10/22/2016

අහෝ සිරිසෙන් නොදුටි මෙපුවත? - මානුෂීය මෙහෙයුමේ හමුදා ප්‍රධානීන් 5ක්‌ රහස්‌ පොලිසියට

කතෘ:යුතුකම     10/22/2016   No comments

මානුෂීය මෙහෙයුමේ හමුදා ප්‍රධානීන් 5ක්‌ රහස්‌ පොලිසියට
- කීර්ති වර්ණකුලසූරිය [දිවයින 2016-10-22]

වන්නි මෙහෙයුමට දායක වූ හිටපු හමුදා ප්‍රධානීන් පස්‌දෙනකු මේ වන විට විවිධ චෝදනා මත මූල්‍ය අපරාධ අංශයට සහ රහස්‌ පොලිසියට කැඳවා ප්‍රශ්න කරගෙන යයි. හිටපු නාවික හමුදාපතිවරුන් වූ තිසර සමරසිංහ, වසන්ත කරන්නාගොඩ, ජයනාත් කොළඹගේ, ජයන්ත පෙරේරා සහ හිටපු හමුදාපති දයා රත්නායක එම හමුදා ප්‍රධානීන් වේ.

දේශපාලන කටයුතුවලට සම්බන්ධවීම, ඇවන්ගාර්ඩ් සමාගමට සහය වීම, ළමුන් පස්‌දෙනකු අතුරුදන් වීම සහ යුද හමුදා සුබසාධනයට ටෙලිකොම් ආයතනයෙන් මිලියන 50 ක්‌ ලබාගැනීම යන චෝදනා මෙම ආරක්‌ෂක ප්‍රධානීන්ට ඉදිරිපත් වී ඇත.

මොවුන්ට එරෙහිව පරීක්‌ෂණ අරඹා ඇත්තේ මූල්‍ය අපරාධ අංශයට හා රහස්‌ පොලිසියට ලත් පැමිණිලි මත බව ද හෙළි වී ඇත.

මෙලෙස කටඋත්තර ලබාගත් එක්‌ ආරක්‌ෂක ප්‍රධානියෙක්‌ සහ හිටපු ආරක්‌ෂක නිලධාරියාට රුපියල් ලක්‌ෂ 3 ක්‌ වටිනා රොලෙක්‌ස්‌ ස්‌විස්‌ අත්ඔර්ලෝසුවක්‌ ලබාදීම ගැනද තොරතුරු හෙළි වී තිබුණි.

එම ආරක්‌ෂක ප්‍රධානියාට එරෙහිව එකී හිටපු ආරක්‌ෂක නිලධාරියා රහස්‌ පොලිසියට කටඋත්තරයක්‌ ද ලබා දී ඇත.

මේ අතර ආරංචි මාර්ග පැවසුවේ හිටපු ආරක්‌ෂක හමුදා ප්‍රධානීන්ට එරෙහි චෝදනා පසුබිමේ හිටපු ආරක්‌ෂක ප්‍රධානියකු ද සිටින බවයි.

කටඋත්තර ලබාගත් හිටපු ආරක්‌ෂක ප්‍රධානීන් ගැන මූල්‍ය අපරාධ අංශය හා රහස්‌ පොලිසිය නීතිපති වෙත වාර්තා යොමු කිරීමට ද නියමිතය.

මේ අතර ගාලු කොටුවට එල්ල වූ කොටි ප්‍රහාරයෙන් ද වරදකරු වී නාවික හමුදා සේවයෙන් ඉවත් කළ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු මෑතක දී රියාර් අද්මිරාල් ධුරයට උසස්‌ කර ඇත.

මෙලෙස වන්නි මෙහෙයුමේ හිටපු ආරක්‌ෂක ප්‍රධානීන්ගෙන් ප්‍රශ්න කිරීම නිසා හමුදා අංශවල කටයුතු අවුල්සහගත වීමේ තත්ත්වයක්‌ මතු වී ඇති බව ආරංචි මාර්ග දක්‌වයි.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions