මහාචාර්ය නලීන්ද සිල්වා
වත්මන් පාලන තන්ත්‍රය ජාතික ගැටලුව විසඳීම සඳහා ගෙන ඇති ක්‍රියා මාර්ග ජනතා පරමාධිපත්‍ය සුරක්ෂිත කිරීමෙහි ලා දක්වන දායකත්වය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව පිළිබඳව මහාචාර්ය නලීන්ද සිල්වා සමග කළ සංවාදයකි.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව පිළිබඳව වරින්වර කතාබහ ඇතිවුණා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මේ මොහොතේ අපට අවශ්‍යද?
මගේ අදහස නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මේ මොහොතේ රටට අවශ්‍ය නැති බවයි. පවතින ව්‍යවස්ථාවට අනුව ක්‍රියා කිරීමේ හැකියාව තවමත් තියෙනවා. රටේ ජනතාවට අවශ්‍ය නැහැ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයකට යන්න හෝ සංශෝධනය කරන්න. එහෙත් විධායකය පිළිබඳ ගැටළු තිබෙනවා. ඒකාධිපතිත්වයක් ඇතිවීම වැලැක්වීම සඳහා එය වෙනස් කළ යුතු බවට යෝජනා තිබෙනවා.
විධායකය නොතිබුනානම් ප්‍රභාකරන් පරාජය කරන්න පුළුවන්කම ලැබෙනවාද?
කෙටියෙන්ම කිව්වොත් රනිල් වික්‍රමසිංහට අගමැතිකම ලැබුනෙත් ඔය විධායකය තිබුණ නිසානේ. විධායකය වෙනස් කළා කියලවත් ව්‍යවස්ථාදායකය හැදුවා කියලවත් මිනිස්සු හිතන විදිහ වෙනස් වෙන්නෙ නැතිනම් වැඩක් නැහැනේ. ව්‍යවස්ථාවක් හැදුවත් වැඩ කරන්නේ පාලකයන්ට ඕනෑ විදිහට නම් එතනදී ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා වෙනවද? මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අමුතුවෙන් හදන්න ඕනැ නැහැ. තවමත් ගැමුණු රජුගේ ව්‍යවස්ථාව මේ රටේ තිබෙනවා. ඔබ කියන ගැමුණු රජුගේ ව්‍යවස්ථාව අදට ගැලපෙන්නේ නැහැනේ. එය ගලපන්න කොහොමත් සංශෝධන කළයුතු වෙනවා.
කාලානුරූපීව එය වෙනස් කරන්න අවශ්‍යයි. නමුත් බටහිරට ගැතිකම් කරමින් බටහිර සංකල්පවලට දණ නමස්කාර කරමින් නොවෙයි. අපට තියෙනවා දසරාජ ධර්ම. මම කියන්නේ ඒකට දණගහලා වැඳපල්ලා. ප්‍රජාතන්ත්‍රවාදය, ලිබරල් මාක්ස්වාදය,ෆෙඩරල් ඕවා අපට අයිති නැහැ. සෙනට් සභාවක් අපට ඕනෙ නැහැ. අපිට අපේ දේවල් තියෙනවා ගොඩනැගෙන්න. සුද්දන්ගේ ක්‍රමයට යාම නිසා තමයි අද ප්‍රජාතන්ත්‍රවාදය නෑ කිය කිය උඩ පනින්නේ. සුද්දන්ට තියෙනවද ඔය ප්‍රජාතන්ත්‍රවාදය. සුද්දෝ අතින් එක සතියකට කළු ජාතිකයෙක් මැරෙනවා. කවුද ඒ ගැන අහන්නේ. කතා කරන්නෙ. බරක් ඔබාමලා ඒ ගැන කතා කරන්න ඉඩ දෙනවද? උන්ගෙන් අහලයි අද ව්‍යවස්ථාව හදන්න යන්නෙ. සුද්දන්ට ගැතිකම් කරන මේ පාලකයෝ තරම් ජාතිවාදියෝ වෙන කොහෙද ඉන්නෙ.
ඔබ අදහස් කරන විදියට ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය හරහා ජනතා අභිලාෂයන් ඉටුවීම හා ජාතික ගැටලුවලට විසඳුම් ලැබෙන්නේ නැද්ද?
මොන විසඳුම්ද තව ප්‍රශ්න ඇතිවෙනවා මිසක්. මේ රට බෙදන්න ජනතා කුමන්තුණයක් තමයි ඔය කියන ව්‍යවස්ථාව. ව්‍යවස්ථාවෙන් කරන්න හදන්නෙ එංගලන්තයේ හා අමෙරිකාවෙ අරමුණු ඉෂ්ට කිරීම. විග්නේශ්වරන් බටහිර රටවල අරමුණු ඉටුකරන්න උත්සාහ කරනවා. සම්බන්ධන් ඉන්දියාවේ අරමුණු ඉටුකරන්න උත්සාහ කරනවා. අපේ රටේ ජනාධිපති අපේෂකයා තේරුවෙත් ඉන්දියාව හා බටහිර රටවල්. ව්‍යවස්ථාව හදන්න මූලික අරමුණ වුණේ රාජපක්ෂ රෙජිමය ගෙදර යවන්න. ඔය රෙජිමය කියන එකත් රනිල්ට ඉගැන්නුවේ අමෙරිකාව. මහින්ද රාජපක්ෂ ගෙදර යවන්න මූලික හේතුව ත්‍රස්තවාදය පරාද කිරීම. ඒකෙන්ම පැහැදිලියි ව්‍යවස්ථාව හදන්නෙ රටේ මිනිසුන්ගෙ ප්‍රශ්න විසඳන්න හරි ජාතික ගැටලුවලට විසඳුම් දෙන්න නෙමෙයි රට දෙකඩ කරන සහසන්ධිය රාජ්‍ය ක්‍රමයකට ගමන් කිරීමටයි කියන එක. මෛත්‍රී වගේ වැනෙන ජනාධිපතිවරයෙක් හා රනිල් වගේ බටහිරට දණගහන අගමැති කෙනෙක් පත්කර ගැනීමේ මූලික අරමුණ වුණේත් ඒ ක්‍රියාවලිය පහසුවෙන් කරගන්න. සෙලවෙන පාර්ලිමේන්තුවකින් ජනතාව බලාපොරොත්තුවන කිසිම දෙයක් ලැබෙන්නෙ නැහැ. දැන් දෙන්න හදන්නෙ ජනතාව ඉල්ලන දේ නෙමෙයි. නොඉල්ලන දේයි.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනමත විචාරණයකින් පසු සම්මත කර ගැනීමටයි රජය සූදානම් වන්නේ. එය නිවැරදි ක්‍රමවේදයද?
ජනමත විචාරණයක් තියන්න ඕනේ යම් නිශ්චිත ප්‍රශ්නයක් වෙනුවෙන්. ව්‍යවස්ථාවක කරුණු ගණනාවක් යටතේ අනු කොටස් ගණනාවක් තිබෙනවා. එතකොට කොහොමද ජනමත විචාරණයකට යන්නේ. මෙය යන්න ඕනේ අධිකරණයට. මුලින්ම රටේ මිනිස්සු දැනගන්න අවශ්‍යයි මේ ව්‍යවස්ථාවේ මොනවද ඇතුළත් වෙලා තියෙන්නේ කියලා.
දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න ව්‍යවස්ථාවෙන් ඉඩක් ලැබෙනවානම් ඇයි එයට අකමැති වෙන්නේ?
දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න නෙමේනේ ව්‍යවස්ථාව හදන්නේ. අනෙක මොනවද ඔය කියන තරම් තියෙන ප්‍රශ්න. ප්‍රශ්නේ තියෙන්නේ ජාතිවාදී, බෙදුම්වාදී විග්නේෂ්වරන්ලා වගේ කුහක, බොරුකාර තක්කඩින්ට. ජාතිය ගොඩනගන්න අලුතින් ව්‍යවස්ථා ඕනේ නැහැ.දෙමළ සිංහල ප්‍රශ්නයක් මෙතැන නැහැ. සිංහල ජනතාව කොහොමත් මේ රටේ ප්‍රමුඛ ජාතිය. මේ රටේ සංස්කෘතිය ගොඩනැඟු ජාතිය. සුද්දෝ හදන්නේ සිංහල ජාතිය යටපත් කරලා සුළු ජාතිය ඉහළට ඔසවන්න. සමහර සිංහල මෝඩ තකතීරුවොත් ඒවාට උඩගෙඩි දෙනවා. මොන ආගමකින්, ජාතියකින් මේ රටේ ජනාධිපති පත් වුණත් ප්‍රශ්නයක් නැහැ. ඔහු මේ රටේ බෞද්ධාගමට මුල්තැන දෙන්න ඕනේ. බෞද්ධාගම සුරක්ෂිත කරන්න ඕනේ බෞද්ධයන්ට මේ රටේ විශේෂත්වයක් තියෙන්න ඕනේ. ඒ වගේම දසරාජ ධර්මය පිළිපදින්න ඕනේ.
ඔබ පවසන ඇතැම් කරුණු ඔස්සේ ඔබ උග්‍ර ජාතිවාදියෙක් ලෙස හැඟී යනවා.
මම කලිනුත් කිව්වනේ සුද්දන්ට ගැතිකම් කරන වුන් තමයි ජාතිවාදියෝ. මම නියම සිංහල බෞද්ධයෙක්. මම කොහොමත් කියනවා මේ රටේ මහ ජාතිය සිංහල මිනිස්සු. අප රට ගොඩනැඟුනේ සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ මම ජාතිවාදියෙක් අන්තවාදියෙක් කියනවානම් එය ඔප්පුකර පෙන්වන්න කියලා ඔය චෝදනා කරන අයට මම කියනවා.
සුළු ජාතිය මහජාතිය කියලා වර්ග කිරීම නිසා ගැටලු ඇතිවෙනවා. දෙමළ මිනිස්සුන්ට දෙමළ වීම නිසා ගැටලු ඇතිවෙන්නෙත් ඔය වර්ගීකරණය නිසාම නොවේද?
සිංහල මිනිස්සුන්ගෙන් කවදාවත් දෙමළ මිනිස්සුන්ට ප්‍රශ්න ඇතිවෙන්නෙ නැහැ. සිංහල මිනිස්සුන්ගේ හිත හොඳකම නිසා තමයි දෙමළ මිනිස්සුන්ටත් අනෙක් ජාතීන්ටත් මේ රටේ නිදහසේ ජීවත් වෙන්න ඉඩකඩ ලැබිලා තියෙන්නේ. සුද්දෝ නැගෙනහිර පළාතේ දෙමළ මිනිස්සුන්ව ගෙනත් පදිංචි කරන කොට නැගෙනහිර හිටියේ සිංහල මිනිස්සු. ඒ මිනිස්සු එදා විරුද්ධ වුණා නම් දෙමළ මිනිස්සුන්ට ජීවත් වෙන්න මේ රටේ තැනක් නැති වෙනවා.
දෙමළ මිනිස්සුන්ට ප්‍රශ්න නැහැ කියලද ඔබ පවසන්නේ. තමන්ගෙ භාෂාවෙන් වැඩ කිරීමේ ඇති හැකියාව අහිමිවීම ගැටලුවක් නොවේද?
මේ රටේ රාජ්‍ය භාෂාව සිංහල. සෙල්ලිපි තියෙන්නේ සිංහලෙන්. සමහර වෙළදාමට සම්බන්ධ සෙල්ලිපි චීන, අරාබි හා දෙමළ භාෂාවෙන් ලියා තිබෙනවා. ඒ වෙනත් රටවලින් එන වෙළඳුන්ට කියවන්න. එයින් කියවෙන්නේ දෙමළ කියන්නෙත් වෙනත් රටකින් පැමිණි අය කියන එක. ඒ කොහොම වුනත් අද හැම ලියවිල්ලක්ම වගේ දෙමළ භාෂාවට පරිවර්තනය වී තිබෙනවා. ආකෘති පත්‍රයක් හෝ ලියවිල්ලක් දෙමළට පරිවර්තනය කරවන්න ලොකු වෙලාවක් යන්නේ නැහැ. ලංකාවේ විතරයි පාස්පෝට් එකෙත් දෙමළෙන් ලියලා තියෙන්නේ. පශ්චාත් උපාධියත්, ආචාර්ය උපාධියත් ලියන්න පුළුවන් එකම රට ශ්‍රී ලංකාව. තමිල්නාඩුවෙත් බැහැ. එතකොට කොහොමද කියන්නේ දෙමළ මිනිස්සුන්ට තම භාෂාව භාවිතය ප්‍රශ්නයක් කියලා.
අවුරුදු දෙදහසකට කලින් මේ රටේ සිංහල මිනිස්සු හිටියේ නැහැ කියලා උතුරු පළාත් මහ ඇමති විග්නේශ්වරන් පවසනවා. ඒ පිළිබඳ ඔබේ අදහස කුමක්ද?
විග්නේශ්වරන්ට මුලින්ම කියවන්න දෙන්න ඕනෙ පෘතුගීසි ජාතික ක්වේරෝස්ගේ පොත. පරම්පරා 15කට පෙරත් මේ රටේ හිටියේ සිංහල මිනිස්සු. ලන්දේසි කාලෙ තමයි වෙල්ලාල කියන දෙමළ කම්කරුවෝ දකුණු ඉන්දියාවේ කොරමණ්ඩල් වෙරළෙන් ගෙනත් මෙහේ පදිංචි කෙරුවේ. 1560 දී සිංහලයොත් දෙමළ කෙරෙව්වා. ඒ අධිරාජ්‍යවාදීන්ගේ වුවමනාවට. සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධව. විග්නේශ්වරන් කියන්නේ ඉංග්‍රීසීන්ගේ නියෝජිතයෙක් විතරයි. දෙමළ ජනතාවගේ කර මතින් ගිහින් එදා සුද්දන්ට කරගන්න බැරිවුණ දේ කරන්න තමයි සූදානම් වෙන්නේ. මෙච්චර කල් එය කරගන්න බැරිවුණේ ශක්තිමත් නායකයෝ සිටි නිසා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුගාමිකත්වය සිංහල බෞද්ධ නිසා දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොරු සමාජවාදියො ටිකක් ඉන්නවා. දන්න සමාජවාදකුත් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිංහල බෞද්ධ රටාවෙන් වෙනස් කරලා එක්සත් ජාතික පක්ෂයත් එයට හේත්තු කරලා සම්මුති ආණ්ඩුවක් ගේන්න ඉංග්‍රීසිකාරයෝ 1990 ගණන්වල ඉඳලා පිඹුරුපත් හැදුවේ. අවුරුදු 30ක ඉඳන් අපි මේවා කියනවා. තවමත් මේ දේවල් හරියට සමාජගත වෙලා නැහැ. ඒකයි කණගාටුව.
බටහිර බලපෑම් හරහා විවිධ ස්වරූපයෙන් එන අභියෝගවලට රටක් වශයෙන් අප මුහුණ දිය යුත්තේ කෙසේද?
අපේ රටේ මිනිස්සු එකතු වෙන්න ඕනෙ. සිංහල මිනිස්සුන්ගෙන් සියයට 75 ක් වත් එකට එකතු වුනොත් මේ පෙළපාලි අභියෝග නොවෙයි. ඒ වගේම මහින්ද රාජපක්ෂ වගේ ශක්තිමත් බෞද්ධ නායකයො ඉන්න ඕනෙ. වැනෙන පඹයෝ වගේ ජනාධිපතිලා මේ රටට ගැලපෙන්නේ නැහැ.
[Irida]
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .