6/07/2017

ජාතික ප්‍රතිපත්තිය සෑදීම NGO කාරයෙකු අතට . රටම අනතුරේ..

කතෘ:යුතුකම     6/07/2017   No comments

ජනතා වෙළඳ ප්‍රතිපත්තියට පිළිතුරු ලෙස NGO ඒජන්තයින් ලවා හදවා ගත් ආණ්ඩුවේ ව්‍යාජ වෙලඳ ප්‍රතිපත්තිය පිළිබඳ වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් නිකුත්කළ මාධ්‍ය නිවේදනය.

ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යාංශය විසින් ව්‍යාජ ජාතික ප‍්‍රතිපත්තියක් සැකසීම හෙළා දකිමු.

පසුගියදා ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යාංශය විසින් ජාතික වෙළඳ ප‍්‍රතිපත්තියක් සකසන ලදැයි නිකුත් කරන ලද මාධ්‍ය වාර්තාව දැකීමෙන් අපි මවිතයට පත්වුයෙමු. එම අමාත්‍යංශය විසින් වෙළඳ ගිවිසුම්වලට එළැඹිමේදී පෙන්නුම් කරන ලද අත්තනෝමතිකභාවය ජාතික වෙළඳ ප‍්‍රතිපත්තියක් යැයි ඔවුන් විසින් පවසන කූඨ ලේඛනය සෑදීමේදීද ඉතා උපරිමයෙන් පෙන්නුම් කිරීම ඊට හේතුවයි.

රාජ්‍ය නොවන සංවිධාන ඒජන්තයකු ලවා සෑදවූ වෙළඳ ප‍්‍රතිපත්තිය

එම අමාත්‍යාංශය මඟින් සිදු කරන ලද්දේ ආචාර්ය රවී රත්නායක නමැත්තෙක් පිට රටින් ගෙන්වා ඔහුට ජාතික ප‍්‍රතිපත්තියක් සැකසීම භාර දීමයි.
රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකරිකයකු වන ඔහු මින් පෙර සිදු කර ඇත්තේ ආසියානු පැසිෆික් කලාපයේ දිළිඳු රටවල් බටහිර අධිරාජ්‍යවාදීන්ට කොල්ල කෑමට අවශ්‍ය වන පහසුකම් සැපයීමයි. ඔහුට දැන් පැවරී ඇත්තේ ඉන්දියාව ඇතුලූ කලාපීය බලවතුනට ශ‍්‍රී ලංකාව කොල්ල කෑමට අවැසි ප‍්‍රතිපත්තියක් ලංකාවට සකස් කර දීමයි.

වඩාත්ම උත්ප‍්‍රාසජනක කාරණය වන්නේ ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ එම එම ජාතික ප‍්‍රතිපත්තිය සකස් කළේ සියලූ පාර්ශවයන් විමසීමෙන් බව සඳහන් කිරීමයි. එය මුසාවාදයකි. එම ප‍්‍රතිපත්තිය සකස් කළේ තනි පුද්ගලයෙකු විසිනි. එම ප‍්‍රතිපත්තිය කිහිප දෙනෙකුට පෙන්වා අදහස් විමසා සිටියද එම ප‍්‍රතිපත්තිය පිළිබඳව ලබා දුන් කිසිදු අදහසක් රවී රත්නායක සිය වෙළඳ ප‍්‍රතිපත්තියට ඇතුළත් නොකළේය. එසේම මෙහිදී ඔහු විසින් අනුගමනය කෙරුණු ක‍්‍රියාදාමයද දැඩි විවේචනයට බදුන් විය. අවම වශයෙන් පැවති රැුස්වීම් වාර්තාවටවත් වෙනත් අය විසින් මතු කළ කාරණා ඇතුළත් නොකළ නිසා ඔවුහූ මෙම ඊනියා සාකච්ඡුාවෙන් ඉවත්වූහ. එනිසා මේ ප‍්‍රතිපත්තිය ”රවී රත්නායකගේ වෙළඳ ප‍්‍රත්පත්තිය” මිස ජාතික වෙළඳ ප‍්‍රතිපත්තිය නොවේ.

ජාතික වෙළඳ ප‍්‍රතිපත්තියක අවශ්‍යතාවය රජය පිළිගනියි.

කෙසේ නමුත් මේ රට පාවා දෙන්නන්ගේ භූමිකාව එලෙසම පැවතියදී වුවත් මෙරට පොදු ජනතාව විසින් ලද ජයග‍්‍රහණයක් තිබේ. එනම් එට්කා, චීන - ශ‍්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම වැනි භයානක ගිවිසුම් සඳහා සාකච්ඡුා පැවැත්වීමට පෙර ජාතික වෙළඳ ප‍්‍රතිපත්තියක් සම්පාදනය කළ යුතු යැයි වෘත්තිකයන් සහ ව්‍යාපාරික ප‍්‍රජාව විසින් පවසන විට එය හුදෙක් කල් මැරීම සඳහා අප විසින් ඉදිරිපත් කරන උපායකැයි පවසා සිටි ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යාංශය විසින් ජාතික වෙළඳ ප‍්‍රතිපත්තියක අවශ්‍යතාවය පිළිගැනීමයි.
ජාතික වෙළඳ ප‍්‍රතිපත්තියක් අවශ්‍ය බව පිළිගන්නේ නම් ජාතික වෙළඳ පතිපත්තියක් සැකසීම සඳහා නිවැරදි ලෙස කටයුතු යොදමින් එය වහාම රජය විසින් ආරම්භ කළ යුතුය. එසේම දැනට සාකච්ඡුාවේ පවතින තීරණාත්මක වෙළඳ ගිවිසුම් පිළිබඳව වෙනත් රටවල් සමඟ සාකච්ඡුා පැවැත්විය යුත්තේ එලෙස නිවැරදි ලෙස සකසන ලද ජාතික වෙළඳ ප‍්‍රතිපත්තියක් මත පිහිටායි. එම සාකච්ඡුා තුළදී වෙනත් රටක් සමඟ යම් යම් කාරණා වලට එකඟ වීමෙන් පසුව ජාතික ප‍්‍රතිපත්තියක් සෑදීමේ කිසිදු ඵලක් නැත. එනිසා නිවැරදි ක‍්‍රමවේදයකට අනුව ජාතික ප‍්‍රතිපත්තියක් සකස් කරන තෙක් නිදහස් වෙළඳ ගිවිසුම් පිළිබඳව දැනට පවතින සාකච්ඡුා අත්හිටුවා දැමිය යුතුය.

ජනතාවගේ ජාතික වෙළඳ ප‍්‍රතිපත්තිය

නිවැරදි ලෙස ජාතික වෙළඳ ප‍්‍රතිපත්තියක් සකසන්නේ කෙසේදැයි ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යාංශයට අවබෝධයක් නැති වුවද මේ රටේ වෘත්තිකයන් සහ ව්‍යාපාරික ප‍්‍රජාව එකමුතුව ස්වේච්ඡුාවෙන් ඒ අඩුව දැනටමත් පුරවා ඇති බව අප ප‍්‍රකාශ කරන්නේ නිහතමානී අභිමානයකිනි. වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් පත් කරන ලද ජාතික වෙළඳ ප‍්‍රතිපත්තියක් සම්පාදනය සඳහා වු මහජන කොමිසම මේ වන විට ඉතාම සාර්ථක ලෙස ක‍්‍රියාත්මක වෙමින් පවතින අතර පාර්ශව කරුවන් විසින් ලබා දෙන සියලූම වාචික සාක්ෂි එම කොමිසමේ වෙබ් අඩවිය :එර්ාැචදකසජහිරසක්බන්ගදරට* ඔස්සේ ඕනෑම අයකුට නැරඹිය හැකිය.

එසේම රජයේ කැබිනට් අමාත්‍යවරුවන් වන පොදු ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් කබීර් හෂීම්, ප‍්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ, තාක්ෂණ සහ නව සොයා ගැනීම් අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත, ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර වැනි කැබිනට් ඇමතිවරු පවා මෙම කොමිසම හමුවේ සිය අදහස් ලිඛිතව සහ වාචිකව ඉදිරිපත් කිරීමෙන් පෙන්නුම් කරන්නේ රජයේ ඇමතිවරුන් පවා ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යාංශය විසින් සකස් කරන්නට යෙදුනු රවී රත්නායකගේ ජාතික ප‍්‍රතිපත්තිය නොතැකූ බවයි. කැබිනට් ඇමතිවරු පවා විශ්වාසය තැබූවේ යහපාලන මූලධර්මවලට අනුව විනිවිදිභාවය සහ ස්වාධීනත්වය තහවුරු කරමින් කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති දේශමාන්‍ය මාහාචාර්ය ඩබ්ලිව්. ඞී. ලක්ෂ්මන් සහ හිටපු නීතිපති පාලිත ප‍්‍රනාන්දු යන මහත්වරුන්ගේ සමසභාපතිත්වයෙන් යුතු ජාතික වෙළඳ ප‍්‍රතිපත්තිය සම්පාදනය සඳහා වූ මහජන කොමිසම පිළිබඳවයි.

රාජ්‍ය නොවන සංවිධාන ඒජන්තයාගේ යෝජනාද මහජන කොමිසමට

රවී රත්නායකගේ වාර්තාවද දේශමාන්‍ය මහාචාර්ය ඩබ්. ඞී ලක්ෂ්මන් සහ හිටපු නීතිපති පාලිත ප‍්‍රනාන්දු යන මහත්වරුගේ සභාපතිත්වයෙන් යුතු ජාතික වෙළඳ ප‍්‍රතිපත්තියක් සම්පාදනය සඳහා වූ මහජන කොමිසම වෙත භාරදී එහි ගත යුතු යමක් ඇත්දැයි සලකා බැලීමේ බාධාවක් නැත. දැනටමත් දිවයිනේ ප‍්‍රමුඛ ආර්ථික විද්‍යා මහාචාර්යවරු සහ ආචාර්යවරුන් සිය අදහස් මෙම කොමිසම වෙත ලිඛිතව සහ වාචිකව ලබා දී ඇත.

තව මාස කිහිපයක් ඇතුළත ප‍්‍රසිද්ධියට පත් කිරීමට නියමිත සියලූ පාර්ශවයන්ගේ අදහස් විමසමින් සියලූ දෙනාගේ විශ්වාසය දිනා ගන්නට සමත් වූ ජාතික වෙළඳ ප‍්‍රතිපත්තිය සඳහා වූ මහජන කොමිසමේ නිර්දේශ කැබිනට් මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගන්නා ලෙස අපි රජයට යෝජනා කරන්නෙමු.

- වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook - https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions