බුද්ධ ශාසනය විනාශවන ආකාරය
ETCA ගිවිසුමත් ව්‍යවස්ථාවත් දෙකම ක්‍රියාත්මක වුවහොත් එය බෞද්ධ ශාසනයේ විනාශයට හේතු වනු ඇත. ඕනෑම පුද්ගලයෙකුට තමන් කැමති ආගමක් ඇදහීමේ අයිතිය තිබුනද ආගම රට තුළ ප්‍රවර්ධනය කිරීමේ අයිතිය මෙතෙක් කල් හිමිව තිබුනේ පුරවැසියන්ට පමණි. නව ව්‍යවස්ථාවක් සඳහා නිර්දේශ ඉදිරිපත් කළ මානව හිමිකම් පිළිබඳ අනුකමිටුවේ නිර්දේශයන්ට අනුව මෙතෙක් කල් පුරවැසියන්ට පමණක් හිමිව තිබූ ආගම ප්‍රචාරය කිරීමේ අයිතිය සියළු පුද්ගලයන් වෙත ලබා දී තිබේ. එනම් ආගම ප්‍රචාරය කිරීම මෙරටට එන විදේශිකයින්ගේද මානව හිමිකමක් බවට පත් වේ. ඒ සමඟ එට්කා ගිවිසුම හරහා ඉන්දියානුවන්ට මෙරටට පැමිණ බොහෝ කලක් රැදී සිටීමට අවස්ථාව උදා වේ. ඉන්දියාවේ ලොව සියලූ ආගම් ඇති අතර ලෝකයේ වෙන කොහේවත් නැති ආගම්ද ඉන්දියාවේ පවතියි. මේ සියල්ල මෙරට තුළ ප්‍රවර්ධනය කිරීම ඔවුන්ගේ මානව හිමිකමක් බවට පත් වූ කල්හි අපගේ ව්‍යවස්ථාව තුළ බුදු දහම පෝෂණය කොට සුරක්ෂිත කිරීම රජයේ වගකීම බව ලියා තබා ගත්තාට පලක් නොවනු ඇත.
ඒ වගේම පළාත් සභාවලට ඉඩම් බලතල හිමි වීමට සමඟ එට්කා ගිවිසුම හරහා ලංකාවට පැමිණෙන ඉන්දියානුවන්ට ඉඩම් විකිණීම සඳහා තීරණ ගැනීමේ හැකියාව පළාත් සභා මහ ඇමති වරුන්ට ලැබෙනු ඇත. නිසා එට්කා ගිවිසුම සහ නව ව්‍යවස්ථා සංශෝධනයන් දෙකම ක්‍රියාත්මක වූ විට ඇති වන තත්වය ඉතා බරපතලය. එය රාජ්‍යය දිය කර හැරීමට මඟ පදනු ඇත.
විශ්ව විද්‍යාල සිසුන් හට අත් හළ නොහැකි වගකීමක්
එට්කා ගිවිසුමෙන් වඩාත්ම අවදානමට ලක්වන්නේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවයි. ගිවිසුම අත්සන් තබන්න ඉඩ හැරියොත් වර්තමාන විශ්ව වීද්‍යාල සිසුන් රැකියා වෙළඳපල වෙත පැමිණෙන විට ඉන්දියානුවෝ රැකියා සොයා මෙරටට පැමිණෙනු ඇත. එනිසා වත්මම් සිසුන්ට රැකියාවක් සපයා ගැනීම දුෂ්කර වනු ඇති අතර ලැබෙන රැකියාවේ වැටුපත් ඉනිදියානු වැටුප් මට්ටම දක්වා පහත වැටෙනු ඇත. එනිසා මෙම ගිවිසුම මගින් වැඩියෙන් අවදානමට ලක් වන්නේ විශ්ව විද්‍යාල සිසුන්ය. එසේම විශ්ව විද්‍යාල සිසුන්ට අද පවතින විශාලතම අවදානම අන් කිසිවක් නොව එට්කා ගිවිසුමය. එනිසා මේ සඳහා විරෝධය පෑම සියළු ශිෂ්‍ය සංගම් වෙත පැවරී ඇති අත්හළ නොහැකි වගකීමක් වන්නේය. එම සටන නිසි ලෙස අතට ගැනීම විශ්ව විද්‍යාල සිසුන් විසින් ඉටු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
ජනාධිපති වරයා දේශද්‍රෝහී විදේශික පිළෙන් ඒවිද?
බටහිර අධිරාජ්‍යවාදීන් විසින් දේශද්‍රෝහීන් ලෙස නම් කර තිබූ අපගේ ජාතික වීරවරයන් නිල වශයෙන් ජාතික වීරයන් ලෙස නම් කිරීමේ උත්සවයකට සහභාගී වී ජනාධිපතිතුමා පැවසූවේ එදා මෙන් අද කැප්පෙටිපොළ නිළමේතුමා මෙන් විදේශික බලපෑම්වලට කඩුවෙන් මුහුණ දිය නොහැකි බවත් ඒ සඳහා ප්‍රඥාවෙන් මුහුණ දිය යුතු බවත්ය. සත්‍ය වශයෙන්ම කැප්පෙටිපොළ නිළමේ තුමාද සිටියේ දේශද්‍රෝහී පිළේය. නමුත් නිවැරදී අවස්ථාවේදී ප්‍රඥාව භාවිතා කොට ස්වදේශික ජාතිමාමක ජනයාගේ පිළට එක්වීම නිසා අද එතුමා ජාතික වීරයෙක් ලෙස නම් කිරීමට ජනාධිපතිතුමාට අවස්ථාවක් ලැබුනි. එසේම ජනාධිපති තුමාද ප්‍රඥාව භාවිතා කොට ස්වදේශික ජනමතය සමඟ සිට ගනිමින් එට්කා ගිවිසුම හකුළා දැමීමට කටයුතු කළ යුතුය. නොඑසේනම් වර්තමාන ජනාධිපතිතුමාගේ කාලය තුළ මෙම දේශද්‍රෝහී එට්කා ගිවිසුමට ඉඩ සැළසුවොත් එය ජනාධිපතිතුමා ජනතාව අතර තව තවත් අප්‍රසාදයට පත් වීමට බෙහෙවින් බලපානු ඇත.
2015 වසර තුළ ඇමරිකානු බොලර් බිලියන 8.5 ක වෙළඳ හිඟයක් ලංකාව විසින් වාර්තා කර ඇති අත්‍ර ඉන් ඇමරිකානු ඩොලර් 3.7 ක පමණ හිඟයක් එනම් සම්ස්තයෙන් 40% ක පමණ වාර්තා වී ඇත්තේ ඉන්දියාව සමඟ වෙළඳාමෙනි. ලංකාවට දැනටත් පවතින උග්‍ර ගැටළුවකි ඉන්දියාව සමඟ ඇති දැරිය නොහැකි තරම් වන වෙළඳ ශේෂය. එට්කා ගිවිසුම අත්සන් කළ පසු ලංකාව විසින් වැඩි වැඩියෙන් ඉන්දියානු භාණ්ඩ පරිභෝජනයට නැඹුරුවීම තුළ මෙම හිඟය තවත් උත්සන්න වනු ඇත.
ලංකාව විසින් ලෝකය සමඟ වෙළඳාමේදී සිදුවන පාඩුව පියව ගන්නේ විදෙස් ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ මඟිනි. 2015 වසර සැළකුවහොත් ලාංකිකයන් විදේශ සේවයෙහි නියුතුව ඇමරිකානු ඩොලර් බිලියන 7 ක් පමණ මෙරටට එවා ඇත. එසේම විදේශිකයින් විසින් මෙරට සේවයේ නියුතුව ඇමරිකානු ඩොලර් මිලියන 800 ක් පමණි රටින් පිටට යවා ඇත්තේ. ඒ නිසා සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ශුද්ධ අගය ඇමරිකානු ඩොලර් බිලියන 6.2 ක මුදලක් රට තුළට පැමිණ ඇත. එට්කා ගිවිසුමෙන් පසු ඉන්දියානුවන් මෙරට රැකියා කර ඉන්දියාව වෙත විදේශ විනිමය යැවිම හේතු කොට ගෙන මේ රටින් පිටවන මුදල දැඩි ලෙස ඉහළ යනු ඇත. එවිට විදෙස් සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ සඳහා වන ශුද්ධ අගය පහත යාම තුළ ඉහළ ගෙවුම් ශේෂය දැඩි අර්බුදයකට ලක්වනු ඇත.
නමුත් ඉන්දියාවේදී සිය අධ්‍යාපනය ලද සැක සහිත භූමිකාවක නිරතවන එට්කා ගිවිසුමට පක්ෂග්‍රාහී ආර්ථික විද්‍යා ප්‍රධානීන්ට එට්කා ගිවිසුම හොඳ යැයි කීම සඳහා ජනතාව හමුවේ පෙනී නොසිටියි. එය ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය උදුරා ගැනීමකි.
2017 වසරේදී එට්කා ගිවිසුම සහමුලින්ම පරාජය කර දැමීම සඳහා සියළු දෙනා එකාවන්ව කටයුතු කළ යුතුය.
ETCA ගිවිසුමෙන් ලංකාවේ ගෙවුම් ශේෂ අර්බුදයක්

මාධ්‍ය හමුවකදී තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංගමයේ ලේකම් ලසන්ත වික්‍රමසිංහ මහතා දැක්වු අදහස් ඇසුරෙන්.
සම්පූර්ණ කතාව:
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .