2/26/2017

අඳුරු මතකයට යළි අත වනමින් උතුර ගිනි තබන උද්ඝෝෂණ රැල්ල..

කතෘ:යුතුකම     2/26/2017   No comments

-අයි .ජයතිලක-
“අපට අවශ්‍ය දේශපාලන විසඳුම ලබා දුන්නේ නැත්නම් මුළු උතුරු නැගෙනහිර ප්‍රදේශයම ශ්‍රී ලංකා රජයට පාලනය කරගත නොහැකි තත්ත්වයට ගේනවා” ..මේ දරුණු තර්ජනය සිදුකළේ උතුරු පළාත් මහ ඇමති සි.වී.විග්නේෂ්වරන් මහතා නොවේ. රජයේ පාලනය අකර්මන්‍ය කරන බවට තර්ජනය සිදුකළේ පසුගිය වසරේ බැන් කී මූන් මහතා ලංකාවට පැමිණි අවස්ථාවේ ඔහු හමුවේ අපේ විපක්ෂ නායක තුමායි. යහපාලන රජයේ භාෂාවෙන් කියනවා නම් "මධ්‍යස්ථ මතධාරී " ආර්.සම්බන්ධන් මහතා යි.

මහ පොළවේ සිදුවන දේ ගැන අවබෝධයක් තිබෙන රජයක් නම් දෙමළ සන්ධාන දේශපාලකයින්ගේ සැබෑ ස්වරූපයත් බෙදුම්වාදී කොටස් විසින් සිදුකළ හැකි කඩාකප්පල්කාරී ක්‍රියා ගැනත් අවබෝධයකින් කටයුතු කරනු ඇත. උතුර නැගෙනහිර අකර්මන්‍ය කරන්නට දෙමළ සන්ධානයට තිබෙන හැකියාව කුමක් ද එය කුමන ආකාර වලින් ක්‍රියාත්මක වේද යන්න ගැන වැටහීමක් ඇති රජයක් ලෙස රනිල් වික්‍රමසිංහ රජය කටයුතු ක‍ළේ නැත.

රටේ නියම තත්ත්වය ගැන නිසි වැටහීමක් නොමැති බව උතුරු නැගෙනහිර බෙදුම්වාදී ප්‍රශ්නය සම්බන්ධව පමණක් නොව ආර්ථිකය, විදේශ සබඳතා යන කාරණා වලදී ද පවතින රජය පෙන්වා ඇත. රටේ තත්ත්වය හා රටට යහපත් විය හැකි අයහපත් විය හැකි කාරණා පිළිබඳව කිසිදු අවබෝධයක් යහපාලන රජයට නැත. එම අනවබෝධය නිසාම රට සෑම අංශයකින්ම බලවත් අර්බුධයකට පත්වෙමින් ඇත. යහපාලනයේ නියමුවන් ගේ තිබබේ ඉතා සරළ දැක්මකි. එනම් ඇමරිකාව අකමැති මහින්ද එළවා දැමීමත් චීනය එලවා දැමීමෙන් ඉන්දියාවේත් ඇමරිකාවේත් ආර්ථික වශයෙන් උපකාර ලැබේ යන ළදරු දැක්මකි.

දකුනේ මාධ්‍ය නිසි ලෙස වාර්තා නොකළත් සැබෑ තත්ත්වය වන්නේ වර්තමානය වන විට උතුරු පළාතේ වැඩ කටයුතු අඩාලව ඇත. හමුදාව උතුරින් ඉවත් කරන ලෙසත් හමුදාව විසින් කොටි සංවිධානයෙන් ලබාගත් ඉඩම් වහා ජනතාවට පවරන ලෙසත් උද්ඝෝෂණ, උපවාස ඇති වෙමින් පවතී. එම උද්ඝෝෂණ වල පවතින විශේෂ ලක්ෂණය නම් උතුරේ හමුදා කඳවුරු ඉලක්ක කරමින් පාසල් ළමුන්, විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් යොදා ගනිමින් සිදුකරන උදඝෝෂණයි. පවතින තත්ත්වය සමාන වන්නේ 2002-4 කාලවකවානුවේ සටන් විරාම සමයේදී කොටි සංවිධානයට අයත් පිරිස් විසින් යාපනය ප්‍රදේශයේ හමුදා කඳවුරු ඉලක්ක කරමින් සිදුකළ උද්ඝෝෂණ පෙළයි. එම වකවානුවේදීත් පැවතියේ රනිල් වික්‍රමසිංහ රජයක් වූ අතර මහ පොළවේ යතාර්ථය ගැන කිසිදු අවබෝධයකින් ක්‍රියා නොකළ ඒ නායකත්වය ඒ පිළිබඳව ලබා දෙන උපදෙස් ගැනද තැකීමක් නොකළේය. කොටි සංවිධානය හමුදාමය වශයෙන් පරාජය කළ පසුවත් නැවත එම තත්ත්වයම රනිල් වික්‍රමසිංහ රජයක් යටතේ ඇති වූයේ තිබෙන පාලන ක්‍රමයේ වැරැද්ද නිසා නොවේද?

මෙම උද්ඝෝෂන වලට පදනම් වන්නේ කුමක් ද?

තිස් වසරක යුද්ධය හේතුවෙන් උතුරු පළාතේ සාපේක්ෂව වැඩි හමුදා කඳවුරු සංඛ්‍යාවක් ඇත. එය දෙමළ බෙදුම්වාදී යුද්ධය නිසා ඇති වූවකි. අධි ආරක්ෂිත කලාප ඇති කිරීම යුගයේ අවශ්‍යතාවයක් විය. එම අධි ආරක්ෂක කලාප ඉවත් කර නැවත ජනතාවට ඉඩම් ලබා දිය යුත්තේ උතුරු පළාතේ ආරක්ෂාව පිළිබඳ සළකමින් නියමිත ක්‍රමවේදයකට අනුව මිසක් බෙදුම්වාදී බලවේග කියනා ආකාරයට නොවේ. ඔවුන් ඉල්ලා සිටින්නේ උතුරු පළාතෙන් හමුදාව මුළුමනින්ම ඉවත් කිරීමයි. ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූල හමුදාවට ශ්‍රී ලංකාවේ පළාත් දෙකකින් ඉවත් වන්නයි ප්‍රකාශ කරන්නට ඔවුන්ට ඇති අයිතිය කුමක් ද? උතුරේ හමුදා කඳවුරු ඉවත් කරන්න යන උද්ඝෝධණ රැල්ල ඇති කරන්නට මූලාරම්භය ගත්තේ කෙප්පාපිලව් ප්‍රදේශයෙනි. කෙප්පාපිලව් අයත් වන්නේ අවසන් යුද්ධය ඇත පුදුකුඩුඉරිප්පු හා ප්‍රභාකරන් මරා දැමූ නන්දිකඩාල් ට ආසන්නවය. මේ ප්‍රදේශය කලින් රජයේ ඉඩම් වූ අතර පසුකාලීනව කොටි සංවිධානය යටතේ තිබියදී ඔවුන් විසින් මෙම ඉඩම් දමිළ ජනතාවට බෙදා දී ඇත. ඒ අතරින් සිවිල් වැසියන් සමහරෙකුට එම ඉඩම් සඳහා ඔප්පු ඇත. කොටි සංවිධානය පරාජය කර දැමූ පස් රජය විසින් නැවතත් මෙම ඉඩම් ලබා ගෙන එහි සිටි ජනයා වෙනත් ප්‍රදේශයක ගම්මානයක් තනවා පදංචි කරවා ඇත. මෙම ජනයා 2013 වර්ෂයේ සිට මෙම ගම්මානයේ පදිංචිව සිට ඇති අතර 2016 වන විට නැවතත් මුල් ඉඩම් අවශ්‍ය බව පවසමින් උපවාස ක්‍රියාත්මක විය. මීට පෙර ඇති නොවුනු තත්ත්වයක් ඇති වී ඇත්තේ බාහිරින් පැමිණි පුද්ගලයන් මුල් වෙමින් සිවිල් වැසියන් අවුස්සමින් රජයට, හමුදාවට හා සිංහල මිනිස්සුන්ට විරුද්ධව ඔවුන් උසි ගැන්වීම නිසාය.

ප්‍රවෘත්ති වාර්තා අනුව මෙම උද්ඝෝෂණ පසුපස ප්‍රධාන වශයෙන් සිටින්නේ ටී. රවිකරන් හා සුරේශ් ප්‍රේමචන්ද්‍රන් යන දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුන්ය.

දමිළ ජනයා පීඩනයට පත් කර ඔවුන්ගේ ඉඩම් ලබාගන්නට අවශ්‍ය නැත. නමුත් රටේ ආරක්ෂාව සඳහා වන පොදු කාරණා වලදී ජනතාවගේ ඉඩම් ලබාගන්නට වන විට ඔවුන්ට සුදුසු පරිදි වන්දි ලබා දී තත්ත්වය සමථයකට පත් කරගත යුතුය. අද ඇති වී තිබෙන්නේ මෙම ඉඩම් ප්‍රශ්නය මූලික කරගෙන උතුර අකර්මන්‍ය කරන්නට වෙර දැරීමකි.

සත්‍ය වශයෙන් කියනවා නම් මෙම තත්ත්වය එක් එක් ආකාර වලින් 2015 වසරේ මුල සිට අපට දැකගත හැකිවිය. යාපනයේ දෙමළ පිරිසක් අතින්ම දූෂණය කොට ඝාතනය කළ යාපනයේ විද්‍යා දැරිය සම්බන්ධයෙන් යාපනයේ විශාල නොසන්සුන් තත්ත්වයක් ඇතිවිය. පාසල් සිසු සිසුවියන් පාවිච්චි කරමින් ඇතිවුණු උද්ඝෝෂණ, විද්‍යා දැරිය සම්බන්ධයෙන්ම පමණක් ඇති වුණු තත්ත්වයක් නොවන බව බුද්ධියක් ඇති සියල්ලන්ට අවබෝධ විය. එම සිද්ධියට මුවා වෙමින් දෙමළ සන්ධාන මන්ත්‍රීන් පාසල් තුළට ගොස් දේශන පැවැත්වීම පාසල් ශිෂ්‍ය ශිෂ්‍යන් පාරට ගෙනවිත් උදඝෝෂණ පැවැත්විය. එම සිසු සිසුවියන් ඔසවා සිටි බෝඩ් ලැලි වල දෙමළ භාෂාවෙන් කියවුනේ කොටි සංවිධානය සිටියා නම් තමන්ට මෙවැනි අකරතැබ්බයන්ට මුහුණ දෙන්නට සිදු නොවන බවයි. කොටි සංවිධානය සිටියා නම් තමන්ට පාසල් ඇඳුමින් බෝඩ් අල්ලන් ඉන්නට කෙසේ වත් සිදු නොවන බවත් සිදුවන්නේ තුවක්කු උස්සන් කැළෑ තුළට වී සිටීම බව කියාදෙන්නට කිසිවෙක් සිටියේ නැත.

යහපාලන රජය 2015 දී පාලනයට ආ පසු පෙර රජය යටතේ ලංකාවට පැමීණීමට අකමැත්තෙන් සිටි ඩයස්පෝරා සංවිධාන හා ඩයස්පෝරාවේ බෙදුම්වාදී මතවාදයට පක්ෂ අය සෑහෙන ප්‍රමාණයක් උතුරට යන්නට පටන්ගත්හ. පෙර රජය විසින් තහනම් කරන ලද ඩයස්පෝරා සංවිධාන හා පුද්ගලයන් මෙම රජය මඟින් තහනම ඉවත් කර ලංකාවට පැමිණීමට හැකි තත්ත්වයක් ඇති කළේය. මෙම පුද්ගලයන් උතුරේ සිවිල් සංවිධාන ඇති කරමින් මාධ්‍ය ආයතන ඇති කරමින් රිසි සේ උතුරේ සිය දේශපාලන කටයුතු සිදුකරමින් සිටී. රාජපක්ෂ සමයේ රටින් පිටවුණු ගජේන්ද්‍ර පොන්නම්බලම් නැවත ලංකාවට පැමිණ ප්‍රසිද්ධියේ කොටි සංවිධානය වෙනුවෙන් පෙනී සිටියේය. උතුරේ කොටි සංවිධානයේ මතවාදයන් යහමින් පෝෂණය කරද්දී නෑසු කන්ව සිටින රජය සිදුකළේ රජයේ හමුදාවන් හා බුද්ධි අංශ අඩපණ කිරීමයි.


2015 මහ මැතිවරණයේ සෑම පක්ෂයක් මෙන්ම කොටි සංවිධානයත් ප්‍රභාකරන්වත් වීරත්වයට නගමින් කතා පවත්වමින් ඡන්ද හිඟාකන්නට විය. සෑම දේශපාලන වේදිකායවක්ම ලංකා රජය, ලංකා හමුදාව හා සිංහල ජනයාට විරුද්ධ කතා වලින් දෙදරන්නට විය. එන පොට හොඳ නැති බව ඒත් යහපාලන රජය තේරුම් ගත්තේ නැත. යහපාලන රජයේ ඇමතිවරියක්ම වන මහේෂ්වරන් ඇමතිනිය විසින්ම ලංකා ධජය එසවීම ප්‍රතික්ෂේප කළාය, ප්‍රසිද්ධියේ ප්‍රභාකරන් වෙනුවෙන් පෙනී සිටියාය. මාධ්‍ය ඉදිරිපිටදීම ප්‍රකාශ කළේ ප්‍රභාකරන් සිටියානම් ලංකාවේ සිටි හොඳම ජනාධිපති වන බවය. ඇයට අනුවත් යහපාලන ජනාධිපති අගමැති දුර්වල අදක්ෂයෝය.

පාසල් දරු දැරියන් හමුදා කඳවුරු වට කරමින් උදඝෝෂණ රැළි පැවැත්වෙන ආකාරය සත්‍ය වශයෙන්ම අනාගතය ගැන ප්‍රශ්නකාරී තත්ත්වයක් අප හමුවේ තබනු ඇත. පාසල් ළමුන් දේශපාලන රැළි වලට යොදා ගැනීම තහනම් කරන්නට හැකියාවක් මෙම රජයට නැතිද? ප්‍රශ්න ඇති කරන ඩයස්පෝරා කල්ලි හා සංවිධාන රටින් පිටුවහල් කරන්නට තරම් හැකියාවක් මොවුන්ට නැතිද? තමන්ගේ ඉල්ලීම් ඉටු කරන්නට පසු බට වුවොත් මුළු උතුරු පළාතම අකර්මන්‍ය කරමින් හර්තාල් ව්‍යාපාරයක් ඇති කරන බවට දැනටම ලක්ෂණ පෙන්වමින් ඇත. දැනට මෙම උද්ඝෝෂන හා උපවාස වලින් සම්බන්ධන් හා සුමන්තිරන් කපටි ලෙස මෑත්ව කටයුතු කරයි. එම කටයුතු වලට තමාගේ සම්බන්ධයක් නැති බවත් පෙන්වයි. රජය පොරොන්දු වූ පරිදි ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු නොකළහොත් අනිවාර්යෙයන්ම සම්බන්ධන් හා සුමන්තිරන් මෙම උද්ඝෝෂණ හා හර්තාල් රැල්ලට එකතු වනු ඇත. තමාගේ ඉල්ලීම් ඉටු නොකළ නිසා තමා ඒ සඳහා තල්ලු වූ බව සම්බන්ධන් හා සුමන්තිරන් විදේශ තානාපතිවරුන්ට පවසනු ඇත. ලබන මැයි මාසයේදී ඉන්දීය අගමැති මෝදි මහතා ලංකාවේ වෙසක් උත්සවය ඉලක්ක කරගනිමින් ලංකාවට පැමිණෙනු ඇත. ආරංචි වන පරිදි ඉන්දීය අගමැති ගේ ලංකා ගමන ඉලක්ක කරගනිමින් උදඝෝෂණ ව්‍යාපාරයක් තමිල්නාඩුවේ ඇති කිරීමට කටුයුතු කර ඇත. කිසිදා නොතිබුණු ආකාරයේ දැවැන්ත පීඩනයකට ලංකා රජය ලක් කිරීම මෙහි අරමුණ බව පැහැදිලිය. එයට මුහුණ දෙන්නට ලංකා රජයේ නායකත්වය දරමින් සිටින දුර්වල පාලකයින්ට නොහැකි බව අත්දැකීමෙන් දනිමු.

කුඩා දරුවන් උද්ඝෝෂන සඳහා යොදාගන්නා ආකාරය







මෙම ඡායාරූප ලබාගත්තේ ගෝලීය දෙමළ සන්සන්දය මඟින් බ්‍රිතාන්‍ය යේ සිට ක්‍රියාත්මක කරන මාධ්‍ය ආයතනයක් වන ටැමිල් ගාඩියන් මාධ්‍ය යෙනි. කුඩා දරුවන් දේශපාලන කටයුතු සඳහා යොදාගන්නා ආකාරය පැහැදිලිව පෙනේ.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions