වෙළෙඳාම හා ජාත්‍යන්තර සම්මුතීන් සඳහා ජාතික ප්‍රතිපත්තියක් සැකසීම මහජන කොමිසමේ සමාරම්භක උළෙල
බෙල්ලන්විල නාහිමියෝ එට්‌කා ගිවිසුම හා ඉන්දියානු ව්‍යාප්තවාදය පතුරු ගසති
සී. ඒ. චන්ද්‍රප්‍රේම
(දි අයිලන්ඩ් පුවත්පතට ලියන ලද ලිපියක් ඇසුරෙනි.)
වෘත්තීයවේදීන්ගේ ජාතික පෙරමුණ විසින් පිහිටවනු ලැබූ වෙළෙ\ම හා ජාත්‍යන්තර සම්මුතීන් සඳහා ප්‍රතිපත්ති මාලාවක් සකස් කිරීමේ මහජන කොමිසමේ සමාරම්භක උත්සවය ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පසුගිය බදාදා පැවැත්විණි. මෙවන් ප්‍රතිපත්ති මාලාවක අවශ්‍යතාවය පැනනැගුණේ ඉන්දියාව සමඟ අත්සන් කිරීමට නියමිත එට්‌කා ගිවිසුම ගැන වෘත්තීයවේදීන්ගේ ජාතික පෙරමුණ හා ආණ්‌ඩුව අතර ඇතිවූ සාකච්ඡා වල ප්‍රතිඵලයක් හැටියටය. ආණ්‌ඩුව ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම්වලට ඇතුළුවීමේදී යම්කිසි ප්‍රතිපත්ති රාමුවක් තුළ සිට තීන්දු ගැනීමේ අවශ්‍යතාවය වෘත්තීයවේදීන් දිගින් දිගටම පෙන්වා දී තිබුණු කාරණයකි. පසුගිය බදාදා මේ සඳහා මහජන කොමිසමක් පිහිටුවීමට යෙදුණු අවස්‌ථාවේදී එම රැස්‌වීම් ශාලාව අතුරු සිදුරු නැතිව පිරී ගොස් තිබිණි. වෘත්තීයවේදීන්ගේ ජාතික පෙරමුණ යනු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය, රේගු නිලධාරීන්ගේ සංගමය, ජාතික විශ්වවිද්‍යාල ගුරුවරුන්ගේ සංගමය ඇතුළු වෘත්තීයවේදීන්ගේ සංගම් 12 ක එකතුවකටය. ජාත්‍යන්තර වෙළෙ\ම හා ගිවිසුම් සඳහා ප්‍රත්පත්ති මාලාවක් සකස් කිරීමට මහජන කොමිසමක් පිහිටුවීමේ අරමුණ පැහැදිලි කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පවසා සිටියේ මීට කලකට පෙර පාවිච්චි කළ සංවර්ධනය නමැති වචනය දැන් තිරසාර සංවර්ධනය ලෙස වෙනස් වී ඇති බවයි.
දේශපාලනඥයන් මේ වදන නිතරම පාවිච්චි කරන බවත් විශේෂයෙන්ම ජනාධිපතිවරයා දහම් පාසල් උත්සවයක් අමතන අවස්‌ථාවලදී පවා මේ වචනය පාවිච්චි කරන බවත් වෛද්‍ය පාදෙනිය පෙන්වා දුන්නේය. මේ වදනේ අර්ථය දේශපාලනඥයන් හරියට අවබෝධ කරගෙන සිටියේ නම් එයින් හැඟෙන්නේ ආර්ථික සංවර්ධනයේදී හුදෙක්‌ම ආර්ථික කාරණා පමණක් ඉස්‌මතු නොකොට එමගින් පරිසරයට ඇතිවන බලපෑම්, සෞඛ්‍යට ඇතිවන බලපෑම වැනි කාරණා ද ගණන් ගත යුතු බව ඔහු පෙන්වා දුන්නේය. මේ සඳහා උදාහරණයක් දෙමින් ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් යා කොට පාලමක් තනා ලංකාවට ආර්ථික වාසියක් අත්කර දීම ගැන ඇතැම් අය කතා කළ ද මෙවැන්නකින් ඇතිවිය හැකි ආර්ථික වාසි කුමක් දැයි පෙන්වන පුවත්පත් ලිපියක් වත් තවම දැක නැති බව වෛද්‍ය පාදෙනිය මහතා පවසා සිටියේය. නමුත් වෛද්‍ය විශේෂඥයන් ඔහුට පවසා තිබුණේ දෙරට යා කරන මෙවන් පාලමක් හරහා මැලේරියා, ඒඩ්ස් හා ක්‍ෂය රෝගය වැනි බෝවන රෝග ලංකාවට ඒම වැළැක්‌විය නොහැකි බවයි.
දැනට ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර පවතින නිදහස් වෙළෙඳ ගිවිසුමෙන් ලංකාවට අත්වී තිබෙන්නේ පාඩුවක් මිස වාසියක් නම් නොවන බව වෛද්‍ය පාදෙනිය මහතා පෙන්වා දුන්නේය. මේ වෙළෙඳ ගිවිසුම ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පළ කළ පොත් පිංචක අන්තර්ගතය කෙරෙහි අවධානය යොමු කරමින් ඔහු පෙන්වා දුන්නේ එම ගිවිසුමට අත්සන් තබා අවුරුදු 15 ක් ගතවූ පසුත් ලංකාවෙන් ඉන්දියාවට යවන ප්‍රධානම අපනයනයක් වන්නේ පුනක්‌කු බවයි. ඉන්දියාව සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළඹුණේ පුනක්‌කු අපනයනය සංවර්ධනය කිරීමට දැයි ඔහු අසා සිටියේය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මේ පොත් පිංචට අනුව ලංකාවෙන් ඉන්දියාවට අපනයනය කරන ප්‍රධානම භාණ්‌ඩය පුවක් වුවත් මේ වෙළෙ¹මෙන් ලංකාව තුළ පුවක් වගාව වත් සංවර්ධනය වී නැති බව කියෑවේ. එයට හේතුව ඉන්දියාවට යවන පුවක් ඉන්දුනීසියාවෙන් ලංකාවට ගෙන්වා නැවත අපනයනය කරන නිසාය.
ඉන්දියාව දකුණු ආසියාවේ සෙසු රටවල් යටත්කර ගැනීමට උත්සාහ කරන බවත් සීකිම් දැනටම ඉන්දියාවේ ප්‍රාන්තයක් බවට පත්වී හමාර බවත් නේපාලය අද ඉන්දියාවේ ගොදුරක් බවට පත් වී ඇති බවත් ඒ රට ද ඉන්දියාවේ ප්‍රාන්තයක් බවට පත්විය යුතු යෑයි ඇතැම් අය දැනටම අදහස් පළකරන බවත් වෛද්‍ය පාදෙනිය මහතා පෙන්වා දුන්නේය. ලංකාවේ කුමන ආණ්‌ඩුව පෙරලුණත් දිගටම තම තනතුරු රැක ගන්නා ආර්ථික උපදේශකයන් පිරිසක් ගැන වෛද්‍ය පාදෙනිය මහතා සඳහන් කළේය. මේ පිරිස තමන් ඔක්‌ස්µර්ඩ් හා හාවර්ඩ් විශ්වවිද්‍යාලවලට ගොස් තිබෙන බව කියමින් මේ රටට අවශ්‍ය කුමක් දැයි තමන් දන්නා බව සිතාගෙන සිටී. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර වෙළෙඳ ගිවිසුම සම්පාදනය කිරීමේදී තරග පාවා දීමට සමාන දෙයක් සිදුවන බව වෛද්‍ය පාදෙනිය ප්‍රකාශ කර සිටියේය. ඒ කියන්නේ මේ සාකච්ඡාවලදී අපේ රට නියෝජනය කළ යුතු අයත් සැබවින්ම ඉන්දියාව නියෝජනය කිරීමයි. කවුරු එයට විරුද්ධ වුණත් ලබන ජුනි මස වන විට එට්‌කා ගිවිසුමට අත්සන් තබන බව අගමැතිවරයා කියා තිබෙන බව පෙන්වා දුන් වෛද්‍ය පාදෙනිය එවන් තත්ත්වයක් යටතේ වෘත්තීයවේදී පිරිස් බකන්නිලාගෙන සිටින්නේ නැති බවට ද අනතුරු හඟවා සිටියේය.
මේ සභාව ඇමතූ සියම් නිකායේ ශ්‍රී කල්‍යාණි පාර්ශ්වයේ අනුනායක ආචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමිපාණන් කිසිම දෙයකට ජාතික ප්‍රතිපත්තියක් නොතිබීම තුළින් ලංකාව ලෝක වාර්තාවක් තබා ඇති බව පෙන්වා සිටියේය. පසුගිය කාලයේ "ධර්මිෂ්ඨ සමාජයක්" ගොඩනඟනවා යෑයි කියමින් දේශපාලනඥයන් ජනතාව රවටා බලයට පැමිණියත් එය සම්පූර්ණ බොරුවක් වූ බවත් මෑත කාලයේ යහපාලනය ගැන කතා කරමින් පිරිසක් බලයට පැමිණ සිටියත් මේ යහපාලනය යනු කුමක් දැයි කිසිවකුටත් තේරුම්ගත නොහැකි බවත් මහජනතාව සුරංගනා කතාවලින් මුලාවට පත්කරන බවත් උන්වහන්සේ පවසා සිටියේය. ආණ්‌ඩුව කිසිදු වගවිභාගයකින් තොරව වෙළෙඳ ගිවිසුම්වලට ඇතුළු වීමට උත්සාහ දරන බව උන්වහන්සේ තවදුරටත් කීවේය. ලංකාවට වාසියක් ගෙන දෙන්නේ නම් තමන් වහන්සේ කිසිදු අවස්‌ථාවක ඒවාට විරුද්ධ නොවන බව අනුනායක හිමි පවසා සිටියේය. ලංකාවට වාසිදායක වෙළෙඳ ගිවිසුමකට උදාහරණයක් හැටියට උන්වහන්සේ ගෙන හැර දැක්‌වූයේ චීනය සමඟ පැවති රබර් සහල් ගිවිසුමයි. දශක ගණනාවක් වන තුරුම එමගින් ලංකාවට වාසි අත්වූ බව උන්වහන්සේ පෙන්වා දුන්නේය.
එට්‌කා ගිවිසුම අත්සන් කළ පසු ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර භාණ්‌ඩ පමණක් නොව සේවාවන්වලට ද නිදහසේ එහා මෙහා යැමට හැකි වන බව බලධාරීන් කීවද මෙවැන්නකින් වාසිය අත්වන්නේ කාටදැයි කුඩා ළමයකුට වුවද තේරුම් ගත හැකි බව අනුනායක හිමි පෙන්වා දුන්නේය. සේවා අංශයත් විවෘත කළ පසු ඉන්දීය වෘත්තිකයන්ට ලංකාවට ඒමට හැකි වුවත් ලංකාවේ වෘත්තිකයන්ට ඉන්දියාවට ගොස් රැකියා කිරීමට හැකිවේ දැයි උන්වහන්සේ ප්‍රශ්න කර සිටියේය. ආචාර්ය උපාධි ඇති අය ඉන්දියාවේ ත්‍රිරෝද රථ පදවන බව උන්වහන්සේ පෙන්වා දුන්නේය. මීට කලකට පෙර එක්‌තරා තරුණ දේශපාලන කණ්‌ඩායමක් ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳ න්‍යායක් ප්‍රචාරය කරගෙන ගිය බවත් මේ යෝජිත එට්‌කා ගිවිසුම ඉන්දීය ව්‍යාප්තවාදයේ කොටසක් බවත් මේ ගැන නිහඬව නොසිට කතා කිරීමට පටන්ගත යුතු බවත් උන්වහන්සේ පවසා සිටියේය. කවුරුන් විරුද්ධ වුවත් ඉන්දියාව සමග වෙළෙඳ ගිවිසුමකට අත්සන් තබනවා යෑයි කීමට රටේ නායකයන්ට කිසිදු අයිතියක් නැති බවත් උන්වහන්සේ පෙන්වා දුන්නේය.
වෘත්තීයවේදීන් මේ අවස්‌ථාවේදී අතගසා තිබෙන්නේ ඉතාමත්ම වැදගත් කාරණයකට බවත් උන්වහන්සේට මේ අවස්‌ථාවේදී 1950 ගණන් වල මහාචාර්ය ගුණපාල මලලසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන ලද බෞද්ධ කටයුතු කොමිසම සිහිගැන්වෙන බවද බෙල්ලන්විල අනුනාහිමි ප්‍රකාශ කර සිටියේය. 1956 මහ මැතිවරණයේදී මේ බෞද්ධ කටයුතු කොමිෂන් වාර්තාව විශාල බලපෑමක් වූ බවත් එස්. ඩබ්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා එම කොමිෂන් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට බාරගත් බවද උන්වහන්සේ පෙන්වා දුන්නේය.
සභාව ඇමතූ ව්‍යාපාරිකයකු වන සමන්ත කුමාරසිංහ මහතා පෙන්වා දුන්නේ 1980 ගණන් වලදී ලංකාවට ආනයනය කරන තිරිඟු වලින් පිටි නිපදවා බෙදාහැරීමට සිංගප්පූරු සමාගමක් සමග ගිවිසුමකට එළඹුණු බවත් අවුරුදු 30 කට පසු මේ කර්මාන්ත ශාලාව ලංකාවට හිමිවිය යුතුව තිබූ බවත් මේ මහා පරිමාණ ව්‍යාපාරය අදාළ චීන සමාගමට ඩොලර් මිලියන 60 ක් වැනි සුළු මුදලකට විකුණා දැමූ බවත් ඔහු පෙන්වා දුන්නේය. ඒ අවස්‌ථාවේ සිට අද දක්‌වා ඒ ව්‍යාපාරයේ පිරිවැටුම ඩොලර් මිලියන 8000 ඉක්‌මවන බවත් මේ වගේ මහා පරිමාණ දූෂණ සිදුවූයේ ජාත්‍යන්තර වෙළෙ¹ම හා ආයෝජනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් නොමැති නිසා බවත් ඔහු පෙන්වා දුන්නේය. ප්‍රතිපත්ති රාමුවක් නැති තැනකදී රාජ්‍ය නායකයන්ට ජාතික සම්පත් ගැන අත්තනෝමතික තීන්දු ගත හැකි බවද වාහන අවභාවිතාව ගැන ඇතැම් අය අද උසාවි ගානේ ගෙනගියද විදේශිකයන්ට ජාතික සම්පත් විකිණීමේදී ඇතිවූ මහා දූෂණ ගැන කතා කිරීමටවත් කෙනෙක් නැති බව ඔහු පෙන්වා දුන්නේය. ඒ ආකාරයටම ඉන්ධන බෙදාහැරීමේ ව්‍යාපාරයෙන් කොටසක් ද ඩොලර් මිලියන 75 ක මුදලට ඉන්දීය සමාගමකට විකුණා දැමූ බවත් ඔවුන් කරන්නේ ලංකාවේ පරිපහදුවක් වත් පිහිටුවන්නේ නැතුව පිටරටින් ඉන්ධන ගෙන්වා බෙදාහැරීම පමණක් බවද කුමාරසිංහ මහතා පවසා සිටියේය. දැන් මහ බැංකු අධිපතිතුමා ද ලංකාව ණය උගුලකට අසුවී සිටින බවත් මෙයින් ගැලවීමට රජයේ දේපල විකිණීමට සිදුවන බවට අදහසක් ප්‍රකාශ කරන බව කුමාරසිංහ මහතා පෙන්වා දුන්නේය. නමුත් ජපානයේ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්‍ෂව ණයබරතාවය 250% දක්‌වා වැඩි වී තිබුණත් ඒ රටේ ජාතික සම්පත් පිරටට විකිණීමක් ගැන කිසිවකු කතා කරන්නේ නැති බවද කුමාරසිංහ මහතා පෙන්වා දුන්නේය. හම්බන්තොට වරාය විදේශිකයන්ට විකිණිය යුතු නැති බවද ඔහුගේ මතය විය.
වෙළෙ¹ම හා ජාත්‍යන්තර සම්මුතීන් පිළිබඳව ප්‍රතිපත්ති රාමුවක් සැකසීමට පත්කොට තිබෙන කොමිසමේ සම සභාපති මහාචාර්ය ඩබ්. ඩී. ලක්‍ෂ්මන් මහතා පවසා සිටියේ ලංකාවේ පාලකයන් නව ලිබරල්වාදී නිදහස් වෙළෙඳ ප්‍රතිපත්තියක් ගැන විශ්වාසයක් තබා සිටිය ද මේ අවස්‌ථාවේදී මුලු ලෝකය පුරාම එය වෙනස් වෙමින් පවතින බවය. යුරෝපා සංගමයෙන් ඉවත් වීමට බ්‍රිතාන්‍ය තීන්දු කිරීම ඇමරිකාවේ ට්‍රම්ප් පාලනය විසින් නැµaටා ගිවිසුම සහ ශාන්තිකර කලාපීය සහයෝගීතා ගිවිසුම නැවත සලකා බැලීම වැනි කාරනා තුළින් මුලු ලෝකයම උඩු යටිකුරු වෙමින් පවතින බවද ඔහු පෙන්වා දුන්නේය.
තවදුරටත් කතාකරමින් මහාචාර්ය ලක්‍ෂ්මන් මහතා අනතුරු හඟවා සිටියේ අපේ ප්‍රධානම විදේශ විනිමය ප්‍රවාහය විදේශීය ශ්‍රමිකයන්ගේ වැටුප් බවයි. ඉන්දියාවෙන් ලංකාවට සේවකයන් පැමිණ ඔවුන්ගේ වැටුප් ඉන්දියාවට යවනු ලැබුව හොත් ලංකාවේ ප්‍රධානම විදේශ විනිමය ප්‍රවාහය අවදානමට ලක්‌වන බව ඔහු පෙන්වා දුන්නේය. වෙළෙ¹ම හා ජාත්‍යන්තර සම්මුතීන් පිළිබඳ ප්‍රතිපත්ති රාමුව සැකසීමට පත්කොට තිබෙන මහජන කොමිසමේ සාමාජිකයන් පහත දැක්‌වෙන පරිදි වේ. මහාචාර්ය ඩබ්. ඩී. ලක්‍ෂ්මන් හා ජනාධිපති නීතිඥ පාලිත ප්‍රනාන්දු (සම සභාපතිවරුන්) පී. ඩී. ප්‍රනාන්දු, ආර්. පී. එල්. වීරසිංහ, ආචාර්ය බන්දුල වීරසේකර, වෛද්‍ය අනුලා විඡේසුන්දර හා ලක්‍ෂ්මන් පෙරේරා යන මහත්ම මහත්මීන් වේ.
(Divaina)
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

Ithin hathdeyyane oyagollonge mahindawa apahu gennagannko !!!(api epa kiyala thiyenwai ?matath me yahapalanaya epa wela dan !!(sound economic policies are good !(but no use if it cannot be implemented !!(by the way etca is not for our goods but for chinease products that come mainly from hbta f/t/zone !!!)
ReplyDeleteetca haraha wurthikayan lankawata awoth dostharalage ekadhikaraya bindawatenwa. owun private chanelling walata ayakarana gasthu adu karanta wenawa. me aya ratata adareta newei. thamangana hithala thamai oya sanwidhanaya hadanta yanne. hamuduruwo dannenaha oyalage yati aramunu
ReplyDelete