1/15/2017

රට බෙදන ව්‍යවස්ථාව පරදවන්න මන්ත්‍රීකම් අතහැර පෙරමුණ ගන්න - මාරපන සොයුරාගෙන් ශ්‍රීලනිප මන්ත්‍රීන්ට ඇරයුමක්

කතෘ:යුතුකම     1/15/2017   No comments

පක්ෂයකින් තේරිපත්වූ මන්ත්‍රීවරයෙකුගේ මන්ත්‍රීධූරය අහෝසි කිරීමට පක්ෂ නායකයාට ලැබෙන අයිතිය අහෝසි නොකර කොතරම් පවාදීමක් සිදු වුවත් හෘද සාක්ෂියට එකඟව චන්දය දීමට මන්ත්‍රීවරුන්ට ඉඩක් නැති බව අධි නීතීඥ ගාමිනී මාරපන මහතා පෙන්වා දෙයි.
එදා ජේආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ ආණ්ඩුව විසින් 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත්තේද එවැනි ලැජ්ජාසහගත බලහත්කාරකමින් බව ඔහු පෙන්වා දෙයි. මේ යෝජිත ව්‍යවස්ථා සංශෝධනයද එලෙස සම්මත කරගැනීමට ආණ්ඩුව සූදානම් බව පෙන්වා දෙන මාරපන මහතා ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට පෙර පක්ෂ නායකයාට මන්ත්‍රීධූරය තීරණය කිරීමේ අයිතිය ලැබී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 -13-ආ වගන්තිය අහෝසි කළ යුතු යැයි අවධාරණය කරයි.

අධිනීතීඥ මනෝහර ද සිල්වා මහතා විසින් රචිත 'බෙදුම්වාදීන්ගේ උපාය මාර්ග සහ ව්‍යවස්ථා සංශෝධන " ග්‍රන්ථය ජනගත කිරීම වෙනුවෙන් ජනවාරි 5 වනදා පදනම් ආයතනයේදී පැවති උලෙලේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. අධිනීතිඥ ගාමනී මාරපන මහතා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී , හිටපු අමාත්‍ය තිලක් මාරපන මහතාගේ සොහොයුරාය

අභ්‍යන්තරයෙන් අඩංගුවෙන් රට බෙදෙන ෆෙඩරල් රාජ්‍යක් සඳහා අවශ්‍ය සියලු ප්‍රතිපාදන සකස් කරමින් මිනිසුන් රවටන්නට පිටතින් ඒකීය බෝඩ් ලෑල්ල දමා මේ කරන ව්‍යාජයට හසු නොවන ලෙස ඉල්ලා සිටින මාරපන මහතා ආණ්ඩුව මේ කූට උපායමාර්ගවලින් රවටන්නට හදන්නේ කවුදැයි ප්‍රශ්න කරයි.

යෝජිත ව්‍යවස්ථාවට එරෙහිව චන්දය දීමට මන්ත්‍රීධූරය අහිමි කරාවියැයි පක්ෂ නායකත්වයට බියෙන් මුලු නොගැන්වී පෙරට එන ලෙස මාරපන මහතා මෙහිදී පැමිණ සිටි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ආරාධනය කර සිටී.'

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ ගාමිණී මාරපන මහතා
"මනෝහර ද සිල්වා
මහතා මේ ග්‍රන්ථය හරහා කිස්සිවෙකුට අඟිල්ලක් දික් නොකර අප රට අද පත්ව තිබෙන අගාධය පිලිබඳ අදහස් ඉදිරිපත් කිරීම විශිෂ්ටයි.ඔහුගේ රජකාරි කටයුතු අස්සේ මෙවනි ග්‍රන්තයක් ප්‍රකාශ කිරීම පිළිබඳ එතුමාට අපි ප්‍රසංසන්සා කළ යුතුයි.මේ ග්‍රන්ථයේ සඳහන් වෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මෙරට ඒකීයභාවය අහිමි කරන ආකාරය පිළිබඳ ඉතා සියුම්ව විග්‍රහ කරල තියෙනවා.
මෙ ග්‍රන්ථයේ 97 පැකේජය ගැන , 2000 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ආදිය ගැන අඩංගු කරුණු වලින් බලය හිමි කොටස් මේ ප්‍රශ්නවලදී හසිරෙන ආකාරයද මැනවින් සඳහන් කර ඇත.
මා මෙතෙක් මෙලෙස අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන සියුම්ව ලියපු ග්‍රන්ථයක් කියවලා නෑ.

දා 13 වන ව්‍යවස්ථා උගුලේ අප වැටෙන විට මෙවැනි ග්‍රන්ථයක් නිර්මාණය වූවානම් අපේ රටේ ඉරණම මීට වඩා වෙනස් වෙන්නට තිබුණා.එබැවින් මේ ග්‍රන්තය අපේ රටේ දේශපාලනඥයන් මෙන්ම නීතීඥයන්ද අනිවාර්යෙන් කියවිය යුතුයි කිය මා ප්‍රකාශ කරනවා.
මේ අනතුරෙන් ගැලවිය හැකි මග එමගින් පාදාගත හැකියි." යැයිද පැවසීය.
සම්පූර්ණ දේශනය පහත සබැඳියෙන්...

සටහන : යටියන ප්‍රදීප් කුමාර

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions