තමා යටතේ සිටින නිලධාරියෙක් එබන්දක් කරනු ඇතැයි සිතා එය වැළැක්‌වීමට කටයුතු නොකළ හොත් ඔහුත් ඊට වගකිවයුතු බව එම පනතේ දැක්‌වෙනවා. මේ පතනට අනුව සාමාන්‍ය පොලිස් නිලධාරියෙක් සිදුකරන එවැනි ක්‍රියාවක වගකීම පොලිස්‌පතිවරයා වෙතද පැවරෙනවා. එවැනි ක්‍රියාවකට වගකිවයුතු සියලූ දෙනාටම මේ පනත යටතේ අවුරුදු 20 කට නොඅඩු සිරදඬුවම් නියම කළ හැකිය. අපේ රට තුළ පමණක් නොව මෙම ප්‍රඥප්තියට අත්සන් කර ඇති ඕනෑම රටක් තුළ එම දඬුවම් ක්‍රියාත්මක කරන්න පුළුවන්.
පාර්ලිමේන්තුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂ මැති ඇමතිවරුත් මේ පනතට සහයෝගය පළ කළා නේද?
මේ පනතට ශ්‍රීලනිප මැති ඇමැතිවරුනුත් සහයෝගය දැක්‌වීම මට විශාල ප්‍රශ්නයක්. මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ සිකුරාදා දිනයක. ඊට පසු සතිය රජයේ නිවාඩු දින ගණනාවක් තිබුණ නිසා මෙයට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ගයක් ගැනීමට නොහැකි වන ආකාරයටයි මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ.
ජිනීවා යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා වෙන මොනවද ආණ්‌ඩුව කරන්නෙ?
ඉතාමත් හදිසියෙන් ආණ්‌ඩුව තවත් පනතක් ගෙන ඒමට සැලසුම් කර තිබෙනවා. ඒ තමයි ජන්ද ලැයිස්‌තු වෙනස් කිරීමේ පනත. උතුරු නැගෙනහිර පළාතේ අවතැන් වූවට ජන්ද බලය ලබාදීම එහි අරමුණයි. මෙය ක්‍රියාත්මක කිරීමට ආණ්‌ඩුව සැලසුම් කර ඇති ආකාරයත් රටට ඉතාමත් හානිකරයි. උතුරු නැගෙනහිරින් පිට පළාත්වල අවතැන් වූවන්ට එම පනත බලනොපෑම මෙහි ඇති සුවිශේෂත්වයක්. මෙම පනත බලපාන්නේ 2009 ට පෙර උතුර නැගෙනහිර ත්‍රස්‌තවාදී කටයුතු නිසා හෝ සටන්කාමී කටයුතු නිසා හෝ අවතැන්වූවන්ට පමණයි. එනම් 2009 වසරට පෙර ඕනෑම කාලයකදී අවතැන්වූවන් වෙනුවෙන් එය වලංගුයි. ඒ අනුව 2009 වසරට පෙර කවර කාලයක හෝ උතුරු නැගෙනහිර පදිංචිව සිට අවතැන් වූවකු ලෙස ඉදිරිපත් වන ඕනෑම කෙනෙකුට මේ පනතට අනුව ඡන්ද බලය හිමිවෙනවා. එය නිර්දේශ කිරීමට බලය දී තිබෙන්නේ දැනට එම පළාත්වල සේවය කරන ග්‍රාමසේවක නිලධාරීන්ට.
යම් පුද්ගලයෙක් 2009 වසරට පෙර තමා උතුරු නැගෙනහිර පදිංචිව සිට අවතැන් වූවකු බවට උතුරු නැගෙනහිර දැනට සේවය කරන ග්‍රාමසේවක නිලධාරීවරයකුට දැනුම් දුන් පසු මේ පනත අනුව ඔහුගේ නිර්දේශ මත එම පුද්ගලයාට ජන්ද හිමි නාමලේඛනයට ඇතුළත් විය හැකියි. එලෙස අයෑදුම් කළ හැක්‌කේ 2009 වසරට පෙර අවතැන් වූ සහ 2009 වසරට පසු කිසිදු ජන්ද ලේඛනයක නම ඇතුළත්ව නොමැති පුද්ගලයිනට බවත් එම පනතේ දැක්‌වෙනවා. එනම් මේ පනත ගෙන එන්නේ උතුර නැගෙනහිර ජීවත්වන ඇත්තවශයෙන්ම අවතැන් වූවන්ට නොව මේ රටේ ඡන්ද හිමිකමක් නැති විදේශගත ද්‍රවිඩ ජාතිකයින්ට මෙරට ජන්දබලය ලබාදීමටයි. උතුර නැගෙනහිර හැර ත්‍රස්‌තවාදී ක්‍රියා සහ යුද්ධය හේතුවෙන් වෙනත් පළාත්වල අවතැන් වූවන්ට මෙම පනත ක්‍රියාත්මක නොවීමෙන් එය වඩාත් පැහැදිලියි. මෙයින් අපේ රටේ ජන්ද නාමලේඛන මුළුමනින්ම වෙනස් කිêමක් සිදුවෙනවා. අද අපේ රටේ ඡන්ද පැවැත්වීම කල්දැමීමේ ඇත්ත කතාව මෙය බවයි මගේ අදහස. ආණ්‌ඩුව මේ සැරසෙන්නේ දැන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මෙම පනත සම්මත කරගෙන විදෙස්‌ගත ද්‍රවිඩ විශාල පිරිසකට මෙරට ඡන්ද බලය ලබාදී ඉදිරි මහ මැතිවරණ, පළාත් මැතිවරණ, ජනාධිපතිවරණ සහ ජනමත විචාරණ සඳහා සූදානම් වීමටයි.
ත්‍රස්‌තවාදය මර්දනය කිරීමේ පනත පසුගියදා ඉවත් කළා. ඒ වෙනුවට වෙනත් පනතක් ගෙනඒමටත් ආණ්‌ඩුව සැලසුම් කරමින් සිටිනවා නේද?
අපේ රටේ ත්‍රස්‌තවාදය මර්දනය කිරීමේ පනත ඉවත් කර අලූත් පනතක් ගෙන ඒමත් ජිනීවා යෝජනාවල එක් වගන්තියක්. ත්‍රස්‌තවාදය මර්දන පනත වෙනුවට ගෙන ඒමට සූදානම් කර ඇති මේ නව පනත් කෙටුම්පතත් රටට හානිකරයි. එහි ඇති සමහර ප්‍රතිපාදන දෙස බලන විට එය ඉදිරිපත් කිරීමෙන් බලාපොරොත්තු වන්නේ ත්‍රස්‌තවාදය මර්දනය කිරීමට පමණක් නොවේ; රටට සිදුවන අසාධාරණයන්ට එරෙහිව යම් පුද්ගලයෙක් ඉදිරිපත් වුවහොත් ඔහු සිරගත කිරීමටයි. ජිනීවා යෝජනා ලෙස ආණ්‌ඩුව මේ ක්‍රියාත්මක කරන්නට හදන්නේ දෙමළ ඩයස්‌පෝරාවේ ඉල්ලීම් සහ උවමනාවන්.
[Divaina]
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .