6/25/2017

අස්ගිරි ප‍්‍රකාශය - ආචාර්ය චරිත හේරත්

කතෘ:යුතුකම     6/25/2017   No comments

අස්ගිරි ප‍්‍රකාශය
- ආචාර්ය චරිත හේරත් -

රටේ වර්තමාන තත්වය ගැන තරමක් බරපතලවූත් අනෙක් අතට ඉතාමත් වැදගත් වූත් ප‍්‍රකාශයක් සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක හිමියන් ඇතුලූ කාරක සංඝ සභාව විසින් පසුගිය අගහරුවාද රටට ඉදිරිපත් කළේය. මේ ප‍්‍රකාශය ගැන රජයේ ස්ථාවරය හෝ ඒ පිලිබදව වූ රජයේ විවේචනයක් හෝ තවමත් ඉදිරිපත් වී නැත. එහෙත් මේ ප‍්‍රකාශය මේ රටේ අනාගත පැවැත්මටත් දේශපාලනයටත් අතිශයෙන්ම දැනෙන සුලු බලපෑමක් සිදුකරනු ඇති බව බැලූ බැල්මටම පෙනී යන නිසා අස්ගිරියේ ප‍්‍රකාශය ගැන පළල් සමාජ සාකච්ජාවක් කිරීම අවශ්‍යය.

ආණ්ඩුව මේ ගැන තවමත් සංගතව කථා කරන්නේ නැති වුනාට මේ ආණුඩුව ගෙනාවේ තමන් යැයි සිතා ඒ වෙනුවෙන් කථා කරන කොළඹ සිවිල් සමාජයේ සමහර අය නම් අස්ගිරි ප‍්‍රකාශය පිළිබදව තමන්ගේ සුපුරුදු පහරදිමේ දේශපාලනය සමාජ ජාල හරහා ආරම්භ කර හමාරය. ඒ අයගේ අපරිනත පහරදිම් ඉදිරියටත් නරක ආකරයෙන් වර්ධනය විය හැකි බවද සමහර වෙබ් අඩවි වලට ඔවුන් ලියන කියන දේවල්වලින් පෙන්නුම් කරයි. ජනවාරි 8 ජයග‍්‍රහනයේ නිල පොල්මක්කාරයන් ලෙසින් හැසිරෙන මේ සිවිල් සමාජයේ සමහර බුද්ධිමතුන් පෙන්නුම් කරන්නේ ම පසුගිය ජනාධිපතිවරණයේ සහ මහමැතිවරණයේ කිසිම බෞද්ධයෙකු වර්තමාන ජනාධිපතිවරයා වෙනුවෙන් හෝ එජාපයේ ආන්ඩුව වෙනුවෙන් එක ජන්දයක්වත් ලබා දි නැති පාටක්ය. ඒ අයගේ ප‍්‍රකාශවලින් පේන්නේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා මේ රටේ බෞද්ධයන්ට ඇහුම්කන් දිමේ කිසිදු අවශ්‍යතාවයක් නැතිවා වගේ අදහසක්ය. හාමුදුරුවරු සහ බෞද්ධයෝ අයිති මහින්දටය වගේ අදහසක්ය. ඒ නිසාම ඔවුන් පෙන්නුම් කරන අදහසේ අනියම් අර්ථය වන්නේ මේ ආණ්ඩුව ඉන්නේ තමන්ව පත්කර ගත් බෞද්ධයන් නොවන අනෙක් ජනවර්ගවල අයගේ අභිවෘද්ධිය සැදිමට නිසා ඔය හාමුදුවරු කියන දේවල් එච්චර ගනන් ගත යුතු නැතිවා වැනි අදහසක්ය.

මුළින්ම අපි තේරුම් ගත යුත්තේ අස්ගිරියේ මේ ප‍්‍රකාශය මතුවුනේමත් මේ කියන සිවිල් සමාජයේ අයගේ අපහාස උපහාස හා අසත්‍ය පහරදිම් වලට පිලිතුරක් වශයෙන් බවය. ආණ්ඩුවේ අයිතිකාරකම වෙනුවෙන් සහ තමන්ගේ ආණුඩුව රුකගැනීම වෙනුවෙන් කඩුව අතට ගත් ආරක්ෂකයන් නිසා තියෙන ප‍්‍රශ්න මදිවාට තවත් ඒවා හදනවා යැයි කියන්නේ මේ වැඩ වලටය.

ආණ්ඩුව මුහුණ දෙමින් සිටින්නේ එක ප‍්‍රශ්නයක නොව ප‍්‍රශ්න පත‍්‍රයකටය. ප‍්‍රශ්න වැලකටය. එක පැත්තකින් සයිටම්ය. සයිටම් විරෝධී දෙස්තරලා ශිෂ්‍යයෝ සහ දෙමව්පියන්ගේ සටනය. අනෙක් පැත්තෙන් ඉට්කාය. ඉට්කා විරෝධී වෘර්තිකයෝ විශේෂඥයෝ සහ ජාතිකවාදින් සටනය. තවත් පැත්තකින් ඩෙංගුය. ඩෙංගු මර්ධනයට ආණ්ඩුවට බලකරන හා මදුරුවන්ගෙන් තම දරුවන් ආරක්ෂා කරන්නට වෙහෙසෙන දෙමවිපියන්ගේ හා සමාන්‍ය ජනතාවගේ සටනය. අනෙක් අතින් බලන විට මහමග පුරා කුණු කදුය. කුණු අයින් කරන්නට පලාත් පාලන ජන්දය ඉල්ලන ජන්දදයකයන්ගේ සටනය. දැන් ඒ ප‍්‍රශ්න පෝලිමට බෞද්ධ අයිතවාසිකම් ප‍්‍රශ්නයද එක් වී හමාරය. අස්ගිරියේ ප‍්‍රකාශය වැරදියට කලමනාකරණය කළහොත් මතුවිය හැකි තත්වය අනෙක් හැම ප‍්‍රශ්නයටම වඩා බරපතල බව මගේ අදහසය. සිවිල් සමාජයේ කට්ටිය තමන්ගේ ඊලග ව්‍යාපෘතියට මුදල් සෙවීම සදහා ව්‍යාජ බෞද්ධ විරෝධයක් හදමින් හාමුදුරුවරුන්ට අපහාස කර්න්නට ගොස් තවත් අවුරුදු තිහ හතලියකට විසදන්නට බැරි ප‍්‍රශ්නයක් මේ රටේ ඇති කිරීමටද මේ තුළ ඉඩ ඇත. මේ ගැන ආණුඩුවත් සමාජයත් පළල් ආකාරයෙන් තේරුම් ගැනීම ඉතාමත් අව්‍යශ වන්නේ ඒ නිසාය.

මට පෙනෙන විදියට අස්ගිරියේ හාමුදුරුවරු මතු කරන්නේ ඉතාමත් කේන්ද්‍රීය කරුණු කීපයක්ය. පළමුවෙන්ම ඒ අය කියන්නේ මේ රටේ බෞද්ධයන්ගේ අයිතිවාසිකම් කියා දෙයක් තිබෙන බව මේ ආණ්ඩුව දැනගත යුතු බවය. අනෙක් හැමෝගේම අයිතිවාසිකම් දෙන්න යන ගමන් බෞද්ධයන්ගේ අයිතිවාසිකම් යටපත් කරන්නට ආණ්ඩුවට සම්බන්ධ සමහරුන් උත්සාහ කරන බව හාමුදුරුවන්ගේ ඒ ප‍්‍රකාශයේ තේරුමය. අස්ගිරියේ ප‍්‍රකාශයෙන් එළියට ඇවිත් තිබෙන්නේ පසුගිය වසර එකහමාර දෙක පුරා මේ රටේ බෞද්ධ සමාජයේ යටින් ගිය බරපතල සාකච්ජාවක් ය. සංවිධානාත්මක ආකාරයෙන් මෙරට බෞද්ධයන්ට විරුද්ධව වැඩ කරන ආයතන ජාලයක් මේ රටේ තිබෙන බව සාමාන්‍ය බෞද්ධ සමාජයේ අදහසය. මේ බෞද්ධ විරෝධී බලවේගය ආණ්ඩුවේ කෑල්ලක් විදියට පෙන්නුම් කෙරෙන අවස්ථාවන්ද මේ සිවිල් සමාජකාරයන්ගේ සංවාද වලින් පෙන්නුම් කරන බැවින් හාමුදුවරු කියන්නේ මේ පිළිබදව ආණ්ඩුවේ අවධානය මේ ප‍්‍රශ්නය ගැන යොමුවිය යුතු බවය. එපමණක්ද නොවේ. අලූත් ව්‍යවස්ථාවක් ගේනවා යැයි ආණ්ඩුව උදේ හවස කියන නිසා තමන්ගේ අයිතිවාසිකම් පිළිබද මේ ප‍්‍රශ්නය මතු කිරීම ඉතාමත් වැදගත් බව බෞද්ධ සමාජය සිතීම සාධාරණය. සමහරුන්ගේ කථා අසන විට සිතෙන්නේ අයිතිවාසිකම් තිබෙන්නේ අනෙක් අයට මිස බෞද්ධයන්ට නොවන බවය. මෙවැනි කථා කියන සමහරුන් ආණ්ඞ්ව වෙනුවෙනුත් කථා කරන නිසා බෞද්දයන්ගේ සැකය වඩා වර්ධන විය හැකිය. එවැනි පරිසරයක අස්ගිරියේ ප‍්‍රකාශයට බෞද්ධයන්ගේ අතිවිශාල පිලිගැනීමක් තිබෙන බව තේරුම් ගැනීම වැදගත්ය. අද මේ රටේ ආගම් මත පදනම් වූ දේශපාලන පක්ෂ ආගමේ නමින්ම පෙනී සිටීම ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීමක් ලෙසින් පිලිගන්නා ගමන් බෞද්ධයින් යම් සංවිධානයකට බෞද්ධ නම දැමීමම සමගියට බාධාවක් ලෙසින් තේරුම් කරන තත්වයක් පැවතීම ද මේ බෞද්ධ අයිතිවාසිකම් පිළිබද ප‍්‍රශ්නය මතු වීමට බලපා තිබෙන සාධතයක්ය. මුස්ලිම් ආගමට දේශපාලන පක්ෂ තිබීම ප‍්‍රජාතන්න‍්‍රවාදය ශක්තිමත් කිරීමක් ලෙසින් ගන්නා ගමන් බෞද්ධයන් තමන්ගේ අයිතිවාසිකම් කථා කිරීම අන්තවාදයක් ලෙසින් ගැනීමේ වැනි විකාර කරන්නට යාම මේ තත්වය නරක අතට හැරීමට හේතු වූ බව මගේ හැගීමය. අද ඥනසාර හිමියන්ගේ මතුකිරීම පසුපස ඇති තත්වයන් තේරුම් ගැනීමෙන් හා ඒවා ආමන්ත‍්‍රණය කිරීමෙන් තොරව සමස්ත හාමුදුරුවරුන්ට අපහාස කරන්නට යාම කියන්නේ ප‍්‍රශ්නයට ගිනි තරබ්මක් මිස එය නිමා දැමීමක් නොවන බව අප වටහා ගත යුතුය.

දෙවනුව අස්ගිරි හාමුදුවරුන් ඉදිරිපත් කරන්නේ බෞද්ධයන් වශයෙන් මේ රටට ආවේනිකව ගොඩනගා ගත් දැනුම් පද්ධතියක් හා ජවන ක‍්‍රමයක් පැවති සහ පවතින බවත් ඒ තුළ අනෙක් ආගම්වලට ඉඩදිමේ ගුනය හැමදම තිබුන බවත්ය. ඒ තුළින් කියන්නේ අපේ රටේ ඇති ආගමික නිදහස යනු වෙන දෙයක් නොව බෞද්ධයන්ගේ මේ අනුගතවීමේ ගූනය සමග බැදි පවතින දෙයක් බවය. අනෙක් අතට බෞද්ධයින් බහුතරයක් ජවත් වන හැම අස්සක් මුල්ලකටම අනෙක් ආගම්වලට එන්නට හැකියාව ඇත්තේ බෞද්ධයින් තුළ ඇති ඇතුලත්වීම්වාදි බව නිසා බව පිළිගැනීම මෙහිදි වැදගත්ම කාරණයක් බව මගේත් අදහසය. බෞද්ධ සිද්ධස්ථානයක ගොඩනැගිල්ලක් හදන විට එතැනට විත් ප‍්‍රශ්න කරන නැගනිහිර පළාතේ සමහරුන් සිතිය යුත්තේ මේ රටේ බෞද්ධයින්ට ඔය කියන ආකාරයට ප‍්‍රශ්න කරන්නට ගියා නම් රටේ හුගක් පළාත් තකිකරම බෞද්ධ ප‍්‍රදේශ ලෙසින් අදත් පවතිනවා කියාය. අද සමහරුන් කරන්නේ මේ කාරණය නොපිළිගන්නවා පමණක් නොවේ. එම මිත‍්‍රශීලිත්වයට අපහාසත් කිරීමය. විවිධ විදේශීය සංවිධානවලින් යැපෙන සමහරුන් රූපාවාහිනි නාලිකාවල බොරු බේගල් ඇද බාමින් හාමුදුරුවරුන් පල්ලි කඩනවා වැනි ප‍්‍රකාශ මගින් කරන්නේ එවැනි අපහාසයන්ය. මේ පල්ලි කැඞීම ගැන කළ ප‍්‍රකාශයට ඒ මොහොතේම ගෙවිදු කුමාරතංග දුන් පිළිතුරුරත් අගරදගුරුතුමාගේ පැහැදිලි කිරීම ජනාධිපතිවරයාගේ විසින්ම පිලිතුරක් ලෙසින් පසුව ඉදිරිපත් කිරීමත් යන දෙකම ඉතාමත් වැදගත් බවද මෙහිදි කිවයුතුය.

තුන්වෙනුව මේ ප‍්‍රකාශය මා කියවා ගන්නේ මේ ආන්ඩුව ගේන්න වැඩ කළා යැයි කියන සීමාසහිත සිවිල් සමාජ කණ්ඩායම පෙන්නුම් කරන බෞද්ධ විරෝධී මතවාදයට අස්ගිරියේ හාමුදුරුවරුන්ගෙන් ලැබුනු ප‍්‍රතිචාරයක් ද ලෙසින්ය. මේ සිවිල් සමාජකරුවන්ගේ මහා බෞද්ධ විරෝධයට භික්ෂූන් වහන්සේලාගේ ඇති අප‍්‍රසාදය මේ ප‍්‍රකාශයෙන් පෙන්නුම් කිරීම තේරුම් ගත යුත්තේ හුදු පුද්ගලයෙකුට එරෙහිව කරන ප‍්‍රකාශයක් ලෙසින් නොව ඒ අයගේ වැඩපිලිවෙලට ඇති විරෝධයක් හා විවේචනයක් ලෙසින්ය. මේ කියන සිවිල් සමාජ කණ්ඩායමට අයත් අය උජාරුවෙන් මෙන් පෙන්වන්නේ මේ රටට තියෙන ප‍්‍රශ්න ටික ඔවුන් හොදටම දන්නා බවත් ඒ ප‍්‍රශ්නවලට පිලිතුරු ටිකත් තමන්ගේ ලැප්ටොප් එකේ තිබෙනවා බවත් වැනි අදහසක්ය. තමන්ගේ විසදුම් ටික ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කරන්නට මේ අය හැම විටම උත්සාහ ගන්නේ මේ නිසා විය යුතුය. මේ අයගේ හිසේ තියෙන විසදුම් මේ රටේ ජනතාවගේ ප‍්‍රශ්නවලට තිබෙන විසදුම් ලෙසින් අන් කවරෙකු විශ්වාස කළත් මෙරට බෞද්ධයෝ විශ්වාස කරන්නේ නැති බවවත් තේරුම් ගන්නේ නම් එය මේ ප‍්‍රකාශයට වටිනාකමක් දිමක් බව මගේ වැටහීමය. අපේ රටේ සමහර විද්වතුන් විදේශ රටවල සම්මානයට පත්වන්නට කියා කරන සමහර පර්යේක්ෂන පදනම් වන්නේම ලාබෙට බෞද්ධ සංස්කෘතියට පහර දිමය. අනෙක් අතට මේ හුගක් උගත්තු කරන්නේ අනෙක් හැම දෙයක්ම විචාර න්‍යායෙන් බලන්න කියා අපට කියන ගමන් සිංහලකම හා බෞද්ධකම හරියට ටෙක්ස් බුක් එකේ ගානට බලන්නට කියා දෙන එකය. අස්ගිරියේ ප‍්‍රකාශය ගැන කථා කළ එක් විශ්ව විද්‍යාල ආචාරවරයෙක් මට කීවේ එය බෞද්ධ විරෝධී (It is an anti-Buddhist) කියාය. ඒ ආචාරවරයාට අනුව බුඩිස්ට් කියන්නේ ඔහු හිතේ තියාගෙන ඉන්න තේරුම එයට ආදේශ කිරිම පමණක්ය. මේ කාරණය තරමක් ශාස්ත‍්‍රීයව කියනවා නම් මේ උගත්තු කියන්නේ අනෙක් හැම දේම විඩාර න්‍යායෙන් (Critical Theory) බලන ගමන් බෞද්ධ කියන එක එක පොසිටිවිසටික් (positivistic) ) තේරුමකින් පමණක් ගත යුතු බවය. මා මීටත් පෙරත් ලියා ඇති පරිදි, මෙය හරියට සමාන වන්නේ උද්භිද විද්‍යාවට අනුව අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ තියෙන සියලූම ගස්වලට ඇති තේරුමෙන් මහමෙවුනාවේ තියෙන ශී‍්‍ර මහ බෝධියටත් සමාන අගයක් දෙන්න කීවා වැනි කථාවකටය. උද්භිද නාමය හෝ ඒ විද්‍යාවෙන් කුමක් කීවත් ශ‍්‍රීමහා බෝධිය යනු බෞද්යන්ගේ කථාවිශ්වය තුළ ආගමික අධ්‍යාත්මික හා ඓතිහාසික අර්ථයන් (meanings) ගනනාවක් ගොඩ නගන සංකේතයක් මිස අනෙක් අයට පෙනෙනෙ ගස නොවන බව පිළි ගැනීම වැදගත්ම කාරණයය. එය විචාරාත්මකව තේරුම් ගන්නේ නැතිව සියලූ ගස් සමානයි කියා ව්‍යවස්ථා හැදුවාට ඒවා සමාජයේ පිලි ගැනීමකට ලක් වන්නේ නැත්තේ මේ සමාජ විද්‍යාව නොපිලි ගන්නා නිසාය. (ශ‍්‍රීමහා බෝධියට එවැනි අගයක් දෙන්නේ නැති අනෙක් භක්තිකයෙකුට බලෙන් එය කරවන්නට යාමක් කිසිම දිනක බෞද්ධයෝ සිදු කර නැති බවද මෙහිදි පැවසිය යුතුය)

මේ රටේ ජනතාවට සිය වගකීම් ඉටු කළ ඉතිහාසයක් අස්ගිරියේ විහාර පාර්ශවයට හැමදම තිබූ බව උන්වහන්සේලාට ගෞරවයක් ලෙසින් සදහන් කළ යුතුය. යාපනයේ සිරගත කොට යටපත් කරන තුරුම ඉංග‍්‍රීසි පාලනයට එරෙහිව සටන් කළ වාරියපොළ සුමංගල හිමියන් යනු මේ අස්ගිරි සංග සභාවේ සිටි ගෞරවනීය වීරවරයෙක් බව බොහෝ අය නොදන්නවා විය හැකිය.

මා සිතන්නේ අස්ගිිරියේ සංඝ සභාවේ මේ මැදිහත්වීම ආණ්ඩුව භාරගත යුත්තේ එන්.ජී. ඕ. කාරයන් ඉදිරියට දමා නොව යම් වැදගත්කමක් සහිතවය. රට වෙනුවෙන් පෙනී සිටීන බෞද්ධ සමාජයට අපහාස උපහාස කරන ආණ්ඩුවේ සිටින බෞද්ධ විරෝධීන්ට එරෙහිවීම මේ යෝජනාවට ප‍්‍රතිචාර දැක්වීම හරහා සිදු කිරීම ජනාධිපතිතුමන් කථානායකතුමන් වැනි අයගේ යුතුකම විය යුතුය.

[ලංකාදීප 1017/06/23].

යුතුකම සංවාද කවය
www.yuthukama.com
(Like us on facebook : ttps://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions