2/19/2017

ආචාර්‍ය රනිල්ගේ අනාචාර්‍ය මාධ්‍ය මෙහෙයුම...

කතෘ:යුතුකම     2/19/2017   3 comments

ස්පර් සංවිධානය , සුරකිමු ලංකා මෙල්බර්න් එකමුතුව , ගෝලීය ශ්‍රී ලාංකික සංසදය යන සංවිධානවල සහයෝගීත්වයෙන් පසුගිය 16 වනදා රනිල් වික්‍රමසිංග අග්‍රාමාත්‍යවරයාගේ ඕස්ට්‍රේලියානු සංචාරය අතරතුර මෙල්බර් නුවර පැවැති විරෝධතා ව්‍යපාරය පිළිබඳව පුවත පෙරේදා රූපවාහිනී ප්‍රවෘත්තිවලින් ඇසුණු කළ කුමන හෝ තැනක දරුණු වැරදීමක් සිදුවී ඇති බව වැටහිණ. ඒ , රටට දැයට සමයට හිතවත් දේශප්‍රේමීන්ගේ එකමුතුකමින් සංවිධානය වූ මේ විරෝධතාව පිළිබඳ පූර්ව වැටහීමක් මේ ලියුම්කරු සතුව තිබූ බැවිණි.
Divaina
දෙරණ රූපවාහිනිය සහ රජයේ නාලිකා වාර්ථා කළ ආකාරයට මෙල්බර්න් වල වෙසෙන සිංහල සහ කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාව එකිනෙකට නුදුරු ස්ථාන දෙකකදී සිංහ ධජ සහ කොටි ධජ ප්‍රදර්ශනය කරමින් අග්‍රාමාත්‍යවරයාට ඩීකින් සරසවියෙන් ලැබුණු ආචාර්‍ය උපාධියට විරෝධය පළ කර තිබිණ.
සෙනසුරාදා දිවයින පුවත්පතේ මුල් පිටුවේ පුවත දුටුවිට සිදුවී ඇත්තේ කුමක්දැයි වටහා ගැනීම අපහසු නොවිණි.දිවයින වාර්ථා කර තිබුණේ "රනිල්ට දුන් ආචාර්ය උපාධිය අවලංගු කරන්න සිංහල සහ දෙමළ ඩයස්‌පෝරා වෙන වෙනම උද්ඝෝෂණ" මාතෘකාවෙනි.

මේ පුවත් සියල්ලේම එක් පොදු ලක්ෂණ දෙකක් අන්තර්ගතවිය. එනම් මෙය කොටි හිතවාදීන් සහ සිංහල අන්තවාදීන් එක්ව සංවිධානය කළ විරෝධතාවයක් බව උලුප්පා දැක්වීමය. අනෙක් පසින් මේ විරොධතාවයේ අරමුණ අග්‍රාමාත්‍යවරයාට ආචාර්‍ය උපාධිය පිරි නැමීමට විරෝධය පා සිදු කළ එකක් බව හුවා දැක්වීමය.

සුරකිමු ලංකා මෙල්බර්න් එකමුතුව , ස්පර් සංවිධානය සහ, ගෝලීය ශ්‍රී ලාංකික සංසදය යන සංවිධාන මෑත කාලයේදී රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාවට එරෙහිව දේශීයවත් අන්තර්ජාතිකවත් සාධනීය වැඩ කොටසක් සිදු කරමින් සිටින රටට හිතැති මිනිසුන්ගෙන් සැදුම්ලත් ස්වේච්චා සංවිධාන ජාලයකි.
සෘජු දේශපාලන පක්ෂ රාමුවට කොටු නොවී රට දැය සමය කෙරෙහි එතෙක් මෙතෙක් බලපා ඇති දරුණුතම ව්‍යසනය එනම් රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමේ අනතුර පිළිබඳව මොවුන්ගේ ක්‍රියාකාරීත්වය රට බෙදන්නටම උපන් දොන් ජුවන් ලාට හිසරදයක් බවට පත්වීම පුදුමයක් නොවේ.
රූපවාහිනී පුවත් වලින් සහ පුවත් පත් මුල් ශීර්ෂ පාඨ වලින් දැක ගත්තේ මෙල්බර්න් විරෝධතාවය වලක්වාගන්නට උපරිම උත්සාහ ගත් නමුත් එය ව්‍යර්ථ වූ තැන මේ තක්කඩියන් ගැසූ ලැජ්ජාසහගත අසික්කිත මෙහෙයුමේ ප්‍රතිඵලය නොවේද?.

මේ විරෝධතාවයේ මුඛ්‍ය අරමුණ උද්ඝෝෂණයේ සංවිධායකයන් පැහැදිලි කරන ආකාරයට මෙසේය .ස්පර් සංවිධානය මාධ්‍ය වෙත නිවේදනයේ මෙලෙස සඳහන්ය. "
"ඕස්ට්‍රේලියාවේ මෙල්බන්හිදී 16 දා අප නිරතවූ විරෝධතාවය වූයේ ජනමතය පාගා දමමින් 'යෝජිත ව්‍යවස්ථාව මගින් පෙඩරල් හෙවත් සන්ධීය රාජ්‍යයක් කිරීම', 'එක්ටා' ගිවිසුම, බැoකු මoකොල්ලය, ජාතික දේපල විකිනීම වැනි රට හා ජාතියට අහිතකර ක්‍රියාදාමයන්ට බැව් සඳහන් කරමු.
එදිනපැවැත්වූ අප විරෝධතාවය තුල "රනිල්ට දුන් ආචාර්ය උපාධිය අවලංගු කරන්න' යනුවෙන් කිසිඳු විරෝධතා පුවරුවක්, සටහනක් හෝ ප්‍රකාශයක් සිදුනොවූ බැව් ඉතා වගකීමෙන් යුතුව සඳහන්කරන අතර ඉහත සඳහන් සාවද්‍ය පුවත නිවැරදි කරනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. "

තත්වය මෙසේ නම් මෙරට මාධ්‍ය බොහොමයක එකම අච්චුවෙන් ආ පුවතක් ප්‍රධාන පුවත ලෙස සඳහන් වූයේ අහම්බයෙන් ද?
ඒ සියල්ලේම පාහේ අගමැතිවරයා අහිංසකයෙකු බවටත් උද්ඝෝෂකයන් කොටි හිතවාදී ද්‍රෝහීන් බවටත් හුවා දක්වන හැඩයක් ආවේ අහම්බයෙන් ද?
රට කොටින්ට පාවාදීමට එරෙහිව හඬ නැගූ මිනිසුන් කොටි ත්‍රස්ථයන්ගේ ගොඩට දැම්මේ වැරදීමකින් ද?
මේ පුවත මෙලෙස මාධ්‍ය වලට බලහත් කාරයෙන් එබූයේ කුමන මාධ්‍ය ඒකකයකින් ද?
මෙලෙස අතේ පැලවෙන ව්‍යාජ පුවත්  බලහත්කාරයෙන් ඔලු වලට ඔබා බලාපොරොත්තු වන්නේ කුමක්ද?
රට බෙදන ද්‍රෝහී ගමන පිළිබඳ සැබෑ මහජන විරෝධය යට ගැසීමද?

විශේෂයෙන් ආණ්ඩුව විවේචනය කරනවා යැයි පොදු මතයක් ඇති දෙරණ , දිවයින වැනි මාධ්‍ය හරහා මේ පුවත පළකරවා ගතහොත් සියල්ල හරි යැයි මේ තක්කඩියන් සිතන්නට ඇත.
අසමජ්ජාති තිරිසන් වැඩ කියන්නේ මේවාටය.
සිරිසේන මහතා උදේ හවා මාධ්‍ය නිදහස දෝරේ ගලායනවා යැයි බෙරිහන් දුන්නත් මේ ලැජ්ජාසහගත භාවිතාවෙන් පෙන්නනුයේ ඒ ඊනියා මාධ්‍ය නිදහස රෙද්ද පල්ලෙන් බේරෙන බව නොවේද?
මාධ්‍ය කැමරා ඉදිරියේ බොරු වීරයන් වී කොතරම් බෙරිහන් දුන්නද තමන්ගේ හෘද සාක්ෂියෙන් ගැලවීමට මේ බොරු යහපාලන වෙස්මුහුණුකරුවන්ට නොහැක.

එසේම රට බෙදන ව්‍යවස්ථාවට එරෙහිව නගන හඬ මෙවැනි ලැජ්ජාසහගත යටිකූට්ටු ගේම් නිසා අඩියක් වත් පසුපසට නොගැනීමට සියළු දේශප්‍රේමීන් තදින් සිතට ගත යුතුය. තරුණයන් හැට දහසක් කිසිඳු හිරිකිතයකින් තොරව තමන්ගේ හිතුවක්කාරී දේශපාලන උවමනා වෙනුවෙන් බිලි දෙද්දී සිනහ වෙමින් සිටි , හමුදා බුද්ධි අංශය වනසා ත්‍රස්තයන්ට ඉනිමං බැඳි ද්‍රෝහීන්ට මීට වඩා අසමජ්ජාතිකම් වුවද කළ හැකි බව වටහා ගත යුතුය. එබැවින් ගමන දැන යමු !!

[රටේ ඒකීයභාවය වෙනුවෙන් , ෆෙඩරල් ව්‍යවස්ථාවට එරෙහිව , රට විකුණන එට්කා පාවාදීමට එරෙහිව , ආර්ථිකය කාබාසිනියාකිරීමට එරෙහිව මෙල්බර්න් විරෝධතාවයේ චායාරූප කිහිපයක් ]













-යටියන ප්‍රදීප් කුමාර-

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

3 comments :

  1. මෙහෙම ලිපියක් ලිවීම ගැන බොහොම පිං. මෙල්බර්න්වල විරෝධතාවය පැවැත්වුණේ රනිල්ගෙ ජාතිද්‍රෝහී ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයට එරෙහිව. එහෙම නැතුව එයාට ලැබුණු උපාධියකට විරුද්ධව නෙමේ. රනිල්ට විරුද්ධව ‍රැළිය සංවිධානය කරන බව දැන ගත්තහම කුලප්පු වුණු මෙහෙ ඉන්න රනිල්ට එක දා ගන්න පොරකන එජාප පාක්ෂිකයො ටිකක් එම ‍රැළියට විරෝධය පාන්න වෙනම උද්ගෝෂණයක් සංවිධානය කලා. නමුත් ඒකට හිතපු තරම් සහභාගීත්වයක් නොලැබෙන බව දැන ගත්තහම ඒක අවලංගු කලා. ඔය කොටි ‍රැළියය කියන එක පැවැත්වෙන්නෙ ඒ පරිශ්‍රයෙ. බොහෝවිට ඔවුන්ට ඒ තැන ලැබෙන්න ඇත්තෙ එජාපෙ අනුග්‍රහයෙන්. මොකද එහෙම කොටි ‍රැළියක් තිබීමෙන් එතන කෙරුණු ශ්‍රී ලාංකික ‍රැළියට වැරදි අර්ථකතනයක් දෙන්න අවස්ථාව ලැබෙනව. සාමාන්‍යයෙන් මෙහෙ කොටි ‍රැළිවට මිනිස්සු එනව. ඒත් මේ ඊනියා ‍රැළියෙ හිටියෙ 20කට අඩු සංඛ්‍යාවක්. ඒකෙඋත් දෙමළ මිනිස්සු හිටියෙ අතලොස්සයි. ඉතුරු අය මෙහෙ ඔය සරණාගතයන් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක සුද්දො.

    ReplyDelete
  2. මේක ලියන්නෙ ඔය ‍රැලියට සම්බන්ධ වුණු ශ්‍රී ලාංකිකයෙක්. මේ ටික ලියන්නෙ අද ලංකාවෙ ඊනියා යහපාලනය යටතෙ තියෙන මාධ්‍ය මර්ධනය ගැන වචනයක් ලියන්න. මෙවන් ප්‍රවෘත්තියක් පලකෙරෙණු ඇතැයි බලාපොරොත්තු විය හැකි ලංකාවෙ මාධ්‍ය කිහිපයකටම ඔය ‍රැළියෙ පින්තූර සහ වෙනත් වීඩියෝ යැව්ව. ‍රැලියට පෙරත් මේ ‍රැලිය පැවැත්වෙන බවට ප්‍රවෘත්ති පළකරන ලෙස ඉල්ලීම් කෙරුණ. නමුත් ඇත්ත තත්ත්වය (ඒ මාධ්‍යවලින්ම ඇසුණු පරිදී) ඔවුන් මේ ප්‍රවෘත්ති පළ කරන්න බයයි. ඒ ආයතන අපෙන් අහන්නෙ "මේ ප්‍රවෘත්තිය වෙනින් ආයතනවලටත් දුන්නද, ඒ අය ඒව දානව කිව්වද, මේක අපි විතරක් දාල ආණ්ඩුවට ඉලක්ක වෙන්න බැහැ, අනිත් අයත් දැම්මොත් අපිත් දාන්නම්" වගේ කතා. අද මාධ්‍ය තියෙන්නෙ රනිල්ගෙ දැඩි පාලනයක් යටතෙ. මේ කියන්නෙ රාජ්‍ය මාධ්‍ය ගැන නෙමේ වෙනත් මාධ්‍ය ආයතන ගැන. ඇත්ත ඕකයි. ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්.

    ReplyDelete
  3. කොටි ‍රැළිය තිබුණෙ රනිල්ට විරුද්ධව නෙමේ හමුදාවටයි ඒකට අණ දීපු රාජපක්ෂලටයි විරුද්ධව. ඒක පැවැත්වුණේ රනිල්ගෙ ‍රැස්වීම සංවිධානය කල අයගෙ පූර්ණ ආශීර්වාදයෙන් විය යුතුයි. එහෙම නැත්නම් අවසරවත් නොගෙන පැවැතුණු ඒ ‍රැලිය ඉවත් කරන්න කියල රනිල්ගෙ දේශනය සංවිධානය කල එ.ජා.ප. හිතවතුන්ට එතන හිටි පොලිස් නිළදාරීන්ට ඕනෙ හැටි කියන්න තිබුණ. ඒ වෙනුවට අපි දැක්කෙ සිනා මුසු මුහුණින් ඔවුන්ගෙ ‍රැලිය දිහා බලාගෙන ඉන්න එ.ජා.ප. සංවිධායකවරු.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions