10/31/2016

බැඳුම්කර මහ හොරු රකින 'ෆුට්‌ නෝට්‌' කල්ලියේ බොල් තර්ක

කතෘ:යුතුකම     10/31/2016   No comments

- ශ්‍යාම් නුවන් ගනේවත්ත
කෝප් වාර්තාවට එජාප මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ අනෙකුත් පාද සටහන් වල ඇත්ත තත්ත්වයද අපි ඉදිරි ලිපි මගින් අනාවරණය කරමු. එම පාද සටහන් තුන බිඳවැටුණු පසු අනෙකුත් පාද සටහන් බොහොමයක්‌ම පදනමක්‌ නැති බොල් තර්ක බවට පත්වේ. අදාළ කෝප් වාර්තාවේ 15 වන පිටුවේ, 2008.01.07 දිනැති මහ බැංකුවේ මුදල් මණ්‌ඩල පත්‍රිකාව මගින් 2008 වසරේදී සෘජු ක්‍රමය මගින් (භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කරන ක්‍රමය) අරමුදල් අවශ්‍යතා සපුරා ගැනීමට තීරණ කර තිබුණු බව සඳහන්ව ඇති අතර ඊට පළමු පාද සටහන එක්‌ කර ඇති එජාප මන්ත්‍රීවරු කියන්නේ එසේ සෘජු ක්‍රමය මගින් අරමුදල් අවශ්‍යතා සපුරා ගැනීමට තීරණය කර තිබුණේ මාස තුනක කාලයකට බවය. එහෙත් මහ බැංකුවේ මුදල් මණ්‌ඩල පත්‍රිකා අනුව මෙය නිවැරදි නොවන බව මහ බැංකුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග වලින් අපට දැනගන්නට ඇත.

"බැඳුම්කර මගඩිය"ට එරෙහි සටනේ තවත් සුවිශාල ජයග්‍රහණයක්‌ ලබා ගැනීමට අපව හැකිව තිබේ. එනම් බැඳුම්කර ගනුදෙනුවලට අදාළ කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකි වීමයි. වරදකරුවන්ට දඬුවම් දීම කෙසේ වෙතත් මේ කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතාට හැකි වීමම අපි දකින්නේ විශාල ජයග්‍රහණයක්‌ ලෙසය. ගිය වර ඩිව් ගුණසේකර මහතාගේ සභාපතිත්වය යටතේ සැකසූ බැඳුම්කර කෝප් වාර්තාවට සිදු වූ දේ අපට හොඳටම මතකය. එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටවත් ඉඩ නොදී පාර්ලිමේන්තුව විසුරුවා හරින ලදී. ඒ නිසා 'බැඳුම්කර මගඩිය' පිළිබඳ තොරතුරු රැසක්‌ සමාජගත නොවී වළලා දැමීමට මේ හොර මගඩිය රකින්නන්ට අවස්‌ථා ලැබිණි. එහෙත් මෙවර ඊට අවස්‌ථාව නොලැබිණි. ඒ සම්බන්ධයෙන් කටයුතු කළ සියලු දෙනාටත් විශේෂයෙන් එම කාරක සභාවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා ඇතුළු මන්ත්‍රීවරුන්ටත් ('ෆුට්‌ නෝට්‌' කල්ලිය හැර) එසේම රජයේ විගණකාධිපතිවරයාටත් ජනතාව වෙනුවෙන් අපගේ විශේෂ ස්‌තුතිය පුද කළ යුතුව තිබේ.

එසේ ස්‌තුතිය පළ කරන අතරම මෙවර කෝප් වාර්තාවේ සිදු වූ තවත් සුවිශේෂී දෙයක්‌ ගැන ඇත්ත තත්ත්වය හෙළිදරව් කළ යුතුව තිබේ. එනම් එක්‌සත් ජාතික පක්‌ෂ මන්ත්‍රීවරුන් පිරිසක්‌ කෝප් වාර්තාවේ නිර්දේශ සඳහා පාද සටහන් (Foot note) ඉදිරිපත් කිරීමයි. මේ පාද සටහන් ඉදිරිපත් කිරීමේ අරමුණ කුමක්‌ද? එමඟින් ඉදිරිපත් කර ඇති තර්ක ඇත්තද? මේ ප්‍රශ්න අප අවධානයට ලක්‌ කළ යුතුව තිබේ. මීට පෙර කෝප් වාර්තාවලට කිසිම අවස්‌ථාවක පාද සටහන් ඉදිරිපත් නොකළත්, මේ බැඳුම්කර කෝප් වාර්තාවට පාද සටහන් ඉදිරිපත් කිරීමට මේ එජාප මන්ත්‍රීවරු විශාල උනන්දුවක්‌ දක්‌වා ඇති අතර, ඒ සඳහා මහ බැංකුවේ සහායද ගෙන තිබේ. එහෙත් මෙම පාද සටහන් බොහොමයක්‌ පදනමක්‌ නොමැති පුහු බොල් තර්ක බවටද අප වෙත ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් තොරතුරු ලැබී තිබේ. ඒ අනුව අපට පෙනෙන්නේ මේ 'ෆුට්‌ නෝට්‌' කල්ලියේ අරමුණ අර්ජුන ක්‌ලීන් කිරීම බවය. එහෙත් මේ හෙළිදරව්වත් සමග අර්ජුන 'ක්‌ලීන්' වීම කෙසේ වෙතත් ෆුට්‌ නෝට්‌ කල්ලියේ උත්සාහය 'ඩර්ටි' බවද හෙළිවනු ඇත. ඒ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට එම පාද සටහන්වල ඇත්ත තත්ත්වය හෙළිදරව් කළ යුතුව තිබේ. මේ ලිපිය ඒ සඳහා වන ආරම්භක පියවරකි.

එජාප මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද පළමු පාද සටහන් තුන ගැන පමණක්‌ මේ ලිපියෙන් අපගේ අවධානය යොමුවේ. කෝප් වාර්තාවට එජාප මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ අනෙකුත් පාද සටහන් වල ඇත්ත තත්ත්වයද අපි ඉදිරි ලිපි මගින් අනාවරණය කරමු. එම පාද සටහන් තුන බිඳවැටුණු පසු අනෙකුත් පාද සටහන් බොහොමයක්‌ම පදනමක්‌ නැති බොල් තර්ක බවට පත්වේ. අදාළ කෝප් වාර්තාවේ 15 වන පිටුවේ, 2008.01.07 දිනැති මහ බැංකුවේ මුදල් මණ්‌ඩල පත්‍රිකාව මගින් 2008 වසරේදී සෘජු ක්‍රමය මගින් (භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කරන ක්‍රමය) අරමුදල් අවශ්‍යතා සපුරා ගැනීමට තීරණ කර තිබුණු බව සඳහන්ව ඇති අතර ඊට පළමු පාද සටහන එක්‌ කර ඇති එජාප මන්ත්‍රීවරු කියන්නේ එසේ සෘජු ක්‍රමය මගින් අරමුදල් අවශ්‍යතා සපුරා ගැනීමට තීරණය කර තිබුණේ මාස තුනක කාලයකට බවය. එහෙත් මහ බැංකුවේ මුදල් මණ්‌ඩල පත්‍රිකා අනුව මෙය නිවැරදි නොවන බව මහ බැංකුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග වලින් අපට දැනගන්නට ඇත.

එනම් ශ්‍රී ලංකාවට භාණ්‌ඩාගාර බැඳුම්කර හඳුන්වාදෙන ලද්දේ 1997.02.14 දිනැති මහ බැංකු මුදල් මණ්‌ඩල පත්‍රිකාවෙනි. එමගින් වෙන්දේසි ක්‍රමයේදී සපුරාගත නොහැකි යම් හිඟ මුදල් ප්‍රමාණයක්‌ අර්ථසාධක අරමුදල වෙත නිකුත් කිරීමෙන් සපුරා ගන්නා ලෙස දක්‌වා තිබේ. ඉන්පසු 2008.01.07 දිනැති මුදල් මණ්‌ඩල පත්‍රිකාවට අදාළ අනුමැතිය යටතේ දක්‌වා ඇත්තේ 2008 අප්‍රේල් මාසයෙන් පසුව පොළී අනුපාත (ඵලදා අනුපාත/Proposed yield Rate structure) නැවත විමර්ශනය කිරීමට ඉඩ සලසා ඇති බව මිස සෘජු ක්‍රමය මාස තුනක කාලයකට සීමාකර ඇති බවක්‌ නොවන බවද එම ආරංචි මාර්ග හෙළි කරයි.

ඉන්පසු දෙවන සහ තුන්වන පාදසටහන් වලට අදාළ තත්ත්වය සාකච්ඡා කරමු. ඒ අනුව මුදල් මණ්‌ඩල පත්‍රිකා අංක MB/PD/01/26/2008 මගින් සෘජු ක්‍රමය යටතේ බැඳුම්කර නිකුත් කිරීම සඳහා භාවිත කළ යුතු පොලී අනුපාතිකය හා එකී සෘජු නිකුත් කිරීම් කළ යුතු පාර්ශ්වයන් ඉතා පැහැදිලිව දක්‌වා ඇත. පසුව 2008.05.02 දිනැති මුදල් මණ්‌ඩල පත්‍රිකාව මගින් සෘජු නිකුත් කිරීම් සඳහා යෝජනා කළ පොලී අනුපාතිකයන් (ඵලදා අනුපාතිකයන්) 2008 මැයි මස සිට දෙසැම්බර් කාලය තුළ භාවිත කිරීමට අවශ්‍ය අනුමැතිය ලබාදී තිබේ. ඉන්පසු 2008.10.07 දිනැති මුදල් මණ්‌ඩල පත්‍රිකාවෙන් සිදුකර ඇත්තේ රාජ්‍ය ණය අවශ්‍යතා සපුරා ගැනීමේදී 2008 සැප්තැම්බර් මස සිට ක්‍රමයෙන් වර්ධනය වන අපහසුකාරී තත්ත්වය පැහැදිලි කොට එකී තත්ත්වයන් තුළදී රජයේ මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමයි. ඒ අනුව 2008 ඔක්‌තෝබර් මස සිට අර්ථ සාධක අරමුදල හා අනෙකුත් මූලාශ්‍රයන් වෙත සෘජු ක්‍රමය යටතේ ද්විතීයික වෙළෙඳපොළ අනුපාතයට වඩා සියයට 0.05 ට වැඩි ඵලදා අනුපාතිකයකට (පොලියකට) බැඳුම්කර නිකුත් කිරීමටත්, අර්ථසාධක අරමුදල සහ අනෙකුත් මූලාශ්‍රයන් වෙත ද්විතීයික වෙළෙඳපොළ ද්‍රවශීලතාව වර්ධනය කිරීමට ක්‍රියාකාරී ලෙස සම්බන්ධ වන ලෙසත් ඉල්ලා සිටීමට අවසරය ලැබී ඇති බවත් මහ බැංකු ආරංචි මාර්ග වලින් පැවසේ. බැඳුම්කර නිකුතූන් සම්බන්ධයෙන් සෘජු ක්‍රමය යන්න මුලින්ම සඳහන් වන්නේ 2008.10.07 දිනැති මුදල් මණ්‌ඩල පත්‍රිකාවේය. මේ අනුව කිසිම අවස්‌ථාවක භාණ්‌ඩාගාර බැඳුම්කර සෘජු ක්‍රමයට නිකුත් කිරීම සඳහා ඇති අවසරය අවලංගු කිරීමක්‌ කර නොමැති අතර එය අද දක්‌වාද වලංගුව පවතින බව මහ බැංකු ආරංචි මාර්ග පෙන්වා දෙයි.

එජාප මන්ත්‍රීවරුන්ගේ දෙවන පාද සටහනට පදනම් කරගෙන ඇත්තේ 2016 ඔක්‌තෝබර් මස 24 දිනැති මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ අධිකාරිවරයා විසින් අත්සන් තබන ලද ලිපියකි. මේ ලිපිය එජාප මන්ත්‍රීවරුන්ගේ පාද සටහන තැබීමේ අවශ්‍යතාව සඳහාම කලින් සැලසුම් කරගෙන ගෙන්වාගෙන තිබෙන බවට අප වෙත තොරතුරු ලැබී තිබේ. මහ බැංකුවට ප්‍රශ්නයක්‌ යොමුකර එජාප මන්ත්‍රීවරුන්ගේ අවශ්‍යතාවට ගැලපෙන පිළිතුරක්‌ මහ බැංකුවෙන් ගෙන්වා ගැනීමේ සැළසුම කෝප් සාමාජිකත්වය දරණ එජාප මන්ත්‍රීවරයකුගේ නිවසේ පැවැති සාකච්ඡාවකදී ගෙන ඇති අතර එයට මහ බැංකවේ බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති නියෝජ්‍ය අධිපතිවරයකු සහ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ තවත් නිලධාරියකු සහභාගි වී ඇති බව ද දැනගන්නට ඇත. මෙකී කෝප් වාර්තාව මුලින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තිබුණේ 2016 ඔක්‌තෝබර් 25 දිනය. මේ ලියුම ඉතාම කඩිමුඩියේ ගෙන්වාගෙන ඇත්තේ 2016 ඔක්‌තෝබර් 24 දින හෙවත් ඊට පෙර දිනය. සාමාන්‍යයෙන් කෝප් එක ඉල්ලා සිටින තොරතුරු මෙතෙක්‌ ලබා දුන්නේ මුදල් මණ්‌ඩල අනුමැතිය සහිතව මුදල් මණ්‌ඩලයේ ලේකම්වරයා විසින් වුවද මේ අවස්‌ථාවේ එජාප පාද සටහන් අවශ්‍යතාව සැපිරීම සඳහා කඩිමුඩියේ යවන ලද ලිපිය යවා ඇත්තේ එම නිසි ක්‍රමවේදයට පටහැනිවය. තවද එම ලිපිය, සත්‍ය තත්ත්වය විකෘති කිරීමට එජාප මන්ත්‍රීවරුන් යොදාගෙන ඇති බවද මහ බැංකු ආරංචි මාර්ග හෙළි කරයි. අඩු තරමේ මෙවැනි ලිපියක්‌ නිකුත් කළ යුතු වන්නේ මහ බැංකු අධිපතිවරයාය. රාජ්‍ය ණය අධිකාරිවරයාට තනිවම අත්සන් කර කෝප් එකට ලිපි යෑවීමට බලයක්‌ දී තිබේද? මෙය මහ බැංකු අධිපතිව රයා පිළිතුරු දිය යුතුය. ඉතා කඩිනමින් ෆැක්‌ස්‌ මාර්ගයෙන් මේ ලිපිය ගෙන්වා ගෙන අදාළ පාද සටහන කෙටුම්පත් කර තිබුණත් එම 2016.10.24 දිනැති පැවැති කෝප් රැස්‌වීමට යෑවූ ලිපියේ සඳහන් පරිදි රජයේ හිමිකාරිත්වය දරණ ආයතන (captive Sources) සඳහා සාජු ක්‍රමය මගින් භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සඳහා සහ ගෙවනු ලබන පොලී අනුපාත සඳහා මූල්‍ය මණ්‌ඩලය අනුමැතිය ලබාදී ඇත්තේ 2008 මැයි මස සිට දෙසැම්බර් මාසය දක්‌වා කාලය සඳහා පමණක්‌ බවට ඇති සඳහන නිවැරදි නොවන බව මහ බැංකු ආරංචි මාර්ග මගින් හෙළි වේ. මහ බැංකුවේ තෙරතුරු කෙළින්ම ලිපියක්‌ මගින් අත්සන් කර වෙනත් අර්ථ නිරූපණයක්‌ ලැබෙන පරිදි පාර්ලිමේන්තු පොදු ව්‍යපාර කාරක සභාවට යෑවීම සම්බන්ධයෙන් අදාළ නිලධාරියාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට මහ බැංකු අධිපතිවරයා සූදානම්ද? එසේ නැත්නම් හොරු රැකීම සඳහා අදාල පාද සටහන් තැබීමේ එජාප මන්ත්‍රීවරුන්ගේ අවශ්‍යතාව ඉටු කරදීමට වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි මහතාද සහාය දී ඇති බවට සැකයක්‌ ඇතිවීම වැළක්‌විය නොහැකිය.
[Divaina]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions