2/09/2017

69 වන නිදහස් සැමරුම හා සිංහල ජාතියේ සැබෑ නිදහස

කතෘ:යුතුකම     2/09/2017   No comments

-සුරෝෂන ඉරංග-බටහිර ජාතීන්ගෙන් මෙරට නිදහස ලබා වසර 69 ක් ගතවී තිබේ. එහෙත් සැබැවින්ම ඉකුත් වූ එම 69 වසර පුරා සිංහල ජාතිය වශයෙන් අප සැබෑ නිදහසක් අත් කරගෙන තිබේද? නොඑසේනම් සිදුවී ඇත්තේ වෙනත් විජාතික බලවේගයන්ට හිස ඔසවන්නට ඉඩ ලබා දී සිංහල ජාතිය විසින් වසර දහස් ගණනක් තිස්සේ රැකගෙන ආ අභිමානය පවා දීමක්ද? 69 වන එම ව්‍යාජ නිදහස සමරන මොහොතේ ඒ පිළිබඳ විමසා බැලීමේ අරමුණින් මෙම සටහන තබමි.

1948 වසරේ පෙබරවාරි 04 වන දින මෙරටට නිදහස ලබා දුන් බවට ඉතිහාසය සාක්ෂි දරණ නමුත් සිංහල ජාතියේ නිදහස අහිමි කරලීමට බටහිර ජාතීන් විසින් ඉතා සැලසුම් සහගත අන්දමින් කටයුතු සකස් කර තිබුණි. විශේෂයෙන්ම ඒ සඳහා උතුරේ උගත් දෙමළ ජාතිකයින්ට විශේෂ වරප්‍රසාද ලබා දීම ඔස්සේ ඔවුනුත් මෙරට ප්‍රධාන ජන වර්ගය වන සිංහල ජන වර්ගයට සමාන කොට සැලකීමට බ්‍රිතාන්‍යයන් විසින් කටයුතු කළ බව පෙනේ. විශේෂයෙන්ම 1833 දී පත් කරනු ලැබූ ව්‍යවස්ථාදායක සභාව තුළ බ්‍රිතාන්‍යයන් විසින් සිංහල හා දෙමළ ජාතිකයින් සම තත්ත්වයට ගෙන ඒමට කටයුතු කරනු ලැබුවේ දෙපාර්ශවයටම නිල නොලත් එක් මන්ත්‍රීවරයෙකු බැගින් පත් කිරීමෙනි. එහෙත් මෙරටේ අතිමහත් බහුතරයක් වූ සිංහල ජාතිකයින් සහ සුළු පිරිසක් වූ දමිළ ජාතිකයින් සමාන කර කටයුතු කිරීම තුළ ඇතිවූ පශ්චාත් කාලීන ප්‍රතිඵල අප තවමත් අත් විඳිමින් සිටියි.

එසේම වසර දෙදහස් ගණනක අභිමානවත් නිශ්චිත ඉතිහාසයක් හිමි සිංහල ජාතියේ ඉතිහාසයට දෙමළ ජාතීන්ගේ ඉතිහාසය කිසිසේත් සමාන කළ නොහැකිය. මෙහි දී ඇතමෙක් නැඟිය හැකි ප්‍රශ්නය වන්නේ සිංහල ජාතියේ ඉතිහාසය කිසිවෙකු විසින් හෝ සාවද්‍ය අන්දමින් නිර්මාණය කරනු ලැබූවක් විය නොහැකි ද යන්නය. එහෙත් ඒ සඳහා ඔවුන්ට ලබා දිය හැකි ඉතා සරලම පිළිතුර වන්නේ පුරාවිද්‍යාත්මක සාක්ෂිවලින් එම ලේඛනගත ඉතිහාසය තහවුරු වන බැවින් එම ඉතිහාසය කිසිසේත් කෘත්‍රිමව නිර්මාණය කරන ලද්දක් නොවන බවය. එහෙත් ලිඛිත ඉතිහාසය අතිශයෝක්ති වර්ණනාවලින් සමන්විත විය හැකි වුවත් එම අතිශයෝක්ති වර්ණනයන් බැහැර කොට නිශ්චිත පුරාවිද්‍යාත්මක සාක්ෂි ඔස්සේ සලකා බලන කල සිංහල ජාතීන් සතුව අභිමානවත් ඉතිහාසයක් පැවති බව කිසිවෙකුටත් බැහැර කළ නොහැකිය. ඒ සම්බන්ධයෙන් කිසිවෙකු හෝ මා සමඟ තර්ක කිරීමට ඉදිරිපත් වන්නේ නම් ඒ සඳහා සාධක ඕනෑ තරම් ඉදිරිපත් කිරීමට මා සූදානමින් සිටින අතර එම කරුණු මෙම ලිපියේ සඳහන් කිරීම මඟින් මෙම ලිපියේ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන අරමුණ මඟහැරීමට හා ලිපිය අනවශ්‍ය ලෙස දීර්ඝ වීමට ඉඩ ඇති බැවින් එම කරුණු මෙම ලිපියේ සඳහන් නොකරමි.

ඒ අනුව මූලික වශයෙන්ම මෙම සාධක ද්විත්වය පදනම් කර ගනිමින් නිර්මාණය කර ගන්නා ලද දෙමළ ජාතිවාදය ඔස්සේ සිංහල ජාතියේ නිදහස අහිමි කිරීමට කටයුතු කරමින් සිටින බව පැවසිය හැකිවේ. ඒ සඳහා තවමත් සෘජුවම බටහිර ජාතීන්ගේ සහාය ලබා ගනිමින් එම බටහිර න්‍යාය පත්‍රවලට අනුව මෙරට හැසිරවීමට උත්සාහ දරමින් ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම අනුගමනය කරමින් සිටින බව පැහැදිලිය. දශක තුනක යුද්ධයෙන් පසුව මෙරටට එරෙහිව නඟනු ලැබූ යුධ අපරාධ චෝදනා මේ සඳහා ගෙනහැර දැක්විය හැකි එක් නිදසුනක් වශයෙන් පෙන්වා දිය හැකිය.

එනම් 2009 වසරේ දී යුද්ධය අවසන් වූ පසුව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ පැමිණීමෙන් පසුව ඇති වූ තත්ත්ව අනුව ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත කර ගන්නා ලදි. එහෙත් ජාත්‍යන්තර ප්‍රජාව සතුටු වන අන්දමින් එම යෝජනා ඉටු කිරීමට ආණ්ඩුව අපොහොසත් වූ බව පවසමින් එ.ජා. මහලේකම්වරයා විසින් දරුස්මාන් කමිටුව පත් කළ අතර ඉන් පසුව ජාත්‍යන්තරය විසින් නඟන්නා වූ චෝදනාවලට පිළිතුරු දීම සඳහා ජනාධපතිවරයාගේ උපදෙස් මත උගත් පාඩම් සහ ප‍්‍රතිසන්ධාන කොමිෂන් සභාව පත් කිරීමත් එයිනුත් අනතුරුව පරණගම කොමිසම හෙවත් අතුරුදන්වූවන් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ජනාධිපති කොමිෂන් සභාවක් ද ස්ථාපිත කිරීමත් සිදුවිය. මෙම කොමිසම්වලට අමතරව උදලාගම නැමැති කොමිසමක්ද ජනාධිපතිවරයා විසින් පත් කරන ලදි. තවද අතුරුදහන් වූවන් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා කාර්යාලයක් පිහිටුවීමට ද යෝජනා විය. ඒ අනුව මෙම සෑම ක්‍රියාමාර්ගයකින්ම පැහැදිලි වන්නේ ජාත්‍යන්තර වශයෙන් මෙරටට එල්ල කළ පීඩනය හමුවේ සැබෑ නිදහසක් අප අත් කරගෙන ඇත්දැයි යන්න ප්‍රශ්නගත වන බවයි.

එසේම 2010 වසරේදී මෙරටට අහිමි වූ ජී. එස්. පී. ප්ලස් සහනය නැවත මෙරටට ලබා දීමට කටයුතු කරන බව ප්‍රකාශ වීම සහ ඒ සඳහා ක්‍රියාවට නැංවිය යුතු කොන්දේසි ගණනාවක් ඉදිරිපත් වීම ඔස්සේ ද අපට සැබෑ නිදහසක් ලැබී ඇත්දැයි යන්න ප්‍රශ්නාර්ථ ගතවේ. තවද එම කොන්දේසි ඔස්සේ සමලිංගික විවාහ නීත්‍යානුකූල කිරීම සඳහා යෝජනාවක් ගෙන ආ බව ද ප්‍රකාශ විය. කෙසේ වුවත් එයට මෙරටේ බොහෝ පාර්ශවවල විරුද්ධත්වය ප්‍රකාශ වූ අතර එසේ විරුද්ධ වීම සඳහා බලපෑ සමාජ හා සංස්කෘතික සාධක විමසා බැලීමේ දී පෙනී යන කරුණක් වන්නේ ජාතියක් වශයෙන් අප තවමත් බ්‍රිතාන්‍ය යුගයේ මානසිකත්වයෙන් පසුවන බවය. එනම් බ්‍රිතාන්‍යයන් විසින් මෙරට සංස්කෘතිය කෙරෙහි ආරෝපණය කරන ලද වික්ටෝරියානු සුචරිතවාදී ආකල්ප ඔස්සේ ගොඩනංවන ලද මෙරට ලිංගික සංස්කෘතිය (මා විසින් මෙම තත්ත්වය “පශ්චාත් යටත් විජිත ලිංගික සංස්කෘතිය” යනුවෙන් නාමකරණය කර තිබේ.) ඔස්සේ මෙරට සමාජය තවමත් කටයුතු කරමින් සිටියි. එනම් මෙහි පවත්නා ඉතාම හාස්‍යජනක ස්වභාවය වන්නේ බ්‍රිතාන්‍යය පවා සමලිංගික විවාහ නීති ගත කර ඇති තත්ත්වයක් තුළ බ්‍රිතාන්‍ය යුගයේ මෙරටට පනවන ලද නීතියක් ක්‍රියාත්මක වීම සහ ඒ වෙනුවෙන් බොහෝ දෙනා පෙනී සිටීමට කටයුතු කිරීමය. ඒ අනුව භෞතික වශයෙන් අප නිදහස ලබා ඇති බව දෘෂ්‍යමාන වුව ද මානසික වශයෙන් බ්‍රිතාන්‍ය යුගයේ මානසිකත්වයෙන් පසුවීම හේතුවෙන් අප සැබෑ නිදහසක් අත්පත් කරගෙන ඇත්දැයි යන්න පිළිබඳ දෙවරක් නොව කිහිපවරක්ම නැවත සිතා බැලිය යුතුය.

ජාත්‍යන්තර වශයෙන් මෙසේ සිංහල ජාතියේ නිදහස අහිමි වී ඇති තත්ත්වයක් මෙන්ම දේශීය වශයෙන් ද තවමත් අපට පූර්ණ නිදහසක් ලැබී ඇත්දැයි යන්න ප්‍රශ්න සහගත වන අවස්ථා උද්ගත වේ. එනම් පසුගිය වසරේ ජූනි මස 16 වන දින යාපනය සරසවියේ විද්‍යා පීඨයට පැමිණෙන නවක සිසුන් පිළිගැනීම සඳහා සංවිධානය කර තිබූ උළෙලක දී සිංහල සිසුන් විසින් වෙස් නර්තනයක් ඉදිරිපත් කිරීමට කටයුතු කිරීම හේතුවෙන් එම සිංහල සිසුන්ට දෙමළ සිසුන් විසින් අමානුෂික අන්දමින් පහර දී තිබුණි. සරසවි සිසුන්ගේ යහපත වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් සිදුකිරීමට සූදානම් බවට පුරසාරම් පවසන කිසිදු ඊනියා ශිෂ්‍ය සංවිධානයක් හෝ කිසිදු ඊනියා සිසු සංගම් නායකයෙක් මෙම පහරදීමට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බව කණගාටුවෙන් වුව ද පැවසිය යුතුය. එහෙත් මෙවැනි අමානුෂික පහරදීමක් දකුණේ සරසවියකදී සිංහල සිසුන් වෙතින් දෙමළ සිසුන්ට සිදුවූවා නම් දමිළ සිසු සංගම් පමණක් නොව ජාත්‍යන්තර සංවිධාන පවා ඒ වෙනුවෙන් හඬ නැගීමට කටයුතු කරන බවට විවාදයක් නොමැත.

එසේ නම් මෙම සෑම සිදුවීමක් ඔස්සේම තහවුරු වන කරුණක් වන්නේ අප නිදහස ලබා 69 වසරක් ගතවුව ද එම නිදහස සැබෑ නිදහසක් ද යන්න සම්බන්ධයෙන් පෙරළා ප්‍රශ්න නැඟිය යුතු තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි. විශේෂයෙන්ම විදේශීය ජාතීන් වෙතින් අප නිදහස ලැබුව ද ඔවුන්ගේ බළල් අත් විසින් තවමත් අභිමානවත් සිංහල ජාතියට එරෙහිව විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටියි. එසේම එම තත්ත්වය පදනම් කර ගනිමින් අභ්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වන විජාතික බලවේගවල ක්‍රියාපිළිවෙත් ඔස්සේ ද ජාතියක් වශයෙන් මුහුණ දීමට සිදුවී ඇති අභියෝග රාශියකි. එබැවින් 69 වන නිදහස් සැමරුම හුදු නාමික නිදහසක් පමණක් වන බව සිහි තබා ගනිමින් සිංහල ජාතියේ සැබෑ නිදහස ළඟා කර ගැනීම උදෙසා ජාත්‍යන්තර වශයෙන් මෙන්ම දේශීය වශයෙන් ද පවත්නා අභියෝග ජය ගැනීමට නොපමාව පෙළ ගැසිය යුතු බව අවසාන වශයෙන් අවධාරණය කරමි.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions