2/15/2017

සරත් ෆොන්සේකා තනතුරෙන් පහ කරනු!

කතෘ:යුතුකම     2/15/2017   No comments

අමාත්‍ය සරත් ෆොන්සේකා ත්‍රිමලේ පිළිබද අසත්‍ය ප්‍රකාශ කළා නම් තනතුරෙන් පහකළ යුතුය.- ජාතික ඒකාබද්ධ කමිටුව ජනපතිට ලියයි.



2017 පෙබරවාරි 07

අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා

ජනාධිපති ලේකම් කාර්යාලය
කොළඹ 1

අතිගරු ජනාධිපතිතුමනි,
ත්‍රිකුණාමල වරාය ඉන්දියාවට පැවරිමට යාමක් සම්බන්ධව පලව ඇති මාධ්‍ය වාර්තා පිළිබඳවයි
ත්‍රිකුණාමල වරාය ඉන්දියාවට පවරා දීම සඳහා සාකච්ඡා කෙරමින් පවතින බවක් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා විසින් සම්මුඛ සාකච්ඡාවක පවසන ලද බවට ඉන්දියාවේ ‘‘ද හින්දු‘‘ පුවත්පතේ 2017 ජනවාරි 19 වන දින පලව තිබු වාර්තාව පිළිබදව ඔබතුමන්ගේ කාරුණික අවධානය යොමු කරවනු කැමැත්තෙමු. මේ හා සමාන අදහස් දැක්වීමක් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් කර තිබෙන බවට මැතදී පලවු ප්‍රවෘත්තිය නිසා ඉහත සඳහන් මාධ්‍ය වාර්තාව නොසලකා හැරිය නොහැකි බව අපේ මතයයයි.

මෙම ප්‍රකාශය අපව මහත් විශ්මයටත්, සසල කරවීමටත් සමත් වන්නේ පහත දැක්වෙන කරුණු හේතුවෙනි.

1. ත්‍රිකුණාමල වරාය ඉන්දියාවට පවරා දීමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමාත්‍ය මණ්ඩලය තිරණයක් ගෙන ඇති බවක් හෝ අවම වශයෙන් එවැනි අදහසක් සාකච්ඡාවට ගෙන ඇති බවක් අප නොදනිමු. අමාත්‍ය මණ්ඩල අනුමැතියක් ලබාගෙන නොගත් බවට වන අපගේ වැටහීම නිවරැදි නම්, එවැනි පවරා දීමක් සදහා කවර හෝ සාකච්ඡාවක් කවර පුද්ගලයකු විසින් හෝ බල අධිකාරියක් විසින් සිදු කරනු ලැබීම නීත්‍යානුකූල නැත.

2. එබැවින්, විධිමත් අනුමැතියකින් තොරව මේ පිළිබඳව ඉන්දියාව හෝ වෙනත් රටක් සමග යම්කිසි සාකච්ඡාවක් පවත්වනු ලැබ තිබේ නම්, මෙම අක්‍රමිකතාව සිදුකර ඇති අයට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙසට අප ඔබතුමාගෙන් අවධාරණයෙන් ඉල්ලා සිටිමු. අප එසේ ඉල්ලා සිටින්නේ 2015 ජනවාරි 08 වන දින ජනවරම ගැනීමේදි ඔබතුමන් විසින් මහජනතාව වෙත ඉදිරිපත් කරන ලද ‘යහපාලන ප්‍රතිපත්ති ප්‍රතිඥාව‘ මෙවැනි අක්‍රමිකතා නිසා අමුඅමුවේ උල්ලංඝණය කිරීමක් වන බැවිනි.

3. කෙසේ වුවද, අග්‍රාමාත්‍යතුමා පසුව පුනරුච්ඡාරණය කර ඇති බව සඳහන් වන අමාත්‍ය සරත් ෆොන්සේකා මහතාගේ මෙම ප්‍රකාශය අසත්‍ය නම් ආණ්ඩුවේ විධායක පියවරයන් පිළිබඳ අසත්‍ය ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් ඔවුන් අදාළ තනතුරු වලින් ඉවත් කිරීම හැර යම් විකල්පයක් ඔබතුමා සතුව නොමැති බවද පෙන්වා දිය යුතුව ඇත.

4. ත්‍රිකුණාමලය යනු ඉතා වැදගත් මර්මස්ථානයකි. එය එසේම ත්‍රිකුණාමල වරායද උපායමාර්ගිකව වැදගත් ජාතික සම්පතකි. ඒවා ජාතියේ අනාගත සුභසිද්ධිය සඳහා යෙදවීම විනා ඉන්දියාවේ හෝ වෙන යම් රටක හෝ ප්‍රයෝජනය සඳහා පවරා දීමට ශ්‍රී ලංකාව පියවර නොගත යුතුය. ඒ නිසා ඉන්දියාව සමග මෙවැනි ගනුදෙනුවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය යම් හෙයකින් ලබා දී තිබේ නම්, එය අපගේ අනාගත පරම්පරාව සහ ඔවුන්ගේ අයිතිවාසිකම් මෙන්ම වරප්‍රසාද ද උගස් කිරීමක් ලෙස සැලකිමට අපට සිදු වේ. රටේ මහජනතාව සහ ඔවුන්ගේ අනාගත පරපුර වෙනුවෙන් ජාතික සහ ස්වාභාවික සම්පත් වල භාරකාරීත්වය ඉසිලීම ආණ්ඩුවක වගකීමයි. ජාතියේ වත්කම් හා මර්මස්ථාන අන්සතු කිරීමට එවැනි ආණ්ඩුවකට කිසිදු හැකියාවක් නොමැති විය යුතුය. තවද, ත්‍රිකුණාමලය වැනි උපායමාර්ගික මර්මස්ථානයන් විදේශ බලවේගයන් විසින් කළමණාකරණය කිරීමට සැලැස්වීමෙන් ජාතික ආරක්ෂාවට සහ සුරක්ෂිතාව අවදානමකට ලක් කිරීමට ද වගකිව යුතු රාජ්‍යයකට නොහැකි විය යුතුය. එබැවින් ඉහත සදහන් කෙරුන මාධ්‍ය වාර්තා ලඝු කොට නොසලකන ලෙසද, ජාතිකමය වශයෙන් අවාසිදායක විය හැකි වෙන යම් හෝ යෝජනාවක් සාකච්ඡාවට පවා ගැනීම වැළක්විමට අවශ්‍ය පියවර ගන්නා මෙන් දේශප්‍රෙමි ජාතික බලවේග වල සාමාජිකයන් වශයෙන් අපි ඔබතුමාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

මෙයට හිතවත්,
විශ්වාසි,

අත්සන් කළේ,
විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර කර්නල් අනිල් අමරසේකර
සම සභාපතිවරු
ජාතික ඒකාබද්ධ කමිටුව


යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions