2/02/2017

රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථා උගුල ගැන නිවරදිව දැනගන්න - කියවන්න - එරෙහි වන්න

කතෘ:යුතුකම     2/02/2017   No comments

ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා විසින් රචිත ' බෙදුම්වාදීන්ගේ උපාය සහ ව්‍යවස්ථා සංශෝධන' ග්‍රන්ථයේ ප්‍රථම මුද්‍රණයේ සියළු පිටපත් පොත එළිදක්වා සතියක් යන්නටත් මත්තෙන් විකිණී අවසන් වූ අතර දැන් දෙවන මුද්‍රණය වෙළඳපොළේ...රට බෙදන ව්‍යවස්ථා මර උගුල ගන තේරෙන බසින් ලියවුණු විශිෂ්ඨම ග්‍රන්ථයක් වන මෙය ව්‍යවස්ථාව හරහා රට බෙදන ගමන පිළිබඳ ඉතා නිරවුල් පැහැදිලි කරයි.

ග්‍රන්ථය දොරට වැඩීමේ උළෙලේදී එහි ප්‍රධාන දේශකයන් විසින් ග්‍රන්ථය ගැන දැක්වූ කෙටි අදහස් කිහිපයක්..

"ඉතාමත් අවිවේකීභාවය මැද්දේ වුවත් මනොහර ද සිල්වා මහතා මෙම ග්‍රන්ථය ඉතා මැනවින් ඉතා වටිනා ලෙස නිර්මාණය කර තිබෙනවා. දේශපාලන සීමාවෙන් ඔබ්බට ගිහින් ජාතික වගකීමක් ඉටු කිරීමක් ලෙස සලකායි ඔහු මේ ග්‍රන්ථය නිර්මාණය කර තිබෙනවා . මනෝහර ද සිල්වා වැනි නීතීඥවරු තව දහයක් සිටියේනම් අපට මේවැනි උවදුරුවලදී බිය වීනට හේතුවක් නෑ. මේ ග්‍රන්ථය සෑම නිවසක තිබිය යුතුයි වගේම සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අතටම පත් කිරීම අත්‍යවශ්‍යයි."
-ත්‍රීකුණාමලේ ආනන්ද නාහිමි
2017-01-06
පදනම් ආයතනයේදී

"මෙම අගනා ග්‍රන්ථය සම්පාදනය කරමින් කාලීන අවශ්‍යතාවය ඉෂ්ඨ කර\මින් මෙලෙස ව්‍යවස්ථා සංශෝධනවලට අදාල කරුණු ඉතා හොඳින් විග්‍රහ කරමින් මනෝහරද සිල්වා මහතා සිදුකළ කාර්‍ය අප සියළු දෙනාගේ පැසසුමට ලක් විය යුතුයි.
රට වෙනුවෙන් ,සිංහල ජාතිය වෙනුවෙන් ක්‍රියාකළ නීතීඥ ගාමිණී ඊරියගොල්ල ,අධිනීතීඥ එස් එල් ගුණසේකර මැතිතුමා , ආර් එස් වනසුන්දර මැතිතුමා ආදීන් ක්‍රියාකළ අභීත ආකාරය ඊලඟ පරපුරට ගෙනයන වියතෙකු ලෙස මනෝහර ද සිල්වා මහතාට මහා සංඝරත්නයේ ප්‍රසාදය පළ කරන්න කැමතියි.

රට විනාශ කරමින් , රට බෙදමින් අනාගත ව්‍යසනයකට,ඛේදවාචකයකට රට ඇද දමමින් ක්‍රියාත්මක කිරීමට යන මේ ෆෙඩරල් ව්‍යවස්ථාව වලක්වා ගැනීමට අවශ්‍ය ජනතා දැනුවත් කිරීමට මහෝපකාරි වෙන මේ ග්‍රන්ථය රටට දැයට ආදරය සියළු දෙනාම කියවිය යුතුයි "

-පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමි

"මනෝහර ද සිල්වා මහතා විසින් සම්පාදනය කර ඇති මෙම ග්‍රන්ථය තුල රට බෙදීම බෙදුම්වාදීන්ගේ උපාය පිළිබඳ ඉතාමත් නිරවුල්ව ඉතා වටිනා අදහස් බොහොමයක් අන්තර්ගත වෙලා තිබෙනවා.මනෝහර ද සිල්වා මහතා සෑම අවස්ථාවකදීම ඉතා නිවරදිව රට දැය වෙනුවෙන් පෙනී හිටපු බව මට අත්දැකීම් බොහොමයක් තිවෙනවා.
මේ ග්‍රන්ථය සෑම ගෙදරකම තිබිය යුතු ග්‍රන්ථයක් ලෙස හැඳින්වූවාට වරදක් නෑ. රටට ආදරය කරන සියළු දෙනාම මේ පොත කියවිය යුතුයි.
බෙදුම්වාදී උපාය පිළිබඳ අවශ්‍ය තර්ක කිරීමට අවශ්‍ය කරුණු සියල්ලම පාගේ මෙහි අඩංගුයි."

-ගෝමින් දයසිරි මහතා

"මනෝහර ද සිල්වා
මහතා මේ ග්‍රන්ථය හරහා කිස්සිවෙකුට අඟිල්ලක් දික් නොකර අප රට අද පත්ව තිබෙන අගාධය පිලිබඳ අදහස් ඉදිරිපත් කිරීම විශිෂ්ටයි.
ඔහුගේ රජකාරි කටයුතු අස්සේ මෙවනි ග්‍රන්තයක් ප්‍රකාශ කිරීම පිළිබඳ එතුමාට අපි ප්‍රසංසන්සා කළ යුතුයි.
මේ ග්‍රන්ථයේ සඳහන් වෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මෙරට ඒකීයභාවය අහිමි කරන ආකාරය පිළිබඳ ඉතා සියුම්ව විග්‍රහ කරල තියෙනවා.
මෙ ග්‍රන්ථයේ 97 පැකේජය ගැන , 2000 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ආදිය ගැන අඩංගු කරුණු වලින් බලය හිමි කොටස් මේ ප්‍රශ්නවලදී හසිරෙන ආකාරයද මැනවින් සඳහන් කර ඇත.
මා මෙතෙක් මෙලෙස අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන සියුම්ව ලියපු ග්‍රන්ථයක් කියවලා නෑ.
එඩ 13 වන ව්‍යවස්ථා උගුලේ අප වැටෙන විට මෙවැනි ග්‍රන්ථයක් නිර්මාණය වූවානම් අපේ රටේ ඉරණම මීට වඩා වෙනස් වෙන්නට තිබුණා.
එබැවින් මේ ග්‍රන්තය අපේ රටේ දේශපාලනඝ්නයන් මෙන්ම නීතීඥයන්ද අනිවාර්යෙන් කියවිය යුතුයි කිය මා ප්‍රකාශ කරනවා.
මේ අනතුරෙන් ගැලවිය හැකි මග එමගින් පාදාගත හැකියි."


-ගාමිණි මාරපන

උත්සව සභාවේ ඇස ගිය තැන් කිහිපයක්...











-සටහන :යටියන ප්‍රදීප් කුමාර

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook - https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions