6/19/2017

මලික් සමරවික්‍රමගෙන් තවත් වික්‍රමයක් - අනාචාර්ය පත්කිරීමක්

කතෘ:යුතුකම     6/19/2017   2 comments

ආචාර්ය සමන් කැලේගම  ලැජ්ජා නැති වැඩක..?

ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යංශය විසින් සිදු කළ ඉතාම අක්‍රමික පත්වීමක් පිළිබඳව වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ හෙළිදරවු කළේය.

එම අමාත්‍යාංශය විසින් චීන-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම සඳහා පත්කරන ලද සාකච්ඡා කණ්ඩායම සහ චීනය නියෝජනය කළ කණ්ඩායම අතර පැවති සාකච්ඡාවක රැස්වීම් වාර්තාවක කොපියක් වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ අතට ලැබී ඇත. එහි ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් සකච්ඡා කණ්ඩායමේ ප්‍රධානියා ලෙස අත්සන් තබා ඇත්තේ ආචාර්ය සමන් කැලේගමයි.

නමුත් ඔහු බහු ජතික සමාගමක ශ්‍රී ලංකා ශාඛාව වන සිංගර් ශ්‍රී ලංකා ආයතනයේ වත්මන් සභාපතිවරයා වශයෙන් කටයුතු කරයි. එම සමාගම විසින් පසුගිය වසර ඇතුළත පමණක් රුපියල් මිලියන 8,500 කට අධික වටිනාකමකින් යුත් භාණ්ඩ චීනයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කර තිබේ. එවන් සමාගමක ප්‍රධානියෙකු චීනය සමඟ ආනයන බදු සහන පැනවෙන භාණ්ඩ ලැයිස්තුව සහ අදාළ බදු සහන ප්‍රමාණයන් තීරණය කෙරන ගිවිසුමක් සම්බන්ධ සාකච්ඡා පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගී වන කණ්ඩායමේ ප්‍රධානියා වශයෙන් තබා එහි සාමාජිකයකු වශයෙන් හෝ පත් කිරීමත් බැඳියාම් අතර ගැටුම් අවස්ථාවක් (Conflict of interest) බව වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ සඳහන් කරයි. එනිසා වහාම මෙම පත්වීම අවලංගු කරන මෙන් ඉල්ලා සිටිමින් වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර තිබේ. එම ලිපියේ පිටපත් සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීන්වරුන් වෙතද යොමු කර ඇත.

එම සංගමයේ ප්‍රකාශකයෙකු අප සමඟ පවසා සිටියේ යහපාලනය මත ප්‍රතිඥා දී පැමිණි ජනාධිපතිවරයකු වශයෙන් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම පත්වීම නිවැරදි කර මේ සැකකටයුතු පත්කිරීම හා සම්බන්ධව කිසියම දූෂණයක් අක්‍රමිකතාවයක් සිදුව ඇත්දැයි වහාම පරීක්ෂණයක් පවත්වන්නට අවශ්‍ය පියවර ගනු ඇතැයි එම සංගමය බලාපොරොත්තු වන බවයි.

ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් සමපාදනය සඳහා වූ මහජන කොමිසම ඉදිරියේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට අවස්ථාව ලබා ගත් එම වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ ලේකම් ඉංජිනේරු කපිල පෙරේරා මහතා එම කොමිසමෙන් ඉල්ලා සිටියේ ජාත්‍යන්තර ගිවිසුම්වලට එළැඹීමේදී මෙවැනි දූෂිත සිදු වීම් වළක්වාලීමට සමත් ක්‍රමවේදයක් ජාතික වෙළඳ ප්‍රතිපත්තියට ඇතුළත් කළ යුතු බව තම සංගමයේ ස්ථාවරය වන බවයි.




යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

2 comments :

  1. Nature has resolved the issue.

    ReplyDelete
  2. But the masters who sent this fellow will continue their work with a fresh head.
    What's the matter?

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions