-රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර-
සිළුමිණ පුවත්පතට “සාහිත්‍ය දෙසුම්ද අදහස් දැක්වීම්ද” යන මැයෙන් චූලානන්ද සමරනායක විසින් ලියන ලද ලිපියට පිළිතුරකි
මා විසින් “දේශපාලඥයින්ට සාහිත්‍ය දෙසුම් අකැපද” යන මැයෙන් කමල් පෙරේරාගේ ලිපියට දුන් පිළිතුරට චූලානන්ද ඉහත සඳහන් ලිපියෙන් ප්‍රතිචාර දක්වා තිබුණි. ඔහුට අනුව, මා විසින් එදා කළුතර සාහිත්‍ය උළෙලේදී කරන ලද දේශනය අතරතුර ඔහු ශාලාවෙන් පිටව ගියේ, මා ලියා ඇති පරිදි රණවිරුවා අගය කිරීමට කවියකින් හෝ දායකවීමට නොහැකිවීම නිසා ඇතිවූ ලජ්ජාව නිසා නොව, මගේ කතාවෙන් උකහා ගැනීමට කිසිවක් නොමැතිව කාලය අපතේ යාම පිළිබඳව ඇතිවූ ලප්ජාව නිසාය. කතාවේ උකහා ගැනීමට කිසිවක් ඇත්ද නැත්දැයි යන්නසෙවීමට කතාව අවසන්වන තුරු සිටිය යුතුය. එසේ නොකොට කතාවේ උකහාගැනීමට කිසිවක් නැතැයි කීම බාල ප්‍රකාශයකි.
ආරාධනා පත්‍රයක් මඟින් සංවිධායක මණ්ඩලයෙන් නිල වශයෙන් දේශනයකට ආරාධනා ලද අමුත්තෙක් සිය කතාව ආරම්භ කළ පසු සභාවේ සිටින කෙනෙක් අසුනින් නැගිට පිටව යන්නේ වෙන කිසිවක් නිසා නොව දේශකයාට ඇති අකමැත්ත නිසා ඔහුට විරෝධය පෑමටය. දේශනය ආරම්භ වීමට ප්‍රථම ශාලාවෙන් පිටව යාමට ඕනෑතරම් කල් තිබුණද එසේ නොකොට, දේශනය අතරතුරේ කාටත් පෙනෙන්නට නික්ම යන්නේ දේශකයාට මෙන්ම ඔහුට ආරාධනා කළ සංවිධායක මණ්ඩලයටද “අපහාස” කිරීමටය. සාහිත්‍යධරයකු වත් සාමාන්‍ය ශිෂ්ට මිනිසකුවත් එසේ හැසිරෙන්නේ නැත. එවන් දෙයක් හිතාමතාව කළ හැකි කලාකරුවෙකුත් නොවන, මහත්මයෙකුත් නොවන, රසවතෙකුත් නොවන, නිකම්ම නිකම් ‘හිස්’ මිනිසකුට පමණි.
චූලානන්ද මා ජාතිවාදියකු ලෙසද හඳුන්වයි. නමුත් ඔහු ‘ජාතිවාදය’ සහ ‘ජාතිවාත්සල්‍ය’ යන වදන් දෙකෙහි වෙනස නොදනී. ‘ජාතිවාදය’ යනු තමන්ගේ ජාතිය උතුම්යැයි සිතමින් අන්‍ය ජාතීන් පාගා දැමීමය. ‘ජාතිවාත්සල්‍ය’ යනු තමන්ගේ ජාතියට යම් උවදුරක්වන්නේ නම් දිවි හිමියෙන් එය වැළැක්වීමට ඉදිරිපත් වන හැඟීමය. යුද සමයේ චූලානන්ද උතුරට ගොස් ඇත්දැයි මා නොදනිමි. නමුත් වසර ගණනාවක් උතුරේ සිට ඇති අප දෙමළ ජනතාවට විවිධ අවස්ථාවල අපගේ රුධිරය පරිත්‍යාග කොට ඇත. අපේ බත්පත් ඔවුන් සමඟ බෙදාගෙන අනුභව කොට ඇත. අපේ ජීවිත පරදුවට තබා අහිංසක දෙමළ ජනතාව ත්‍රස්ත ග්‍රහණයෙන් මුදා ඇත. අපේ පුද්ගලික මුදල්වලින් ඔවුන්ගේ අවශ්‍යතා සපුරා ඇත. ‘ජාතිවාදී’ සිංහයෝ කවදාවත් එසේ නොකරති. මා හට ජාතිවාදියා යැයි වක්‍රව පවසන චූලානන්ද තම ජීවිත කාලය තුළදී පීඩිත දෙමළ ජනතාවට තම රුධිරය කෙසේ වෙතත් එක යෝගට් කෝප්පයක්වත් අරන්දී ඇත්ද? දෙමළ නොදරුවන් බලෙන් තම සංවිධානයට බඳවා ගන්නා කොටි ත්‍රස්තයින්ට එරෙහිව එක වචනයක් හෝ දොඩා ඇත්ද? චූලානන්ද වැන්නන් අද ‘ජාතිවාදය’ යන්න පාවිච්චි කරන්නේ විලාසිතාවක් මෙන් මිස එහි නියම අර්ථය පිළිබඳව ඇති කිසිම අවබෝධයකින් නොවේ. ‘සිංහල’ යන වචනය ඇසූ පමණින් මීහරක් මෙන් කුලප්පු වෙන බොහෝ අය ‘දෙමළ’ සහෝදරයන්ට ශත පහකින් හෝ උදව්වක් කළ අය නොවෙති.
මට ඇත්තෙන්ම චූලානන්ද පිළිබඳව අනුකම්පාවක් සිතේ. එසේ වන්නේ “සම්ප්‍රදායික” යුද්ධය සහ “ත්‍රස්තවාදයට එරෙහිව කරන සටන” අතර ඇති වෙනස පිළිබඳව කිසිදු අවබෝධයක් ඔහුට නොමැති බැවිනි. අපේ රටේ දශක 3ක් තිස්සේ තිබූ යුද්ධයේ රණවිරුවා දිරිමත් කරන සිනමාපට බිහිවුණේ නැතැයි මා විසින් කරන ලද ප්‍රකාශයේම “කලාකරුවා” පිළිබඳව වටහා ගැනීමට මා තුළ තිබෙන අසමත්කම විදහාපාන බව ඔහු කියයි. කලාකරුවා / සාහිත්‍යකරුවා “යුද්ධය” වෙනුවෙන් නොව ‘මනුෂ්‍යත්වය’ වෙනුවෙන් පෙනී සිටින බව කියන චූලානන්ද වියට්නාම් යුද්ධයට එරෙහිව කරන ලද සිනමාපට ඇගැයෙන බවත් මොහොමඩ් අලී වීරයෙක් වුණේ බොක්සිං වළල්ලේ පෑ දස්කම්වලට වඩා වියට්නාම් යුද්ධයට විරුද්ධවීම නිසා බවද පවසයි. චූලානන්ද වරද්දා ගෙන ඇත්තේ එතැනය.
ශිෂ්ට සම්පන්න කොයි මිනිසාත් යුද්ධයට විරුද්ධය. නමුත් ඔවුන් එසේ විරුද්ධ වන්නේ “ආක්‍රමණික” යුද්ධයකට මිස “ආරක්ෂක” යුද්ධයකට නොවේ. අමෙරිකාව වියට්නාමයේ ගෙනගිය යුද්ධයට මොහොමඩ් අලී පමණක් නොව අපද විරුද්ධය. නමුත් අපේ රටේ තිබුණේ එවන් යුද්ධයක් නොවේ. තිබුණේ රණවිරුවන් විසින් දියත් කළ අහිංසක ජනතාව, උපාසිකාවන්,සාමණේර හිමිවරු කපා කොටා මරා දමන මිනීමරු ත්‍රස්තයින්ට එරෙහි යුද්ධයකි. රණවිරුවා යුද්ධ කළේ තම සහෝදර ජනතාව ත්‍රස්තවාදීන්ගෙන් ආරක්ෂා කිරීමටය. එවන් ‘යුද්ධයක්’ අමෙරිකාව වියට්නාමය ආක්‍රමණය කළ ‘යුද්ධයට’ සමාන කළ හැක්කේ රටේ සිදුවන දේ ගැන අල්ප මාත්‍රයකුදු දැනීමක් / හැඟීමක් නොමැති පුද්ගලයෙක්ට පමණි.
මා චූලානන්දට ඉතා සරල උදාහරණයක් පෙන්වමි. එයට ඔහුගේ පිළිතුර ඊළඟ සතියේ බලාපොරොත්තු වෙමි. චූලානන්දගේ නිවසට රාත්‍රියේ අපරාධකරුවෙක් ඇතුළු වී ඔහුගේ බිරිය දියණිය දූෂණය කොට මරා දැමීමට තැත් කරන්නේ යැයි සිතමු. මනුෂ්‍යත්වය අගයන සාහිත්‍යධරයකු වන චූලානන්ද එවිට කරන්නේ කුමක්ද? නිවටව, බියගුළුව තමන්ගේ පණ බේරාගෙන පෑල දොරින් පැන යාමද? හිංසාකිරීම, මිනීමැරීම ‘මනුෂ්‍යත්වයට’ එරෙහි බැවින් අපරාධකරුවාට ඕනෑම දෙයක් කරන්න ඉඩදී බලාසිටීමද, එසේත් නැත්නම් අතේ තිබෙන කුමන ආයුධයකින් හෝ පහරදී අපරාධකරුවා මෙල්ලකොට හෝ මරාදමා හෝ තමාගේ බිරිය , දියණිය බේරාගැනීමද? දරුවන්ට බිරියට ඇත්තටම ආදරය කරන සුජාත මිනිසෙක්නම් චූලානන්ද කරනුයේ තුන්වෙනි ක්‍රියාවයි.
අපේ රණවිරුවන්ද කළේ චූලානන්ද කරන දේමය. මායිම් ගම්මානවල අහිංසකයින් කපා කොටා මරා දමන, ශ්‍රීමහා බෝධිය අභියස සිල්ගත් උපාසිකාවන් වෙඩිතබා මරා දමන ත්‍රස්තයින් සමඟ යුද්ධකොට උන් විනාශ කොට තම සහෝදර ජනතාව මරුමුවින් බේරාගැනීමය. තමාගේම බිරිඳ / දියණිය මරාදැමීමට පැමිණෙන අපරාධකරුවා සමඟ සටන්වැද ඔවුන් බේරාගැනීමට ඉදිරිපත් වන චූලානන්ද තම මවුබිමේ බිරියන් / දියණියන් / පුතුන් මරා දැමීමට පැමිණෙන ත්‍රස්තයා හා සටන් කිරීම මහා අපරාධයක් යැයි ද එය මනුෂ්‍යත්වයට එරෙහි යැයිද පවසයි නම් ඔහු කුමන අන්දමේ කුහකයෙක් විය යුතුද?
නමුත් යථාර්ථය එය නොවේ. රටේ අහිංසකයින් නිකරුනේ මරාදමන මිනීමරුවන්ට එරෙහිව රණවිරුවන් කරන “යුද්ධය” රටවල් දෙකක් අතර කෙරෙන සාම්ප්‍රදායික යුද්ධය සමඟ පටලවා ගැනීමට තරම් චූලානන්ද හෝ ඔහු සාහිත්‍ය සහචරයෝ හෝ අත දරුවෝ නොවෙති. ඒ ‘වෙනස’ හොඳින් දැන දැනම මනුෂ්‍යත්වයේ නාමයෙන් යැයි පවසමින් අපේ රටේ පැවති යුද්ධය හෙළා දකිමින්, රණවිරුවා හෑල්ලුවට / අධෛර්යට පත් කරමින්, රණවිරුවා බාල්දුකරන සිනමාපට අගයමින් කටයුතු කළ හැක්කේ ඩොලර්වලට ජාතිය පාවාදෙන දේශද්‍රෝහීන්ට පමණි.
මා හඳගමගේ චිත්‍රපටවලට විරුද්ධ වූයේ ද ඒ පදනම මතය. ඔහුගේ චිත්‍රපටවලින් කළේ යුද කරන සෙබළාව අධෛර්ය කිරීම සහ සෙබළ බිරියගේ ආත්ම ගෞරවය කෙලෙසා දැමීමය. චූලානන්ද කියන පරිදි ඔහු සමීප වන්නේ එවන් වූ නිර්මාණකරන සිනමා කරුවාටය. ත්‍රස්තවාදය යන්න ඇතිවීමට පාදකවන හේතූන් සාධාරණ අසාධාරණ වුවත් ත්‍රස්තවාදය කෙසේවත් සාධාරණීය කළ නොහැක්කේ එයින් මිය යන්නේ එකී හේතූන්වලට කිසිම සම්බන්ධයක් නැති අහිංසකයින් නිසාය. එසේම ත්‍රස්තවාදයේ අතරමැදියෙක් නොමැති බව ලොව පිළිගත් න්‍යායකි. එක්කෝ නුඹ ත්‍රස්තවාදියෙක්, නැත්නම් නුඹ ත්‍රස්තවාදියෙක් නොවේ. ත්‍රස්තයාට සෘජුව / වක්‍රව සහාය දෙන්නාද ත්‍රස්තයාට ‘එරෙහි’ යුද්ධය හෙළා දකිමින්, රණවිරුවා හෑල්ලුකරමින් තස්ත්‍රයාට තම අරමුණ කරා යාමට වක්‍රව උපකාර කරන්නන්ද ත්‍රස්තවාදී ගනයට වැටෙන්නේ එපරිද්දෙනි.
චූලානන්ද කියන පරිදි ඔහු සහ ඔහුගේ සගයන් පක්ෂ වන්නේ මරණය කරා යුද්ධයට තරුණයන් දක්වන ප්‍රචාරකවාදී සිනමාපටවලට නොව යුද්ධය පිළිකෙව් කරන මනුෂ්‍යත්වය අවදිකරන සිනමාපටවලටය. සරල භාෂාවෙන් කිවහොත් යුද්ධයට තරුණයින් දිරිගන්වන දේශාභිමානී චිත්‍රපට නොව ත්‍රස්ත මිනීමරුවන්ට එරෙහිව කරන යුද්ධය පිළිකෙව් කරන චිත්‍රපටය. එසේ නම් චූලානන්දට අනුව ත්‍රස්තයන් තමන්ට රිසිසේ අහිංසකයින් ඝාතනය කරන විට අපි ඊට විරුද්ධව සටන් නොකොට මනුෂ්‍යත්වයේ නාමයෙන් ඔහේ බලාසිටිය යුතුය. යුද්ධ නොකොට ත්‍රස්තයා ඉල්ලන “ඊළම” ලබාදිය යුතුය. චූලානන්දලා වැනි සාහිත්‍යධරයෝ සිටින්නේ අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවේ පමණක් විය යුතුය. ඒ අය තවමත් නිරුපද්‍රිතව රටේ ජීවත්ව සිටීම ගැන අපේ රටේ සිංහල බෞද්ධයින්ට අප ස්තූතිවන්ත විය යුතුය.
චූලානන්ද අවසානයේදී එදින මා විසින් කියන ලද සෙබළුන් බංකරවල ලියා තිබූ කවි දෙකද කදිම ලෙස විග්‍රහ කර සිටී. එම කවිවල අර්ථයන් වචනයේ පරිසමාප්තයෙන්ම රැගෙන චූලානන්ද ඒ තුළින් හමුදාව තුළ ඇති පන්තිබේදය නිලතල ගැටුම් යනාදිය ගැන සාක්ෂි දරන බව මහා විශ්ලේශකයෙකු සේ ප්‍රකාශ කර සිටී.
නෑසිය මිතුරන්ගෙන් ඈත්වී, විශේෂයෙන්ම යුද සමයේ, ඉතා කර්කශ , කටුක, ජීවිතයක් ගෙවන සෙබළෝ/ නිලධාරියා මඳකට හෝ අස්වැසිල්ලක් ලබනුයේ රණබිමේ මතුවන හාස්‍ය (Humour) තුළිනි. එකිනෙකාට පද බඳින “උපහාස” තුළිනි. ඒවා හුදෙක් හාස්‍ය / උපහාසය මත පදනම් වූවක් මිස ද්වේශයකින් / වෛරයකින් උපදින්නක් නොවේ. නිලධාරියාට පමණක් තෝරා බේරා කොටි ගසන්නේ නැති බව රණබිමක්, යුදපිටියක් දැකනැති චූලානන්දට නොතේරේ. එසේ කියන සෙබළාම ඊට පසුවදා ස්වෙච්ඡාවෙන්ම “උඩවතුර” බාල්දිය නිලධාරියාට දෙන්නේ බයට නොව ඔහුට ඇති ගෞරවය නිසාය. මන්ද ඔවුන්ට යුද පිටියේ යුද නායකත්වය දෙන්නේ නිලධාරියා බැවිනි. ඩෝරා යාත්‍රාවල නැවියන් / නිලධාරීන් කන්නේ බොන්නේද, සටන් කරන්නේද මිය යන්නේ ද එකටය. හමුදාව තුළ නිලතල ඇත්තේ “අණ සහ පාලනය” පිණිස මිස පන්තිබේදය ඇති කිරීමට නොවේ. එවන් වූ රසවත් කවි සභාවේ කියන විට මිනිසුන් එය සිනහවෙමින් රසවිඳින්නේ සෙබළාගේ හාස්‍ය, උපහාසය, රසඥතාවය පිළිබඳව ඇතිවන ආනන්දජනක හැඟීම තුළිණි. එවන් වූ කවියක් තුළින්ද හමුදාවේ වැරදි සෙවීමට මාන බලන්නේ හමුදාව පිළිබඳව හෝ කවිත්වය පිළිබඳව වත් හසරක් නොදන්නා නිකමුන් පමණි.
චූලානන්ද මා කියූ කවියේ උපහාසය / හාස්‍යය පසෙකලා වචනයේ පරිසමාප්තියෙන්ම එහි අර්ථය ගෙන විග්‍රහ කරයි. එවන් වූ චූලානන්ද නම් සාහිත්‍යධරයා “අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන ඉනිමං බඳිනු බැරී” යන ගීත පද මාලාව විග්‍රහකරන අන්දම මට සිතාගත හැක. අහසෙහි ඉනිමං බැඳීම කෙසේවත් කළ නොහැක. එය බැරි බව සියල්ලන්ම දනී. එය අද රටේ පවතින පුරුෂාධිපත්‍යයද, පීඩිත, අතරමංකළ කාන්තාවන්ගේ ශෝකාලාපය පිළිබඳවද සාක්ෂි දරයි” යනුවෙනි. මෙන්න අපේ සාහිත්‍යයට ගිය කල. සාහිත්‍ය සභාවකදී, ලියෝ ටෝල්ස්ටෝයි සහ ගුස්ටාජ් ෆ්ලෝබයා ගේ ග්‍රන්ථ ගැනද, ෂඩ් භාෂා පරමේශ්වර තොටගමුවේ රාහුල හිමිගේ කෘති ගැනද, අමරදේවයන් ගායනා කළ දේශාභිමානී ගීත ගැනද “අදහස්” ප්‍රකාශ වන විට මෙවැන්නන් සභාවෙන් නික්ම යෑම පුදුමයට කරුණක් නොවේ.
-රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

Great sir...
ReplyDelete