1/30/2017

වරදාන හමුවේ දේශප්‍රේමියකුවූ ඇතුගලගේ සංස්කෘතික විරෝධය

කතෘ:යුතුකම     1/30/2017   No comments

-රත්තනදෙණියේ මේධානන්ද හිමි-
 ආරියරත්න ඇතුගල නැමති මහඇදුරෙකු විසින් අද (2017ජනවාරි 29) පවත්වන ලද දේශනයක හඬපටයක් අසන්නට ලැබිණි. ඒ කැලණියේ ජනසන්නිවේදන පශ්චාත් උපාධියට අදාලව ඔහු විසින් සංස්කෘතිය පිළිබඳ පවත්වන ලද දේශනයකි. දේශනය ඇරඹී මද වේලාවකින් “ජනප්‍රිය” යනු කුමක්දැයි ඔහු සිසුන්ගෙන් බැරෑරැම් ලෙස විමසයි. අනතුරුව ජනප්‍රිය යනු “ජනතාව ප්‍රියකරන” බවට ඔහුගෙන්ම මාර විදග්ධ අර්ථකතනයක් අසන්නට ලැබෙයි. එතැන් සිට ඔහු ඉදිරියට යන්නේ සංස්කෘතිය ඔස්සේය. සංස්කෘතිය යනු කුමක්දැයි නිරවුල්ව අර්ථ දක්වා ගැනීමටවත් නොහැකිව සියවස් ගණන් පරණ පාර්ශවීය වාක්‍ය දෙක තුනක එල්ලෙන මේ තකතීරු ඇදුරා මද වේලාවකින් දේශීය සංස්කෘතිය ගැන සුපුරුදු අඳෝනාවකට ප්‍රවේශ වෙයි. එය අමුතු දෙයක් නොව මෙරට විකල්ප ගෝත්‍ර පඬියෝ අනාදිමත් කාලයක සිටම ඝොස නඟන සංස්කෘතික විරෝධී, අන්ත ජාතිවාදී, එන්ජීඕ ඝෝෂාවේ කාබන් කොපියක්ම පමණි. සැකෙවින්ම කිවතොත් මෙහිදී සන්නස්ගල වැනි වදුරු කුණුහරප කාරයෙකු සහ ඇතුගලගේ මතය අතර දේශපාලනිකව කිසිදු වෙනසක් පරස්පරයක් නැත. එකම වෙනස වන්නේ ඇතැම් විකල්ප පඬියන් විශාල දාර්ශනික හරඹ ආවරණ සහිතව වදාරන ගොන් කථා ඇතුගල ඉතාම සරල ලෙස ග්‍රාම්‍ය කුණුහරප හා ලාබාල විහිළු සහිතව ඔන්න ඔහේ කියාපෑම පමණි. මෙහිදී ඇතුගලගේ ගොන් කතාවලට අප එරෙහි වන්නේ සංස්කෘතිය ගැන ඇති අන්ධ ආදරයකින් නොවේ. ඇතුගල කියන විචාර බුද්ධිය, තර්ක ඥානය ඔස්සේම ඔහුව පතුරු ගැසීමට මුං ඇටයක් තරමේ මොළයක් වුවද ප්‍රමාණවත් වෙයි. ඔහු තම ඊනියා දේශනයේදී මතු කළ සියලු කාරණා අවශ්‍ය නම් එකින් එක ගෙන ඒ සියල්ලේ ඇති පුස් බව, තක්කඩිකම හා එම තර්ක දේශපාලනිකව ස්ථානගත වන්නේ කෙතරම් විනාශකාරී තැනකද යන්න ගල් වැලි නැතිව පෙන්වාදීමට අපට හැකිවුවත් දැනට කාරණා කීපයකට සීමාවීමට සිදුවෙයි.

මේ කියන ඇතුගල යනු පසුගිය මහින්දගේ ආණ්ඩුව වෙනුවෙන් රෙදි නැතිව කඬේ ගිය අයෙකි. ඒ වෙනුවෙන් ඇති පදම් තනතුරු වරදාන හිමිකරගත් බත්බැලයෙකි. මහින්දගේ ආණ්ඩුව යනු ඇත්තට හෝ බොරුවට සිංහල බෞද්ධ ජාතිකවාදී යැයි කියන ආණ්ඩුවකි. දේශප්‍රේමය, සිංහල බෞද්ධ හෙජමොනිය, සංස්කෘතික ජාතිකවාදය ආදී කාරණා ඔස්සේ විකල්ප පුස්සන්ගේ බුර බුරා නැගෙන වෛරයට පාත්‍ර වූ ආණ්ඩුවකි. පුදුම සහගත කාරණය වන්නේ අද දේශීයත්වයේ දෙ යන්නට පවා සමච්චල් කරන ඇතුගල එදා ඒ ආණ්ඩුවේ බලවත් කොටස්කාරයෙක් වීමය. එදා ඔහු තම මතවාදය හා තම භූමිකාව එකට සමපාත කොට ගත්තේ කුමන තර්ක ඔස්සේද ? එක්ස් කණ්ඩායමේ හෝ රනිල්ගේ ගල් කොලු බලකායකට ගැලපෙන ඇබිත්තයෙකු රාජපක්ෂ හෙජමොනිය නඩත්තු කිරීමට දායක වූයේ කෙසේද? වරදාන හමුවේ මාර දේශප්‍රේමියකු වී සිටි ඔහු යහපාලන විප්ලවයෙන් පසු මැරී ඉපදුනාවත්ද? මේසා විශාල පරස්පරයක් පුද්ගලයෙකු සම්බන්ධව තිබිය හැකි නම් එක්කෝ ඔහු අමුම අමු ඔල්මාදකාරයෙකු විය යුතුය. නැතහොත් මුදලට මයිල් ගස් පවා කණපිට හරවන අමුම අමු තක්කඩියෙකු විය යුතුය.

ඇතුගලගේ මතය හරි නම් දේශන ශාලාව තුළදී ඔහුට අමු කුණුහරපයෙන් බැනීමට වුවද සිසුවකුට නිදහස තිබිය යුතුය. එපමණක් නොවේ. ඇතුගලගේ බිරිඳ හෝ දියණිය දූෂණය කිරීමට වුවද කිසිවෙකුට නිදහස තිබිය යුතුය. ඒ මන්ද යත් ස්ත්‍රී දූෂණය වරදක් යන අදහසද දෘෂ්ටිවාදීව හා කථිකාමය වශයෙන් ගොඩනංවන ලද්දක් මිස ස්වභාවික හා ඊනියා වාස්තවික යථාර්ථයක් නොවන නිසාය. විවාහය දා නිළමේ ඇඳුම අඳින්නට සිදුවීම නිසා තමාට දහදිය දැමූ බවද ඇතුගල පවසයි. බටහිර සියල්ල ඔහුට අනියමින් මාර ඒවා වන බැවින් යුරෝපා මංගල ඇඳුමට ඇතුගලයන්ගේ ශ්‍රී දේහයට මාර සීතලක් දැනෙනවා විය යුතුය. ඔහු මංගල උත්සවය දා හෙළුවෙන් සිටියේ නම් එය මේ කිසිදු ඇඳුමකට වඩා යෝග්‍යය. ඒ ඔවුන්ගේ ඊනියා සංස්කෘතික කථිකාවල අවසාන සාරාර්ථය මිනිසා තිරිසනා කිරීම වන බැවිනි. සියල්ල අවසානයේ අපට දැඩි වේදනාවක් ඇත්තේ මෙවැනි මජර අමනයන් හා නරුමයන් සරසවි මහාචාර්යවරුන් බවට පත්වූ මේ රට ගැනය. මෙවන් ලයිනස් සහිත අපරාධකාරයන්ට ලක්ෂ ගණන්වලින් පඩිගෙවන රටේ ජනතා මුදල් ගැනය. මෙවැනි තක්කඩියන් පිරිවරාගෙන දේශප්‍රේමය ගැන කතා කළ මහින්දට යුද්ධය නිමා වී වසර පහකට පසු ගෙදර යාමට සිදුවීමද මේ අනුව එක අතකින් පුදුමයක් නොවේ.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions