1/04/2017

‍යෝජිත ව්‍යවස්ථා යෝජනා වලින් නමින් කෙසේ වෙතත් හරයෙන් ඒකීයභාවය අහෝසියි.-ත්‍රිකුණාමලයේ ආනන්ද හිමි

කතෘ:යුතුකම     1/04/2017   No comments

-නව ව්‍යවස්‌ථාව සකස්‌ විය යුත්තේ කෙසේද ?
ත්‍රිකුණාමලයේ ආනන්ද හිමි
සම ලේකම්
බුද්ධ ශාසන කාර්ය සාධන මණ්‌ඩලය


නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සම්පාදනය සඳහා පත් කළ පාර්ලිමේන්තු අනුකාරක සභාවන්හි යෝජනා පිළිබඳ බුද්ධ ශාසන කාර්යසාධක මණ්‌ඩලයේ ප්‍රකාශය

බුද්ධ ශාසනය ආරක්‌ෂා කොට පෝෂණය කිරීමටත් බුද්ධාගමට හිමි ප්‍රමුඛස්‌ථානය තවදුරටත් පවත්වාගෙන යැමටත් රාජ්‍යයේ ඒකීය ව්‍යqහය එලෙසම පවත්වා ගෙන යැමටත් රජය ප්‍රතිඥ දී ඇති අවස්‌ථාවක ශ්‍රී ලංකා රාජ්‍යයේ ඒකීයභාවයට එරෙහි වන යෝජනා ගණනාවක්‌ ව්‍යවස්‌ථා සම්පාදන අනුකාරක සභා විසින් ඉදිරිපත් කර ඇත. මෙම යෝජනා ශ්‍රී ලංකා රාජ්‍යයේ පැවැත්මට අහිතකර වෙනවා පමණක්‌ නොව ජාතික සමඟියට, සංහිsඳියාවට සහ සහජීවනයටද අතිශයින්ම හානිකර වේ.

එම කමිටු අතරින් මධ්‍යම- පර්යන්ත අනුකාරක සභා වාර්තාවෙහි සඳහන් කරන්නේ ව්‍යවස්‌ථාවේ ඒකීය ස්‌වරූපය පළාත් සභාවල සඵලදායී ක්‍රියාකාරීත්වයට බාධාවක්‌ බව එම කමිටුවේ සභාපති හා එහි සාමාජිකයන් කිහිප දෙනකුගේ අදහස බවය. මෙයින් පෙනී යන්නේ නව ව්‍යවස්‌ථාව සැකසීමේ ක්‍රියාවලියට එම කමිටුව අවතීර්ණ වී ඇත්තේ ඒකීය රාජ්‍යයක්‌ නුසුදුසුය යන ස්‌ථාවරය මතයි. මෙම කමිටුවේ බොහෝ යෝජනාද ගෝලීය දෙමළ සංවිධානයෙන් මෑතකදී ප්‍රකාශිත යෝජනාවලිය හා බෙහෙවින් සමානය.

ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙක්‌ම එක හා සමානය. ඔවුන් සෑම දෙනාම එක නීතියකට යටත් විය යුතු අතර, එක ආණ්‌ඩුවක්‌ විසින් පාලනය විය යුතුය. ජනවර්ග හා ආගම පදනම් කරගෙන හෝ භාෂාව පදනම් කරගෙන හෝ වෙන් වූ කලාපයන් තුළ ජීවත් වීමෙන් ජාතික සංහිඳියාව ඇති කළ හැකි යෑයි අපි විශ්වාස නොකරමු.

ශ්‍රී ලංකා රාජ්‍යයේ ඒකීයභාවයටත්, ජනතාවගේ ස්‌වෛරීභාවයටත්, භෞමික අඛණ්‌ඩතාවටත්, ජාතික ආරක්‌ෂාවටත් දේශීයවද, විදේශීයවද තර්ජන එල්ල වෙමින් තිබෙන හෙයින් එම තත්ත්වයද වහා දුරු කොට සමෘද්ධිමත් ඒකීය ශ්‍රී ලංකාවක්‌ ගොඩනැඟීම යථාර්ථයක්‌ කිරීම අප සියලු දෙනාගේ යුතුකම වේ. ඒ උතුම් අරමුණ ඉටු කර ගැනීම සඳහා පහත සඳහන් කාරණා කෙරෙහි රජයෙත් මහජනතාවගෙත් අවධානය යොමු කරනු කැමැත්තෙමු.

ශ්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍යයක්‌ හෝ පෙඩරල් රාජ්‍යයක්‌ ඇති කිරීම වැළැක්‌විය යුතු අතර, ඒ සඳහා දැනට ව්‍යවස්‌ථාවට ඇතුළු කර ඇති 6 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයේ විධිවිධාන නිසි ලෙස සකසා නව ව්‍යවස්‌ථාවට ඇතුළත් විය යුතුය. රාජ්‍යය එක්‌සත් හෝ පෙඩරල් යන ආකාරයෙන් වක්‍රව හෝ අර්ථ නොගැන්වෙන පරිදි ඒකීය රාජ්‍යය පිළිබඳ අදහස එහිලා තහවුරු කළ යුතුය.

ශ්‍රී ලංකාවේ ඒකීයභාවය රැක ගැනීමට නම් පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය ආරක්‌ෂා කළ යුතුය. ජනතාව සතු ව්‍යවස්‌ථාදායක බලය සීමා කිරීමෙන් රාජ්‍යයේ ඒකීයභාවයට තර්ජනයක්‌ වන නිසා, ව්‍යවස්‌ථා බලය ක්‍රියාත්මක කරන වෙනත් කිසියම් අවශේෂ ආයතනයක්‌ වෙතොත් ඒ සෑම ආයතනයක්‌ම පාර්ලිමේන්තුවේ උත්aතරීභාවයට යටත්ව ක්‍රියාත්මක විය යුතුය. එවැනි ආයතනයක යම් ප්‍රඥප්තියක්‌ හෝ අතුරු නීතියක්‌ පාර්ලිමේන්තුවේ සාමාන්‍ය නීතියක්‌ පරිච්චින්න හෝ සංශෝධන කරන ආකාරයෙන්ම පරිච්චින්න හෝ සංශෝධනය කිරීමට හැකි විය යුතුය. ඊට පටහැනිව දැනට පවතින සියලු යෝජනා විධිවිධාන නව ව්‍යවස්‌ථාවට ඇතුළත් නොවිය යුතුය.

ජාතික ආරක්‌ෂාව ඇතුළුව ජනතාව සතු විධායක බලය ජනාධිපතිවරයා සහ/හෝ අමාත්‍ය මණ්‌ඩලය වෙත පැවරිය යුතු අතර, වෙනත් කිසියම් තැනැත්තෙකු හෝ අවශේෂ ආයතනයක්‌ විසින් ක්‍රියාත්මක කරනු ලබන යම් විධායක බලයක්‌ වෙතොත් ඒවා ජනාධිපති හෝ කැබිනට්‌ මණ්‌ඩලයේ විධායක බලයට හා විධානයන්ට යටත්ව පමණක්‌ ක්‍රියාත්මක විය යුතුය. මේ නිසා පළාත් සභා මෙරට ක්‍රියාත්මක වන තාක්‌ කල් ජනාධිපතිවරයාගේ අධීක්‌ෂණය, පාලනය හා මෙහෙයවීම යටතේ ආණ්‌ඩුකාරවරයා විසින් විධායක බලය ක්‍රියාත්මක කළ යුතුය.

ශ්‍රී ලංකාව තුළ අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමට කිසිම විදේශීය ආයතනයකට හෝ පුද්ගලයකුට ඉඩ නොදිය යුතු අතර, ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියෙන් පරිබාහිර ව්‍යවස්‌ථා අධිකරණයක්‌ හෝ වෙනත් යම් අධිකරණ ආයතන ඇති නොකිරීමට වගබලා ගත යුත අතර, ජන වර්ගය පදනම් කරගෙන අධිකරණවලට පත් කිරීමක්‌ සිදු නොවිය යුතුය.

ශ්‍රී ලංකාව තුළ ජනවර්ගය හෝa ආගම හෝ භාෂාව පදනම් කර ගනිමින් කිසිදු පරිපාලන හෝ දේශපාලන ඒකක හෝ ව්‍යqහයන් නිර්මාණය නොකළ යුතුය. ඊට ඉඩ සලසන විධිවිධාන වෙතොත් ඒවා ව්‍යවස්‌ථාවෙන් ඉවත් කළ යුතු අතර, නව ව්‍යවස්‌ථාවක්‌ තුළට ඒවා කිසිසේත් ඇතුළත් නොකළ යුතුය. උතුරු හා එසේම නැගෙනහිර පළාත් ඒකාබද්ධ කොට වෙනම රාජ්‍යයක්‌ ඇති කිරීමට අවශ්‍ය වස්‌තු බීජ නිර්මාණය නොකළ යුතුය.

මහජන සාමය පැවැත්වීම සහ පොලිස්‌ බලය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනරජය සතු අධිකාරි බලය කිසිවිටෙකත් කිසිම පළාත් හෝ ප්‍රදේශයක්‌ පාලනය කරනු ලබන ආයතනයකට හිමි නොකළ යුතුය. ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රධානියා වන පොලිස්‌පතිවරයාගේ මෙහෙයවීම යටතේ පොලිසිය ශ්‍රී ලංකා භූමි ප්‍රදේශය තුළ පවත්වා ගෙන යා යුතුය.

ශ්‍රී ලංකා රජයේ ඉඩම් ප්‍රයෝජනයට ගැනීම, පරිපාලනය, බෙදාහැරීමේ ක්‍රමවේද නිර්ණය කිරීම සම්බන්ධයෙන් සම්පූර්ණ අයිතිවාසිකම් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් සාදන නීතිරීතිවලට අනුකූලව කටයුතු කිරීමේ වගකීම ශ්‍රී ලංකා රජය සතු විය යුතුය.

ව්‍යවස්‌ථාවට සමගාමී ලැයිස්‌තුවක්‌ ඇතුළත් කර ඇත්තේ, එහි විෂයයන් 36 ක්‌ සම්බන්ධයෙන් ජනාධිපතිටත්, අමාත්‍ය මණ්‌ඩලයටත්, පාර්ලිමේන්තුවටත් මැදිහත් වීමට හැකි වන පරිදි වර්තමාන ව්‍යවස්‌ථාව යම් පළාතක ජීවත් වන සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් ආරක්‌ෂා කිරීමට ශ්‍රී ලංකා රජයට මැදිහත් වීමට අවස්‌ථාව සලසා දීම සඳහා බැවින් පළාත් ක්‍රමය තවදුරටත් තබා ගන්නේ නම් සමගාමී ලැයිස්‌තුව අහෝසි නොකළ යුතුය.

ශ්‍රී ලංකා ජනරජයේ ඉහළ නිලධාරීන් හෝ ස්‌වාධීන කොමිෂන් සභාවන්ට සාමාජිකයන් පත් කිරීම සඳහා ස්‌ථාපනය කරනු ලබන ව්‍යවස්‌ථා සභාවක්‌ හෝ ඊට සමාන ආයතනයක්‌ වෙතොත් එහි සංයුතිය, පාර්ලිමේන්තුවේ නියෝජනය කරනු ලබන පිළිගත් දේශපාලන පක්‌ෂවල සමානුපාතික නියෝජනය මත පදනම් විය යුතු අතර, එසේ පාර්ලිමේන්තුවේ නියෝජනය වන දේශපාලන පක්‌ෂ විසින් යෝජනා කරනු ලබන තැනැත්තන්ගේ පත් කිරීම පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයකින් අනුමත විය යුතුය. එවැනි සභාවක්‌ හෝ ආයතනයක්‌ හෝ මඟින් කරනු ලබන සියලු නිර්දේශයන් පාර්ලිමේන්තුවේ බහුතරය විසින් අනුමත කරනු ලැබුවහොත් මිස ජනාධිපතිවරයා විසින් යම් ධුරයක්‌ සඳහා පත් කිරීම් නොකළ යුතුය.

සමස්‌ත ශ්‍රී ලංකාවේ මූල්‍ය පාලනය පාර්ලිමේන්තු සතු විය යුතුය. විවිධ ආයතනවලට ජනාධිපතිවරයාගේ හෝ කැබිනට්‌ මණ්‌ඩලයේ අවසරයකින් තොරව විදේශීය මුදල් ලබා ගැනීමට ඉඩ නොදිය යුතු අතර, රාජ්‍යයට ගැළපෙන පරිදි මුදල් වෙන් කිරීමේ අභිමතය රජය තබාගත යුතුය.

දිස්‌ත්‍රික්‌ ලේකම්, ප්‍රාදේශීය ලේකම් හා ග්‍රාම සේවා නිලධාරීන් වර්තමානයේ ශ්‍රී ලංකා රජයේ නිලධාරීන් වශයෙන් පළාතක්‌ තුළ ස්‌ථානගත කර තැබීම රජයත්, පළාත් ආණ්‌ඩුවත් අතර සහයෝගයෙන් කටයුතු කිරීමට උපකාර වන පියවරකි. එම නිලධාරීන් මධ්‍යම රජයෙන් ඉවත් කොට පළාත් සභාවන් යටතට ගෙන ඒaම එකී සහයෝගය විනාශ කිරීමට දරන උත්සාහයක්‌ වන නිසා එවැන්නක්‌ නොකළ යුතුය.

ඕනෑම විෂයක්‌ පිළිබඳව ජාතික ප්‍රතිපත්ති තීරණය කිරීමේ අයිතිය සෑම විටම ශ්‍රී ලංකා රජය සතු විය යුතුය. එසේම ලැයිස්‌තුවේ විශේෂයෙන් සඳහන් නොවන ඕනෑම විෂයක්‌ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේ බලය ශ්‍රී ලංකා රජය වෙත තබා ගැනීම රටේ ස්‌වෛරීත්වය මතුවටත් තහවුරු කිරීමට උපකාර වන පියවරකි.

අප මින් පෙරද සඳහන් කළ පරිදි නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීමෙහිලා අර්බුදකාරී ගැටලු තවද ඇති විය හැකි හෙයින් අවශ්‍ය සංශෝධන පමණක්‌ ඇතුළත් කොට සංශෝධිත නව ව්‍යවස්‌ථාවක්‌ සැකසීම ප්‍රඥාගෝචර බව අපි නැවතද අවධාරණය කරමු.

යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions