රටට ෆෙඩරල්..බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය අහිමි නව ව්‍යවස්‌ථා යෝජනා...
-ගෙවිඳු කුමාරතුංග
[2017-06-10 දින දිවයින ඉරිදා සංග්‍රහයේ පළ වූ ලිපියකි]
වත්මන් රජයේ ව්‍යවස්‌ථා සම්පාදන ක්‍රියාවලිය ආරම්භ වූයේ ලාල් විඡේනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මහජන අදහස් ලබාගැනීමට යෑයි කියා පත් කරන ලද කමිටුවේ නිර්දේශයන් සමඟ ය. ඒ කමිටු නිර්දේශ අතර ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් විය යුතු බවටත්, බුද්ධාගමට දී ඇති 'ප්‍රමුඛස්‌ථානය' ඊට අහිමි කොට සියලු ආගම්වලට සමාන තත්ත්වයක් ලබාදිය යුතු බවටත් යෝජනා විය. ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් විය යුතු බව ව්‍යවස්‌ථාවේ සඳහන් දෙවැනි වගන්තිය සංශෝධනය කොට 'ඒකීය' පදය ව්‍යවස්‌ථාවෙන් ඉවත් කිරීමට ද මේ කමිටුව විසින් යෝජනා කෙරිණි. මේ විඡේනායක වාර්තාවේ නිර්දේශ සම්බන්ධයෙන් මහා සංඝයා වහන්සේලාගේ ද ගිහි බෞද්ධ ජනතාවගේ ද විරෝධයට ප්‍රතිචාර දැක්‌වූ රජය ප්‍රකාශ කළේ ඒ වාර්තාව හුදෙක් මහජන අදහස් මිස රජය අනුමත කරන නිර්දේශ නොවන බවයි.
ඊළඟට අනුකමිටු වාර්තා 6 ක් එළිදැක්‌විණි. මේ අනුකමිටුවේ නිර්දේශ ඉලක්‌ක කර තිබුණේ ශ්‍රී ලංකාව ෆෙඩරල් රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීමට ය. සමගාමී ලැයිස්‌තුව ඉවත් කිරීම, පළාතක ආණ්‌ඩුකාරවරයාගේ විධායක බලතළ ඉවත් කිරීම, ආණ්‌ඩුකාරවරයා මහ ඇමැතිගේ අභිමතය පරිදි පත් කිරීම, ඉඩම් හා පොලිසියේ බලතළ පළාත් සභාවලට ලබාදීම, ග්‍රාම සේවක, ප්‍රාදේශීය ලේකම් හා දිසා ලේකම් මුල් වූ රජයේ අණසක ගමට ගෙනයන යාන්ත්‍රණය ම පළාත් සභා යටතට පත් කිරීම ඇතුළු රට විනාශ කරන යෝජනා සමූහයක් ඒ නිර්දේශවලට ඇතුළත් විය.
මේ අනුකමිටු වාර්තාවලට මහා නායක ස්‌වාමින් වහන්සේලා ප්‍රමුඛ සංඝරත්නයෙන් ද ගිහි බෞද්ධ ජනතාව ගෙන්ද, අනෙකුත් ආගම්වලට අයත් දේශප්‍රේමී කොටස්‌වලින් ද එල්ල වූයේ දැඩි විරෝධයට ප්‍රතිචාර දැක්‌වූ රජය ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ ඒකීයභාවය නැති කිරීමට හෝ බුද්ධාගමට දී ඇති ප්‍රමුඛස්‌ථානය අහිමි කිරීමට හෝ රජය කිසි විටෙකත් කටයුතු නොකරන බව යි.
කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙහෙයුම් කමිටුවට ඉදිරිපත් කරන ලද අතුරු වාර්තා කෙටුම්පතෙහි ඇතුළත් වී ඇත්තේ ශ්‍රී ලංකාවේ ඒකීයභාවය සම්පූර්ණයෙන් ම විනාශ කිරීමටත් බුද්ධාගමට හිමි ප්‍රමුඛස්‌ථානය නැති කිරීමටත් හේතු වන යෝජනා ය. ඒකාබද්ධ විපක්‌ෂය ඒ කෙටුම්පතට ප්‍රතිචාර දක්‌වමින් එහි නිර්දේශයන් ප්‍රතික්‌ෂේප කර ඇත.
ඒකීයභාවය අහෝසි කිරීම
වර්තමාන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ ශ්‍රී ලංකාවේ ඒකීයභාවය පිළිබඳ සඳහන් 2 වැනි වගන්තිය ඉවත් කොට ව්‍යවස්‌ථාවේ 1 හා 2 වන වගන්ති වෙනුවට විකල්ප යෝජනා හතරක් අතුරු වාර්තාව යෝජනා කර ඇත.
ඒ විකල්ප යෝජනා හතරෙන් යෝජනා කර ඇති පළමු විකල්ප තුනෙහි 'ඒකීය රාජ්‍යය' පිළිබඳ කිසිම සඳහනක් නැත. එසේ 'ඒකීය' වචනය ඉවත් කර ඇත්තේ ශ්‍රී ලංකාව ෆෙඩරල් රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීමට බව පැහැදිලි ය. 'ඒකීය රාජ්‍යය' පිළිබඳව සඳහන් වන 4 වැනි යෝජනාවේ 'ඒකීය රාජ්‍යය' යන්න සඳහන් ව තිබුණ ද ඒකීය රාජ්‍ය සංකල්පයේ රටට ම පොදු එක් නීති සම්පාදක ආයතනයක් සහිත යන සාම්ප්‍රදායික අර්ථය වෙනස් කර සාවද්‍ය අර්ථ නිරූපණයක් ලබාදී ඇත. ඒ අර්ථ නිරූපණයට අනුව ඒකීය රාජ්‍යයක් යනු බෙඳිය නොහැකි රාජ්‍යයකි. මෙය සාවද්‍ය අර්ථ නිරූපණයක් පමණක් නො ව ජනතාව මුළා කිරීම සඳහා ඉදිරිපත් කර ඇති අර්ථ නිරූපණයකි. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 'ඒකීය රාජ්‍යය' යන පදය යොදා ඇත්තේ zෆෙඩරල්' රාජ්‍යකින් වෙන් කොට හඳුනා ගැනීමට මිස ශ්‍රී ලංකාව බෙදා වෙන් කළ හැකි ද, නොහැකි ද, යන්න විස්‌තර කිරීමට නො වේ. මෙයින් රජය බලාපොරොත්තු වන්නේ ව්‍යවස්‌ථාවේ ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් ලෙස පිළිගෙන ඇතැයි ජනතාව රැවටීම ය. මෙය වගකීමක් ඇති රජයක් නො කළ යුතු නිහීන ක්‍රියාවකි.
ජනතාවගේ පරමාධිපත්‍යය ක්‍රියාවට නැඟෙන ආකාරය වසන් කිරීම වර්තමාන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 4 වැනි වගන්තියේ දැක්‌වෙන්නේ ජනතාවගේ ව්‍යවස්‌ථාදායක, විධායක හා අධිකරණ බලය ක්‍රියාත්මක කරන ආකාරයයි. ඒ වගන්තියෙහි ජනතාවගේ ව්‍යවස්‌ථාදායක බලය ජනතාව විසින් තෝරා පත් කරගනු ලබන මන්ත්‍රීවරයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව විසින් ද ජනමත විචාරණයක දී ජනතාව විසින් ද ක්‍රියාත්මක කළ යුත්තේ ය, රටේ ආරක්‌ෂාව ඇතුළු ව ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරා පත් කරගනු ලබන ජනරජයේ ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළ යුත්තේ ය, යනුවෙන් ව්‍යවස්‌ථාදායක හා විධායක බලය ක්‍රියාත්මක කළ යුතු ආකාරය ඉතා නිරවුල්ව දක්‌වා ඇත.
අතුරු වාර්තාවෙන් යෝජනා කරනු ලැබ ඇත්තේ මේ 4 වැනි වගන්තිය ඉවත් කොට ඒ බලතළ දැනට එළිදක්‌වා නැති ව්‍යවස්‌ථාවේ අන් තැනක 'ප්‍රතිපාදනය කර ඇති ආකරයට' විය යුතු බව සඳහන් කිරීම ය. මෙයින් පැහැදිලි වන කාරණය නම් ජනතාව ගේ ව්‍යවස්‌ථාදායක, විධායක හා අධිකරණ බලය කවරකු විසින් ක්‍රියාත්මක කරන්නේ ද යන්න සැඟවීමට රජය උත්සාහ කරන බව යි.
වර්තමාන ව්‍යවස්‌ථාවේ 1, 2, 3, 5, 6, 7, 8 හා 9 වන වගන්තිවල ශ්‍රී ලංකාව හඳුන්වන්නේ 'ශ්‍රී ලංකා ජනරජය' වශයෙනි. එහෙත් අතුරු වාර්තාවේ ඒ වගන්තිවලින් 'ජනරජය' යන පදය සම්පූර්ණයෙන් ම ඉවත් කොට ඇත. ඉහත 2 වැනි වගන්තියේ 'ඒකීය රාජ්‍ය' යන පදයට දී ඇති සාවද්‍ය අර්ථනිරූපණය හා එක්‌ව ගත් විට ශ්‍රී ලංකාව තුළ ඒ ඒ පළාත්වල පරමාධිපත්‍යය ඒ ඒ පළාතේ ජනතාවට පමණක් භුක්‌තිවිඳීමට හැකි වන පරිදි ව්‍යවස්‌ථාව සකස් කිරීමට උත්සාහ කරන බව පෙනේ.
බුද්ධාගමට දී ඇති ප්‍රමුඛස්‌ථානය අහිමි කිරීම
වර්තමාන ව්‍යවස්‌ථාවේ ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය පිරිනමන්නේ ය යන 9 වැනි වගන්තිය වෙනුවට අතුරු වාර්තාව විකල්ප විධිවිධාන 7ක් යෝජනා කර ඇත. 9 වන වගන්තිය සංශෝධනය කිරීමේ උත්සාහයක නිරත නොවේ නම් ඒ වගන්තිය සංශෝධනය කරන විකල්ප විධිවිධාන 7ක් අතුරු වාර්තාව මඟින් යෝජනා කිරීමට හේතුවක් නොමැත.
බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය දෙන බව සඳහන් කරන අතර සෙසු ආගම් සමාන ලෙස සැලකීමටත්, වෙනස් ලෙස නො සැලකිය යුතු බවටත් සඳහන් වේ. සියලු ආගම් සමාන ලෙස සලකන්නේ නම් බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය දිය නොහැකි ය. ජනාධිපති නීතිඥ මනෝහර ආර්. ද සිල්වා මහතා පැහැදිලි කර ඇති පරිදි, දැනට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 9 වැනි වගන්තියේ සෙසු ආගම්වලට තහවුරු කර ඇත්තේ ව්‍යවස්‌ථාවේ ආගම් ඇදහීම පිළිබඳ 10 වැනි වගන්තියේ හා ආගම් ප්‍රකාශ කිරීම පිළිබඳ 14 (1) (ඉ) වගන්තියේ සඳහන් මූලික අයිතිවාසිකම් දෙක පමණි.
ඉදිරිපත් කර ඇති විකල්ප යෝජනාවල සියලු ම ආගම්වලට අයත් පුද්ගලයනට සියලු ම මූලික අයිතිවාසිකම් සහතික කිරීමේ අදහස වන්නේ, 12 වැනි වගන්තියේ සඳහන් සමානාත්මතාවට යටත් ව 9 වැනි වගන්තිය ක්‍රියාත්මක කිරීම හරහා 9 වැනි වගන්තිය නිෂ්ක්‍රිය කිරීම යි. මේ අනුව රජය යම් මුදලක් බුද්ධ ශාසනය පෝෂණය කිරීම සඳහා යොදවන්නේ නම් ඊට සමාන මුදලක් අන්තවාදී ආගමික කල්ලි ඇතුළු සියලු ආගම් පෝෂණය වෙනුවෙන් යෙදවීමට බැඳී සිටිනු ඇත.
අගමැතිතුමාගේ වාර්තාවේ මේ විකල්ප යෝජනා බෞද්ධ ජනතාවටත් බුද්ධාගමටත් කර ඇති ඉමහත් නිගාවකි.
බලය බෙදීම
බලය බෙදීම සම්බන්ධයෙන් අතුරු වාර්තාවේ පහත සඳහන් නිර්දේශයන් ඇතුළත් වේ (13-19 පිටු). සමගාමී ලැයිස්‌තුව ඉවත් කිරීම (4.1 ඡේදය, මේ මඟින් එදිනෙදා ජන ජීවිතයට බලපාන විෂයයන් සම්බන්ධයෙන් මධ්‍යම රජයට මැදිහත් වීමට තිබූ අවකාශය අහිමි කෙරේ), සංවෘත ලැයිස්‌තුවේ (මධ්‍යම රජයේ) විෂයයන් සීමා කිරීම (5 ඡේදය), මධ්‍යම රජයේ විෂයයන් සම්බන්ධයෙන් ද නීති ක්‍රියාත්මක කිරීමේ බලය පළාත්වලට ලබාදීම (6 ඡේදය), ජාතික ප්‍රතිපත්ති පිළිබඳ විෂයය සංවෘත ලැයිස්‌තුවෙන් (මධ්‍යම රජයෙන්) ඉවත් කිරීම (7.2 ඡේදය), ආණ්‌ඩුකාරවරයා මහ ඇමතිගේ එකඟතාවෙන් පත්කිරීම හා ආණ්‌ඩුකාරවරයාට මහ ඇමතිගේ උපදෙස් පරිදි ක්‍රියා කිරීමට සැලසීම (9 ඡේදය), පළාත් සභා ප්‍රඥප්ති නීතිගත වීම සඳහා ආණ්‌ඩුකාරවරයාගේ අනුමතිය අවශ්‍ය නොවන පරිදි ව්‍යවස්‌ථා ප්‍රතිපාදන සකස් කිරීම (10 ඡේදය), පළාත් ප්‍රඥප්තිවල ව්‍යවස්‌ථානුකූලත්වය නිර්ණය කිරීමට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා අධිකරණය නමින් විශේෂ අධිකරණයක් ස්‌ථාපිත කිරීම (10 ඡේදය, මේ මඟින් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රමුඛ ජාතික අධිකරණ පද්ධතියට මැදිහත් වීමට ඇති අවස්‌ථා අහිමි කිරීම) ඒ නිර්දේශයන්ගෙන් ප්‍රධාන වේ. මේ සියලු නිර්දේශ ඒකීය රාජ්‍යය අහෝසි කිරීමත් දුර්වල මධ්‍යම රජයක් හා බලගතු පළාත් රාජ්‍යයන් (පළාත් සභා?) සහිත ෆෙඩරල් රාජ්‍යයක් ගොඩනැඟීමත් අරමුණු කරගත් නිර්දේශයන් ය. මේ නිර්දේශ පිළිබඳ විස්‌තරාත්මක විග්‍රහයක් ජාතික ඒකාබද්ධ කමිටුව ප්‍රකාශයට පත්කර ඇති මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව (කෙටුම්පත) පිළිබඳ විවරණයෙහි ඇතුළත් ව ඇත.
ඒ හා සමඟ ම අතුරු වාර්තාවෙන් ඉදිරිපත් කර ඇති තවත් යෝජනාවක් වන්නේ පළාත් ඒකාබද්ධ කිරීම ඒ පළාත්වල ජනතාවගේ අනුමැතිය ජනමත විචාරණයක දී ලබාගැනීමට යටත් ව සිදුකරලීමට ප්‍රතිපාදන සැලසීම යි. මේ අනුව උතුරු හා නැඟෙනහිර පළාත් ඒ පළාත්වල අභිමතය මත පමණක් එක් කළ හැකි ය.
උතුරු හා නැඟෙනහිර පළාත්වල ජීවත් වන බෙදුම්වාදීන්ගේ අවශ්‍යතාවන් ඉටු කිරීමට රජය කටයුතු කිරීම කනගාටුදායක ය.
පාර්ලිමේන්තුවේ ව්‍යවස්‌ථා සම්පාදක බලය සීමා කිරීම
බහුතරයක් පළාත් සභාවලින් පත් කෙරෙන සාමාජිකයන් ගෙන් සමන්විත දෙවැනි මන්ත්‍රණ සභාවක් පිහිටුවීමට යෝජනා කිරීම හා ව්‍යවස්‌ථාවේ බලය බෙදාහැරීම පිළිබඳ පරිච්ඡේදය සංශෝධනය කරන හෝ එහි සඳහන් ප්‍රතිපාදනවලට පටහැනි හෝ ව්‍යවස්‌ථා සංශෝධන පනත් ගත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් අනුමත වීම, දෙවැනි මන්ත්‍රණ සභාවේ තුනෙන් දෙකක බහුතරයක් ලබා තිබීම හා දෙ වැනි මන්ත්‍රණ සභාවේ නියෝජනය වන සෑම පළාත් නියෝජිත කණ්‌ඩායමක ම සරල බහුතරයක් ලබා තිබීම අවශ්‍ය බවට නිර්දේශ කිරීම මඟින් පාර්ලිමේන්තුවේ ව්‍යවස්‌ථා සම්පාදක බලය සීමා කිරීමට අමතරව මේ ව්‍යවස්‌ථා සංශෝධන හරහා බෙදාහැරෙන බලතළ කිසිවක් මේ රටේ සමස්‌ත ජනතාවගේ බහුතරයකගේ කැමැත්ත මත පවා නැවත මධ්‍යම රජයට ලබාගැනීමේ අවකාශය ද අහෝසි කර ඇත. පළාත් ලැයිස්‌තුවේ ඇති විෂයය ගැන සාමාන්‍ය නීති සම්බන්ධයෙන් පළාත් සභාවලට බලපාන ආකාරයට කේන්ද්‍රයට නීති සම්පාදනය කළ හැකිවන්නේ ද ඉහත ප්‍රතිපාදන යටතේ ම ය.
මේ යෝජනාවලින් ඉටුකර ගැනීමට අපේක්‌ෂා කරන්නේ, ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ බලය බෙදීම පිළිබඳ පරිච්ඡේදයේ විධිවිධානයන් මෙන් ම පළාත් සභාවක් විසින් සම්මත කරගන්නා නීතීන් ද වෙනස් කිරීමට පාර්ලිමේන්තුවට ඇති බලය තවදුරටත් සීමා කිරීම ය. මේ යෝජනා ශ්‍රී ලංකාවේ ඒකීය භාවය විනාශ කරන නිර්දේශ වේ.
ව්‍යවස්‌ථා අධිකරණය
ව්‍යවස්‌ථා අධිකරණය සම්බන්ධ පරිච්ඡේදයක් හෝ ව්‍යවස්‌ථා අධිකරණය යනු කුමක් ද එහි සංයුතිය කෙබඳු ද යන කරුණු කිසිවක් හෝ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාවේ සඳහන් නො වේ. එහෙත් ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයේ අධිකරණ අනුකමිටු වාර්තාවට අනුව (5 පිටුව) මේ ව්‍යවස්‌ථා අධිකරණය, Ñශ්‍රී ලංකාවේ අධිකරණ සංවිධාන ව්‍යqහයට ඇතුළත් නොවේ. එසේ මුත් ශ්‍රී ලංකා රාජ්‍යයේ අනාගත පැවැත්ම සම්බන්ධ තීරණාත්මක අර්ථකථන හා තීන්දු තීරණ දීමේ ක්‍රියාවලියෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රධාන අපගේ අධිකරණ පද්ධතියම ඉවත් කොට මේ ව්‍යවස්‌ථා අධිකරණයට පැවරීමට අදහස් කරන බව අතුරු වාර්තාවෙන් පැහැදිලිව පෙනේ (අතුරු වාර්තාව, දෙවැනි මන්ත්‍රණ සභාව, 10 වගන්තිය, 9 පිටුවඳ ඇමුණුම - රාජ්‍ය ඉඩම්, ආරවුල් නිරවුල් කිරීම - ඉඩම්, 15 වගන්තිය, 25 පිටුව හා 19 වගන්තිය, 26 පිටුව).
මේ, ව්‍යවස්‌ථාව අර්ථකථනය කිරීමේ හා ඊට අනුකූලව නියමයන් පැනවීම ද පාර්ලිමේන්තු හා පළාත් සභා අණ-පනත්වල ව්‍යවස්‌ථානුකූලභාවය නිර්ණය කිරීම ද අපගේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවත් කර රටට, ජනතාවට වග නොකියන එන්.ජී.ඕ. නඩ අතට පත් කිරීමට දරන ප්‍රයත්නයකි.
රාජ්‍ය ඉඩම්
රාජ්‍ය ඉඩම් භාවිතය පිළිබඳ යෝජිත විධිවිධාන අතුරු වාර්තාවේ 'රාජ්‍ය ඉඩම්' යටතේ දැක්‌වේ. එහි 8 වැනි හා 11 වැනි වගන්ති අනුව මධ්‍යම රජයට රාජ්‍ය ඉඩම් භාවිත කළ හැකි වන්නේ ජාතික (සංවෘත) ලැයිස්‌තුවේ සඳහන් විෂයයන් සම්බන්ධයෙන් පමණි. පළාතක ඇති අන් සියලු ඉඩම් පළාත් රජය සතු වනු ඇත. රජයේ ඉඩම් ව්‍යවස්‌ථාවේ තිබෙන ලැයිස්‌තු පදනම් කරගෙන මධ්‍යම රජය හා පළාත් රජය අතර බෙදා වෙන් කිරීම රාජ්‍යයේ ඒකීය භාවය බිඳ දැමීමකි.
ජනාවාස පිහිටුවීම සම්බන්ධයෙන් 12 වැනි ඡේදයේ දැක්‌වෙන්නේ, ජනාවාස පිහිටුවීමේ වැඩසටහන්වල ප්‍රමුඛතාව දිය යුත්තේ දිස්‌ත්‍රික්‌කයේ ඕනෑ ම උප කොට්‌ඨාසයක ඉඩම් නැති පුද්ගලයන්ට වන අතර, ඊළඟට දිස්‌ත්‍රික්‌කයේ ඉඩම් රහිත පුද්ගලයන්ට ද ඉන්පසු පළාතේ පුද්ගලයන්ට ද යනුවෙනි (අතුරු වාර්තාව, 25 පිටුව).
මේ අනුව පළාතෙන් පිටත සිටින ජනතාවට ඒ පළාතේ ඉඩම් ඉල්ලා සිටීමේ අයිතිය අහිමි කෙරේ. ජනගහන ඝනත්වය අඩු උතුරු හා නැඟෙනහිර පළාත් දෙකේ ඇති ඉඩම් ඒ පළාත් වල ජනතාවට පමණක් ලබාදීම අයුක්‌ති සහගත මෙන් ම වර්ගවාදී ද වේ.
මහජන ආරක්‌ෂාව
13 වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය මඟින් හඳුන්වා දුන් පළාත් සභා ක්‍රමය පිළිබඳව ඇති ප්‍රධාන ගැටලුව පළාත්, රාජ්‍යයෙන් වෙන් වී යැමට ඇති ඉඩකඩ යි. මේ අභියෝගයට යම් තරමකට හෝ මුහුණ දීම සඳහා 13 වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයෙන් විධිවිධාන යෙදුණේ, ශ්‍රී ලංකාවේ ආරක්‌ෂාව පිළිබඳ තර්ජනයක් අත්‍යාසන්න ව පවතින බවට ජනාධිපතිවරයා සෑහීමකට පත් වූ විට ඊට මැදිහත් වීමට ඔහුට ඉඩ සලසා තිබීමෙන් ය. අදාළ 154 ඒ වගන්තියේ පැහැදිලි කිරීමේ විශේෂයෙන් සඳහන් වන්නේ ඒ සේවා හා සැපයුම් ඇත්ත වශයෙන්ම ඇණහිටීමට හෝ යුද්ධය, ආක්‍රමණය නැති නම් කැරැල්ල ඇත්ත වශයෙන් ම ඇති වීමට හෝ පළමුව ජනාධිපතිවරයාට ඊට මැදිහත් විය හැකි බව ය.
අතුරු වාර්තාවේ නිර්දේශයන්ට අනුව ජනාධිපති සතු මේ අභිමතය අන්තරාය මතුපිටින් විද්‍යමාන වන තෙක් සීමා කර ඇත. මේ අනුව ත්‍රස්‌ත ප්‍රහාරයක් සඳහා හෝ ආණ්‌ඩුව පෙරළීමට හෝ කුමන්ත්‍රණය කරන අවස්‌ථාවක දී ඒ බව බුද්ධි අංශ වාර්තා කර තිබුණ ද ජනාධිපතිවරයාට හදිසි නීතිය ක්‍රියාත්මක කළ නොහැකි ය.
මීට අමතර ව මේ නව අතුරු වාර්තාවට අනුව මේ සෑම අවස්‌ථාවක ම ජනාධිපතිවරයාට අදාළ ක්‍රියාමාර්ග ගත හැක්‌කේ අගමැතිගේ උපදෙස් මත පමණි (අතුරු වාර්තාව/නව, 38 පිටුව). ඒ අනුව මේ වගන්ති සැබෑ විධායක බලය භුක්‌තිවිඳින්නා බවට අගමැති පත් කිරීමට සංශෝධන ගෙන ඒමේ අදහස ඇති ව කෙටුම්පත් කර ඇති බව පෙනේ.
පොලිස් බලය
අතුරු වාර්තාව නිර්දේශ කරන්නේ පොලිස් බලය මධ්‍යම රජය හා පළාත් රජයන් අතර බෙදාදිය යුතු බව යි. මේ නිර්දේශවලට අනුව පළාත් ආණ්‌ඩුවලට පොලිස් බලතළ ලැබේ. 13 වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය හරහා පළාත් ආණ්‌ඩුවලට පොලිස් බලතල ක්‍රියාත්මක කිරීමට හැකි වන විධිවිධාන ව්‍යවස්‌ථාවට ඇතුළත් කරනු ලැබූව ද එය ක්‍රියාත්මක නොවුණි. මේ අතුරු නිර්දේශවල අරමුණ වී ඇත්තේ එම බලතළ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම යි.
මේ අනුව ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයේ මෙහෙයුම් කමිටුවට ඉදිරිපත් කෙරී ඇති යෝජනා මෙ රට බුද්ධාගමට හිමි ප්‍රමුඛතාව අහිමි කෙරෙන රට ෆෙඩරල් කෙරෙන, ජනවර්ග හා ආගමික විශ්වාස මත බෙදීම් ඇති කෙරෙන භයානක නිර්දේශ සමූහයක් බව පැහැදිලි ය. මේ සමස්‌ත යෝජනාවලිය පරාජය කිරීමට කටයුතු කිරීම මවුබිමට ආදරය කරන සෑම රට වැසියකුගේ ම අද ප්‍රමුඛ කාර්යය වේ.
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .