-මානව හිමිකම් හා සංවර්ධනය පිළිබඳ නීතිවේදී සංවිධානයේ විධායක අධ්‍යක්‌ෂ නීතිඥ කල්‍යානන්ද තිරාණගම
-සාකච්ඡා කළේ පාලිත සේනානායක
වැඩිම යුද අපරාධ චෝදනා පොලිසියටයි
පොලිස් නිලධාරිනියන්ටත් ලිංගික අපචාර චෝදනා
ජිනීවා මානව හිමිකම් කවුන්සලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාවේ ඇති ඇතැම් යෝජනා මේ වන විට ක්‍රියාත්මක කිරීම ආරම්භ වී තිබෙනවා. යුද්ධය හා සම්බන්ධ නැති බොහෝ දේ මේ යෝජනා මාලාව හරහා ක්‍රියාත්මක වෙමින් පවතින බව මානව හිමිකම් හා සංවර්ධනය පිළිබඳ නීතිවේදී සංවිධානයේ විධායක අධ්‍යක්‌ෂ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි. ඒ මහතා සමග පැවැත්වූ සාකච්ඡාවකි මේ.
ජිනීවා යෝජනා ක්‍රියාත්මක වීම දැන් ආරම්භ වී තිබෙනවා. අතුරුදන්වූවන් පිළිබඳ පිහිටුවූ කාර්යාලය මෙන්ම ත්‍රස්‌තවාදී මර්දන පනත අහෝසි කිරීම ක්‍රියාත්මක වූ එවැනි යෝජනා දෙකක්. මේවා ක්‍රියාත්මක වීම රටේ ජාතික ආරක්‌ෂාවට තර්ජනයක් බව ඇතැමුන් දරන මතයක්?
අපේ රටේ සාමාන්‍ය මහ ජනතාව හිතාගෙන ඉන්නේ මේ යෝජනා ක්‍රියාත්මක වීම බලපාන්නේ යුද්ධයේ අවසන් සමයේ ක්‍රියාන්විතයේ සිටි යුද හමුදා සාමාජිකයන්ට හා හමුදා ප්‍රධානීන්ට බවයි. එය සම්පූර්ණයෙන්ම වැරදි අදහසක්. යුද්ධය හා සම්බන්ධ නැති බොහෝ දේ මේ යෝජනා මාලාව තුළ තිබෙනවා. ඒවා දැන් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා.
යුද්ධය හා සම්බන්ධ නැති, රටේ ආරක්‌ෂාවට බලපාන මේ යෝජනා මාලාවේ ඇති කරුණු මොනවාද?
මේ යෝජනා මාලාව ඇමරිකාව ඇතුළු බටහිර රටවල අවශ්‍යතාව මත සැකසුනු එකක්. එහි අරමුණ පවතින ආණ්‌ඩුවට බලපෑම් කිරීම. මේ යෝජනා මාලාව ක්‍රියාත්මක නොකළොත් දඬුවම් විඳීමට සිදුවන බව ඔවුන්ගේ ප්‍රකාශවලින් පැහැදිලියි. බටහිර රටවල තිබෙන දේශපාලන උවමනාවන් අපේ රට තුළ ඉටුකර ගැනීමට මේ යෝජනා මාලාව ඔවුන් පාවිච්චි කරනවා. මේ හැම රටකම සිටින දෙමළ ඩයස්‌පෝරාවත් ඊට හවුල් වී සිටිනවා. මේ හැම රටකම පාහේ ශ්‍රී ලංකාවෙන් ගිය ද්‍රවිඩ ජාතිකයන් විශාල පිරිසක් ඉන්නවා. ඔවුන් වැඩිදෙනා යමක් කමක් කළ හැකි උගත් පිරිසක්. විවිධාකාරයෙන් ඔවුන්ට මුදල් ලැබෙනවා. මේ හැකියාවන් තුළින් ඔවුන් මේ බටහිර රටවලට ශ්‍රී ලංකාව ගැන විවිධ බලපෑම් කරනවා. එය සංවිධානාත්මකව කරන වැඩක්. මේ බලපෑමට අද යම් ආකාරයකට අපේ රටේ පාලන තන්ත්‍රය උඩුයටිකුරු කිරීමේ හැකියාවක් ලැබී තිබෙනවා.
අපේ රටේ පාලන තන්ත්‍රයට ඔවුන් මේවන විට සිදුකර ඇති බලපෑම් මොනවද?
උතුරේ හමුදා කඳවුරු ඉවත් කළ යුතු බවට කරන බලපෑම, මහ බැංකුව පිපිරවීම සහ නොයෙක් පළාත්වල බෝම්බ සවිකර බස් රථ පුපුරවා හැරීම වැනි මහා මිනිස් ඝාතන සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ත්‍රස්‌තවාදීන් නිදහස් කළ යුතු බවට කරන බලපෑම වැනි දේ පමණක් නොවෙයි, අධිකරණය මගින් ත්‍රස්‌තවාදීන්ට ලබාදුන් දඬුවම් සම්බන්ධයෙනුත් යළි සලකා බලන ලෙස කරන ඉල්ලීම් පවා තිබෙනවා. ජනාධිපතිතුමාට බෝම්බ ගැසූ තැනැත්තා අධිකරණයෙන් දඬුවම් ලැබූ අයෙක්. ඔහු නිදහස් කළා.
රජයේ වාර්තාවලට අනුව පමණක් නොව ඔවුන්ගේ වාර්තාවලට අනුවත් දැන් අත්අඩංගුවේ පසුවන්නේ 250 ක් තරම් සැකකරුවන් පිරිසක්. ඔවුන් බරපතළ අපරාධ සඳහා සෘජුවම සම්බන්ධ අය. මේ අයත් නිදහස් කරන්න කියලයි ඉල්ලන්නෙ. මේ අය නිදහස් කිරීම පමණක් නෙමෙයි ත්‍රස්‌තවාදී ක්‍රියා සිදුකළ බවට ඔප්පු වී අධිකරණයේදී වරදකරුවන් වූ අයටත් ලබා දී ඇති දඬුවම් ගැන යළි සලකා බලන ලෙසත් ඉල්ලීම් කරනවා. මේවා රටේ පාලන තන්ත්‍රයට කරන බරපතළ බලපෑම්.
ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ යෝජනා තුළින් රටේ ජාතික ආරක්‌ෂාවට බරපතළ තර්ජනයක් එල්ලවන බව ඇතමුන් ප්‍රකාශ කරනවා. එවැනි යෝජනා මොනවද? ඒවා ජාතික ආරක්‌ෂාවට තර්ජනයක් වන්නේ කොහොමද?
ලෝකයේ වෙනත් රටවල් ත්‍රස්‌තවාදය මර්දනය කිරීම සඳහා පනවා ඇති අණපනත් දෙස බලන විට අපේ රටේ ත්‍රස්‌තවාදී මර්දන පනත බොහොම ලිහිල් එකක්. මේ යෝජනා මාලාව තුළ එයත් අහෝසි කරන්නැයි කර ඇති යෝජනාව දැන් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. මේ පනත අහෝසි කළ විට රටේ ජාතික ආරක්‌ෂාව දුර්වල වෙනවා. දැන් නැවතත් රටේ ප්‍රදේශ ගණනාවකින් බෝම්බ සෑදීමට ගන්නා ටී.එන්.ටී. සහ සී 4 වැනි අධිබලැති පුපුරන ද්‍රව්‍ය හසුවී තිබෙනවා. මේ පනත ඉවත් කළවිට මේවා සම්බන්ධව සිදුකරන පරීක්‌ෂණ අඩාල වෙනවා. ත්‍රස්‌තවාදයට අනුබල දෙන්නන් අත්අඩංගුවේ රඳවා පරීක්‌ෂණ සිදුකිරීමට නොහැකි වෙනවා. මේ පනත ඉවත් කිරීම නිසා සාමාන්‍ය අපරාධ නීතිය යටතේ සැකකරුවකුට ලැබෙන වරප්‍රසාද ත්‍රස්‌තවාදී සැකකරුවන්ටත් ලැබෙනවා. එය ජාතික ආරක්‌ෂාවට තර්ජනයක්.
මහජන ආරක්‌ෂක පනතත් ඉවත් කළ යුතු බව මේ යෝජනාවලියේ ඇති තවත් යෝජනාවක්. රට හදිසි අවස්‌ථාවකට මුහුණ දුන් විටක හමුදාව කැඳවීමේ හැකියාව තිබෙන්නේ මහජන ආරක්‌ෂක පනතට අනුවයි. 1947 මහා වැඩවර්ජනයක් දියත් වූ අවස්‌ථාවේ මෙම පනත සම්මත කර ගැනීමෙන් පසුවයි අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යැමට හැකිවුණේ. මේ පනත නීතියක් ලෙස පැනවූයේ ඉන් පසුවයි. දැන් මහජන ආරක්‌ෂක පනත තිබෙන්නේ 1978 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ කොටසක් වශයෙනුයි. යම් හෙයකින් නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක් සම්පාදනය කරන විට එය මෙම ඉල්ලීම මත හෝ එය ඉවත් කළ හොත් හදිසි අවස්‌ථාවකදී හමුදාව කැඳවාගත නොහැකිව රට අරාජික තත්ත්වයකට පත්වෙන්න පුළුවන්.
එසේම අද රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කැප වූ හමුදා සාමාජිකයන් සිරගතවීමේ අවදානමකට මුහුණ පා සිටිනවා. මෙය රට වෙනුවෙන් හමුදාවේ කැපවීම අධෛර්යය කිරීමක්. ජීවිත පරිත්‍යාගයෙන් අපේ රට රැකගත් හමුදා සාමාජිකයන්ට අද බටහිර රටවල ආරක්‌ෂාව වෙනුවෙන් කැපවීමට සිදුවෙලා. මුහුqදු මාර්ග ආරක්‌ෂා කිරීමට අපේ නාවික හමුදාව යෙදවීමේ සූදානමක් තිබෙනවා. ඇමරිකාව ඇතුළු බටහිර රටවලට ඉන්දියානු සාගරය සුරක්‌ෂිත කලාපයක් බවට පත්කිරීම එහි අරමුණයි. ඇමරිකානු විදේශ ආරක්‌ෂක බලඇණිවලට සහය වීමට අපේ ගුවන් හමුදාව යොදවාගැනීමටත් සැලසුමක් තිබෙනවා. පසුගියදා ප්‍රහාරක ගුවන් යානා මිලදී ගැනීමත් මේ හා සම්බන්ධයි. එක්‌සත් ජාතීන්ගේ හමුදා වෙනත් රටවල සිදුකරන කලබගෑනිවලදී ඇතිවන ගැටුම් පාලනය කිරීමට අපේ හමුදා යොදවා ගැනීමටත් සැලසුමක් තිබෙනවා. ඒ අනුව අපේ රට ආරක්‌ෂා කරනවාට වඩා අද අපේ හමුදාවන්ට වෙනත් රාජකාරී පැවරෙමින් තිබෙන බව පෙනෙනවා.
බලහත්කාරයෙන් අතුරුදන් වූවන් පිළිබඳ පනතට අත්සන් තැබීම මේ යෝජනාමාලාවේ තවත් යෝජනාවක්. එයින් කියෑවෙන්නේ ආරක්‌ෂක හමුදා සාමාජිකයකු යම් පුද්ගලයකු අත්අඩංගුවට ගත් පසු ඔහු අතුරුදන් වූ බවට එම පුද්ගලයාගේ ඥාතියකු හෝ වෙනත් පුද්ගලයකු පැමිණිල්ලක් කළ හොත් එය ඇත්තක් වුවත් නැතත් එම හමුදා සාමාජිකයා අත්අඩංගුවට ගැනීමේ බලය එම පනතට අත්සන් කර ඇති සියලූම රටවලට හැකියාවක් ලැබෙන බවයි. අපේ රට 2015 දෙසැම්බර් මස එම පනතට අත්සන් කළා. මෙම වසරේ මැයි 16 දා එය සහතික කළා. ඊට සතියකට පසු අපේ රටේ අතුරුදන් වූවන් පිළිබද සොයාබැලීමේ කාර්යාලයක් පිහිටුවීම සඳහා පනතක් ඉදිරිපත් වුණා.
මෙයත් සමගම සිංහරාසා නඩු තීන්දුව ඉවත් කළ යුතු බවට දැන් යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. සිංහරාසා නඩු තීන්දුවෙන් ප්‍රකාශ වූයේ ලංකාවේ නීතියක් පනවන්නේ නැතිව ජාත්‍යන්තර ආඥා පනත් අත්සන් කිරීම වලංගු නොවන බවයි. අපේ රටේ උසාවිය උපරිමාධිකරණය මිස මානව හිමිකම් කොමිසම නෙමෙයි. මේ ජිනීවා යෝජනාවලියෙන් කියන්නේ සිංහරාසා නඩු තීන්දුව ඉවත් කරන්න කියලයි. පසුගියදා අගමැතිතුමා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් එම නඩුතීන්දුව අවලංගු කරන ලෙස ප්‍රකාශයක් කරන්නැයි කථානායකවරයාට දැන්වුවා. ඒක කළොත් ඕනම ත්‍රස්‌තවාදියකුට මේ රටේ අධිකරණයකින් දෙන දඬුවමක් ජිනීවා ගොස් වෙනස් කරගන්න පුළුවන් වෙනවා. අපේ අධිකරණ බලය එතැනට යනවා. මේ යෝජනාවලියේ ඇති මෙවැනි කරුණු පිළිබඳ අපේ රටේ සාමාන්‍ය ජනතාව දන්නේ නෑ.
අපේ රටේ ආරක්‌ෂක හමුදා විශාල වශයෙන් යුද අපරාධ සිදුකර ඇති බවට මෙම වාර්තාවේ සඳහන් වෙනවා. එම චෝදනා සාක්‌ෂි මත පදනම් වූ චෝදනාද?
අපේ රටේ ආරක්‌ෂක හමුදා සිදුකළා යෑයි කියන මනුෂ්‍ය ඝාතන හා යුද අපරාධ පිළිබඳව මෙම වාර්තාවෙන් චෝදනා කර ඇතත් ඒ සඳහා පිළිගත හැකි කිසිදු සාක්‌ෂියක් නෑ. යම්කිසි අපරාධයක් සිදුකළ ආරක්‌ෂක අංශ සාමාජිකයා හෝ එම කණ්‌ඩායමට පමණක් නොව ඔවුන්ගේ ප්‍රධානියා පවා ඊට වගකිවයුතු බවත් එවැනි දේ යළි සිදුනොවන ලෙස බරපතළ දඬුවම් ඔවුන්ට ලබාදිය යුතු බව මෙම වාර්තාවෙන් යෝජනා කොට තිබෙනවා. මේ අනුව ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ටත් වඩා මෙයින් චෝදනා එල්ල වී ඇත්තේ පොලිසියටයි. හමුදාවේ සහ පොලිසියේ නිලධාරීන් මෙන්ම නිලධාරිනියනුත් සැකකරුවන්ට සහ සැකකාරියන්ට ලිංගික අඩන්තේට්‌ටම් කළ බවට චෝදනා නගා තිබෙනවා. පොලිස් නිලධාරිනියක් ආරක්‌ෂක පියවරක් ලෙස කාන්තාවකගේ සිරුර පරීක්‌ෂා කිරීමත් ලිංගික අතවරයක් ලෙස මෙම වාර්තාව හඳුන්වා තිබෙනවා.
මෙම අතවර සහ වධහිsංසා සිදුවූවායෑයි මේ වාර්තාවේ සඳහන් කඳවුරු සහ රැඳවුම් ස්‌ථානවලට රතුකුරුස සාමාජිකයින් හා වෙනත් සංවිධානවල නිලධාරින් ගොස් තිබුණා. නමුත් අත්අඩංගුවට ගෙන සිටි කිසිවෙක් මෙබඳු වධහිංසා හෝ අතවර පිළිබඳ ඔවුන්ට පැමිණිලි කර නෑ. දෙමළ ජාතික සන්ධානයේ කිසිදු මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේදී හෝ සැකකරුවන්ට සිදුවන මෙබඳු හිරිහැර ගැන පවසා නෑ. එමනිසා ජිනීවාවලට ගොස් දැන් කවුරුන් හෝ නගන මේ චෝදනාවල සත්‍යයක් ඇතැයි සිතන්නට බෑ. ආරක්‌ෂක අංශවලට මෙබඳු චෝදනා නගමින් ඒවාට එරෙහිව පියවර ගන්නැයි මේ යෝජනා කරන්නේ ආරක්‌ෂක අංශ සාමාජිකයන් දුර්වල කොට රට අවුල් කරන්නයි.
[Divaina]
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .