1/10/2017

මේ ව්‍යවස්ථාව සිංහල ජාතියේ අවසානයයි - අමරසේකරයන් අනතුරු අඟවයි..

කතෘ:යුතුකම     1/10/2017   No comments

යෝජිත ව්‍යවස්ථාව සම්මත වුවහොත් එය සිංහල ජාතියේ අවසානය වනු ඇතැයි ගුණදාස දොස්තර අමරසේකර මහතා අනතුරු අඟවයි.
මීට පෙර අතුරුදහන් පුද්ගලයන්  පිළිබඳ පනත පාර්ලිමේන්තුවේදී කපටි සහගත ලෙස සම්මත කරගත් ආණ්ඩුව මෙහිදීත් එම ක්‍රමයම අනුගමනය කරනු ඇතැයි ඔහු සැක පළ කරයි.

මේ ද්‍රෝහී පාවාදීම ආපසු හරවන්නට නම් දැවැන්ත ජනතා බලවේගයක් නිර්මාණය කර යුතු යැයි පවසන අමරසේකර මහතා ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂය නායකත්ව දිය යුතු යැයිද පෙන්වා දෙයි. ජනවාරි 5 වනදා මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරය මෙහෙයවීමෙන් පැවැති සම්මන්ත්‍රණයේදී ඔහු මේ බව පැවසීය.

එදිදී තවදුරටත් අදහස් පළකළ අමරසේක මහතා"
"මගේ ලොකු බයක් තියෙනෙවා හෙමින් සැරේ මේ වංක ක්‍රියාදාමය තුළ සියළු දෙනාගේ කනෙන් රිංගලා මේ රට බෙදන ව්‍යවස්ථාව ඉදිරිපත් කරයි කියලා. මෙන්න මේක වළක්වවගන්න පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටත් මේ ගැන හොඳ අවබෝධයකින් කටයුතු කරන්න ඕනා. 19, අතුරුදහන් වුවන් පිළිබඳ පනත කවුරුවක් වත් දන්නේ නැතිව හෙමින් සැරේ සම්මත වුනා. මේකත් එහෙම කර ගන්න බලයි.

මේ ව්‍යවස්ථාව අනුව රට බෙදුනොත් ඒකාන්තයෙන්ම එය සිංහල ජාතියේ අවසානය වනු ඇති. ඒ නිසා මීට විරුද්ධව විශාල ජන බලයක් ගොඩ නැගිය යුතුයි. තවම මහ ජනයා උදාසීනයි. ඒක්කට එක හේතුවක් තමයි රනිල් මහත්තයයි සිරිසේන මහත්තයයි මේ රටේ නායක හාමුදුරුවන් අල්ලගෙන ගෙන යන බොරු ප්‍රචාරය. ඒකීය බව නැති කරන්නේ නෑ කියනවා. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය නැති කරන්නේ නෑ කියානවා. මේව වචනෙට විතරක් සීමා වෙච්ච දේවල්. සුමන්තිරම් කියලා තිබ්බා ඔය ලේබල් වලින් අපිට වැඩක් නෑ. ඕන ලේබලයක් තිබිච්චාවේ කියලා. දෙවැනි හේතුව තමයි ඒකාබද්ධ විපක්ෂය මේක තවමත් අතට නොගැනීම. ඒකට ඔවුන්ට හේතු තියෙන්න පුළුවන්. ඒත් මම නම් හිතන්නේ ඒ කටයුත්ත ඔවුන් කළ යුතුයි. මේක විශාල දේශපාලන බලවේගයක් බවට පත් නොකර මේකට විරුද්දව රටේ ජනතාව අවදි කරන්න බෑ. මේ ව්‍යවස්ථාව මේ රජයට ක්‍රියා කරන්න පුළුවන් වුනොත් ඒක මේ රටේ, සිංහල ජනතාවගේ අවසානය වේවි.

යම් කිසි විදියකින් මේක දේශපාලන පක්ෂ අතට නොගත්තොත් සාමාන්‍ය ජනතාව පාරට බැහැලා මේක පරාජය කරන්න පෙරමුණ ගත යුතුයි."
යැයි පැවසීය.

අමරසේකර මහතා පැවැත්වූ සම්පූර්ණ දේශනය පහත සබැඳියෙන්..



සටහන :යටියන ප්‍රදීප් කුමාර

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions