6/21/2017

ක්‍රිස්තියානි පල්ලිවලට පහර දුන් කතාව බොරුවක් - සරත් හෙට්ටිආරච්චි පියතුමා

කතෘ:යුතුකම     6/21/2017   No comments

ක්‍රිස්තියානි පල්ලිවලට පහර දුන් කතාව බොරුවක් - දර්ශනපති සරත් හෙට්ටිආරච්චි පියතුමා

-සාකච්ඡා කළේ : නාමල් උඩලමත්ත [Rivira]
මෙරට බෞද්ධයන් සෙසු ආගමික කණ්ඩායම්වලට එරෙහිව විශේෂයෙන් ක්‍රිස්තියානි පල්ලිවලට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා කරන බවට චෝදනා එල්ල විය. රටේ බෞද්ධ සහ සෙසු ආගමික සබඳතාව, පෙර කී චෝදනාවල පදනම, එහි අරමුණු සහ ඒ පිටුපස සිටින බලවේග පිළිබඳ දර්ශනපති සරත් හෙට්ටිආරච්චි පියතුමා සමග කළ සාකච්ඡාවකි.

මෙරට බෞද්ධයන් සහ සෙසු ආගමික කටයුතු අතර පවතින සබඳතාව ඔබ විග්‍රහ කරන්නේ කොහොමද?

මේ රටේ බහුතරය බෞද්ධයන් නිසා සෙසු ආගමික කොටස්වලට නිදහස තමන්ගේ ආගම අදහ ගෙන ජීවත් වීමේ අවස්ථාව ලැබිලා තියෙනවා. බෞද්ධ භික්ෂූන් වහන්සේලා වගේ ම බෞද්ධ ජනතාවත් සෙසු ආගමිකයන්ට හිංසා පීඩා කිරීමක් කවදාවත් සිදුවුණේ නෑ.

ඇත්තට ම යටත් විජිත සමයේ දකුණු පලාතේ හක්මන වගේ ප්‍රදේශවල මිෂනාරිවරු ගමන් බිමන් ගියේ ගමේ පන්සලේ හාමුදුරුවන්ගේ‍ෙ බක්කි කරත්තේ. ඇතැම් අවස්ථාවල ඔවුන්ට දේශනා පැවැත්වීමට පන්සලේ ධර්ම ශාලාව ලබා දුන්නා. පෘතුගීසි ලන්දේසි ගැටුම් අවස්ථාවල දී පීඩාවට පත් පූජකවරුන්ට ආරක්ෂාව ලබා දුන්නේ පන්සලයි හාමුදුරුවොයි. බෞද්ධ ජනතාව සෙසු ආගමික කොටස් කෙරෙහි දැක්වූ සහනශීලී පිළිවෙත නිසා හැමදාම මේ රටේ ආගමික සංහිඳියාවක් තිබුණා.

අදත් බෞද්ධ ජනතාව සහ සෙසු ආගමික කොටස් අතර ආගමික සංහිඳියාව තිබෙනවා. මම ඉන්න ගෙදරට අල්ලපු ගෙදර ඉන්නේ බෞද්ධයෙක්. ඊට අනිත් පැත්තෙන් ගෙදර මුස්ලිම් මනුස්සයෙක්. ඒ මිනිස්සු එකට හිටියා කියලා ගහ මරා ගන්න යන්නේ නෑ. ඇතැම් පළාත්වල සාතිශය බහුතරයක් බෞද්ධයන් අතර ක්‍රිස්තියානි පවුල් 4ක් 5ක් ජීවත් වෙනවා. ඔවුන්ගේ පල්ලිය තියෙනවා. ඒ බෞද්ධ ජනතාව සුළුතර ක්‍රිස්තියානි පවුල්වලට හිංසා පීඩා කරන්න පල්ලි ගිනි තියන්න කවදාවත් ගියේ නෑ. ඇත්තටම ඒ ජනතාවට සහ පල්ලියට බෞද්ධයන්ගේ ආරක්ෂාව හැර ආරක්ෂාවක් එතන නෑ

බෞද්ධ ජනතාව සෙසු ආගමික කොටස් අතර තමන්ට හොඳයි කියලා හිතෙන යමක් තිබුණා නම් ඒක ගත්තා. බෞද්ධයෝ භක්ති ගීත හදා ගත්තේ ක්‍රිස්තියානි කැරොල් ගීත අහලා. දහම් පාසලත් එහෙමයි. බෞද්ධ ජනතාව හැමදාම සෙසු ආගමික කොටස් සමග ඉතා ම මිත්‍රත්වයෙන් සහයෝගයෙන් කටයුතු කළා. යම් සුළු ගැටුමක් ඇති වුණත් ඒවා දුරදිග යන්න ඔවුන් ඉඩ දුන්නේ නෑ.

ලෝකයේ සෙසු රටවලට සාපේක්ෂව අපේ රටේ සුළු ආගමික කොටස්වලට සිය ආගම නිදහසේ ඇදහීමට බාධා තියෙනවාද?


මම නම් එහෙම කිසිම බාධාවක් දකින්නේ නෑ. අපට අපේ ආගම නිදහසේ අදහන්න අවශ්‍ය පසුබිම මේ රටේ තියෙනවා. අපේ ජනතාවට පල්ලි යන්න පුළුවන්. සංවිධාන හදන්න පුළුවන්. දහම් පාසල් යන්න පුළුවන්. අපේ සංස්කෘතික උත්සව පවත්වන්න පුළුවන්. කිසිම කෙනෙක් ඒ මැදට පැනලා මේවා නවත්තපල්ලා කියලා අපට බලපෑම් කරලා නෑ.

ඔබතුමා කිතුදහම වගේ ම බුදුදහම පිළිබඳ හැදෑරීමක් කළ විද්වතෙක්. මේ ආගම්වලින් ජනතාව ප්‍රචණ්ඩත්වයට යොමු කරනවාද?

බුදු දහම හෝ කිතු දහම කිසිම ආකාරයක ප්‍රචණ්ඩත්වයකට අනුබල දෙන්නේ නෑ. ඒක මට 100%ක් සහතික කළ හැකියි. මේ ලෝකය විවිධයිනේ. ඒ නිසා විවිධ මතවාද අදහස් දරන මිනිස්සු ඉන්න පුළුවන්. ඒත් බෞද්ධයන්ට පහර දෙන්නයි පන්සල් ගිනි තබන්න සාමාන්‍ය ක්‍රිස්තියානි මනුස්සයෙකුට වුවමනා නෑ. ඒ වගේ ම ක්‍රිස්තියානින්ට පහර දෙන්නයි පල්ලි ගිනි තියන්නයි සාමාන්‍ය බෞද්ධ මනුස්සයෙකුට වුවමනාත් නෑ. අපේ ආගම් දෙකම ප්‍රචණ්ඩත්වය ප්‍රතික්ෂේප කරන නිසා තමයි ජනතාව සමගියෙන් ජීවත් වන්නේ.

ඔබතුමා කිතුනුවෙක් වුවත් බුදු දහම සහ බෞද්ධ සාහිත්‍ය හදාරනවා. එහි ඇති වැදගත්කම කුමක්ද?

බුදුදහම, කිතුදහම, හින්දු ආගම වගේ සියලු ආගම්වල අපේ ජීවිතයට එකතු කරගත හැකි යහපත් දේ ඇතුළත් වෙනවා. ජාතක පොතේ සඳහන් වෙනවා සමගිය පිළිබඳ ඉතා ම ලස්සන උපමා කතන්දර. මම පොතක් ලීවා ‘ජාතක පොතින් සහ බයිබලයෙන් මතු වන ළමා කතා‘ කියලා. සිබිල් වෙත්සිංහ මහත්මිය සිතුවම් ඇන්දේ. මේ පොත පන්සල් විශාල ප්‍රමාණයක් වගේ ම පල්ලි විශාල ප්‍රමාණයක් මිලට ගත්තා. ඒ ජාතක පොතේ වගේ ම බයිබලයේ කතන්දර ඉගනීමට ළමයි කැමති නිසා. ඒ සඳහා වැඩිහිටියන් අනුබල දෙන නිසා.

උදෑසන රේඩියෝවේ අපට අහන්න ලැබෙන ලස්සන බෞද්ධ ධර්ම දේශනා යන කොට ක්‍රිස්තියානි අය රේඩියෝව වහලා දාන්නේ නෑ. රේඩියෝව පොළොවේ ගහන්නෙත් නෑ. ඒවාට සවන් දෙනවා. එහි ජීවිතයට එකතු කරගත යුතු යමක් ඇත්නම් එය උකහා ගන්නවා. ඒ දැනුම සහ අවබෝධ අපේ ජීවිත ගොඩනගා ගැනීමට වගේ ම ඒ ජනතාව සමග සමගියෙන් සහයෝගයෙන් ජීවත් වෙන්නත් වැදගත් වෙනවා. මම තවමත් ජාතක පොත හදාරනවා. එහෙම අවබෝධයක් ලබා ගත්තා කියලා අබෞද්ධයන් බුදු දහමට යන්න හෝ බෞද්ධයන් වෙන ආගම්වලට යන්න හෝ වුවමනාවක් නෑ.

2015 ජනවාරි 08 වන දින සිට බෞද්ධයන් ක්‍රිස්තියානි පල්ලි 195කට පහර දුන් බව එක්තරා නීතිඥයෙක් රූපවාහිනි නාලිකාවක් ඔස්සේ ප්‍රකාශ කළා. මෙවැනි සිදුවීම් ඔබට වාර්තා වී තිබෙනවාද?

අප නියෝජනය කරන නිකායන්වල එවැනි පහර දීමක් වූ බවට කිසිම වාර්තාවක් අපට ලැබී නෑ. මම දන්න තරමින් සාම්ප්‍රදායික කිතුනු ජනතාවට හෝ ක්‍රිස්තියානි පල්ලිවලට එවැනි පහර දීමක් වෙලාත් නෑ. එහෙත් ඇතැම් විට කාගේ කවුද? කොහෙන් ආවා ද? මොන නිකායේ ද? කියලාවත් දන්නේ නැති කණ්ඩායම් තැන් තැන්වල ගෙවල් කුලියට ගන්නවා. එතන කුරුසයක් ගහලා කෙනෙක් පදිංචි කරනවා. බෞද්ධ විරෝධි දේශන පවත්වනවා. බෞද්ධයෙක් දෙන්නෙක් ගන්නවා. ඒවාට විරුද්ධව ජනතාව පෙළ ගැසෙනවා. එවැනි බලවේග තමයි මේ පල්ලිවලට ගහනවා කියලා හඳුන්වා දෙන්නේ. ඇතැම් විට දෙපිරිසක් අතර ඇති වන පෞද්ගලික ගැටුමක් පවා ආගමික ගැටුමක් විදිහට අර්ථ දක්වන්න ඇතැම් අය උත්සාහ කරනවා.

බෞද්ධයන් විතරක් නෙමෙයි ඇතැම් අවස්ථාවල සාම්ප්‍රදායික සභාවල ක්‍රිස්තියානි ජනතාවත් මේ කණ්ඩායම් තමන්ගේ ආගමික නිකායන්වලට එකතු කර ගැනීමට උත්සාහ කරනවා. වැද්දන් පවා තමන්ගේ ආගමට ගන්න උත්සාහ කරනවා. මේ අය වැඩ කරන්නේ ජෙසුස් වහන්සේට හෝ ක්‍රිස්තියානි දහමට ඇති ආදරයකට නෙමෙයි. තමන්ට විදෙස් රටවලින් ලැබෙන මුදලට, යාන වාහනවලට, මන්දිරවලට. ඔවුන් නූගත් බෞද්ධ ජනතාව, වතුකරයේ දෙමළ ජනතාව ටකරං කොලයට පිටි පැකට් එකට ආගමට හරවා ගෙන ඒ විස්තර පිට රටට යවලා යහමින් හරි හම්බ කරනවා. නමුත් සියලු දෙනාම ඒවගේ වැඩ කරනවා කියලා අපට චෝදනා කරන්න බෑ. මේ අලුත් නිකායන්වල හොඳ මිනිස්සුත් ඉන්නවා.

මෙවැනි පදනම් විරහිත ප්‍රචාර පිටුපස කවුද ඉන්නේ?

මේ පිටුපස දේශපාලනය තියෙනවා. ආගම දේශපාලනය සමග සම්බන්ධයි. දේශපාලන වාසි ලබා ගැනීම සඳහා විවිධ කණ්ඩායම් මෙවැනි කටයුතු කරනවා. ඇතැම් අය ඒ සඳහා රහසේ සහාය දෙනවා. එය වසර සිය ගණනක් ඉතාම සමගියෙන් ජීවත් වන ජනතාවක් සිටින අපේ සමාජයට විශාල හානියක්. එය අප විසින් ම අපේ බෙල්ල කපා ගැනීමක්.

ඒ වගේ ම මේ පිටුපස විදේශ කුමන්ත්‍රණ තියෙනවා. බලවත් රටවල් සෙසු රටවල් දුර්වල කරලා ගැටුම් ඇති කරලා ඒවා තමන්ගේ භූ දේශපාලන අවශ්‍යතා සඳහා යොදා ගන්නවා. මේ බලවේග අසත්‍ය චෝදනා එල්ල කරලා ලිබියාව විනාශ කරලා දැම්මා. අද වන විට කටාරයේ විශාල අර්බුදයක් නිර්මාණය කරලා. මේ වගේ ගැටුම් නිර්මාණය කරලා ඒවා මැදට පැනලා සම්බාධක දාලා ඒවා විනාශ කරනවා. මානව හිමිකම් ආදි වෙස් මුහුණ පැළඳ ගෙන එන්නෙත් එවැනි බලවේග තමයි.

ඔවුන්ට අවශ්‍ය ගැටුමක් නිර්මාණය කරලා එහි වගකීම බෞද්ධයන් මත පටවන්නයි. ඊට පස්සේ මේ රටේ බහුතර බෞද්ධයන් සෙසු ආගමික කොටස් හිංසනයට ලක් කරන ම්ලේච්ඡ කොටසක් කියලා ලෝකයට කියාපානවා. ඒක තමයි ඔවුන්ගේ අරමුණ. ඒ ඔස්සේ විවිධ බලවේගවලට මේ රටේ කටයුතුවලට ඇඟිලි ගහන්න අවස්ථාව ලැබෙනවා.

එහෙත් යථාර්ථය එය නෙවෙයි. කිසිම අවස්ථාවක මේ රටේ බෞද්ධයෙක් කිතුනුවකුට පහර දෙන්න හෝ කිතුනුවකු බෞද්ධයකුට පහර දෙන්න හෝ ගියේ නෑ. පන්සල් පල්ලි ගිනි තියන්න ගියේ නෑ. බෞද්ධයන්ට ගැටුම් ඇති කර ගන්න වුවමනා නම් බහුතර බෞද්ධ ගම් මැද ඉන්න එකම කිතුනු පවුලට වට කරලා පහර දෙන්න පුළුවන් නේ. නමුත් එහෙම කරන්නේ නෑ.

ඒත් සමහරු හාමුදුරු කෙනෙක්ගේ දෙන්නෙක්ගේ නම් දාලා මේ රටේ විශාල අර්බුදයක් තියෙනවා කියලා ලෝකයට පෙන්වන්න උත්සාහ කරනවා. සමහර හාමුදුරුවරු ප්‍රභාකරන් වගේ කියලා පෙන්වන්න උත්සාහ කරනවා. මේක හරිම ඛේදජනක තත්ත්වයක්. මේ රටේ සාමාන්‍ය ජනතාව මෙවැනි දුෂ්ට වැඩවලට වගේම ඒ පිටුපස සිටින බලවේගවලට විරුද්ධ වෙන්න ඕන.

වර්තමාන බොහෝ ගැටුම්වලට මුල ආගමික ප්‍රචාරණය බව පේනවා. මේ තත්ත්වයට අප මුහුණ දෙන්නේ කෙසේද?

ඕනෑම අයකුට ඕනෑම ආගමක් ඇදහීමේ අයිතිය සහ ආගමක් වැළඳ ගැනීමේ අයිතිය රටේ ව්‍යවස්ථාව මගින් තහවුරු කොට තිබෙනවා. අබෞද්ධයකට බෞද්ධ වෙන්න ඕන නම් ඒක කාටවත් වළක්වන්න බෑ. බෞද්ධයකුට වෙනත් ආගමක් වැළඳ ගන්න වුවමනා නම් ඒක වළක්වන්නත් බෑ. එහෙත් කිසිවකුට වංචා සහගත ලෙස සදාචාර විරෝධි ලෙස ටකරමක් දීලා පිටි පැකට් එකක් දීලා එහෙම නැත්නම් වෙනත් අල්ලසක් දීලා ජනතාව ආගම්වලට ගැනීමට අයිතියක් නෑ.

ඒ විදිහට දෙවියන් වහන්සේ සහ තමන්ගේ ආගම බඩගෝස්තරේ වෙනුවෙන් විකුණ ගෙන කෑම අන්තිම පහත් වැඩක්. මේ කණ්ඩායම් සැබෑ ආගමික භක්තියකින් දෙවියන් වහන්සේ කෙරෙහි ප්‍රේමයෙන් සෙසු ආගමික ජනතාව සිය ආගමට ගන්න උත්සාහ කරනවා නෛමෙ‍ෙනොනනෙමේ. ඔවුන් මේ කටයුතු කරන්නේ විදේශ ආධාර ලබමින් විදේශ වුවමනා එපාකම් ඉටු කරන්න නම් එය ඉතාම භයානක තත්ත්වයක්.

මේ රටේ චිරාත් කාලයක් පවතින ආගමික සංහිඳියාව සුරක්ෂිත කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග මොනවාද?

පොලිසිය මැදිහත් වෙලා ලංකාවේ ගම් මට්ටමින් ආගමික නායකයන් සිවිල් සංවිධාන එකතු කරලා කමිටු හදලා තියෙනවා. පිටස්තර බලවේගයක් ගමට එනවා නම් ඒ අය දන්නවා. ඒ සඳහා සාමුහිකව ප්‍රතිචාර දැක්වීමට ඔවුන්ට අවස්ථාව තිබෙනවා. මේ නව බලවේග පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීමට ඔවුන්ට පුළුවන්. ඉන් ඔබ්බට ගිහින් කිසිවෙක් නීතිය තමන්ගේ අතට අරගෙන පන්සල් පල්ලි කඩන්න ගිනි තියන්න කටයුතු කිරීම පිළිගන්න බෑ.

ඒ වගේම ආගමික කටයුතු අමාත්‍යංශයේ චක්‍ර ලේඛවල පන්සලක්, පල්ලියක් තැනීමේ දී අනුගමනය කළ යුතු ක්‍රම වේදයක් තියෙනවා. සියලු දෙනා ඒ නීති අනුව කටයුතු කළ යුතුයි. නීතිය බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු හෝ ඉස්ලාම් භේදයකින් තොරව ක්‍රියාත්මක කළ යුතුයි. එවිට කිසිවකුට නීතිය අතට ගන්න අවස්ථා නිර්මාණය වන්නේ නෑ.

-යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions