10/16/2016

හවුල් ආණ්ඩුව රට තුළ ජාතිවාදය අවුස්සනවා...

කතෘ:යුතුකම     10/16/2016   No comments

  • මට සැකයි. මෙයාලා ජාතිවාදය අවුස්සනවා. 
  • අද අපි වෙනත් අරටවල ගැත්තන් බවට පත්විච්ච යුගයක් 
  • අපිම අපිට විරුද්ධව චෝදනා ඉදිරිපත්කරන සමයෝජකයන් බවට පත්වෙලා 
    -මහින්ද රාජපක්ෂ
ආණ්ඩුව සිංහල සමාජය තුල අසහනයක් නිර්මාණය කරමින් දෙමළ ජාතිවාදී උවමනාවන් ඉෂ්ට කරමින් ජාතිවාදය අවුස්සමින් සිටින බව මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි. නව ව්‍යවස්ථාවට අවශ්‍ය අදහස් යැයි ලාල් විජේනායක කමිටුව හරහා නිර්මාණය කර ඇති යෝජනාවලිය හරහා සිංහලකමටත් බුද්ධාගමටත් පහර දීම ඉලක්ක කර ඇති බව පෙන්වා දෙන රාජපක්ෂ මහතා ආණ්ඩුව ඒ හරහා උත්සාහ කරමින් සිටිනුයේ රට තුල ජාතිවාදය අවුළුවා  විදෙස් බලවේගවල උවමනාව ඉෂ්ට කිරීමේ වැඩ පිළිවෙල යැයි චෝදනා කරයි.
ගුණදාස අමරසේකර මහතා විසින් රචිත 'සභ්‍යත්ව රාජ්‍ය කරා' ග්‍රන්ථය ජනගත කිරීමේ උළෙලේදී මහින්ද රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළේය .එහිදී වැඩිදුරටත් අදහස් පළකළ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා"බැන්කී මූන්ලා මෙහේ ඇවිල්ලා කෑ ගහනවා. අපි නිහඬව බලා සිටිනවා. මෙයා මට ඉස්සර හැම අවුරුද්දෙම හම්බුනා. මෙයා යුද්දෙන් පස්සේ කවදාවත් අපට ඔය කතාව කියන්න ආවේ නෑ. දැන් ලංකාවටම ඇවිල්ලා අපේ මාතෲභූමියේ ඉදගෙන අපි මහා යුධ අපරාදකාරයෝ කියලා අපිටම කියනවා.

අලුත් ව්‍යවස්ථාවක් ගැන ලාල් විජේනායක කමිටුව දැම්මා. මුට්ටිය දාලා බලනවා. මොනාද ඒගොල්ලා කියන්නේ? ජාතික කොඩියෙන් සිංහයා අයින් කරන්න. බෝ කොළ හතර අයින් කරන්න. බෞද්ධාගමට තියෙන තැන ව්‍යවස්ථාවෙන් අයින් කරන්න. මොකක්ද මේ? මේක නේද මේ ජාතිවාදය අවුලුවන වැඩපිළිවල. මේක නේද මේ ආගම්වාදය අවුලුවන වැඩපිලිවෙළ මට සැකයි.

අද ජාතිය ගැන කතා කළොත් ආගම ගැන කතා කළොත් ආගම්වාදින් ජාතිවාදීන් කියනවා. තමන්ගේ ආගමට ආදරය කරන එක ජාතියට ආදරය කරන එක හැමකෙනාටම තියෙන අයිතියක්. යුතුකමක්, වගකීමක්.

ඒක හුඟක් බුද්ධිමතුන් කතා කරන්නේ නැ තමන්ගේ හිතේ තියෙන අදහස්. ඔවුන් බයයි සීල් එකක් වදියි කියලා.  අද ආසන 16 තියෙන කෙනා විපක්ෂ නායක. ආසන 5ක් තියෙන කෙනා විපක්ෂ සංවිධායක. ආසන 51ක් තියෙන අපි නිකමෝ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ ඩාලි පාරෙ ගොඩනැගිල්ලවත් බෝඩ් ලෑල්ලවත් නෙමේ. පාක්ෂිකයන්ගේ හදවත් තියෙන තැන, බණ්ඩාරනායක ප්‍රතිපත්ති තියෙන තැන තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය.
අද ගුණදාස අමරසේකරයන් අපට පැහැදිලි ඉලක්කයක් පෙන්නලා දීලා තියෙනවා. එදා යුද්දෙ කරන්න පුලූවන් පුලුවන් කියලා ජාතියට එතුමන්ලා කිව්වා වගේ "

මහින්ද රාජපක්ෂ මහතා සිදුකළ සම්පූර්ණ කතාව පහත සබැඳියෙන්

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions