1/21/2017

ලෝකේ කොහෙවත් අනාගමික රාජ්‍ය නෑ - ආචාර්ය නලින්ද සිල්වා

කතෘ:යුතුකම     1/21/2017   No comments

ආචාර්ය නලින් ද සිල්වා මහතා නිදහස් ශ්‍රි ලංකාවේ පැවැත්ම අභියෝගයට ලක් වූ සෑම අවස්ථාවකම රටට, දැයට, සමාජයට පෙරමඟ කියාදිමට අකුටිලව පෙරට ආ ප්‍රමුඛතම ප්‍රාඥයකි. මීට තිස් වසරකට පෙර මගේ ලෝකය රචනා කරමින් බටහිර දැනුම ප්‍රශ්න කළ එතුමා ස්වාධීන බුද්ධිමතෙකු ලෙස නිවහල් චින්තනයක අවශ්‍යතාව පෙන්වා දුන්නේය. මේ ඔහු සමඟ සමකාලින සමාජ දේශපාලන තත්ත්වයන්ට අවධානය යොමු කරමින් කළ සාකච්ඡාවකි.

Q. ඔබ බටහිර විද්‍යාව, දර්ශනය, පිළිබඳ පමණක් නොව මේ රටේ ඉදිරි ගමනට බලපාන වැදගත් ප්‍රශ්න අරභයාද නිර්භීත අදහස් පළ කරනවා. උතුරේ ජනවාර්ගික ගැටළුව සම්බන්ධව ඔබේ අදහස මොකක් ද?

මේ ප්‍රශ්නය උත්තර හොයන්න බෑ 1956 න් 1972 න් හෝ 1983 න් පටන් අරගෙන. මේක 1833 ඉඳලා බලන්න ඕන ඊටත් එහාට ගිහිල්ලා ලන්දේසි කාරයෝ වෙල්ලාලයන් ගෙනාපු කාලයට යන්න ඕන. ඉන්දියාවේත් දෙමළ කියලා අනන්‍යතාවයක් ඇති වුණේ 19 වන සියවසේ මුල් භාගයෙන් පස්සේ. මිනිස්සු භාෂාවක් කතා කළ පමණින් ජනවාර්ගික අනන්‍යතාවක් ඇතිවෙන්නේ නැහැ. ඒකට විඥානයක් ඇතිවෙන්න ඕන. ඉන්දියාවේ දෙමළ මිනිස්සු තුළ මේ විඥානය ඇති කෙරුවේ දෙමළ කතෝලික පූජකවරු උතුරේ හින්දි භාෂාව කතාකරන කට්ටියට විරුද්ධව. ආර්යන්ටත් වඩා පරණ ඉතිහාසයක් තියෙනවා කියලා මේ පූජකවරු තමයි දෙමළ ඉතිහාසයක් ලියන්න ගත්තේ. මේ ඔක්කොම බොරු කතන්දර.

ඊටත් පස්සේ තමයි ලංකාවේ දෙමළ විඥානයක් ඇති වුණේ. ඒකත් මේ රටෙන් ඇතිවෙච්ච එකක් නෙමෙයි ඉංග්‍රිසි කාරයෝ ඇති කරපු එකක්. ඔවුන් ලංකාවේ ජන සංගණනය පටන් ගත්තේ 1881 දී. ඉංග්‍රිසි කාරයෝ එතෙක් මලබාර් වශයෙන් හඳුන්වපු දෙමළ ජනයා 1891 න් පස්සේ සිලොන් ටැමිල් ( Ceylon Tamils) කියලා හැඳින්වුවා. අපිට කියනවද සිලොන් සිංහලිෂ් කියලා. එහෙම කියන්නේ නැහැ. මොකද මේ අයට ”ලාංකික දෙමළ” කියලා කිව්වේ. මේ වනවිට ඉන්දියාවෙත් දෙමළ අය හිටපු නිසා මේ අය ලාංකික දෙමළ ලෙස හැඳින්වුවා. ඕකයි වුනේ. මේකෙන් පේනවා ඉන්දියාවේ දෙමළ අනන්‍යතාවක් ඇති වුණාටත් පස්සේ තමයි මෙහේ දෙමළ විඥානයක් ඇති වෙන්නේ. ඒකත් මේ රටෙන් ඇති වෙච්ච එකක් නෙමෙයි ඉංග්‍රිසිකාරයෝ ඇති කරපු එකක්. ඒ නිසා මෙහේ දෙමළ ප්‍රශ්නයක් නැහැ. තියෙන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධව දෙමළ විඥානයක් ඇති කළ දෙමළ ජාතිවාදී ප්‍රශ්නයක්. දැන් ඒක ඔඩු දුවලා තියෙනවා.

Q. නමුත් එය යුධමය වශයෙන් පරාජය කළාට ප්‍රශ්නය තවම ඉවර නැති බවයි සමහරුන්ගේ අදහස දේශපාලන විසදුමක් දීම අනිවාර්ය බව සමහර දේශපාලඥයින්ගේත් අදහස වී තිබෙනවා. ඒ පිළිබඳ ඔබේ අදහස කුමක් ද?

දේශපාලන වශයෙන් තමයි උත්තරේ නන්දිකඩාල්වලදී දුන්නේ. ප්‍රභාකරම් ඔහුගේ සීයලා, බාප්පලා හා මස්සිනාලා පොතෙත් මම මේක ගැන ලියලා තිබෙනවා. මේ ප්‍රශ්නයේ අවසාන පුරුක තමයි ආයුධ අතට ගත්ත ප්‍රභාකරම්. ප්‍රභාකරම් ආයුධ අතට ගත්තේ අනෙක් මිනිස්සුන්ට සාකච්ඡාවලින් කරන්න බැරි නිසා නේ. එතකොට ආයුධ අතට අරගෙනත් කරන්න බැරිනම් ආයෙත් සැරයක් සාකච්ඡා කරන එකෙක් ඉන්නවද?. ඒක මේ සමස්ත ප්‍රශ්නයටම දිපු හමුදා විසඳුමක් විතරක් නෙමෙයි දේශපාලන විසඳුමත් ඒකයි. සෑම හමුදා විසඳුමක්ම අවසාන වශයෙන් දේශපාලන විසඳුමක්. හිට්ලර්ට දුන්නේ දේශපාලන විසඳුමක්ද නැද්ද?. ලෝක යුද්ධය පරාජය වුණාම ආයෙත් සැරයක් එකෙකුට ඇවිල්ලා නට්සිවාදය ගැන කතාකරන්න පුළුවන්ද? ඒ වගේ ආයෙත් සැරයක් සාකච්ඡාවලට යමු කියලා කියන්න පුළුවන්ද? මිනිස්සු මේ ප්‍රශ්නය හරියට දකින්නේ නැති නිසයි දේශපාලන විසදුම් ඉල්ලන්නේ. දෙන්න පුළුවන් හොදම දේශපාලන විසඳුම තමයි නන්දිකඩාල්වලදී දුන්නේ. එකම දේ තියෙන්නේ දේශපාලන විසදුම දුන්නට ඒක නීති පොතට ගියේ නෑ. එහෙම වුණා නම් 13 වන සංශෝධනය ඉවත් කරන්න ඕන. ඒ අඩුව තවම තියෙනවා. ඒකටත් 2012 දී මහින්ද යම් උත්සහයක් අරගෙන තියෙනවා. ඒත් ඩිව් ගුණසේකර, තිස්ස විතාරණ, වාසු, රාජිත, වගේ අය එකතුවෙලා ඒ යෝජනාව කැබිනට් එකේ දි පරාජය කරලා තියෙනවා.

Q. වර්තමාන ආණ්ඩුවද කුමන විරෝධයක් ආවත් ඉදිරියේදි ඉන්දියාව සමඟ එට්කා ගිවිසුමට අත්සන් කරන බව පවසනවා. මෙය රටේ අනාගතයට බලපාන්නේ කෙසේද?

එට්කා ගිවිසුම කියන්නේ අවසාන වශයෙන් ගත්තොත් ලංකාව දකුණු ඉන්දියාවේ තවත් ප්‍රාන්තයක් බවට පත් කරන ගිවිසුමක්. ඉන්දියාවේ තියෙනවා තමිල්නාණ්ඩුව, කේරලය, කර්ණාටකය, ආන්ද්‍ර ප්‍රදේශය, තෙලගාන කියලා ද්‍රවිඩ ප්‍රාන්ත 05ක්. දැන් රනිල් කියන්නේ මොකක්ද? මේ ද්‍රවිඩ ප්‍රාන්ත 05ත් එක්ක ලංකාව ආර්ථික වශයෙන් බැදෙන්න ඕනලු. එතකොට මේ එට්කා එකේ ආර්ථික කතන්දරේ යටින් තියෙන අවසාන අරමුණ මොකක්ද? අපි ඉන්දියාවේ තවත් ද්‍රවිඩ කලාපයක් බවට පත් වීම. ඕක කරන්න තමයි මේ ගිවිසුම අත්සන් කරන්නේ. දැන් අපි මොකක් හරි හේතුවක් නිසා වෙන්වෙලා ඉන්නවා මුහුද තියෙන නිසා. මොන විදිහකින් හරි පාළමත් හැදුනොත් සම්පූර්ණයෙන්ම අපට වෙන්නේ ඉන්දියානු ආධිපත්‍යයට යටත් වෙන්න. අපි දකුණු ඉන්දියාවේ 06 වන ද්‍රවිඩ ප්‍රාන්තය බවට පත්වෙනවා. ඒ මදිවට ඔය කියන වෘත්තිකයොද, අයි ටී කාරයොද, දොස්තරලාද, ඔය ඔක්කොමලා එනවා. වැඩියෙන්ම එන්නේ දකුණු ඉන්දියාවේ අදක්ෂයෝ ටික. උතුරු ඉන්දියාවේ හෝ දකුණු ඉන්දියාවේ දක්ෂයෝ කිසි කෙනෙක් ලංකාවට එන්නේ නෑ. උන් ඔක්කොම ඇමරිකාවට හරි යුරෝපයට හරි යනවා. ඉන්දියාවෙන්වත් රස්සාවක් හොයා ගන්න බැරිවෙච්ච අදක්ෂයෝ ටික තමයි ලංකාවට එන්නේ. අවසානයේ වෙන්නේ ආර්ථික වශයෙනුත්, දේශපාලන වශයෙනුත්, හැම අතින්ම ඉන්දියානු ආධිපත්‍යය යටවීම විතරයි. මේ උගුලේ හිරවෙන්න කලින් බැදුම්කරයෙන් හරි මොකක් හරි තැනකින් පටන් අරගෙන රනිල් එළවලා දාන්න ඕන.

Q.ඉන්දියාවෙන් එන එට්කා ප්‍රතික්ෂේප කරනවා නම් බුද්ධාගමත් ඉවත දමන්න ඕන බවයි අගමැතිවරයා ප්‍රකාශ කළේ. මොකද එයත් ඉන්දියාවෙන් ලැබුන දායාදයක් නිසා. මේ ගැන ඔබේ අදහස මොකක් ද?

රනිල් මොන ඉතිහාසයක් දැන ගෙනද මේවා කතා කරන්නේ. ඒ කාලේ ඉන්දියාවක් තිබුණද බුදු හාමුදුරුවෝ ඉන්දියාවේ කියන්න. බෞද්ධ සාහිත්‍යයේ රනිල් කොහෙවත් කියවලා තියෙනවද බුදු හාමුදුරුවෝ ඉන්දියාවේ කියලා. බුදු හාමුදුරුවෝ ලංකාවේ කියන එකත් නෙමෙයි මම මේ කියන්නේ. බුදු හාමුදුරුවෝ උපන්නේ ශාක්‍යවංශයේ. කපිලවස්තුවේ කිඹුල්වත් නුවර. ඉන්දියාවක් ඇති වුණේ ඉංග්‍රිසිකාරයෝ ඉන්දියාවට ආවට පස්සේ. අපි දන්නේ සොළොස් මහා ජනපද ගැන. බුදු හාමුදුරුවෝ වැඩියෙන්ම සම්බන්ධකම් පැවැත්වුයේ මගධයත් එක්ක. වැඩියෙන්ම වැඩ සිටියේ සැවැත් නුවරයි, රජගහ නුවරයි. එතකොට ඉන්දියාවක් නෑ.

අපි නිකමට හිතමු බුදු හාමුදුරුවෝ වැඩියේ ඉන්දියාවෙන්ම කියලා. මිහිදු හාමුදුරුවෝ බුද්ධාගම රැගෙන ආවේ ඉන්දියාවෙන්ම කියලා. ඒත් මොන මෝඩයාටද බුදු දහමයි ඒට්කා ගිවිසුමයි සමාන කරන්න පුළුවන්. මොන තර්කයක් අනුවද බුදු දහම ලැබුණ පලියට ඉන්දියාවෙන් ලැබෙන හැම දෙයක්ම හොදයි කියන්නේ. රනිල්ට අනුව එහෙම නම් චෝල ආක්‍රමණත් හොඳ වෙන්න ඕන. රනිල්ට අනුව ඒවත් ඉන්දියාවෙන් ලැබුණ දයාද වෙන්න ඕන. මේ වගේ මෝඩ කතා කියමින් අගමැති කෙනෙක්ට තර්ක කරන්න පුළුවන්ද?

Q. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරිම ගැනත් සාකච්ඡාවක් තිබෙනවා. එය පවරා තිබෙන්නේ සිංහල බෞද්ධ සංස්කෘතික විරෝධි පිරිසක් වන ලාල් විජේනායක කමිටුවට. එය රටට හානිකර බවයි දැනටමත් බොහෝ දෙනා අනතුරු අගවන්නේ. ඒ පිළිබද ඔබටත් යමක් කීමට තිබේද?

මේ තිබෙන ව්‍යවස්ථාව හොද නෑ ඒක මම පිළිගන්නවා. නමුත් අලුත් ව්‍යවස්ථාවත් හදන්නේ මොකටද අපට ගැලපෙන ව්‍යවස්ථාවක් හදන්නද? නැහැ. ඒක හදන්නේ අද ලෝකේ තියෙන ඉංග්‍රිසි ක්‍රිස්තියානි ආධිපත්‍යය අනුව එංගලන්තයේ හරි ප්‍රංශයේ හරි ඇමරිකාවේ හරි තියෙන විදිහේ එකක්. අපට ගැලපෙන ව්‍යවස්ථාවක් හදනවානම් අපට දෙන්න පුළුවන් ගැමුණු රජ්ජුරුවන්ගේ ව්‍යවස්ථාව. ලියවිලා නැති වුණාට ගැමුණු රජ්ජුරුවන්ටත් ව්‍යවස්ථාවක් තිබුණා. එහෙම නැතුව අලුත් ව්‍යවස්ථාවක් අද ලංකාවට ඕන නැහැ. නමුත් බටහිරයන් මේ ආණ්ඩුව පත් කළේම ව්‍යවස්ථාවක් හදන්න. ඒකටම ගැලපෙන එන්.ජී.ඕ කාරයෝ ටිකක් තමයි දාගෙන ඉන්නේ. මේ අලුත් ව්‍යවස්ථාවෙන් කරන්න හදන්නේ මොකක්ද? දෙමළ ජාතිවාදයට අවශ්‍ය කරන තැන ව්‍යවස්ථාවෙන්ම ලබා දීමට කටයුතු කිරිම. ෆෙඩරල් නෙමේ ඊටත් එහා ගිය (Confederation) කියන සහ-සන්ධීය රාජ්‍යයක් තමයි දෙන්න හදන්නේ. සහ-සන්ධීය කියන්නේ බොහොම ලිහිල් එකක් ඕන වෙලාවක වෙන් වෙන්න පුළුවන්. දැන් ඕකට පිඹුරුපත් හදන්න පත් කරපු කෙනා තමයි කසිකබල් මාක්ස්වාදියෙක් වෙච්ච ලාල් විජේනායක. ඒ ගොල්ලෝ සම්පූර්ණයෙන්ම සිංහල විරෝධීන්. මාක්ස්ගේ කෙප්ප උඩ මේ ගොල්ලෝ ජාතියට විරුද්ධ වෙනවා. ඒ කියන්නේ ජාතිය කියන එක නෙමේ පන්තිය කියන එකයි මේ ගොල්ලන්ට වැදගත්. ඔය එකකුටවත් පන්ති විඥානයක් නෑ. කම්කරු පන්ති විඥානයක් තියෙනවා නම් මේ අය කොහොමද යූ.එන්.පී. එකට ඡන්දය දෙන්නේ. අනික මේ අයට ජාතියක් කියලා සංකල්පයක් නැත්නම් කොහොමද දෙමළ ජාතියට අසාධාරණයක් වුණා කියන්නේ. සංගතව යම් කාරණාවක්වත් මේ අයට ඉදිරිපත් කරන්න බෑ එහෙම පරස්පර තිබෙනවා.

Q. නමුත් ඔවුන්ගේ ආකල්ප තමයි රාජ්‍ය ලෞකික බැවින් ආගම රාජ්‍යයෙන් විතැන්විය යුතු බව. ලෝකයේ සමහර දියුණු රටවල් මෙන් ලංකාවත් අනාගාමික රාජ්‍යයක් කළ යුතු බව. ඒ ගැන ඔබේ අදහස කුමක්ද?

ආගම රාජ්‍ය එක්ක බැදිලා නෑ කියන එක අලි බොරුවක්. ලෝකයේ අනාගාමික රාජ්‍යයන් එකක්වත් නැහැ. සෑම රාජ්‍යයක්ම එක්තරා විදිහක ආගමික රාජ්‍යයක්. අපි උදාහරණයකට එංගලන්තයේ රාජ්‍ය ගමු. එහි ප්‍රධානයා රැජිණ. රැජිණ රාජ්‍යයේ ප්‍රධානයා විතරක් නෙමේ එංගලන්ත ක්‍රිස්තියානි සභාවෙත් ප්‍රධානියා. ඒකෙන් කියන්නේ මොකක්ද? ඇංග්ලිකන් ක්‍රිස්තියානි ආගමේ ප්‍රධානියා කියන එක. මේක 08 වන හෙන්රි රජ්ජුරුවන්ගේ කාලයේ ඉදලා එන එකක්. එතකොට එතැන රාජ්‍යයේ ප්‍රධානයත් රජ්ජුරුවෝ. ඇංග්ලිකන් ආගමේ ප්‍රධානයත් රජ්ජුරුවෝ. දැන් ආගම රාජ්‍යයෙන් වෙන්වෙලා තියෙනවද?
මෙතැන මිනිස්සු පටලවා ගන්නා දෙයක් තමයි ආගම සංස්කෘතියෙන් වෙන්කරලා ගන්න හදන එක. අද ලෝකේ තියෙන කිසිම සංස්කෘතියක් ආගමකින් වෙන්කරලා ගන්න බෑ. ඕනෑම සංස්කෘතියක් හුගක් වෙලාවට ආගමක් එක්ක බැදිලා තියෙන්නේ. යුරෝපයේ තියෙන සියලු සංස්කෘතීන් ක්‍රිස්තියානි ආගමත් එක්ක නැත්නම් එහි ප්‍රභේදයක් එක්ක බැදිලා තියෙන්නේ. එහෙම නැත්නම් කතෝලික ආගමත් එක්ක. සංස්කෘතිය ආගමත් එක්ක බැඳුනට පස්සේ රාජ්‍ය බිහිවන්නේ යම්කිසි සංස්කෘතියක නම් අනිවාර්යෙන්ම රාජ්‍ය ආගමක් එක්ක බැදෙනවා. සංස්කෘතියක් ආගමකින් වෙන් කරලා ගන්න කොහෙත්ම බෑ. මුස්ලිම්වරුන්ට කියනවා තමුසෙලාට ඉංග්‍රිසි ක්‍රිස්තියානි විදිහට ඉන්න බැරිනම් රටින් යන්න. මොකක්ද මේ ඉංග්‍රිසි ක්‍රිස්තියානි විදිහට ඉන්න බැරිනම් කියන්නේ. ඉංග්‍රිසි සංස්කෘතිය පදනම් වෙලා තියෙන්නේ ක්‍රිස්තියානි සංස්කෘතිය මත. ඇමරිකාවේ ජනාධිපති දිවුරුම් දෙන්නේ බයිබලේ අත ගහලා. අඩුම තරමේ ලංකාවේ ජනාධිපති ධම්ම පදයට අත ගහලා හෝ බුදු හාමුදුරුවන්ට වැදලා දිවුරුම් දෙන සිරිතක් තියෙනවද?

අද ලංකාවේ තියෙන රාජ්‍යයත් ක්‍රිස්තියානි විදිහටයි වැඩ ඔක්කොම කරන්නේ. ලංකාවේ පාසල් පිරිවෙන් අධ්‍යාපනය ක්‍රමයත් ක්‍රිස්තියානි. ඇත්තටම අපට බෞද්ධ අධ්‍යාපනයක් දී ගන්න බැරි ප්‍රශ්නයයි තියෙන්නේ. මේ රටේ සංස්කෘතිය බෞද්ධ නම් බෞද්ධ සංස්කෘතියක් එක්ක බැදිච්ච එකක් වෙන්න එපැයි රාජ්‍ය. ඇත්තටම එහෙම නෑ. මේක අනාගාමික කරන්න ඕන කියලා එන්.ජී.ඕ කාරයෝ කෑ ගහන්නේ ක්‍රිස්තියානි රාජ්‍ය නැති කරන්න එපා කියන එක.

Q. නමුත් ඔවුන් කියන්නේ මෙරට සිංහල බෞද්ධ ස්වොත්තමවාදයක් තිබෙන බව. බහු වාර්ගික බහු සංස්කෘතික පරිසරයක් මේ රටේ ඇති කළ හැක්කේ මේ ස්වෝත්තමවාදය බිද දැමිමෙන් පසුව බවයි ඔවුන්ගේ අදහස.

මේ ඒන් ජි ඕ කාරයෝ ඒකේ තේරුමවත් හරියට දන්නවද?. මොකක්ද ස්වොත්තමවාදය කියන්නේ තමන් උතුම් කියන එකද? තමන් උතුම් කියලා සිංහල බෞද්ධයෝ කවදාවත් කියලා තියෙනවද? මේකේ ඇති ස්වොත්තමවාදයක් නෑ. අපි කියන්නේ මේ රටේ සංස්කෘතිය ගොඩනගපු, මේ රටේ ඉතිහාසය ගොඩනගපු, ඒ මිනිසුන්ගේ සංස්කෘතිය සිංහල බෞද්ධ සංස්කෘතිය. ඒකට විශේෂත්වයක් දෙන්න කියන එක. මේ රටේ තියෙන්නේ බෞද්ධ සංස්කෘතියට හිමි තැන නොදීමේ ප්‍රශ්නයක්. ලෝකයේ හැම තැනම මේ පාහරයොත් එක්ක විශේෂත්වයක් දෙනවා ක්‍රිස්තියානි සංස්කෘතියට. උන් එකෙකුටවත් තේරෙන්නේ නෑ ඔවුන් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ වහල්ලු බව. අද ලෝකයේ තියෙන්නේ ඉංග්‍රීසි කාරයින්ගේ ආධිපත්‍යක්. ක්‍රිස්තියානි සංස්කෘතියේ ආධිපත්‍යක්. ඒ ආධිපත්‍යය නිසා තමයි මේ ඔක්කොම වෙලා තියෙන්නේ. මේක තේරුම් කරන එක තමයි මම අවුරුදු 30ක් තිස්සේ කරන්න ලෑස්ති වුණේ. මේක තාම හරියට රටට ගිහිල්ලා නෑ. ඒකට ප්‍රධාන හේතුව තමයි අපි ක්‍රිස්තියානි ආධිපත්‍යයේ යටත් වැසියෝ වෙලා ඉන්නේ. ඒකේ ඉඳගෙන මේක තේරුම් ගන්න අමාරුයි. මම මේ ක්‍රිස්තියානි ආගමටවත් ක්‍රිස්තියානි සංස්කෘතියටවත් විරුද්ධ නෑ. මම විරුද්ධ වෙන්නේ ඒක මුළු ලෝකෙම අධිපතිවාදි චින්තනය සහ සංස්කෘතිය කරනවට. ක්‍රිස්තියානි චින්තන සහ සංස්කෘතික ආධිපත්‍ය නැතිකරනවා කියන්නේ ආගම නැතිකරනවා කියන එක නෙමෙයි.

දැන් අපට බහු සංස්කෘතියක් උගන්වන්න එන මෝඩයෝ ටික දන්නේ නැති මොලයක් නැති හෝ පිළිගන්නේ නැති කාරණය තමයි එංගලන්තයේ තියෙන්නේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි ආධිපත්‍යයක් කියන එක. එංගලන්තයේ විවිධ සංස්කෘතින් තියෙන්න පුළුවන්. ලංකාවෙත් විවිධ සංස්කෘතීන් තියෙනවා. නමුත් මේ ඕනෑම රටක ප්‍රධාන සංස්කෘතියක් තිබෙනවා. එංගලන්තයේ ඉන්න බෞද්ධයන් කී දෙනෙක් නත්තලට නත්තල් ගස් හදනවද, මොකද එහෙ තියෙන්නේ සම්පූර්ණයෙන්ම ක්‍රිස්තියානි සංස්කෘතියක්. ආශ්‍රය කරන්නේ ක්‍රිස්තියානි ළමයි. ඒ අයගේ ගෙවල්වල නත්තල් ගහක් හැදුවම බෞද්ධ අයගේ ගෙවල්වලත් හදන්න වෙනවා. නැත්නම් ඒක ළමයින්ට ප්‍රශ්ණයක් වෙනවා. එහේ තිබෙන අධිපතිවාදී සංස්කෘතිය බෞද්ධයින්ටත් බලපානවා. ඒත් එංගලන්තයේ මිනිස්සු වෙසක් එකට මොකද කරන්නේ මොකුත් නෑ. දැන් බලන්න අපිව මොන තරම් මුලා කරනවද කියලා ලබන අවුරුද්දේ ජාත්‍යන්තර වෙසක් දිනය ලංකාවේ පවත්වන්න හදනවා. දැන් මහා නායක හාමුදුරුවරුත් එක්කම හාමුදුරුවරු ඕකට අහුවෙනවා. මහා නායක හාමුදුරුවොත් බලාගෙන ඉන්නේ මාළුවා ඇම ගිලිනවා වගේ කොයි වෙලාවෙද මොකකට හරි අහුවෙන්නේ කියලා. මෛත්‍රිපාලත් අද යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ දාසයෙක් වෙලා. තමන් මහා ලොකු බෞද්ධයෙක් කියලා පෙන්වන්න බොරුවක් නේ මේ කරන්න හදන්නේ. ජාත්‍යන්තර වෙසක් උත්සවය ලංකාවෙද සමරන්න ඕන. වෙසක් දිනේට ලංකාවේ කොහොමවත් වෙසක් සමරනවා. ජාත්‍යන්තර වෙසක් දිනය සමරනවා නම් සමරන්න ඕන ඇමෙරිකාවේ හරි, එංගලන්තයේ හරි, ප්‍රංශයේ හරි වෙන කොහේ හරි රටක. අඩුම ගානේ නිවාඩුවක්වත් දෙනවද වෙසක් එකට. ඒ මොකුත් නෑ. අපි නිවාඩු දෙනවා නත්තලටයි, රාමසාන් එකටයි, මහම්මද් දිනේටයි, ඔක්කොටම. එතකොට මේ බහු සංස්කෘතිය කොහෙද තියෙන්නේ ලංකාවේ ඇරෙන්න. එහෙම තියෙද්දීයි බටහිරට දාසකම් කරන එන්.ජී.ඕ කාරයෝ ටිකක් අපිට බහු සංස්කෘතිය උගන්වන්න එන්නේ. අපි කියනවා මෛත්‍රීපාලට තමුන් රැජිණට මේස් නැතුව අත දුන්න සිංහයා නම් ජාත්‍යන්තර වෙසක් උත්සවය එංගලන්තයේ ට්‍රැෆල්ගා චතුරස්‍රයට ගිහින් ගිහින් සමරනවා ලංකාවේ මහකොමසාරිස් කාර්යාලයයත් සම්බන්ධ කරගෙන. පුළුවන් නම් ගිහින් තොරණක් විවෘත්ත කරලා එන්න.

සංවාදය
රත්තනදෙණියේ මේධානන්ද හිමි.
(2016 දෙසැම්බර් 18 රිවිර ඉරිදා සංග්‍රහය )

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions