1/22/2017

ජී.එස්‌.පී. බදු සහනය වෙනුවෙන් අප ගෙවිය යුතු මිල දන්නවාද?

කතෘ:යුතුකම     1/22/2017   No comments

-ශ්‍යාම් නුවන් ගනේවත්ත
මොනවද මේ ජී. එස්‌. පී. ප්ලස්‌

ජී. එස්‌. පී. බදු සහනය ලබා ගැනීම සඳහා කොන්දේසි 58 කට රජය එකඟවී ඇති බවට අප විසින් හෙළි කිරීමත් සමඟ මුලින්ම ජනාධිපතිවරයා මාධ්‍යයට විශාල දොස්‌මුරයක්‌ එල්ල කළේය. ඉන්පසු ඉකුත් ජනවාරි 17 දා මේ ලියුම්කරු විසින් ඒ බව තහවුරු කරමින් ලියන ලද ලිපියක්‌ ද 'දිවයින' පත්‍රයේ පළවිය. අදාළ කොන්දේසි 58 අතුරින් කොන්දේසි රැසක්‌ම සඳහන් කරමින් ඒවා වැරදි නම් රජය එකඟවී ඇති නිවැරදි කොන්දේසි මොනවාදැයි අපි ප්‍රශ්න කළෙමු. කවරක්‌ නමුත් එදිනම එනම් පසුගියදා 17 දා මුදල් අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ පවත්වා මුදල් රාජ්‍ය ඇමැති ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා විසින් ජී. එස්‌. පී. ප්ලස්‌ බදු සහනයට අදාළ රජයේ (ජනාධිපතිවරයාගේ) ස්‌ථාවරය පැහැදිලි කළ අතර එහිදී කොන්දේසි යෑයි අප සඳහන් කළ කිසිවක්‌ ප්‍රතික්‌ෂේප නොකළ ඇමැතිවරයා කියා සිටියේ ඒවා කොන්දේසි නොව යුරෝපා කොමිසම විසින් ඉදිරිපත් කළ ක්‍රියාකාරී සැලැස්‌මේ ඇති එකඟතාවන් බවයි. කොන්දේසි හෝ එකඟතා යන වචන ගැන අප එතරම් ගැටුමක්‌ ඇති කර ගත යුතු නැත. මේවා කොන්දේසි නොව ඒවා එකඟතා පමණක්‌ වුවත්, ජී. එස්‌. පී. ප්ලස්‌ ලබාගැනීමට නම් අප විසින් ඒවා ඉටුකළ යුතු නොවේද?. මේ ජී. එස්‌. පී. ප්ලස්‌ සහනය ගැන ඇසූ ප්‍රශ්නවලට ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන ඇමැතිවරයා ලබාදුන් පිළිතුරු අනුව අපට තහවුරු වන්නේ ද ජී. එස්‌. පී. ප්ලස්‌ බදු සහනය ලබාගැනීම සඳහා අප විසින් ඉටු කළ යුතු දේවල් ඇති බවයි. ඒ නිසා පහර කෑ මාධ්‍යවේදීන්ගේ ආචාරධර්ම සොයන රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‌ෂ ජනරාල්වරයා වෙනුවෙන් ජී. එස්‌. පී. ප්ලස්‌ ගැන නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනය අප එතරම් ගණන් ගත යුතු නොවේ. ජී. එස්‌. පී. ප්ලස්‌ සහනය ලබා ගැනීම සඳහා යුරෝපා හවුල ඉදිරිපත් කළ සම්මුතීන් 27 කට ශ්‍රී ලංකා රජය එකඟ වූ බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු ඇමැති මහින්ද සමරසිංහ මහතා ද පවසා තිබේ. ඒවා යටතේ අප විසින් ඉටුකළ යුතු කරුණු 58 ක්‌ ඇතුළත් ප්‍රගති වාර්තාවක්‌ ගිය නොවැම්බරයේ පිළියෙළ කර ඇත. ඊට ඇතුළත් කරුණු ගණනාවක්‌ මේ සමඟ ද දක්‌වා ඇත. අපට ලැබී ඇති තොරතුරුවලට අනුව ජී. එස්‌. පී. බදු සහනය ලබා ගැනීම සඳහා රජය එකඟවී ඇතැයි කියන බරපතළ කාරණා කිහිපයක්‌ මෙසේය.

* ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත ඉවත් කර ඒ වෙනුවට ගෙනෙන නව නීතිය සමාලෝචනය කර එය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව බවට සහතික කර ගැනීම.

* අත්අඩංගුවේ සිටින රැඳවියන් සම්බන්ධ නඩු කටයුතු කඩිනමින් අවසන් කිරීම,

* සියලු එල්. ටී. ටී. ඊ. හිටපු සටන්කරුවන් පුනරුත්ථාපනය කිරීම අවසන් කිරීම,

* රැඳවියන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අපරාධ නීතියට සංශෝධන ගෙන ඒම,

* මහජන ආරක්‌ෂණ ආඥා පනත සමාලෝචනය කිරීම,

* අතුරුදන් වූවන් සම්බන්ධයෙන් වෙනම කාර්යාලයක්‌ ස්‌ථාපිත කිරීම,

* නව මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්‌මක්‌ (2017- 2021) හඳුන්වාදීම,

* ත්‍රස්‌තවාදී සංවිධාන ලෙස ලැයිස්‌තුගත කර ඇති දෙමළ සංවිධාන හා පුද්ගලයන් සම්බන්ධ තත්ත්වය සමාලෝචනයට ලක්‌ කිරීම

(මින් පුද්ගලයන් 86 දෙනෙක්‌ සහ සංවිධාන 08 ක්‌ කරන ලද පරීක්‌ෂණ අනුව එම ලැයිස්‌තුවෙන් ඉවත් කිරීමට අපේක්‌ෂා කරන බව ද සඳහන්ය )

* පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය, නීතිපති දෙපාර්තමේන්තුව සහ අල්ලස්‌ කොමිසම හමුවේ ඇති දූෂණ චෝදනා නඩු කටයුතු කඩිනමින් අවසන් කිරීම,

* දූෂණවලට එරෙහිව ජාතික ක්‍රියාකාරී සැලැස්‌මක්‌ හඳුන්වා දී අල්ලස්‌ කොමිසම ශක්‌තිමත් කිරීම.

* නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යටතේ පළාත්වලට බලය බෙදාහැරීම යන කරුණු සලකා බැලීම,

* නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යටතේ මැතිවරණ ප්‍රතිසංස්‌කරණ හඳුන්වාදීම,

* ඉඩම් ආඥාපනතට සංශෝධන සිදු කිරීම,

* දෙමළ භාෂාව කතා කරන කාන්තා පොලිස්‌ නිලධාරිනියන් ප්‍රමාණය ඉහළ නැංවීම,

* පාර්ලිමේන්තුවේ අවම වශයෙන් සියයට 25 ක කාන්තා නියෝජනයක්‌ ඇති කිරීම

* මුස්‌ලිම් නීතිය යටතේ විවාහ විය හැකි අවම වයස නීතියෙන් නියම කිරීම (මේ සඳහා කැබිනට්‌ අනුකාරක සභාවක්‌ පත්කිරීමට නියමිතය.)

* අයිතිවාසිකම් කිව හැකි සියලු ඉඩම් සිවිල් ජනතාවට මුදාහැරීම.

* නැවත පදිංචි කිරීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක්‌ හඳුන්වා දීම


ඉහතකී මාධ්‍ය හමුවේදී මුදල් රාජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා කියා සිටි මූලිකම කරුණ නම් ජී. එස්‌. පී. ප්ලස්‌ බදු සහනය ලබා ගැනීමට රටට අහිතකර කිසිවක්‌ කිරීමට රජය සූදානම් නැති බවයි. ඔහු එහිදී මෙසේ ද කීවේය.

"ඇතැම් පුවත්පත්වල තිබුණා, මේවා කොන්දේසි කියලා. එතකොට ජනාධිපතිතුමා කිසිම කොන්දේසියකට එකඟ වුණේ නැති නිසා එතුමා කියනවා කොන්දේසි කිව්ව එක වැරදියි කියලා. මාධ්‍යයට දොස්‌ කිව්ව නෙවෙයි. කොන්දේසි කිව්ව එක වැරදියි. කොන්දේසි නෙවෙයි මේව ක්‍රියාකාරී සැලැස්‌මේ ඇති එකඟතාවන්. එහෙම ක්‍රියාකාරී සැලැස්‌මක්‌ ඉදිරිපත් කරන්න පුළුවන්. දැං ඕනම ආයෝජනයකට වුණත් එහෙම ඇක්‌ෂන් ප්ලෑන් එකක්‌ ඉදිරිපත් කරනවා. එතකොට ඒක ක්‍රියාත්මක වන හැටි බලල ඒ අය කියනවා, මෙන්න මේ ටික කරන්න බෑ කියල. අපට පොඩි ප්‍රශ්නයක්‌ වුණා මේ ටික කරන්න බෑ කියලා. අපිත් අද කියන්නේ, ජී. එස්‌. පී. ප්ලස්‌ හම්බ නොවෙන එක නෙවෙයි තියෙන්නේ. ඇයි අපි කියන කියන හැම එකකටම එකඟ වෙන්නේ. එහෙම අවශ්‍යතාවක්‌ නෑ. මේ රටේ සංස්‌කෘතියක්‌, ක්‍රමවේදයක්‌ තියෙනවා. ඒවට හානි නොවන විදිහටත්, මේ රටේ සංස්‌කෘතියට බාධා නොවන විදිහටත්, පුළුවන් දේවල් අපි කරනවා. කරන්න බැරි දේවල් බැරිවීමට හේතු අපි කියනවා. මෙන්න මේ නිසා මේක බෑ අපේ රටේ කරන්න කියලා. සමහර දේවල් යුරෝපයේ, ප්‍රංශෙවත් කරන්නෙ නෑ. අපි දන්නේ නෑ ඔය එකඟතා කවුරු දුන්නද කියලා. හැබැයි දුන්න හරි, නැතා හරි මේ එකඟතාව එන්නෙ කැබිනට්‌ මණ්‌ඩලය සහ පාර්ලිමේන්තුව හරහා. අනිත් එක රජයේ අණපනත් වෙනස්‌ කරන්න ඕන මේවා කරන්න. ඒකට පාර්ලිමේන්තුවට යන්න ඕන. ඊට පෙර කැබිනට්‌ එකට යන්න ඕන. 2017 ජනවාරි මාසේ 11 වැනිදා ජී. එස්‌. පී. ප්ලස්‌ බදු සහනය ශ්‍රී ලංකාවට ලබා දෙන්න යුරෝපා සංගමය තීන්දු කළා. එහිදී ඒ අය කියනවා යම් යම් කරුණු ක්‍රියාත්මක කරන්න කියල. ඒකෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන් කරුණු අපි පිළිගන්නවා. නැති ඒවා අපි ලියනව මේව කරන්න අපිට අමාරුයි කියලා. ඒක ලියන්න අපට අයිතියක්‌ තියෙනවා. ඒ නිසා මේව කිසිම කොන්දේසියකට යටත් වෙලා කරල නෑ. එම ක්‍රියාකාරී සැලැස්‌මෙන් 6 (1) සහ 6 (8) යන කරුණු දෙක සම්පූර්ණයෙන්ම අයින් කරන්න කිව්වේ ඒකයි".

මේ අනුව මාධ්‍යයේ යමක්‌ පළ වූ දුටු පමණින්ම මාධ්‍යයට දොස්‌ නැඟීම සුදුසු පිළිවෙතක්‌ නොවේ. මුලින්ම කළ යුත්තේ එහි ඇත්ත නැත්ත සොයා බැලීමයි. ජී. එස්‌. පී. ප්ලස්‌ සහනය ලබා ගැනීම සඳහා රජය විසින් කොන්දේසි 58 කට එකඟ වී ඇති බවත් ඉන් එක්‌ කරුණක්‌ වන්නේ පළාත්වලට බලය බෙදීම බවත් අප සඳහන් කර තිබුණි. එහෙත් අපගේ ප්‍රවෘත්තියේ කිසිම තැනක ෙµඩරල් එකඟතාවක්‌ ගැන සඳහන් කර තිබුණේ නැත. අපගේ පුවතේ සඳහන් වූයේ නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යටතේ පළාත්වලට බලය බෙදා හැරීම යන කරුණ, සලකා බැලීම යන්න ඉන් එක කරුණක්‌ බවයි. අපට ලැබී ඇති තොරතුරු අනුව එම කරුණ අදාළ ලියවිලිවල මෙසේ සඳහන්ය.

'Devolution of Power to the Province to be addressed under the new Constitution'

මෙම කරුණට අදාළ වර්තමාන තත්ත්වය (Present Status) ලෙස සඳහන් වන්නේ මෙවැන්නකි.

'The extent Of the devolution of Power is expected to emerge through the parliamentary consultative Process'

මෙහි අදහස වන්නේ එසේ බලය බෙදා හරින්නේ කොතෙක්‌ දුරට ද යන්න පාර්ලිමේන්තු උපදේශක සභා ක්‍රියාවලිය හරහා මතුවනු ඇති බවයි.

මේ කියන කරුණු සත්‍ය නම් ඒ කියන බලය බෙදාහරින ප්‍රමාණය සහ ස්‌වභාවය මත එය ෙµඩරල් ද ඊට මෙහා තත්ත්වයක්‌ හෝ නැත්නම් ෙµඩරල්වලටත් එහා යන තත්ත්වයක්‌ ද යන්න තීරණය වනු ඇත. ඒ නිසා ෙµඩරල් එකඟතාව මත ජී. එස්‌. පී. ප්ලස්‌ අපට ලැබෙන බව අප කියන්නේ නැත. එහෙත් රජයේම ආරංචි මාර්ගවලින් අදාළ කොන්දේසි පිළිබඳ අප වෙත ලැබී ඇති තොරතුරු අනුව නම් පැහැදිලිවම බලය බෙදා හැරීම ද එම කරුණු 58 අතර එකක්‌ ලෙස සඳහන්ව ඇත. ඒ නිසා මේවා සත්‍ය ද අසත්‍ය ද යන්න ජනාධිපතිවරයා සොයා බැලිය යුතුය. ජනාධිපතිවරයාවත් නොදැන ජී. එස්‌. පී. ප්ලස්‌ සහනය ලබා ගැනීමට මෙවැනි එකඟතා ඉටු කිරීමට රජයට සිදුව ඇත්නම් ජනාධිපතිවරයා සොයා බැලිය යුත්තේ ඒ ගැනය. ඉන් පසු මාධ්‍ය වාර්තා විවේචනය කළ හැකිය. එය ප්‍රශ්නයක්‌ නොවේ.

අප සදහන් කළ කරුණු 58 ගැන රජයේ ඇතැම් අයට දැනුවත්භාවයක්‌ නැත. ජනාධිපතිවරයා හෝ ඒ ගැන දන්නවා දැයි අපි නොදනිමු. ඒ නිසා මේ ගැන ඒ අයද සොයමින් සිටින බව අපට දැනගන්නට ඇත. ඒ නිසා රජයේ ඇතැම් ඉහළ මට්‌ටමේ තීන්දු තීරණ රූපවාහිනි සංවාදවලට යන අජිත් පී. පෙරේරා හෝ කරුණාරත්න පරණවිතාන වැනි අය ද නොදන්නවා විය හැකිය. ඒ බව ඔවුන් කරන දෙඩවිලිවලින් පැහැදිලිය. මේ ගැන මහින්ද සමරසිංහ ඇමතිවරයා කියන්නේ මෙවැන්නකි

"පැවැති රජය යුරෝපා හවුලේ එම සම්මුතීන් ක්‍රියාත්මක කිරීමට බැඳී සිටියත්, ඒවා ක්‍රියාත්මක කළේ නෑ. ඒ අනුව යුරෝපා හවුලේ එම සම්මුතීන් 27 ක්‍රියාත්මක කිරීමට වත්මන් රජය කටයුතු කරනවා. ඇතැම් ඒවා ක්‍රියාත්මක කරමින් පවතිනවා. ජී. එස්‌. පී. ප්ලස්‌ සහනය මැයි හෝ ජුනි මස හිමිවීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා. ඒ පිළිබඳව යුරෝපා කොමිසම ඉදිරියේදී තීන්දු කරනු ඇති.

මෙම සහනය ලබා ගැනීම සඳහා කොන්දේසි 58ක්‌ පවතින බවට මාධ්‍ය තුළින් වාර්තා වුණා . ඒවා මාධ්‍ය මඟින් පළ වීමට පෙර කැබිනට්‌ මණ්‌ඩලය දැනගත යුතුයි. කොන්දේසි පවතින්නේ නම් ඒවා පිළිබඳව නියෝජ්‍ය විදේශ ඇමැති හර්ෂ ද සිල්වා මහතාගෙන් විමසූවා. එසේ තිබේ නම් ඒවා කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කරන ලෙසට ඉල්ලා සිටියා. එවැනි දෙයක්‌ වේ නම් සාමූහිකව රජයක්‌ වශයෙන් සියලුම දෙනා දැනගත යුතුයි. එයට එකඟවෙලා ද නැද්ද කියාත් දැනගත යුතුයි".

මේ අදහස්‌වලින් පැහැදිලි වන්නේ ඒ ගැන ඇමැති මණ්‌ඩලය පවා නොදන්නා බව නොවේද? මෙය සම්මුතිවාදී රජයක්‌ යයි කිව්වත් බොහෝ දේවල් සම්මුතියෙන් සිදු නොවන බව මේ අනුව පැහැදිලිය. සම්මුතියක්‌ තිබේ නම් මුදල් ඇමතිවරයා ලොතරැයි මිල රු. 30 ක්‌ දක්‌වා වැඩි කිරීමටත් ජනාධිපතිවරයා එය නැවත රු. 20 දක්‌වා අඩු කිරීමටත් හේතුවක්‌ නැත. එනිසා යුරෝපා හවුලේ එම ජාත්‍යන්තර සම්මුතීන් 27 ක්‌ යටතේ අප විසින් ඉටු කළ යුතුව ඇති කරුණු මොනවාද යන්න මුලින්ම සොයා බැලිය යුතුය. නැතහොත් කොන්දේසි 58 ක්‌ (ලක්‍ෂමන් යාපා ඇමතිවරයා කියන ලෙස එකඟතා) පවතින බව බොරු යෑයි කීමට පාලු ගෙයි වළං බිඳින රූපවාහිනී සංවාද පවත්වා ද වැඩක්‌ නැති බව කරුණාරත්න පරණවිතානලා වැනි අය ද තේරුම් ගත යුතුය .ඒවාට දැන දැනම සහභාගී වන විද්වතුන් ද සිටී. තමන්ට හයේ පහරවල් එල්ල කිරීමට හැකි ආකාරයේ ලේසි ප්‍රශ්න ඉදිරිපත් කරවා ගැනීමට එම වැඩසටහන්වලට සහභාගී කරවා ගන්නා එකම මාධ්‍යවේදීන් පිරිසක්‌ ද සිටී.
[Divaina]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions