10/11/2016

විග්නේෂ්වරන් ලබා දෙන අවස්ථාව අප දෝතින්ම අල්ලා ගත යුතුය.

කතෘ:යුතුකම     10/11/2016   No comments

-අයි.ජයතිලක-
"දැනට අවුරුදු 2000ට කලින් ඉඳන් ලංකාවේ හිටියේ දෙමළ ජනතාවයි, සිංහල අය ඊට පසුවයි ඇති වුණේ. "
මේ පහුගිය දිනවල පුවත්පත් වල පළවූ සිංහල සමාජයේ කතාබහක් ඇති කළ සංවාදයක කොටසක්. ඒ කතාව කළේ ලෙහෙසි පහසු කෙනෙකු නොව අපේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් වෙන වත්මන් උතුරු පළාත් මහ ඇමති විග්නේශ්වරන් මහතා විසිනුයි. විග්නේෂ්වරන් මහතා උතුරු පළාතේ මහ ඇමති ධුරයට තරඟ කරන්නට ඉදිරිපත් වෙන විට අන්තවාදී නොවන දෙමළ පිල නියෝජනය කරන සාමයේ දූතයා බලයට ඒ මක් යැයි එවක බහුතර සිංහල පිරිසක් අවංකවම අදහස් ප්‍රකාශ කළ බව මට මතකයි. ඒ වුණත් ඒ බලාපොරොත්තු සුණු විසුණු කර දමමින් සිය ඡන්ද ව්‍යාපාරයේදී ත්‍රස්ත නායක ප්‍රභාකරන් වීරයෙක් බව ප්‍රකාශ කරමින් සිය නියම ස්වභාවය පිළිබඳ අනතුරු සංඥා නිකුත් කෙරිණි. උතුරේ 80% ක ඡන්ද ප්‍රතිශතයක් දිනාගෙන මහ ඇමති ධූරයට පත් වූ විග්නේෂ්වරන් මහ ඇමති තුමා පැමිණි මුල් අවස්ථාවේ සිට සිදුකළේ එවක ආණ්ඩුකාර වරයා හා සිය ලේකම්තුමිය සමඟ ප්‍රශ්න ඇති කරගැනීමය.

ඉබ්බා දියේ දැම්මා මෙන් සිය ජාතිවාදය මොනවට පෙන්වමින් ලංකා රජයත් අපහසුවට පත් කරමින් ලංකා මාතාවගේ මුහුණේ දැලි ගාන්නට මේ පුද්ගලයා කටයුතු කළා නොවේද? මෛත්‍රිපාල රජය බලයට පැමිණී විගස ශ්‍රී ලංකාව විසින් දෙමළ ජනයා සමූල ඝාතනය කරනවා යයි යෝජනාවක් සම්මත කළේය. එක්සත් ජාතීන්ගේ නියෝජිතයාට එම යෝජනාව තමා විසින්ම පිළිගැන්වූයේය. ලෝක බැංකු නියෝජිතයන් හමුවී වෙනම උතුරු පළාතට ආධාර ඉල්ලා සිටියේය. කෙටියෙන් පැවසූවොත් සිය අධිකාරි බලය ඉක්මවා තනිකර අහංකාර හා හිතුවක්කාර ලෙස හැසිරෙන්නට පටන් ගත්තේය
අප මෙහිදී වටහා ගත යුතු කාරණාවක් ඇත. කොයි තරම් ජාතිවාදි හා අහංකාර වුවත් විග්නේෂ්වරන් විසින් සිය ප්‍රකාශය මඟින් අප රට වෙනුවෙන් විශාල යහපතක් සිදුකර ඇත.

දැන් මෙම විග්නේෂ්වරන් මහ ඇමති තුමා ගේ කතාව සිංහලයාව උස්සා පොළවේ ගැසුවා මෙන් තාවකාලික සිහි කැඳවීමක් විය. හාස්‍යයට කරුණ නම් මීට මාසයකට පමණ පෙර සම්බන්ධන් විසින් ද එවැනිම ප්‍රකාශයක් මීට වඩා ඩිප්ලොමැටික් ක්‍රමයට දකුණේ ජනතාවට ප්‍රකාශ කළ අතර එයින් දකුණේ සිංහල ජනයා ගැස්සුනේ නැත. අන්තර්ගතය සළකා බැලුව හොත් දෙදෙනාම ප්‍රකාශ කරන්නේ ඊළාම් වාදීන් ගේ ඊනියා ඉතිහාසයයි. නමුත් සිංහලයා ගේ ඔළුවට යන ලෙස එය පැවසූයේ විග්නේෂ්වරන් මහ ඇමතිවරයායි. එතනදී අපට විග්නේෂ්වරන් වැදගත් වන්නේ ඒ නිසායි.

විග්නේෂ්වරන් මහතා ලංකාවේ පැවතෙනවා යයි කියන ජනවාර්ගික අර්බුධයට නියම හේතුව කෙලින්ම පවසා සිටී. බෙදුම්වාදයට පක්ෂ සිංහලයින් මෙන් හෝ වෙනත් ප්‍රෝඩාකාරී දෙමළ පුද්ගලයින් මෙන් සත්‍ය සඟවන්නට උත්සාහ කරන්නේ නැත. අද වන විට ලංකාවේ යුද්ධයත් ජනවාර්ගික අර්බුධය පිළිබඳවත් පොත් පත් විශාල සංඛ්‍යාවක් ලියවී ඇත. විදේශිකයන් අතින් ලියැවෙන හා මාක්ස්වාදී නැතිනම් ලිබරල් යයි කියාගන්නා බහුතරයක් විසින් ලියන පොත් පත් වල ලංකාවේ අර්බුදය සම්බන්ධයෙන් ඇත්තේ එකම කතාවකි. නිදහසින් පසු 1956 භාෂා පනත ගෙනවිත් දෙමළ ජාතිකයන්ට ඉතා විශාල අසාධාරණයක් කළ අතර ඊට පිළිතුරු ලෙස දෙමළ ජාතිකයන් යුද්ධයක් කරා තල්ලූ වූ බවත් ඒ සියල්ලේ සාරාංශයයි. සමහරෙක් කොටි වැරදි මාර්ගයේ ගොස් දෙමළ ජනයාගේ සාධාරණ ඉල්ලීම් සඳහා වූ අරගලය නැති කළ බවත් තවත් සමහරෙක්ට අනුව කොටි සංවිධානය යනු ත්‍රස්තවාදී සංවිධානයක් නොව නිදහස සඳහා වූ සටන්කාමී කණ්ඩායමකි. මේ සියළු අර්ථ කථන වලදී යුද්ධයේ හා මෙම අර්බුධයේ සැබැ තතු එළියට එන්නේ නැත. ඒ ගැන නියමාකාරයෙන් සාකච්ඡා කරන්නේ ද නැත. කණගාටුවට කරුණ නම් මෙම අර්බුධයේ සැබැ තතු පිළිබඳ සාකච්ඡා කරන සිංහල භාෂා පොත් පවා ඉතා අල්ප වන අතර ඉංග්‍රීසි මාධ්‍යයෙන් නම් පොතක් ඇත්තේම නැත. එවැනි අවස්ථාලදී විග්නේෂ්වරන් විසින් ලබා දෙන අවස්ථාව ඉතා වටී.

විග්නේෂ්වරන් කොලේ හන්ගා ගසන්නේ නැත. සුළු ජනවර්ගයක් වන දෙමළ ජනතාවට මේ රටේ අයිතිවාසිකම් අහිමි වූ බවක් විග්නේෂ්වරන් පවසන්නේ නැත. පැවසූවත් ඔහුගේ තර්කයේ මූලික හරය එය නොවේ. විග්නේෂ්වරන්ට අනුව මේ රට දෙමළ රටකි. දෙමළ ජනයා මේ රටට මුලින්ම පැමිණ ජනාවාස ඇති කළ අතර සිංහල යනු ඊට පසු මැත කාලීනව ඇති වුණු සංසිද්ධියකි. උතුරේ දෙමළ ජනාවාස සියල්ලටම පෙර ඇති වී ඇත. ශ්‍රී ලංකාවේ ඉතිහාසයම වැරදිය. එය නැවත නිවැරදි කොට ලියා දැක්විය යුතුය. විග්නේෂ්වරන් ගේ කතාවල සාරාංශය එයයි. මේ රටේ මූලික ප්‍රශ්නය එයයි. අර්බුධයට හේතුව එයයි. මෙය රටේ ඉතිහාසය අර්ථ දැක්වීමේ ගැටළුවක් මිස සුළු ජන අයිතිවාසියක් පිළිබඳ ගැටළුවක් නොවේ. දෙමළ ජනයාට තිබෙනවා යයි දෙමළ දේශපාලකයින් විසින් පවසන ගැටළු මුස්ලිම් ජනයාට නැති වන්නේ ඒ නිසායි. සත්‍යවශයෙන් ගත් කළ ලෝකය පුරා රටවල් හා සැසඳීමේදී සුළු ජනවර්ග අයිතිවාසිකම් අතින් ලංකාව ලෝකයේ ඉදිරියෙන්ම සිටින රටකි. මෙහි ඇත්තේ වෙනත් ප්‍රශ්නයකි. ඒ බව ලෝකයාට පෙන්වන්නටත් සිංහල - දෙමළ අර්බුධය යනු කුමක් දැයි පැහැදිලිව පැවසීමටත් රජයත් සිංහල සංවිධානත් මූලික වී විග්නේෂ්වරන් විසින් ලබා දෙන මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත යුතුය.
මේ රටේ ඔය කියන අර්බුධය ඇති වුනේ 1956 න් පසුව නොවේ. ෆෙඩරල් පක්ෂය බිහි වූයේ 1947 දීය. අරුණාචලම් මහතා ඊළාම් දේශයක් අවශ්‍ය බව ප්‍රකාශ කර ඇත්තේ 1922 දීය. ජි ජි පොන්නම්බලම් යන ජාතිවාදී දේශපාලකයා විසින් නාවලපිටිය ප්‍රදේශයේ ජාතිවාදී කතාවක් සිදුකර ප්‍රථම සිංහල දෙමළ ගැටුම ඇති කළේ 1939 දීය. වාර්ගික ගැටුම් ගැන කතා කිරීමේදි 1958, 65 හා 83 ගැන කතා කරන විටදී 1939 ගැන කතා කිරීමක් සිදු නොවන්නේ ඇයි? වර්ෂ 1983 දී සිදු වූ අතිශය ශෝචනීය සිද්ධිය ගැන අප රටක් ලෙස කතා කළ යුතුය. ඒ ගැන විවාදයක් නැත. නමුත් 1939 වසරේදී සිදුවූ සිංහල දෙමළ ගැටුම අප අමතක කරදමන්නේ ඇයි?

වර්ෂ 1945 දී පාර්ලිමේන්තු විවාදයට සම්බන්ධ වූ ජි ජි පොන්නම්බලම් ප්‍රකාශ කර සිටියේ තමා සිලෝනීස් නොව ද්‍රාවිඩ පුද්ගලයෙක් බවයි. කුප්‍රකට 50-50 යෝජනාව ඉදිරිපත් කර සුළු ජාතින් ට වඩා වැඩි බලයකුත් ශ්‍රී ලංකාව නිජභුමිය කරගත් 75% ට ආසන්න සිංහල ජනයාට අඩු බලයකුත් එන ලෙස ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනා කළේ ජි ජි පොන්නම්බලම්ය. ඔහු උත්සාහ කළේ minority rule over majority යන තත්ත්වය ඇති කිරීමයි. එනම් සංඛ්‍යාත්මකව අඩු ගණනක් වූ කුඩා ජනවර්ගයක් විසින් සංඛ්‍යාත්මකව විශාල ජනවර්ගයක් පාලනය කිරීමයි. ඒ යෝජනාව එවක සිටි බ්‍රිතාන්‍ය ව්‍යවස්ථා සම්පාදකයින් පවා ප්‍රතික්ෂේප කර ඇත. ඒ ජාතිවාදි දේශපාලන ගමනේ ඔහුගේ දරු මුණුපුරුවන් වන කුමාර් පොන්නම්බලම් නියැලුණු අතර ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් අද ද නියැළෙමින් සිටී. අප මෙම සත්‍යය මේ යටගැසුණු හා යට ගසන්නට උත්සාහ කරන සත්‍යය මතුකළ යුතුය. මේ සියල්ලක්ම ඇරඹී ඇත්තේ නිදහස ලබාගන්නට වසර ගණනාවකට පෙර සිටයි. දෙමළ බෙදුම්වාදීන්ට අවශ්‍ය ලෙස අර්බුධයේ ඉතිහාසය අර්ථ දක්වන්නට ඉඩ දී අප තවත් බලාසිටිය යුතු ද? විග්නේෂ්වරන් රටේ ඉතිහාසයට අභියෝග කරන විට 1956 භාෂා පනතට අර්බුධයේ මූලාරම්භය යයි ප්‍රහාර එල්ල කරනවා විට තව දුරටත් නිහඬව නොසිට අර්බුධයේ ඉතිහාසය ලෝකයා ඉදිරියට ගෙන ආ යුතුය. එතැනින් නොනැවතී ශ්‍රී ලංකාව යනු මේ රට සිය එකම වාසස්ථානය කරගත් සිංහලයින් ගේ ඓතිහාසික නිජබිය බව එක හඬින් ප්‍රකාශ කළයුතුය. අර්බුධයේ නියම ඉතිහාසය ඉංග්‍රීසි මාධ්‍ය පොත් වලින් හෙළි දරව් කළ යුතුය. මේ අර්බුධය නිදහසින් පසු ඇති වූවක් නොව නිදහස ලබා ගැනීමට පෙර සිට ඇති වුණු තත්ත්වයක් බව අවධාරණය කළ යුතුය.

විග්නේශ්වරන් ලබා දෙන අනගි අවස්ථාව දෝතීන්ම අල්ලා ගමු. මේ අර්බුධය හා අසාධාරණ
මේ පරම්පරාවෙන්ම අවසාන කොට සිංහල දෙමළ අනාගත පරම්පරාවට තවත් මේ ගැන කතා කරන්නට අවශ්‍ය නොවන තැනට ගෙන එමු.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

කිණිහිරය

හීන් සැරය

කෙටි සටහන්

මාධ්‍ය ගබඩාව

ප්‍රවර්ග

1505 2015 BBS NGO Theory අනගාරික ධර්මපාල අනුර කුමාර අමරසේකර ආචාර්ය දයාන් ජයතිලක ආමන්ඩ් ද සූසා ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී එජාප කවි කවි විචාර කාලය කෙටි කතා ගම්මන්පිල ගැමුණු චම්පික චිත්‍රපට විචාර චින්තනය ජනපතිවරණය ජනාධිපතිවරණය ජයග්‍රහණය ජවිපෙ ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දහතුන දේශපාලන නසරිස්‌තානය නිදහස නෝනිස් පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බම්බුව බලු කතා බුදු දහම බෙංගමුවේ නාලක බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මරක්කල මහ නාහිමි මහින්ද මහින්ද රනිල් මානව හිමිකම් මුස්‌ලිම් මෛත්‍රිපාල යටත්විජිතකරණය රණ විරුවා රනිල් වික්‍රමසිංහ රන් කරඬුව රාජතාන්ත්‍රික රාජපක්‍ෂ ලේකම් වහාබ් විජේවීර විධායක බලය විමුක්ති වනිගසේකර වෙනස සැපද සංගීතය සජින් සමාජ විචාර සරච්චන්ද්‍ර සාහිත්‍ය හා විචාර සිංහල සිංහල බුද්ධාගම සීපා ස්වර්ණ පුස්තක හෙළ උරුමය

පාඨක අදහස්

© 2014 www.yuthukama.com