10/04/2016

රට සහ විරුවන් පවාදීමේ ඊලඟ පිම්ම - සිංගරාසා නඩු තින්දුවේ බල බිදින්නට ආණ්ඩුව සූදානම්

කතෘ:යුතුකම     10/04/2016   No comments

සිංගරාසා නඩු තින්දුවේ බල බිදින්නට යන්නේ ඇයි..?

-නීතිඥ කණිෂ්ක විතාරණ

රටේත් ජනතාවගේත් ස්‌වාධීනත්වය හා ආරක්‌ෂාව තහවුරු කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අභීතව තම බලය පාවිච්චි කළ අවස්‌ථා ඇත. ඒ අතුරින් දේශයේ ස්‌වෛරිත්වය හමුවේ ජාත්‍යන්තර බලපරාක්‍රමය බිඳ දැමූ තීන්දුවකි, සිංගරාසා එදිරිව නීතිපති නඩු තීන්දුව (2013 (1) ශ්‍රී නී වා 245). කල්ගතවී වාර්තා පොතට ඇතුළත් කළද එය ප්‍රකාශයට පත්කර ඇත්තේ 2006-09-15 දින දීය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 5 දෙනෙකුගේ ඒකමතික තීන්දුවක්‌ වූ එය හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මැතිතුමා විසින් ලියා ඇත. මෙම තීන්දුවෙන් රට වටා ඉදිකර ඇති මෙම නීතිමය පවුර බිඳ දැමීමට ජාත්‍යන්තර බලවේගවලට ගැතිකම් කරන රාජ්‍ය නොවන සංවිධාන පුමුඛ දේශෙද්‍රdaහීන් විසින් උත්සාහ ගනිමින් සිටියි. රටට එරෙහි වූ මෙම කුමන්ත්‍රණයට එරෙහිව නැඟීසිටීමට කාලය එළඹ ඇත.

1990.05.01 හා 1991.12.31 දින අතරතුරදී යාපනය, කන්කසන්තුරේ හා අලිමංකඩ ප්‍රදේශවලදී රජය පෙරළීමට නීති විරෝධී ලෙසට කුමන්ත්‍රණය කිරීමත්, එකී අරමුණින් යාපනය කොටුව, පලාලි හා කන්කසන්තුරේ පිහිටි හමුදා කඳවුරුවලට පහර දීමත් සම්බන්ධයෙන් සිංගරාසා සහ තවත් කිහිපදෙනෙකුට විරුද්ධව හදිසි අවස්‌ථා රෙගුලාසි සහ ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ (විශේෂ විධිවිධාන) පනත යටතේ මහාධිකරණයේ චෝදනා 5 ක්‌ යටතේ නඩු පවරා තිබුණි. මහාධිකරණයේදී එම වරද ඔප්පු වීම මත සිංගරාසාට එක්‌ චෝදනාවකට අවුරුදු 10 ක්‌ බැගින් බරපතල වැඩ ඇතිව සිරදඬුවම් ලබාදුනි. ඔහු විසින් එම තීන්දුවට එරෙහිව කළ අභියාචනයේදී අභියාචනාධිකරණය විසින් සිදුකළේ එක්‌ චෝදනාවකට වසර 7 බැගින් වන සේ දණ්‌ඩනය වෙනස්‌ කිරීම පමණි. ඔහු විසින් නැවතත් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනය කිරීමට අවසර ඉල්ලුවද 2000.01.28 දී එම ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්‌ශ්‍රේප කරන ලදී.

1997 දී ශ්‍රී ලංකාව විසින් අත්සන් තබන ලද ජගත් මානව කවුන්සිලයේ අමතර පෝටොකොලය (Optional Protocol) යටතේ සිංගරාසා ජීනිවා පිහිටි මානව හිමිකම් කමිටුව අප රටේ දුන් තීන්දුවට එරෙහිව විමසීමක්‌ ඉල්ලා සිටින ලදී. මානව හිමිකම් කමිටුව තීරණය කළේ, දේශීය තීන්දු "සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර ප්‍රඥප්තියේ" ඇතැම් වගන්තිවලට පටහැනි වන බවත්, ඒ අනුව සිංගරාසා නිහදස්‌ කිරීම හෝ නැවත විභාගයක්‌ පැවැත්වීම හා වන්දි ගෙවීම ඇතුළුව බලපෑමක්‌ සහිත සුදුසු සහනයන් ලබා දීමට ශ්‍රී ලංකා රජය බැඳී සිටින බවයි.

සිංගරාසා විසින් 2005.08.16 දින නැවතත් ශේ්‍රෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලීමක්‌ ශ්‍රේෂ්ඨාධිකරණය වෙතට ඉදිරිපත් කරන ලදී. එම ඉල්ලීම ප්‍රතික්‌ෂේප කරමින් ඒ සම්බන්ධව සිංගරාසා එදිරිව නීතිපති නඩු තීරණය ප්‍රකාශයට පත්කරන ලදී.

මෙම තීන්දුවට පදනම් වූයේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තියත් ඒ යටතේ සාදන ලද අමතර ප්‍රොaටෝකොලයත්ය (Optional Protocol). ශ්‍රී ලංකාව වෙනුවෙන් 1980.06.11 දින එම ප්‍රඥප්තියටත් 1997.10.3 දින එම පෝටොකෝලයටත් අත්සන් තබා ඇත. එම පෝටෝකෝලය මගින් මුල් ප්‍රඥප්තියේ සඳහන් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව ජගත් මානව හිමිකම් කමිටුව වෙත පැමිණිලිකර තීරණයක්‌ ගැනීමේ පටිපාටියක්‌ පනවා තිබේ. එකල ජනාධිපති විසින් එම ප්‍රොaටොකෝලයට අත්සන් තබමින් පහත සඳහන් පිළිගැනීම් සිදුකර තිබෙන බවට අධිකරණය තීන්දු කර ඇත.

අ. ශ්‍රී ලංකාවේ බලාධිකාරියට යටත්ව සෑම පුද්ගලයෙකුටම එම ප්‍රඥප්තියේ සඳහන් අයිතිවාසිකම් තිබෙන බව

ආ. ශ්‍රී ලංකාව තුළ වූ ක්‍රියාවක, නොකරහැරීමක, විකාශයක හෝ සිද්ධියක ප්‍රතිඵලයක්‌ වශයෙන් ප්‍රඥප්තියේ සඳහන් අයිතිවාසිකමක්‌ කඩවුවහොත් එය ජගත් මානව හිමිකම් කමිටුවට දන්වා යෑවීමට (පැමිණිලි කිරීමට) ඕනෑම අයකුට අයිතිය ඇති බව

ඇ. ප්‍රඥප්තිය යටතේ ජගත් මානව හිමිකම් කමිටුවට එවැනි දන්වා යෑවීමක්‌ (පැමිණිල්ලක්‌) පිළිගැනීමටත් එය පිළිබඳව විමසා බැලීමක්‌ සිදු කිරීමට බලය තිබෙන බව.

2016 ජූලි 07 වැනි දින පාර්ලිමේන්තුව හමුවේ අගමැති විසින් මේ සම්බන්ධයෙන් වන ඉතිහාසය සංක්‌ෂිප්තව ප්‍රකාශ කර ඇත. ඒ අනුව 1980 දී එම ප්‍රඥප්තියට අත්සන් තබන අවස්‌ථාවේදී වත්මන් අගමැති කැබිනට්‌ ඇමැතිවරයෙකුව සිට ඇත. 1997 දී අමතර ප්‍රොaටොකෝලයට අත්සන් තබන අවස්‌ථාවේදී විරුද්ධ පක්‌ෂ නායකයාව සිටි ඔහු විසින් ඊට පූර්ණ සහාය ලබා දී ඇත.

එම තීන්දුව මගින් ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාවේ ස්‌වෛරීත්වයත් අධිකරණයේ ස්‌වාධීනත්වයත් හා පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවයත් සමස්‌තයක්‌ වශයෙන් ශ්‍රී ලංකාවට රජයක්‌ හා රටක්‌ ලෙස ස්‌වාධීනව කටයුතු කිරීමේ අයිතියත් ඉතාම හොඳින් තහවුරු කර ඇත. තවත් කරුණක්‌ වන්නේ ජනාධිපති ඇතුළු විධායකයට ජාත්‍යන්තර සම්මුතීන්වලට එළඹීමේදී ව්‍යවස්‌ථාවට පටහැනිව කටයුතු කළ නොහැකි බව අවධාරණය කර තිබීමයි. එම තීන්දුවට අනුව.

ව්‍යවස්‌ථාවට හා ලිත නීතියට අනුකූලව ජනාධිපතිවරයා හා රජය විසින් එළඹෙන ජාත්‍යන්තර ගිවිසුම් මගින් රජය බැඳී සිටියද එය රට තුළ බලපෑමක්‌ ඇති කරවන්නේ හා ක්‍රියාත්මක වන්නේ පාර්ලිමේන්තුව මගින් පනවන නීතියක්‌ මගින් පමණි.

අනෙක්‌ අතට ජනාධිපති විසින් ව්‍යවස්‌ථාවට හෝ ලිත නීතියකට පටහැනිව ජාත්‍යන්තර ගිවිසුමකට එළඹෙන්නේනම් හෝ ප්‍රඥප්තියකට සහාය වන්නේ නම් එය ව්‍යවස්‌ථාවෙන් ඔහුට ලබා දී ඇති බලයට පටහැනිව හා බලය අභිබවා සිදුකරන ක්‍රියාවක්‌ වන අතර එම ක්‍රියාවෙන් රජය බැඳී සිටින්නේ නැත.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 3 හා 4 වගන්ති මගින් එකම රටක්‌ වශයෙන් පවතින ශ්‍රී ලංකා දේශය තුළ පරමාධිපත්‍ය බලය ජනතාව සතුකර තිබේ. එම බලයට ව්‍යවස්‌ථාදායකය, විධායකය හා අධිකරණය ඇතුළත් වන අතර එම බලයන් වෙන් වෙන්ව පිහිටුවා ඇති රජයේ ආයතන මගින් ක්‍රියාත්මක කරනු ලැබේ.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 76 (1) වගන්තියට අනුව පාර්ලිමේන්තුවට තම ව්‍යවස්‌ථාදායක බලය අත්හැරීම හෝ අන්සතු කිරීම සිදුකළ නොහැකිය.

ව්‍යවස්‌ථාවේ 105 වගන්තිය අනුව ශ්‍රී ලංකාව තුළ පවතින උත්තරීතරම අධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණයයි.

එම සිද්ධාන්තයන් අනුව ශේ්‍රෂ්ඨාධිකරණය තීරණය කළේ ජිනීවා පිහිටි මානව හිමිකම් කමිටුව අපගේ ව්‍යවස්‌ථාව යටතේ පිළිගැනෙන අධිකරණ බලය ක්‍රියාත්මක කරන ආයතනයක්‌ නොවන බැවින් ඒ හරහා තම අයිතිවාසිකම් ක්‍රියාත්මක කරවා ගැනීමට සිංගරාසාට නොහැකි බවයි. එබැවින් මානව හිමිකම් කමිටුවේ තීරණය මත පිහිටා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අවලංගු කිරීමට ව්‍යවස්‌ථාවේ 118 වගන්තිය අනුව නොහැකි බවද පෙන්වා දී තිබේ.

අනෙක්‌ අතට පෙර කී ප්‍රඥප්තියට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද නීතියක්‌ යටතේ බලයක්‌ ලබා දී නොමැත. එම ප්‍රඥප්තියේ 2 වැනි වගන්තියට අනුවද ඊට අත්සන් තබන පාර්ශව රාජ්‍යයන් තුළ ඊට බලාත්මකභාවයක්‌ ලැබෙන්නේ ඒ ඒ රටවල් තුළ පිහිටුවනු ලැබූ ව්‍යවස්‌ථාදායකයන් විසින් තම තමන්ගේ ව්‍යවස්‌ථාවන්ට අනුකූලව පනවනු ලබන නීතීන් මගින් එය පිළිගන්නේ නම් පමණි.

දීර්ඝ විග්‍රහයකින් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කරන ලද්දේ 1997 දී අත්සන් තබන ලද අමතර ප්‍රොaටොකෝලය මගින් රජය විසින් ලබා දී ඇති පිළිගැනීම් සහිත ප්‍රකාශය පාර්ලිමේන්තුවේ ව්‍යවස්‌ථාදායක බලය හා ගැටෙන බවත් ඒ අනුව එය අපගේ ව්‍යවස්‌ථාවේ 3,4 ඇ 75 වැනි වගන්තිවලට පටහැනි වන බවයි. තවද එම ප්‍රොaටොකෝලය ව්‍යවස්‌ථාවේ 3 4 ඇ හා 105(1) වගන්තිවලින් පිළිගෙන ඇති අධිකරණ බලය හා ගැටෙන බවටද තීරණය කර තිබේ.

මෙම තීන්දුව මගින් ශ්‍රී ලංකාව වටා ආරක්‌ෂක වළල්ලක්‌ යොදා ඇති බව පැහැදිලිය. විදේශ අධිකරණ හා ඊනියා ජාත්‍යන්තර මානව හිමිකම් ආයතන මගින් ලබා දෙන ලද තීන්දු තීරණ මෙරට තුළ සෘජුව ක්‍රියාත්මක කිරීම මෙම තීන්දුවෙන් වළක්‌වා ඇත. අප ජනාධිපති, ඇමැතිවරුන් හෝ නිලධාරීන් විසින් ඇතුළත් වන හෝ අනුග්‍රහය දක්‌වන ගිවිසුම් හෝ සම්මුතීන් මගින් රජය බැඳී සිටින්නේ ඒවා ව්‍යවස්‌ථාවට අනුකූල නම් පමණි. මෑතකදී අප රට එළඹෙන්නට යෙදුණු හෝ සම අනුග්‍රහය ලබාදුන් ගිවිසුම් හෝ සම්මුති ව්‍යවස්‌ථාවේ කුමන හෝ වගන්තියකට පටහැනි වන්නේ නම් ඒම ගිවිසුම් හා සම්මුතීන්වලින් අප බැඳෙන්නේ නැත. විදේශ ගිවිසුමක්‌ හෝ සම්මුතියක්‌ මෙරට ක්‍රියාත්මක කළ හැක්‌කේ එය පාර්ලිමේන්තු නීතියක්‌ මගින් පිළිගන්නේ නම් පමණි. ඒ අනුව සිංගරාසා තීන්දුව එක්‌ අතකින් විධායකයේ අත්තනෝමතික පාවාදීම් වලින්ද අනෙක්‌ අතින් අයුතු ජාත්‍යන්තර මැදිහත් වීම්වලින්ද රටත් ජනතාවත් ආරක්‌ෂා කර දී ඇත.

එසේ වුවද 2016-07-07 දින අගමැතිතුමා පාර්ලිමේන්තුවට පැවසුවේ මෙම තීන්දුව ජනතාවගේ පරමාධිපත්‍යයට සහ පාර්ලිමේන්තුවට එරෙහිව කරන ලද කුමන්ත්‍රණයක්‌ වන බවය. මේ වන විට ජාත්‍යන්තරයට කත්අදින බොහෝ පුද්ගලයින් හා රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙම තීන්දුව වෙනස්‌ කළ යුතු හෝ අවලංගු කළ යුතු බවට පවසා ඇත. මෙම අරමුණින් යුතුව මෑතකදී කොළඹදී විශේෂ සම්මන්ත්‍රණයක්‌ද පවත්වා ඇත. 2015 සැප්තැම්බර් 16 දිනැති ජගත් මානව හිමිකම් මහ කොමසාරිස්‌ කාර්යාලයේ විමර්ශන වාර්තාවේ අප රට වෙත කර ඇති 8 වැනි නිර්දේශය වන්නේත් එම තීන්දුව ප්‍රතිශෝධනය කර ජාත්‍යන්තර ගිවිසුම් රට තුළ ක්‍රියාත්මක කිරීමත්, පුද්ගලික පැමිණිලි සලකා බැලීම සඳහා ජගත් මානව හිමිකමි කොමිටියේ හැකියාවත් ස්‌ථාපිත කරන ලෙසය.

Initiate action to seek Supreme Court
review of its decision in the Singarasa
case to affirm the applicability of
international human rights treaties in
domestic law and reinstate the
competence of the UN Human Rights
Committee to consider individual
complaintsr®

ඒ අනුව පැහැදිලි වන්නේ සිංගරාසා නඩු තීන්දුව එය ලබා දුන් දින සිට වසර 10 කට පසුව හිටි හැටියේම අභියෝගයට ලක්‌වන්නේ ජාත්‍යන්තරයේ උවමනාව මත වන බවය. මෙම තීන්දුව ඉවත් වුවහොත් ජාත්‍යන්තරයට මෙරට අභ්‍යන්තරයට ඇඟිලි ගැසීමට තිබෙන නීතිමය බාධාවක්‌ ඉවත් වන්නේය. මෙහිදී සිහිතබාගත යුත්තේ සිංගරාසා චෝදනා ලබන්නේ නීත්‍යනුකූල හමුදාවට පහරදීමක්‌ සිදු කරමින් ත්‍රස්‌තවාදී කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන්ය. මානව හිමිකම් කමිටුව ඔහු නිදහස්‌ කර ඇත. අනෙක්‌ අතට ත්‍රස්‌තවාදය පැරදවීමේදී අපගේ නීත්‍යනුකූල හමුදාව විසින් ජාත්‍යන්තර මානව හිමිකම් කඩකර ඇති බවට ඔවුන් විසින්ම චෝදනා කර තීරණයද කර ඇත. එම තීරණ ශ්‍රී ලංකාව තුළ සෘජුව ක්‍රියාත්මක කිරීමට ඇති නෛතික බාධාව ද සිංගරාසා නඩුවමය. එසේනම් ඉහත නිර්දේශය ක්‍රියාත්මක වුවහොත් අපගේ හමුදා සහෝදරයන්ට අත්වන ඉරණම සිතාගත නොහැකිය. බෙදුම්වාදී ත්‍රස්‌තවාදීන් හා අපගේ වීරෝදාර හමුදාවන් සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමත් ඔවුන්ට කත්අදින දේශීය තැනැත්තන් හා රාජ්‍ය නොවන සංවිධානත් ගෙන තිබෙන දෙබිඩි ප්‍රතිපත්තිය සනාථ කිරීමට මෙය කදිම නිදසුනකි. රට අනාරක්‌ෂිත කොට ජාත්‍යන්තරයේ උවමනාව මත බෙදා වෙන්කිරීම ඔවුන්ගේ පරමාර්ථය බව නිසැකය.

කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව එම අධිකරණය මාර්ගයෙන්ම වෙනස්‌ කරලීම පහසු නැත. එහෙත් මේ වන විට ජාත්‍යන්තරයේ ආශිර්වාදය ලත් කිහිපදෙනෙකු විසින් නිතිඥ සංගමය හරහා යම් නීතිමය පටිපාටියක්‌ සැලසුම් කිරීමට කතිකාවක්‌ ආරම්භ කර ඇති බවට වාර්තා වේ. අගමැතිතුමා විසින් 2016-07-07 වන දින මෙම තීන්දුව සම්බන්ධයෙන් නියෝගයක්‌ ලබා දෙන මෙන් කථානායකවරයාගෙන් ඉල්ලීමක්‌ කර ඇත. ඇත්තෙන්ම මෙම තීන්දුවේ බල බිඳිය හැක්‌කේ පාර්ලිමේන්තුව තුළින් පමණි. එහෙත් එවැන්නක්‌ සිදු කළ හැක්‌කේද දේශයේ හා හමුදාවේ ආරක්‌ෂාවත්, රටේ ස්‌වෛරීත්වයත් ජාත්‍යන්තරය හමුවේ පාවාදීමට සූදානම් බහුතරයක්‌ පාර්ලිමේන්තුව තුළ සිටින්නේ නම් පමණකි.
[Divaina]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions