2/08/2017

නීතිය බූරුවෙක් ද ? - මහාචාර්ය කාලෝ ෆොන්සේකා

කතෘ:යුතුකම     2/08/2017   No comments

-මහාචාර්ය කාලෝ ෆොන්සේකා-
සභාපති ශ්‍රී ලංකා වෛද්‍ය සභාව

චාර්ල්ස් ඩිකන්ස් (1812 - 1870) නමැති ශ්‍රේෂ්ඨ ඉංග‍්‍රීසි ජාතික නවකතාකරුවාගේ් සුප‍්‍රකට නවකතාවකි, ‘ඔලිවර් ට්විස්ට්’ නමැති ග‍්‍රන්ථය. ඒ නවකතාව පාසල් යන සමයේ දී පෙළපොතක් ලෙස අපි ඉගෙනගතිමු. ඒ නවකතාවෙහි එන රුවන් වැකි කිහිපයක් මගේ අභාවයට යන වයෝවෘද්ධ මොළයේ අදත් ශේෂ වී ඇත. ඉන් එකක් නම් නවකතාවේ එක් ස්ථානයක දී එහි චරිතයක් වන ‘බම්බල්’ මහතා විසින් කරන ලද ප‍්‍රකාශයකි. අදාළ සිද්ධියේ දී බම්බල් මහතා සහ ඔහුගේ බිරිඳ යන දෙදෙනා ම චූදිතයෝ වූහ. ඒ සන්දර්භය තුළ හරස් ප‍්‍රශ්න ඇසීමේ දී උසාවියෙන් බම්බල් මහතාට මෙසේ කියනු ලැබේ. ‘බම්බල් මහතාණෙනි, නීතිය උපකල්පනය කරන්නේ, ඔබේ බිරිඳ සැම විට ම ඔබේ අධීක්ෂණය යටතේ ක‍්‍රියාත්මක වන බව යි.’ එය ඇසුණු සැණින් බම්බල් මහතාගේ ප‍්‍රතිචාරය වූයේ, ‘මගේ බිරිඳ සෑම විට ම මගේ අධීක්ෂණය යටතේ ක‍්‍රියා කරනවා යැයි උපකල්පනය කරනවා නම් නීතිය මන්දබුද්ධිකයකු වන බව යිත නීතිය බූරුවකු වන බව යි.’ මේ කතාව මගේ සිහියට ගලා ආවේ මෑතක දී මාලබේ සයිටම් ආයතනය පිළිබඳ උසාවිය විසින් අනුගමනය කරන ලද ක‍්‍රියාවක් ආශ‍්‍රිත ව ය. සයිටම් අර්බුදය පිළිබඳ ව දළ අදහසක් අපේ ඇත්ත පාඨකයන්ට තිබෙන බව නිසැක ය. මාලබේ සයිටම් ආයතනයේ වෛද්‍ය පීඨයේ වතගොත මෙහි ලා බහාලෑම අවශ්‍ය නැත. මාලබේ වෛද්‍ය ආයතනය පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකි. එහි ‘එම්බීබීඑස්’ උපාධිය ලැබීම සඳහා අධ්‍යයන ගාස්තු වශයෙන් රුපියල් මිලියන 12ක් හෙවත් ලක්ෂ 120ක් ගෙවිය යුතු ය. යටත් පිරිසෙයින් වසර පහක කාලයක් තුළ කරන්නට සිදු වන අමතර වියදම් සලකා බලන කල මාලබේ වෛද්‍ය විද්‍යාලය සාමාන්‍ය දෙමාපියන්ගේ දරුවන්ට වෛද්‍ය උපාධියක් ලබාගත හැකි ආයතනයක් නම් නොවේ.

2009 වසරේ දී අරඹන ලද මේ ආයතනයේ අපකීර්තිමත් ඉතිහාසය මෙහි දීර්ඝ ලෙස සටහන් කළ යුතු නැත. වෙසෙසින් සටකපටකමින් සහ ධන බලයෙන් ඒ ආයතනය ‘එම්බීබීඑස්’ උපාධිය ප‍්‍රදානය කිරීමේ බලය ආරූඪ කර ගැනීමට සමත් විය. එය ආරූඪ කරගත් නීති විරෝධී ආකාරය වෙන ම ම කතාවකි.

කෙසේ වෙතත් ඒ වෛද්‍ය විද්‍යාලයේ මෙරට දරුවන් 1000ක් පමණ අධ්‍යාපනය ලබන බැවින් 2015 වසරේ ජූලි මාසයේ දී වෛද්‍ය ආඥා පනතට අනුකූල ව වෛද්‍ය සභාව විසින් පත් කරන ලද විශේෂඥ වෛද වෘත්තිකයන් 10 දෙනකුගෙන් යුක්ත කණ්ඩායමක් තෙදිනක් තුළ ආයතනය විමර්ශනයට ලක් කොට වෛද්‍ය සභාවට වාර්තාවක් ලබා දෙන ලදි. වෛද්‍ය විද්‍යාව මැනවින් හැදෑරීමට අත්‍යවශ්‍ය කොන්දේසියක් වන්නේ නා නා විධ රෝගවලින් පෙළෙන රෝගීන් විශාල සංඛ්‍යාවක් හොඳින් පරීක්ෂා කර බලා අධ්‍යයනය කිරීමට සිසුන්ට අවකාශ තිබීම යි. අපේ රජයේ වෛද්‍ය පීඨවල වෛද්‍ය විද්‍යාව හදාරන සිසුන්ට සුපිරි දෙශන ශාලා, ආපන ශාලා, නේවාසිකාගාර පහසුකම් ආදිය නොතිබුණත් ඔවුන්ට තිබෙන එසේ ම අත්‍යවශ්‍ය ම වූ අගනා සම්පත වන්නේ රජයේ ශික්ෂණ රෝහල්වලින් ප‍්‍රතිකාර ගැනීමට රෝගීන් පැමිණ සිටීම ය. මෙරට සිටින සෑම වර්ගයකටම අයත් රෝගීන්ගෙන් පොදුවේ රජයේ ශික්ෂණ රෝහල්වලවලට ඌනතාවක් නම් නැත. ඒ නිසයි, රජයේ වෛද්‍ය පීඨවලින් බිහි වන වෛද්‍යවරුන් රෝග විනිශ්චයේ හපනුන් බවට ජාත්‍යන්තර කීර්තියක් සතු කරගෙන තිබෙන්නේ. මාලබේ ශික්ෂණ රෝහලේ කෙතරම් සැප පහසුකම් සහ ශෝභන බාහිර පෙනුමක් තිබුණත් එහි පැමිණෙන සහ නේවාසික රෝගීන් සංඛ්‍යාව නම් ඉතා අඩු බව පරීක්ෂණ කණ්ඩායමේ නිරීක්ෂණයට ලක් වී ඔවුන් විසින් එය වාර්තා කර තිබේ. මෙය උග‍්‍ර ඌනතාවක් බැවින් මාලබේ සයිටම් ආයතනයෙන් බිහි වන වෛද්‍ය උපාධිධාරීන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි කිරීමට කිසිසේත් නුසුදුසු බව වෛද්‍ය සභාවේ ඒකමතික තීරණය විය. එහෙයින් 2015 වසරේ සැප්තැම්බර් මස 04 වෙනි දා මේ පිළිබඳ කරුණු සහිත ව වෛද්‍ය සභාව මාලබේ සයිටම් ආයතනය පිළිබඳ වාර්තාවක් ගරු සෞඛ්‍ය ඇමතිතුමාට ඉදිරිපත් කළේ ය. ඒ වාර්තාවේ 10 වෙනි ෙඡ්දය, උද්ධෘතයක් වශයෙන් මෙහි ලා දක්වමි.

10 යථෝක්ත සියලූ කරුණුවලට අනුව 2015 සැප්තැම්බර් මස 4 වෙනි දින ගරු සෞඛ්‍ය අමාත්‍යවරයාට නිල වශයෙන් වෛද්‍ය සභාව මේ සම්බන්ධ ව නිර්දේශයක් ඉදිරිපත් කළේ ය. විශේෂඥ වෛද්‍යවරුන් 10 දෙනකුගෙන් සමන්විත වූ පරීක්ෂණ කණ්ඩායමේ විනිශ්චය වන්නේ, සයිටම් ආයතනය වෛද්‍ය සභාවේ ලියාපදිංචි කිරීමට සුදුසු වන උපාධි පිරිනැමීමේ හැකියාවක් ඇති ආයතනයක් නොවන බව යි. ඒ අනුව වෛද්‍ය සභාව ගරු සෞඛ්‍ය අමාත්‍යවරයාට නිර්දේශ කළේ මාලබේ සයිටම් ආයතනය ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කිරීමට සුදුසුකම් ඇති උපාධිධාරීන් බිහි කරන ආයතනයක් ලෙස නොපිළිගත යුතු බව යි. පූර්වෝක්ත නිර්දේශය වෛද්‍ය සභාව විසින් කරන ලද්දේ හුදෙක් මෙරට ජනතාවට සැපයෙනු ලැබෙන වෛද්‍ය සේවය සහ ඇප-උපස්ථානවල ගුණාත්මක බව කාර්යක්ෂමතාව සහ සුරක්ෂිතභාවය තහවුරු කිරීම පිණිස සුදුසුකම් සහිත වෛද්‍යවරුන් බිහි කිරීම සම්බන්ධයෙන් වෛද්‍ය සභාවට පැවරී තිබෙන නෛතික වගකීම පදනම් කොටගෙන බව ඉඳුරා ම පැවසිය යුතු ය.

මෙවැනි වාර්තාවක් ද කියවා එහි සඳහන් රෝගීන් පිළිබඳ උග‍්‍ර ඌනතා හැකි තාක් වලක්වාගැනීමට කිසි දු යෝජනාවක් හෝ නිර්දේශයක් නොකොට එම උපාධිධාරීන්ට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා දීමට නීතිය තීරණය කරන්නේ නම්, ‘ඔලිවර් ට්විස්ට්හි’ බම්බල් මහතා පැවසූ පරිදි ඒ නීතිය මන්ද බුද්ධිකයකු ම විය යුතු ය. බූරුවකු ම විය යුතු ය.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions