5/16/2017

මෝඩිගේ පැමිණීම හා සිංහල බෞද්ධ ජාතියේ මීළඟ අනතුර

කතෘ:යුතුකම     5/16/2017   No comments
වසර 2500 කටත් වඩා පැරණි ලිඛිත හා අඛණ්ඩ ඉතිහාසයක් ඇති සිංහල බෞද්ධ ජාතියේ ස්වාධීනත්වයට එරෙහිව විවිධ යුගයන්හිදී එල්ල වූ තර්ජන අපමණය. එනම් අතීතයේ දී ද්‍රවිඩ අක්‍රමණිකයින්ගේ සිට බටහිර ජාතීන්ගෙන් හා මුස්ලිම් ව්‍යාප්තවාදීන්ද ඇතුළුව මෑතක දී තිස් වසරක යුද්ධයක් දක්වා ඔඩු දිවූ ද්‍රවිඩ ජාතිවාදය ද ඒ සඳහා නිදසුන්ය. කෙසේ වුවත් මෙම කවර ආක්‍රමණිකයෙකුට වුවද තාවකාලිකව යම් යම් ජයග්‍රහණ අත්පත් කර ගැනීමට හැකි වුවත් දීර්ඝ කාලීනව ඔවුන්ගේ අරමුණු සාධනය කර ගැනීමට නොහැකි වූයේ තවමත් සිංහල බෞද්ධ ජාතියේ උන්නතිය වෙනුවෙන් කැපවෙන පිරිසක් මෙරට තුළ සිටින බැවිනි. එනිසා වචනයකින් පවා අපගේ මෙම සිංහල බෞද්ධ ස්වාධීනත්වයට වින කරන ජාති ද්‍රෝහීන්ට එරෙහිව හඬ නැඟීම අප සතු යුතුකමක් වශයෙන් සලකා මෙම සටහන තබන්නේ ඉකුත් ජාත්‍යන්තර වෙසක් සැමරුමට මුවා වී මෙරටට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි විසින් මෙරටේ සිංහල බෞද්ධ ජාතියට එරෙහිව දියත් කිරීමට උත්සාහ දරණ ඊළඟ ජාතිවාදී අරගලය පිළිබඳව සිංහල බෞද්ධයින්ගේ දෑස් විවිර කිරීම පිණිසය.

නරේන්ද්‍ර මෝඩිගේ මෙම පිළිකුල් සහගත ක්‍රියාකලාපය පිළිබඳ කරුණු දැක්වීමට පෙර ඔහුට මෙරටට පැමිණීමට හේතුව බවට පත්වූ එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම සම්බන්ධයෙන් ද වචනයක් පැවසිය යුතුය. එනම් වෙසක් දිනය වැනි නිර්මල බෞද්ධයින්ගේ අති උතුම් වන්දනීය ආගමික උත්සවයක් එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ඇමරිකාවේ නව යටත් විජිතවාදී ප්‍රතිපත්තිය තුළ අතකොළුවක් බවට පත්වී සිටින සංවිධානයක අනුග්‍රහයෙන් පැවැත්වීමට කටයුතු කිරීම සහ එය ලාංකිකයින් ලැබූ මහා ජයග්‍රහණයක් වශයෙන් සකලා උදම් ඇනීම ඊනියා සිංහල බෞද්ධයින් කෙසේ වෙතත් සැබෑ දේශ මාමක සිංහල බෞද්ධයින් විසින් පිළිකුල් සහගතව ප්‍රතික්ෂේප කළ යුතු තත්ත්වයකි. මන්ද යත් ඇමරිකාව ඇතුළු බටහිර ප්‍රබල රාජ්‍යයන් වල මානව විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් කෙළ බිඳකුදූ නොහෙළන එහෙත් තාක්ෂණික සම්පත් අතින් දුබල මෙන්ම ලෝකයට බලපෑම් සහගත අයුරින් කටයුතු කිරීමට නොහැකි රාජ්‍යයන් වල කටයුතු සම්බන්ධයෙන් උකුසු ඇස් යොමා සිටිමින් ව්‍යාජ චෝදනා එම රාජ්‍යයන් කෙරෙහි එල්ල කර ඔවුන්ගේ ස්වාධීනත්වයට ඇඟිලි ගසන සංවිධානයක මැදිහත් වීම මෙවැනි උතුම් වන්දනීය අවස්ථාවක් සඳහා ලබා ගැනීම කිසිසේත් අනුමත කළ නොහැකි බැවිනි. විශේෂයෙන්ම ව්‍යාජ යුධ අපරාධ චෝදනා එල්ල කරමින් සිංහල බෞද්ධ ජාතියේ උත්තරීතර ආගමික උත්සවය නව යටත් විජිත වාදයේ අතකොළුවක් බවට පත් කිරීමට කටයුතු කිරීම මුළු මහත් සිංහල බෞද්ධ ජාතියේම අවාසනාව බව පැවසිය යුතුය.

ඒ අනුව මෙවැනි බටහිර නව යටත් විජිතවාදී අරමුණකට උඩගෙඩි දී එම සැමරුමේ ප්‍රධාන අමුත්තා වශයෙන් මෝඩි සහභාගි කර ගෙන ඉන්දියානු නව යටත් විජිතවාදය සහ ඒ ඔස්සේ නව බෙදුම්වාදී මූල බීජ රෝපණය කිරීම සඳහා අවස්ථාව උදා කර තිබේ. මෙම තත්ත්වය නරේන්ද්‍ර මෝදි විසින් මෙරටේ එක් ජන කොට්ඨාශයක් අමතා සිදු කළ ප්‍රකාශ තුළින් වඩාත් ඉස්මතු වූ අතර ඇතැම් ජනමාධ්‍ය වාර්තාකාරණයන් තුළින් සිංහල බෞද්ධ ජාතියට එරෙහි මෙම ක්‍රියාකලාපය උත්කර්ශයට නංවා තිබුණි. එබැවින් ජාත්‍යන්තර වෙසක් සැමරුමට මුවාවී මෝඩි මෙරටට පැමිණ තවත් ජාතිවාදී අරගලයක බීජ මෙරටේ රෝපණය කළ බව නිසැකය. මෙය කිසිසේත් නොසලකා හැරිය හැකි තත්ත්වයක් නොවන අතර සිංහල බෞද්ධ රාජ්‍යයේ ස්වාධීනත්වය සිංහල බෞද්ධයින්ගේ උත්සවයක් පාදක කර ගනිමින් පාවා දුන් අවස්ථාවක් ද වේ.

මෝඩි විසින් ඔහුගේ ජනතාව යැයි සලකා සිදු කළ කතාව හෙවත් සිංහල බෞද්ධ ජාතියට ඔහු විසින් එල්ල කළ වක්‍රාකාර අනතුරු ඇඟවීම සිදු වූයේ නෝර්වුඞ් ක්‍රීඩාංගනයේ දී සංවිධානය කර තිබූ රැළියේ දී ඔහු විසින් සිදු කළ කතාවේ දී ය. එක්තරා අතකින් බැලූ කල එය ඉන්දියාවේ ප්‍රාන්ත රාජ්‍යයක් සිය ප්‍රධානියාගේ ජන රැළියක් සඳහා සූදානම් කර තිබූ ආකාරයට සමානය. එනම් දෙමළ වතු කම්කරුවන්ගේ නියම නායකයා මෙරටේ ජනාධිපතිවරයා නොව ඉන්දියානු අගමැතිවරයා වන බවට සංඥා කිරීමක් වශයෙන් ද එය හඳුනාගත හැකි අතර මෝඩි එහිදී පැවැත්වූ කතාව මෙන්ම එය වාර්තා කළ ඇතැම් ජනමාධ්‍ය වල ක්‍රියාකාරිත්වය එනම් ඉන්දීය අධිරාජ්‍යවාදී ආකල්ප ප්‍රචාරණය කිරීමේ ජනමාධ්‍ය ව්‍යාපාරය තුළ මෙම තත්ත්වය තහවුරු කළ බවද දැකිය හැකිය.
මෝඩි විසින් මෙහිදී පැවැත්වූ කතාව තුළ ඉන්දියානු සම්භවයක් සහිත වතු කම්කරුවෝ තවමත් ඉන්දියාවේ ජන කොටසක් වශයෙන් සලකන බව පැහැදිලිවම හෙළිදරව් වේ. එනම් ඔවුන් විසින් ඉන්දියානු සංස්කෘතිය මෙරටේ පවත්වාගෙන යනු ලබන බව ඔහු විසින් ප්‍රකාශ කළ අතර එය අගය කිරීමට ද මෝඩි විසින් කටයුතු කළ නමුත් ලාංකේය සංස්කෘතිය අනුව ඔවුන් කටයුතු කිරීමේ වැදගත්කම මෝඩි විසින් කිසිදු අවස්ථාවක ඉස්මතු කළේ නැත. ඒ අනුව පැහැදිලි වන්නේ මෝඩිගේ මෙම ඉන්දියානු ජාතිවාදී ප්‍රකාශය තුළ පැහැදිලිවම ඔහු විසින් සිංහල බෞද්ධ ජාතියේ ස්වාධීනත්වයට අභියෝග කරමින් තවත් බෙදුම්වාදී ව්‍යාපාරයක් මෙරට තුළ ඇති කිරීමේ මූල බීජය වැපිරූ බවය.

මෝඩිගේ මෙම ප්‍රකාශවල අනතුර අවධාරණය කරමින් ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය ද නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය තුළින් ද මෙම අනතුරුදායක තත්ත්වය අවධාරණය කර ඇති අතර ඔවුන් විසින් එවැනි නිවේදනයක් නිකුත් කිරීම කාලෝචිත ක්‍රියාවක් බව ද පැවසිය යුතුය.

ඒ අනුව අවසාන වශයෙන් පැවසිය යුතු වන්නේ ජාත්‍යන්තර වෙසක් සැමරුමට මුවාවී මෝඩි පැමිණ නව ජාතිවාදී බීජයක් මෙරට තුළ රෝජණය කිරීමට කටයුතු කර ඇති බවය. එය නිසැක වශයෙන්ම සිංහල බෞද්ධ ජාතියේ ස්වාධීනත්වයට එරෙහිව පැනනගින්නා වූ ඊළඟ ජාතිවාදී බෙදුම්වාදී ව්‍යාපාරය වන බව පෙන්වා දිය හැකි අතර එය මුලිනුපුටා දැමීමට වහා කටයුතු කළ යුතු වන බව අවධාරණය කළ යුතුය.

සුරෝෂන ඉරංග
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook  : https://www.facebook.com/yuthukama

2/09/2017

69 වන නිදහස් සැමරුම හා සිංහල ජාතියේ සැබෑ නිදහස

කතෘ:යුතුකම     2/09/2017   No comments
-සුරෝෂන ඉරංග-බටහිර ජාතීන්ගෙන් මෙරට නිදහස ලබා වසර 69 ක් ගතවී තිබේ. එහෙත් සැබැවින්ම ඉකුත් වූ එම 69 වසර පුරා සිංහල ජාතිය වශයෙන් අප සැබෑ නිදහසක් අත් කරගෙන තිබේද? නොඑසේනම් සිදුවී ඇත්තේ වෙනත් විජාතික බලවේගයන්ට හිස ඔසවන්නට ඉඩ ලබා දී සිංහල ජාතිය විසින් වසර දහස් ගණනක් තිස්සේ රැකගෙන ආ අභිමානය පවා දීමක්ද? 69 වන එම ව්‍යාජ නිදහස සමරන මොහොතේ ඒ පිළිබඳ විමසා බැලීමේ අරමුණින් මෙම සටහන තබමි.

1948 වසරේ පෙබරවාරි 04 වන දින මෙරටට නිදහස ලබා දුන් බවට ඉතිහාසය සාක්ෂි දරණ නමුත් සිංහල ජාතියේ නිදහස අහිමි කරලීමට බටහිර ජාතීන් විසින් ඉතා සැලසුම් සහගත අන්දමින් කටයුතු සකස් කර තිබුණි. විශේෂයෙන්ම ඒ සඳහා උතුරේ උගත් දෙමළ ජාතිකයින්ට විශේෂ වරප්‍රසාද ලබා දීම ඔස්සේ ඔවුනුත් මෙරට ප්‍රධාන ජන වර්ගය වන සිංහල ජන වර්ගයට සමාන කොට සැලකීමට බ්‍රිතාන්‍යයන් විසින් කටයුතු කළ බව පෙනේ. විශේෂයෙන්ම 1833 දී පත් කරනු ලැබූ ව්‍යවස්ථාදායක සභාව තුළ බ්‍රිතාන්‍යයන් විසින් සිංහල හා දෙමළ ජාතිකයින් සම තත්ත්වයට ගෙන ඒමට කටයුතු කරනු ලැබුවේ දෙපාර්ශවයටම නිල නොලත් එක් මන්ත්‍රීවරයෙකු බැගින් පත් කිරීමෙනි. එහෙත් මෙරටේ අතිමහත් බහුතරයක් වූ සිංහල ජාතිකයින් සහ සුළු පිරිසක් වූ දමිළ ජාතිකයින් සමාන කර කටයුතු කිරීම තුළ ඇතිවූ පශ්චාත් කාලීන ප්‍රතිඵල අප තවමත් අත් විඳිමින් සිටියි.

එසේම වසර දෙදහස් ගණනක අභිමානවත් නිශ්චිත ඉතිහාසයක් හිමි සිංහල ජාතියේ ඉතිහාසයට දෙමළ ජාතීන්ගේ ඉතිහාසය කිසිසේත් සමාන කළ නොහැකිය. මෙහි දී ඇතමෙක් නැඟිය හැකි ප්‍රශ්නය වන්නේ සිංහල ජාතියේ ඉතිහාසය කිසිවෙකු විසින් හෝ සාවද්‍ය අන්දමින් නිර්මාණය කරනු ලැබූවක් විය නොහැකි ද යන්නය. එහෙත් ඒ සඳහා ඔවුන්ට ලබා දිය හැකි ඉතා සරලම පිළිතුර වන්නේ පුරාවිද්‍යාත්මක සාක්ෂිවලින් එම ලේඛනගත ඉතිහාසය තහවුරු වන බැවින් එම ඉතිහාසය කිසිසේත් කෘත්‍රිමව නිර්මාණය කරන ලද්දක් නොවන බවය. එහෙත් ලිඛිත ඉතිහාසය අතිශයෝක්ති වර්ණනාවලින් සමන්විත විය හැකි වුවත් එම අතිශයෝක්ති වර්ණනයන් බැහැර කොට නිශ්චිත පුරාවිද්‍යාත්මක සාක්ෂි ඔස්සේ සලකා බලන කල සිංහල ජාතීන් සතුව අභිමානවත් ඉතිහාසයක් පැවති බව කිසිවෙකුටත් බැහැර කළ නොහැකිය. ඒ සම්බන්ධයෙන් කිසිවෙකු හෝ මා සමඟ තර්ක කිරීමට ඉදිරිපත් වන්නේ නම් ඒ සඳහා සාධක ඕනෑ තරම් ඉදිරිපත් කිරීමට මා සූදානමින් සිටින අතර එම කරුණු මෙම ලිපියේ සඳහන් කිරීම මඟින් මෙම ලිපියේ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන අරමුණ මඟහැරීමට හා ලිපිය අනවශ්‍ය ලෙස දීර්ඝ වීමට ඉඩ ඇති බැවින් එම කරුණු මෙම ලිපියේ සඳහන් නොකරමි.

ඒ අනුව මූලික වශයෙන්ම මෙම සාධක ද්විත්වය පදනම් කර ගනිමින් නිර්මාණය කර ගන්නා ලද දෙමළ ජාතිවාදය ඔස්සේ සිංහල ජාතියේ නිදහස අහිමි කිරීමට කටයුතු කරමින් සිටින බව පැවසිය හැකිවේ. ඒ සඳහා තවමත් සෘජුවම බටහිර ජාතීන්ගේ සහාය ලබා ගනිමින් එම බටහිර න්‍යාය පත්‍රවලට අනුව මෙරට හැසිරවීමට උත්සාහ දරමින් ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම අනුගමනය කරමින් සිටින බව පැහැදිලිය. දශක තුනක යුද්ධයෙන් පසුව මෙරටට එරෙහිව නඟනු ලැබූ යුධ අපරාධ චෝදනා මේ සඳහා ගෙනහැර දැක්විය හැකි එක් නිදසුනක් වශයෙන් පෙන්වා දිය හැකිය.

එනම් 2009 වසරේ දී යුද්ධය අවසන් වූ පසුව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ පැමිණීමෙන් පසුව ඇති වූ තත්ත්ව අනුව ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත කර ගන්නා ලදි. එහෙත් ජාත්‍යන්තර ප්‍රජාව සතුටු වන අන්දමින් එම යෝජනා ඉටු කිරීමට ආණ්ඩුව අපොහොසත් වූ බව පවසමින් එ.ජා. මහලේකම්වරයා විසින් දරුස්මාන් කමිටුව පත් කළ අතර ඉන් පසුව ජාත්‍යන්තරය විසින් නඟන්නා වූ චෝදනාවලට පිළිතුරු දීම සඳහා ජනාධපතිවරයාගේ උපදෙස් මත උගත් පාඩම් සහ ප‍්‍රතිසන්ධාන කොමිෂන් සභාව පත් කිරීමත් එයිනුත් අනතුරුව පරණගම කොමිසම හෙවත් අතුරුදන්වූවන් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ජනාධිපති කොමිෂන් සභාවක් ද ස්ථාපිත කිරීමත් සිදුවිය. මෙම කොමිසම්වලට අමතරව උදලාගම නැමැති කොමිසමක්ද ජනාධිපතිවරයා විසින් පත් කරන ලදි. තවද අතුරුදහන් වූවන් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා කාර්යාලයක් පිහිටුවීමට ද යෝජනා විය. ඒ අනුව මෙම සෑම ක්‍රියාමාර්ගයකින්ම පැහැදිලි වන්නේ ජාත්‍යන්තර වශයෙන් මෙරටට එල්ල කළ පීඩනය හමුවේ සැබෑ නිදහසක් අප අත් කරගෙන ඇත්දැයි යන්න ප්‍රශ්නගත වන බවයි.

එසේම 2010 වසරේදී මෙරටට අහිමි වූ ජී. එස්. පී. ප්ලස් සහනය නැවත මෙරටට ලබා දීමට කටයුතු කරන බව ප්‍රකාශ වීම සහ ඒ සඳහා ක්‍රියාවට නැංවිය යුතු කොන්දේසි ගණනාවක් ඉදිරිපත් වීම ඔස්සේ ද අපට සැබෑ නිදහසක් ලැබී ඇත්දැයි යන්න ප්‍රශ්නාර්ථ ගතවේ. තවද එම කොන්දේසි ඔස්සේ සමලිංගික විවාහ නීත්‍යානුකූල කිරීම සඳහා යෝජනාවක් ගෙන ආ බව ද ප්‍රකාශ විය. කෙසේ වුවත් එයට මෙරටේ බොහෝ පාර්ශවවල විරුද්ධත්වය ප්‍රකාශ වූ අතර එසේ විරුද්ධ වීම සඳහා බලපෑ සමාජ හා සංස්කෘතික සාධක විමසා බැලීමේ දී පෙනී යන කරුණක් වන්නේ ජාතියක් වශයෙන් අප තවමත් බ්‍රිතාන්‍ය යුගයේ මානසිකත්වයෙන් පසුවන බවය. එනම් බ්‍රිතාන්‍යයන් විසින් මෙරට සංස්කෘතිය කෙරෙහි ආරෝපණය කරන ලද වික්ටෝරියානු සුචරිතවාදී ආකල්ප ඔස්සේ ගොඩනංවන ලද මෙරට ලිංගික සංස්කෘතිය (මා විසින් මෙම තත්ත්වය “පශ්චාත් යටත් විජිත ලිංගික සංස්කෘතිය” යනුවෙන් නාමකරණය කර තිබේ.) ඔස්සේ මෙරට සමාජය තවමත් කටයුතු කරමින් සිටියි. එනම් මෙහි පවත්නා ඉතාම හාස්‍යජනක ස්වභාවය වන්නේ බ්‍රිතාන්‍යය පවා සමලිංගික විවාහ නීති ගත කර ඇති තත්ත්වයක් තුළ බ්‍රිතාන්‍ය යුගයේ මෙරටට පනවන ලද නීතියක් ක්‍රියාත්මක වීම සහ ඒ වෙනුවෙන් බොහෝ දෙනා පෙනී සිටීමට කටයුතු කිරීමය. ඒ අනුව භෞතික වශයෙන් අප නිදහස ලබා ඇති බව දෘෂ්‍යමාන වුව ද මානසික වශයෙන් බ්‍රිතාන්‍ය යුගයේ මානසිකත්වයෙන් පසුවීම හේතුවෙන් අප සැබෑ නිදහසක් අත්පත් කරගෙන ඇත්දැයි යන්න පිළිබඳ දෙවරක් නොව කිහිපවරක්ම නැවත සිතා බැලිය යුතුය.

ජාත්‍යන්තර වශයෙන් මෙසේ සිංහල ජාතියේ නිදහස අහිමි වී ඇති තත්ත්වයක් මෙන්ම දේශීය වශයෙන් ද තවමත් අපට පූර්ණ නිදහසක් ලැබී ඇත්දැයි යන්න ප්‍රශ්න සහගත වන අවස්ථා උද්ගත වේ. එනම් පසුගිය වසරේ ජූනි මස 16 වන දින යාපනය සරසවියේ විද්‍යා පීඨයට පැමිණෙන නවක සිසුන් පිළිගැනීම සඳහා සංවිධානය කර තිබූ උළෙලක දී සිංහල සිසුන් විසින් වෙස් නර්තනයක් ඉදිරිපත් කිරීමට කටයුතු කිරීම හේතුවෙන් එම සිංහල සිසුන්ට දෙමළ සිසුන් විසින් අමානුෂික අන්දමින් පහර දී තිබුණි. සරසවි සිසුන්ගේ යහපත වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් සිදුකිරීමට සූදානම් බවට පුරසාරම් පවසන කිසිදු ඊනියා ශිෂ්‍ය සංවිධානයක් හෝ කිසිදු ඊනියා සිසු සංගම් නායකයෙක් මෙම පහරදීමට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බව කණගාටුවෙන් වුව ද පැවසිය යුතුය. එහෙත් මෙවැනි අමානුෂික පහරදීමක් දකුණේ සරසවියකදී සිංහල සිසුන් වෙතින් දෙමළ සිසුන්ට සිදුවූවා නම් දමිළ සිසු සංගම් පමණක් නොව ජාත්‍යන්තර සංවිධාන පවා ඒ වෙනුවෙන් හඬ නැගීමට කටයුතු කරන බවට විවාදයක් නොමැත.

එසේ නම් මෙම සෑම සිදුවීමක් ඔස්සේම තහවුරු වන කරුණක් වන්නේ අප නිදහස ලබා 69 වසරක් ගතවුව ද එම නිදහස සැබෑ නිදහසක් ද යන්න සම්බන්ධයෙන් පෙරළා ප්‍රශ්න නැඟිය යුතු තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි. විශේෂයෙන්ම විදේශීය ජාතීන් වෙතින් අප නිදහස ලැබුව ද ඔවුන්ගේ බළල් අත් විසින් තවමත් අභිමානවත් සිංහල ජාතියට එරෙහිව විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටියි. එසේම එම තත්ත්වය පදනම් කර ගනිමින් අභ්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වන විජාතික බලවේගවල ක්‍රියාපිළිවෙත් ඔස්සේ ද ජාතියක් වශයෙන් මුහුණ දීමට සිදුවී ඇති අභියෝග රාශියකි. එබැවින් 69 වන නිදහස් සැමරුම හුදු නාමික නිදහසක් පමණක් වන බව සිහි තබා ගනිමින් සිංහල ජාතියේ සැබෑ නිදහස ළඟා කර ගැනීම උදෙසා ජාත්‍යන්තර වශයෙන් මෙන්ම දේශීය වශයෙන් ද පවත්නා අභියෝග ජය ගැනීමට නොපමාව පෙළ ගැසිය යුතු බව අවසාන වශයෙන් අවධාරණය කරමි.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions