10/05/2016

සැබෑවටම ජාත්‍යන්තරය දිනුවේ සිරිසේනලාද කොටිද?

කතෘ:යුතුකම     10/05/2016   No comments


-අයි.ජයතිලක-ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් විසින් දෙමළ ඩයස්පොරාවේ ලංකාවට එරෙහිව කටයුතු කළ හා කොටි සංවිධානයට සහාය දුන් කොටස් හමුවී සාකච්ඡා පවත්වයි.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම හා ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් මහත්මිය හා දෙමළ ඩයස්පෝරාව අතර හමුවක් සිදුව තිබේ. මෙම අවස්ථාවට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මානව හිමිකම් පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම්වරයෙකු වන ටොම් මැලිනොවිස්කි ද සහභාගී වී තිබේ. මේ සඳහා දෙමළ ඩයස්පෝරාවේ කටයුතු කරන එස්.ජේ.එම්මානුවෙල් හා සුරෙන් සුරෙන්දිරන් යන අයත් සහභාගි වී ඇත. ලංකාවේ යුද්ධය පැවති සමයේදී කොටි සංවිධානය වෙනුවෙන් විදේශයන්හි කතා කළ ප්‍රොපැගැන්ඩා සිදු කළ පුද්ගලයන් වන මොවුන් ප්‍රසිද්ධියේම කොටි ත්‍රස්තවාදයත් ප්‍රභාකරන් වෙනුවෙනුත් පෙනී සිටි අයයි.

එම්මානුවෙල් නම් පූජකවරයා මුළු මහත් කතෝලික ජනයාටම අපහාස කරමින් ප්‍රභාකරන් නම් ත්‍රස්තවාදියාව සියල්ලන්ගේ ගෞරවය දිනාගත් ජේසුස් වහන්සේට සමාන කරමින් ලිපි පවා ලිව් අයෙකි. කෙළින්ම ඊළම වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයෙකු වෙන මොහු කොටි සංවිධානයේ ඊළාම් සැමරුම් වලදීද සිටි ප්‍රධාන සාමාජිකයෙකි.

සුරෙන් සුරෙන්දිරන් යන පුද්ගලයාත් කොටි සංවිධානයේ ප්‍රොපැගැන්ඩා හා ත්‍රස්තවාදය ට සුදු හුණු ගැමට වසර තිහක් තිස්සේ කටයුතු කළ පුද්ගලයෙකි. පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ පරාජය කළ පසු ඔහුව යුධ අපරාධ අධිකරණය වෙත ඇදගෙන එන බවට ජාත්‍යන්තර මාධ්‍ය ඉදිරියේ පුරසාරම් දෙඩුවේද මෙම පුද්ගලයායි.

මේ ආකාරයෙන් ශ්‍රි ලංකාවටත් කොටි සංවිධානයට එරෙහිව යුධ වැදුණු ආරක්ෂක හමුදාවන්ට එරෙහිව කටයුතු සිදුකරන දෙමළ ඩයස්පොරාවේ පුද්ගලයින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන් සමඟ හමුවීම ගැටළු රැසක් මතු කරයි. ශ්‍රී ලංකාවේ බෙදුම්වාදි දෙමළ දේශපාලනය හා කොටි සංවිධානය සම්බන්ධව තමන් විසින් මෙතුවක් කල් කරගෙන ආ ජාත්‍යන්තර ප්‍රතිපත්තිය ඇමරිකාව විසින් වෙනස් කර ඇත්ද? ඉදිරියේදී කොටි තහනම ඉවත් කරයිද? ලංකාවේ වෙනම දෙමළ රාජ්‍යයක් වෙනුවෙන් ඇමරිකානු ප්‍රතිපත්තිය වෙනස් වෙයිද? නමුත් එකක් කිව හැකිය, වෙන කිසිම ත්‍රස්තවාදී සංවිධානයක උදව් කාරයින්ට නොලැබුණු පිළිගැනීමක් හා තත්ත්වයක් කොටි සංවිධානයේ බටහිර ඒජන්තයින්ට ඇමරිකාව විසින් ලබා දී ඇත. පසුගිය වසරේ මිලිනොව්ස්කි හා නීශා බිස්වාල් යන මහත්ම මහත්මීන් කිහිප වතාවක්ම ලංකාවට පැමිණීමත් පසුගිය දිනක රනිල් වික්‍රමසිංහ අගමැති තුමාව සිංගප්පූරුවේදී හමුවීමත් ප්‍රශ්නකාරීය.

ඒ අතරින් පවතින රජය විසින් කිසිම ආකාරයේ විරුද්ධත්වයක් නොදැක්වූ සිද්ධියක් පසුගිය වසරේ සිදුවිය. 2015 මුල්කාලයේදී ටොම් මිලිනොව්ස්කි මහතා විසින් ලංකාවට පැමිණි වතාවේදී මුලතිව් වෙරළට ගොස් මල් කළඹක් තබා මිය ගිය වුන් සිහිකිරීමයි. නමුත් මේ සම්බන්ධව පවතින මෛත්‍රිපාල සිරිසේන - රනිල් වික්‍රමසිංහ රජය කිසිදු පියවරක් ගත්තේ නැත. දැන් එම තත්ත්වය තවත් ඔඩුදුවා ඇත. ටොම් මිලිනොව්ස්කි නැමැත්තා තර්ජනාත්මක ස්වරුපයෙන් පැවසුවේ ශ්‍රී ලංකා රජය මින් පෙර දෙමළ නායකයින්ට දුන් පොරොන්දු ඉටු නොකළ ආකාරය තමන් හොඳින් දන්නා බවයි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමරිකානු ප්‍රතිපත්තිය බෙදුම්වාදී දෙමළ දේශපාලකයින්ට වාසි සහගත සේ වෙනස් වී ඇති බව මෙයින් පෙන්නුම් කරයි.
මෙම පින්තුර පළ වූයේ නීශා බිස්වාල් මහත්මිය ගේ ට්විටර් ගිණුම් වලයි. ඒ අනුව මෙහිදී සිදුකරන්නට යන ප්‍රතිසංවිධානය ක්‍රියාවලිය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී ඇති බව වාර්තා වෙයි. තමන් ගේ ට්විටර් පනිවිඩයට අනුව සංහිඳියාව හා යුධ අපරාධ වලට දඬුවම් දීම පිළිබඳ සාකච්ඡා කළ බව සඳහන් වේ. වසර 30ක් තිස්සේ කොටි ත්‍රස්තවාදයට මුදල් එවූ හා කොටි වෙනුවෙන් කතා කළ පුද්ගලයින් සමඟ ලංකාවේ යුද්ධය අවසාන කළ හමුදාවන්ට එරෙහිව යුධ අපරාධ කතා කිරීම ම කෙතරම් විහිළු සහගත ද? ලංකාවේ සිදුවන සංහිඳියාව හෝ රජය කියන ‘අභ්‍යන්තර’ යුධ අපරාධ සම්බන්ධයෙන් ඇමරිකාව කොටි හිතවාදීන් සමඟ සාකච්ඡා කිරීම ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට සිදුකරන ඇඟිලි ගැසීමක් නොවේද? ලංකාවේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්න සම්බන්ධයෙන් පවතින රජයට ප්‍රතිපත්තියක් නැතිද? රජය විසින් පුන පුනා කිවූ ජාත්‍යන්තරය දිනාගැනීම යනු කොටි හිතවාදීන් හා ඇමරිකාව අතර සම්බන්ධතා තර කිරීම ද?

අපිට මෙච්චර කල් ලෙඩ දැම්මේ ඇමරිකාව නම්..
අපි දැන් ඇමරිකාව එක්ක යාළු නම්...
ජාත්‍යන්තරය දින්නා නම්
ඒකෙ හරි ප්‍රතිඵලය වෙන්න ඕන ඇමරිකාව යුධ අපරාධ කතා ඉවත් කිරීමත්
දෙමළ ඩයස්පොරාව ටිකින් ටික කොන් වීමත්..නේද?

නමුත් වෙන්නේ තනිකර අනිත් පැත්ත. නේද?
කිසිදා හිතු නැති විදිහට දෙමළ ඩයස්පෝරාව හා ඇමරිකාව අතර සබඳතා තර වීම නේද?
එතකොට දිනලා තියෙන්නේ කොටි ද අපි ද?
කොටි නේද?

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook -https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions